සමථ සුත‍්තං
10. 2. 1. 4.
10. 2. 1. 4.
සමථ සුත‍්තං
සමථ සූත්‍රය
[සාවත්‍ථි]
[සැවැත්]
නො චෙ භික‍්ඛවෙ භික‍්ඛු පරචිත‍්තපරියායකුසලො හොති, අථ “සචිත‍්තපරියායකුසලො භවිස‍්සාමී”ති එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.
මහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියායකුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වෙමි යි, මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සචිත‍්තපරියාය කුසලො හොති, සෙය්‍යථාපි භික‍්ඛවෙ ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද‍්ධෙ පරියොදාතෙ අච‍්ඡෙ වා උදපත‍්තෙ සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො සචෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තස‍්සෙව රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා පහාණාය වායමති, නො චෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තෙනෙවත‍්තමනො හොති පරිපුණ‍්ණසඞ‍්කප‍්පො “ලාභා වත මෙ පරිසුද‍්ධං වත මෙ”ති. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛණා බහුකාරා හොති කුසලෙසු ධම‍්මෙසු. “ලාභී නු ඛොම‍්හි අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න නු ඛොම‍්හි ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී නු ඛොම‍්හි අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය. න නු ඛොම‍්හි ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනායා”ති.
මහණෙනි, මහණ කෙසේ නම් මහණ සචිත්තපරියායකුසල වේ ය යත්: “මහණෙනි, යම් සේ දහර වූ තරුණ වූ සදන සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි පුරුෂයෙක් වේ වයි පරිශුද්ධ පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක වේවයි පහන් දියබඳුනෙක වේව යි තම මුව නිමිති පිරික්සා දක්නේ ඉදින් එහි රජසක් වේව යි තල කැලලක් වේවයි දක්නේ නම් එම රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක, එකැතින් මා මුව පිරිසිදු යයි එයින් ම තුටු සිත් ඇතියේ වෙයි. මහණෙනි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපකාර වෙයි. “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලු වෙම් දෝ යි අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයෙම්දෝයි අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලෙම් දෝයි අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව නො ලබන සුල්ලෙම් දෝ” යි.
සචෙ භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “ලාභීම‍්හි අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනායා”ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා අජ‍්ඣත‍්තං චෙතොසමථෙ පතිට‍්ඨාය අධිපඤ‍්ඤා ධම‍්මවිපස‍්සනාය යොගො කරණීයො සො අපරෙන සමයෙන ලාභිචෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම්, අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව නො ලබන සුල්ලෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් අධ්‍යාත්මයෙහි චිත්තසමථයෙහි පිහිටා අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව පිණිස යෝග කටයුතු යි. හේ පසුකල්හි අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් වෙයි.
සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “ලාභීම‍්හි අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමතස‍්සා”ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය පතිට‍්ඨාය අජ‍්ඣත‍්තං චෙතොසමථෙ යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය ලාභී ච අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලෙම් වෙමි. අධ්‍යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම් වෙමි”යි. මහණෙනි, ඒ මහණහු විසින් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාවෙහි පිහිටා අධ්‍යාත්මයෙහි චිත්ත සමථය පිණිස යෝග කටයුතු යි. හේ පසු කල්හි අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන සුල්ලේත් වෙයි.
සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනායා”ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසංයෙව කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධ්‍යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම්, අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව නො ලබන සුල්ලෙමි”යි, මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම් ලබනු පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු.
සෙය්‍යථාපි භික‍්ඛවෙ ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙ ව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ තෙන භික‍්ඛුනා තෙසංයෙව කුසලානං ධම‍්මානං, පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං සො අපරෙන සමයෙන ලාභීචෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, යම් පරිදි ඇවිළගත් පිළි ඇතියේ වේවයි ඇවිළගත් හිස් ඇතියේ වේවයි එම පිළිය හෝ හිස නිවීමට අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කෙරෙයි. මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එම කුසල් දහම් ලබනු වස් අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කටයුතු. හේ පසුකල්හි අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන සුල්ලේත් වෙයි.
සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “ලාභිම‍්හි අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනායා”ති තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ නම්: “අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම් වෙමි. අධිප්‍රඥාධර්‍ම විදර්‍ශනාව ලබන සුල්ලෙම් වෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එම කුසල් දහම්හි පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂයට යෝග කටයුතු යි.
චීවරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි. සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. පිණ‍්ඩපාතම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි. සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. සෙනාසනම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි. සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. ගාමනිගමම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. ජනපදපදෙසම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. පුග‍්ගලම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි.
මහණෙනි, මම් සිවුරු ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් සෙනසුන් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් ගම්-නියම්ගම් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් දනව් පියෙස් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි.
“චීවරම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි”ති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. තත්‍ථ යං ජඤ‍්ඤා චීවරං “ඉදං ඛො මෙ චීවරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්තී”ති. එවරූපං චීවරං න සෙවිතබ‍්බං, තත්‍ථ යං ජඤ‍්ඤා චීවරං ඉදං ඛො මෙ චීවරං සෙවතො අකුසලා, ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති”ති. එව රූපං චීවරං සෙවිතබ‍්බං, චීවරම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
මහණෙනි. මම් සිවුරුද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මේ සිවුර සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම් පිරිහෙත්” යි යම් ම සිවුරක් දන්නේ නම් එබඳු සිවුර නො සෙවිය යුතු. එහි මේ මේ සිවුර සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම සිවුරක් දන්නේ නම් එබඳු සිවුරු සෙවිය යුතු. මහණෙනි. මම් සිවුර ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
“පිණ‍්ඩපාතම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: තත්‍ථ යං ජඤ‍්ඤා පිණ‍්ඩපාතං ඉමං ඛො මෙ පිණ‍්ඩපාතං සෙවෙතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපො පිණ‍්ඩපාතො න සෙවිතබ‍්බො. තත්‍ථ යං ජඤ‍්ඤා පිණ‍්ඩපාතං ඉමං ඛො මෙ පිණ‍්ඩපාතං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්තී ති. එවරූපො පිණ‍්ඩපාතො සෙවිතබ‍්බො. පිණ‍්ඩපාතම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
මහණෙනි. පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: එහි මේ පිඬුවා සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යි යම් ම පිඬුවාවක් දන්නේ නම් එබඳු පිඬුවා නො සෙවිය යුතු. එහි මේ මේ පිඬුවා සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙතියි යම් පිඬුවාවක් දන්නේ නම් එබඳු පිඬුවා සෙවිය යුතු. මහණෙනි, මම පිඬුවා ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
සෙනාසනම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති. ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: තත්‍ථ යං ජඤ‍්ඤා සෙනාසනං ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්තී”ති. එවරූපං සෙනාසනං න සෙවිතබ‍්බං. තත්‍ථ යං ජඤ‍්ඤා සෙනාසනං ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්තී ති. එවරූපං සෙනාසනං සෙවිතබ‍්බං. සෙනාසනම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී ති. ඉති යං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
මහණෙනි, මම සෙනසුන් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මෙ සෙනසුන් සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්” යි යම් ම සෙනසුනක් දන්නේ නම් එබඳු සෙනසුන නො සෙවිය යුතු. එහි මෙ සෙනසුන් සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම සෙනසුනක් දන්නේ නම් එබඳු සෙනසුනක් සෙවිය යුතු. මහණෙනි, මම සෙනසුන් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
“ගාමනිගමම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බං අසෙවිතබ‍්බම‍්පීති” ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: “තත්‍ථ යං ජඤ‍්ඤා ගාමනිගමං ඉදං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපො ගාමනිගමො න සෙවිතබ‍්බො, තත්‍ථ යං ජඤ‍්ඤා ගාමනිගමං ඉමං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්තීති. එවරූපො ගාමනිගමො සෙවිතබ‍්බො. ගාමනිගමම‍්පාහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති, ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
මහණෙනි. මම් ගම් නියම්ගම් දු දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි ගම් නියම්ගම් සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්” යි යම් ම ගම් නියම්ගමක් දන්නේ නම් එබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු. එහි මේ ගම් නියම්ගම් සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම් වැඩෙතියි යම් ම ගම් නියම්ගම් දන්නේ නම් එබඳු ගම් නියම්ගම් සෙවිය යුතු. මහණෙනි. ගම් නියම්ගම් ද මම් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.
“ජනපදපදෙසම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති” ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: තත්‍ථ යං ජඤ‍්ඤා ජනපද පදෙසං ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්තීති. එවරූපො ජනපද පදෙසො න සෙවිතබ‍්බො. තත්‍ථ යං ජඤ‍්ඤා ජනපදපදෙසං ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්තීති. එවරූපො ජනපදපදෙසො සෙවිතබ‍්බො. ජනපදපදෙසම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
මහණෙනි, මම් දනව් පියසුදු දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි දනව් පියස සෙවුනා මට අකුසල් දහම් වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති” යි යම් දනව් පියසෙක් දන්නේ නම් එබඳු දනවු පියෙස් නො සෙවිය යුතු. එහි මේ දනව් පියෙස සෙවුනා මට අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම් වැඩෙතියි යම් ම දනව් පියෙසක් දන්නේ නම් මෙබඳු දනව් පියෙස සෙවිය යුතු. මහණෙනි, දනව් පියෙසුදු මම් දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.
“පුග‍්ගලම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති” ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: තත්‍ථ යං ජඤ‍්ඤා පුග‍්ගලං ඉමං ඛො මෙ පුග‍්ගලං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති කුසලා ධම‍්මා පරිහායන‍්තීති. එවරූපො පුග‍්ගලො න සෙවිතබ‍්බො. තත්‍ථ යං ජඤ‍්ඤා පුග‍්ගලං ඉමං ඛො මෙ පුග‍්ගලං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්තීති. එවරූපො පුග‍්ගලො සෙවිතබ‍්බො. පුග‍්ගලම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි, සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.
මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යත්: “එහි මේ පුඟුල් සෙවුනා මට අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති” යි යම් ම පුඟුලකු දන්නේ නම් මෙබඳු පුද්ගල නො සෙවිය යුත්තේ ය. එහි මේ පුඟුල් සෙවුනා මට අකුසල් දහම් පිරිහෙත් කුසල් දහම් වැඩෙති යි යම් පුඟුලකු දන්නේ නම් මෙබඳු පුද්ගල සෙවිය යුතු. මහණෙනි, මම් පුඟුල් ද දෙපරිදි විසින් කියමි: සේවිතව්‍ය ද අසේවිත්‍ය දැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලදැ යි.