යෙදුමෙන් කියවන්න

පරිහාන සුත‍්තං

10. 2. 1. 5.

10. 2. 1. 5.

පරිහාන සුත‍්තං

පරිහාන සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි ආවුසො භික‍්ඛවොති, ආවුසොති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ, ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:

පරිහානධම‍්මො පුග‍්ගලො පරිහානධම‍්මො පුග‍්ගලොති ආවුසො වුච‍්චති කිත‍්තාවතා නු ඛො ආවුසො පරිහානධම‍්මො පුග‍්ගලො වුත‍්තො භගවතා, කිත‍්තාවතා ච පන අපරිහානධම‍්මො පුග‍්ගලො වුත‍්තො භගවතාති?

ඇවැත්නි, පිරිහෙන සැහැවි ඇති පුඟුලාය, පිරිහෙන සැහැවි ඇති පුඟුලා යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද? ‘කෙතෙක් කරුණින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇත්තේය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද?

දූරතොපි ඛො මයං ආවුසො ආගච‍්ඡෙය්‍යාම ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං, සාධුවතායස‍්මන‍්තං යෙව සාරිපුත‍්තං පටිභාතු, එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්තීති.

“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නට දුර සිට වුවත් පැමිණෙම්හ. එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ම වැටහේ නම් මැනැව. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහ” යි.

තෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ භාසිස‍්සාමීති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

ඇවැත්නි, එසේ නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි ඇවැත්නි, එසේයයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.

කිත‍්තාවතා නු ඛො ආවුසො පරිහානධම‍්මො පුග‍්ගලො වුත‍්තො භගවතා: ඉධාවුසො භික‍්ඛු අස‍්සුතඤ‍්චෙව ධම‍්මං න සුණාති, සුතා චස‍්ස ධම‍්මා සම‍්මොහං ගච‍්ඡන‍්ති. යෙ චස‍්ස ධම‍්මා පුබ‍්බෙ චෙතසො සම‍්ඵුට‍්ඨපුබ‍්බා, තෙ ච න සමුදාචරන‍්ති. අවිඤ‍්ඤාතඤ‍්ච න විජානාති. එත‍්තාවතා ඛො ආවුසො පරිහානධම‍්මො පුග‍්ගලො වුත‍්තො භගවතා.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් පුඟුල් පිරිහෙන සැහැවි ඇතියේ යි වදාරණ ලද්දේ ය යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශ්‍රැත ධර්‍මයක් නො අසන්නේ ය. ඔහු විසින් අශ්‍රැත ධර්‍මයෝත් සම්මෝහයට යෙත්. යම් දහම් කෙනෙකුන් පෙර ඔහු විසින් සිතින් පහස්නා ලද විරූ නම් ඔහුත් උදා නො වෙත්. අවිඥාතයත් නො දන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුඟුල් පිරිහෙන සැහැවි ඇත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.

කිත‍්තාවතා ච පනාවුසො අපරිහානධම‍්මො පුග‍්ගලො වුත‍්තො භගවතා: ඉධාවුසො භික‍්ඛු අස‍්සුතඤ‍්චෙව ධම‍්මං සුණාති, සුතා චස‍්ස ධම‍්මා න සම‍්මොහං ගච‍්ඡන‍්ති. යෙ චස‍්ස ධම‍්මා පුබ‍්බෙ චෙතසො සමෙට‍්ඨපුබ‍්බා, තෙ ච සමුදාචරන‍්ති, අවිඤ‍්ඤාතඤ‍්ච විජානාති එත‍්තාවතා ඛො ආවුසො අපරිහානධම‍්මො පුග‍්ගලො වුත‍්තො භගවතා.

ඇවැත්නි, කෙතෙකින් පුඟුල් නො පිරිහෙන සැහැවි ඇතැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අශ්‍රැත ධර්‍මය ද අසන්නේ ය. ඔහු විසින් ශ්‍රැත ධර්‍මයෝ ද සම්මෝහයට නො යෙත්. යම් ධර්‍ම කෙනෙකුත් ඔහු විසින් පෙර සිතින් නො පහස්නා ලද විරූ නම් ඔහු ද උදා වෙත්. අවිඥාතය ද දැනගන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් පුද්ගල අපරිහානධර්‍ම ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දේ ය.

නො චෙ ආවුසො භික‍්ඛු පරචිත‍්තපරියාය කුසලො හොති, අථ සචිත‍්තපරියාය කුසලො භවිස‍්සාමී ති එවං හි වො ආවුසො සික‍්ඛිතබ‍්බං.

ඇවැත්නි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමි යි, ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.

කථඤ‍්චාවුසො භික‍්ඛු සචිත‍්තපරියාය කුසලො හොති: සෙය්‍යථාපි ආවුසො ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනක ජාතිකො ආදාසෙ වා පරිසුද‍්ධෙ පරියොදාතෙ, අච‍්ඡෙ වා උදපත‍්තෙ සකං මුඛනිමිත‍්තං පච‍්චචවෙක‍්ඛමානො සචෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තස‍්ස රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා පහානාය වායමති. නො චෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තෙනෙවත‍්තමනො හොති පරිපුණ‍්ණසංකප‍්පො, ලාභා වත මෙ, පරිසුද‍්ධං වත මෙති. එවමෙව ඛො ආවුසො භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛනා බහුකාරා හොති කුසලෙසු ධම‍්මෙසු.

ඇවැත්නි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් සේ දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක් හෝ පහන් දියබඳුනෙක හෝ තම මුව නිමිති පිරික්සනුයේ ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේව යි දක්නේ නම් ඒ රජස හෝ තල කැලල හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ තල කැලලක් නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක්, එකැතින් මා මුව පිරිසිදු ය යි එයින් ම තුටු සිත් ඇත්තේ වෙයි. ඇවැත්නි, එසෙයින් ම භික්‍ෂූහට කුශලධර්‍මයන්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි.

අනභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො අබ්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. විගතථීනමිද‍්ධො බහුලං විහරාමි. සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. අනුද‍්ධතො නු ඛො බහුලං විහරාමි, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. තිණ‍්ණවිචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. අක‍්කොධනො නු ඛො බහුලං විහරාමි, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. අසංකිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. ලාභී නු ඛොම‍්හි අජ‍්ඣත‍්තං ධම‍්මපාමුජ‍්ජස‍්ස, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. ලාභී නු ඛොම‍්හි අජ‍්ඣත‍්තං චෙතො සමථස‍්ස, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නො. ලාභී නු ඛොම‍්හි අධිපඤ‍්ඤා ධම‍්මවිපස‍්සනාය, සංවිජ‍්ජති නු ඛො මෙ එසො ධම‍්මො, උදාහු නොති.

අනභිජ්ඣාලූයෙම් බොහෝ කොට වෙසෙම් ද මට තෙල දහම විද්‍යමාන ද, නොහොත් අවිද්‍යමාන දැ යි. අව්‍යාපන්න චිත්තයෙම් බොහෝ කොට වෙසෙමි ද. මට තෙල දහම විද්‍යමාන වේ ද, නොහොත් අවිද්‍යමාන වේ දැ යි. විගතථිනමිද්ධයෙම් බහුලකොට වෙසෙම් ද. මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල ධර්‍මය ඇත්තේ දැයි, නැතහොත් නැත්තේ දැ යි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙම් මට තෙල දහම ඇත්තේ ද, නැතහොත් නැත්තේ දැ යි. නොකිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. නොකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි ද, මට තෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ දැ යි. අධ්‍යාත්මයෙහි ධර්‍මප්‍රමෝද්‍යය ලබන සුලු වෙම් ද, මටතෙල දහම ඇත්තේ ද, නොහොත් නැත්තේ ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථ ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නැතහොත් නැත්තේ ද, අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුලු වෙම් ද, මට තෙල දහම ඇත්තේ ද නොහොත් නැත්තේ දැ යි.

සචෙ ආවුසො භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො සබ‍්බෙපි මෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි න සමනුපස‍්සති, තෙනහාවුසො භික‍්ඛුනා සබ‍්බෙසඤ‍්ඤෙව ඉමෙසං කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං. සෙය්‍යථාපි ආවුසො ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එවමෙව ඛො ආවුසො තෙන භික‍්ඛුනා සබ‍්බෙසඤ‍්ඤෙව ඉමෙසං කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.

ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් කටයුතු. ඇවැත්නි, යම් සේ ඇවිළගත් පිළී ඇතියේ වේව යි, ඇවිළගත් හිස ඇතියේ වේව යි, එම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයක් හා කරන්නේ ය. ඇවැත්නි, ඒ පරිදි ම ඒ මහණහු විසින් මේ හැම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.

සචෙ පනාවුසො භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එකච‍්චෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, එකච‍්චෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි න සමනුපස‍්සති, තෙනාවුසො භික‍්ඛුනා යෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, තෙසු කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය, යෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි න සමනුපස‍්සති, තෙසං කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.

ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ඇතැම් කුසල් දහම් තමා කෙරෙහි ලා දක්නේ ද, සමහර කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ ද, ඇවැත්නි, එ මහණහු විසින් යම් කුසල් දහම් තමා කෙරෙහි ලා දක්නේ නම් ඒ කුසල් දහම්හි පිහිටා යම් කුසල් දහම් තමා කෙරෙහි ලා නො දක්නේ නම් එ කුසල් දහම් ලබනුවට අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.

සෙය්‍යථාපි ආවුසො ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙ ව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එවමෙව ඛො ආවුසො තෙන භික‍්ඛුනා යෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, තෙසු කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය යෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි න සමනුපස‍්සති, තෙසං කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.

ඇවැත්නි, යම් පරිදි ඇවිළගත් පිළී ඇතියේ වේවයි, ඇවිළගත් හිස ඇතියේ වේව යි එම පිළිය හෝ හිස හෝ නිවනට අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා වීර්‍ය්‍යයක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කරන්නේ ද, ඇවැත්නි, එ පරිදිම එ මහණහු විසින් යම් කුසල් දහම් තමා කෙරෙහි දක්නේ නම් ඒ කුසල් දහම් හි පිහිටා, යම් කුසල් දහම් තම කෙරෙහි ලා නො දක්නේ නම් එ කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා වීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සිහියක් හා මනා නුවණක් හා කටයුතු.

සචෙ පනාවුසො භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො සබ‍්බෙ පි මෙ කුසලෙ ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, තෙනාවුසො භික‍්ඛුනා සබ‍්බෙසුයෙව ඉමෙසු කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයොති.

ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙ හැම කුසල් දහම් තමා කෙරෙහි දක්නේ නම්, ඇවැත්නි, එ මහණහු විසින් මෙ හැම කුසල් දහම් හි පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු යි.