ඨිති සුත‍්තං
10. 2. 1. 3.
10. 2. 1. 3.
ඨිති සුත‍්තං
ඨිති සූත්‍රය
[සාවත්‍ථි]
[සැවැත්]
ඨිතිම‍්පාහං භික‍්ඛවෙ න වණ‍්ණයාමි කුසලෙසු ධම‍්මෙසු පගෙව පරිහානිං, වුද‍්ධිං ච ඛො අහං භික‍්ඛවෙ වණ‍්ණයාමි කුසලෙසු ධම‍්මෙසු නො ඨිතිං නො හානිං.
මහණෙනි, මම් කුසල් දහම්හි ස්ථිතිය ද නො වනම්. පරිහානිය කැල මැ යි. මහණෙනි, මම් කුසල් දහම්හි වෘද්ධිය ද වනම්. ස්ථිය නො වනම්. පරිහානිය නො වනම්.
කථඤ‍්ච භික‍්ඛවෙ හානි හොති කුසලෙසු ධම‍්මෙසු, නො ඨිති නො වුද‍්ධි. ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යත‍්තකො හොති සද‍්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය පටිභානෙන. තස‍්ස තෙ ධම‍්මා නෙව තිට‍්ඨන‍්ති, නො වඩ‍්ඪන‍්ති. හානිමෙතං භික‍්ඛවෙ වදාමි, කුසලෙසු ධම‍්මෙසු. නො ඨිති, නො වුද‍්ධි.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි හානි වේ ද, ස්ථිති නො වේ ද, වෘද්ධි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන් ශීලයෙන් ශ්‍රැතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥායෙන් ප්‍රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නොම සිටුනාහ. නො වඩනා හ. මහණෙනි, තෙල කුසල් දහම්හි හානි යයි කියමි. ස්ථිතිය නො වෙයි. වෘද්ධි නො වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ ඨිති හොති කුසලෙසු ධම‍්මෙසු, නො හානි නො වුද‍්ධි. ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යත‍්තකො හොති සද‍්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය පටිභානෙන. තස‍්ස තෙ ධම‍්මා නෙව හායන‍්ති, නො වඩ‍්ඪන‍්ති. ඨිතිමෙතං භික‍්ඛවෙ වදාමි, කුසලෙසු ධම‍්මෙසු. නො හානිං නො වුද‍්ධිං. එවං ඛො භික‍්ඛවෙ ඨිති හොති කුසලෙසු ධම‍්මෙසු නො වුද‍්ධි නො හානි.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි ස්ථිතිය වේ ද, හානි නො වේ ද, වෘද්ධි නො වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභානයෙන් යම් පමණ වේ නම් ඔහට එ දහම්හු නො ම පිරිහෙත්. නො වැඩෙත්. මහණෙනි, තෙල කුසල් දහම් හි ස්ථිතිය යි කියමි. හානිය යි නො කියමි. වෘද්ධිය යි නොකියමි. මහණෙනි, මෙසේ කුසල් දහම්හි ස්ථිතිය වෙයි. වෘද්ධි නො වේ. හානි නො වේ.
කථඤ‍්ච භික‍්ඛවෙ වුද‍්ධි හොති කුසලෙසු ධම‍්මෙසු, නො ඨිති, නො හානි, ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යත‍්තකො හොති සද‍්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ‍්ඤාය පටිභානෙන. තස‍්ස තෙ ධම‍්මා නෙව තිට‍්ඨන‍්ති නො හායන‍්ති, වුද‍්ධිමෙතං භික‍්ඛවෙ වදාමි, කුසලෙසු ධම‍්මෙසු. නො ඨිතිං නො හානිං, එවං ඛො භික‍්ඛවෙ වුද‍්ධි හොති කුසලෙසු ධම‍්මෙසු නො ඨිති, නො හානි.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම් වෘද්ධි වේ ද, ස්ථිති නො වේ ද, හානි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නො ම සිටුනාහ. නො ම පිරිහෙන්නාහ.
නො චෙ භික‍්ඛවෙ භික‍්ඛු පරචිත‍්තපරියායකුසලො හොති, අථ “සචිත‍්තපරියායකුසලො භවිස‍්සාමී”ති, එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං
මහණෙනි, තෙල කුසල් දහම්හි වෘද්ධියයි කියමි. ස්ථිති යයි නො කියමි. හානිය යි නො කියමි. මහණෙනි, මෙසේ වනාහි කුසල් දහම්හි වෘද්ධි වේ. ස්ථිති නොවේ. හානි නො වේ.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සචිත‍්තපරියායකුසලො හොති, සෙය්‍යථාපි භික‍්ඛවෙ ඉත්‍ථී වා පුරිසො වා දහරො වා යුවා මණ‍්ඩනජාතිකො ආදාසෙ වා පරිසුද‍්ධෙ පරියොදාතෙ අච‍්ඡෙ වා උදපත‍්තෙ සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො සචෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තස‍්සෙව රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා පහානාය වායමති, නො චෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා තෙනෙවත‍්තමනො හොති පරිපුණ‍්ණසඞ‍්කප‍්පො “ලාභා වත මෙ පරිසුද‍්ධං වත මෙ”ති.
මහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමියි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු. මහණෙනි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: මහණෙනි, යම් පරිදි දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි, පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්‍ය්‍යවදාත ආදර්‍ශයෙක හෝ පහන් දියබඳුනෙක හෝ තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ (තල කැලැල් ආදී) අඞ්ගණයක් හෝ දක්නේ හෝ එම රජස් හෝ අඞ්ගණය දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභය, එකැතින් මා මුව පිරිසිදුය යි පිරිපුන් මනදොළ ඇතියේ එයින් ම තුටු සිතැතියේ වෙයි.
එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛනා බහුකාරා හොති කුසලෙසු ධම‍්මෙසු “අභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි අනභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි’ බ්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, අබ්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, ථීනමිද‍්ධපරියුට‍්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගත ථීනමිද‍්ධො නු ඛො බහුලං විහරාමි, උද‍්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද‍්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ‍්ණවිචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි, අක‍්කොධනො නු ඛො බහුලං විහරාමි, සංකිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, අසංකිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, සාරද‍්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද‍්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද‍්ධවිරියො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමී”ති.
මහණෙනි, එපරිදි ම භික්‍ෂුහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපකාර වේ. අභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනභිධ්‍යාලුයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ව්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ථිනමිද්ධයෙන් මැඬුණෙම් බොහෝ කොට වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් දෝ සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ, ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි.
සචෙ භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභිජ‍්ඣාලූ බහුලං විහරාමි, බ්‍යාපන‍්නචිත‍්තො බහුලං විහරාමි, ථීනමිද‍්ධපරියුට‍්ඨිතො බහුලං විහරාමි, උද‍්ධතො බහුලං විහරාමි, විචිකිච‍්ඡො බහුලං විහරාමි, කොධනො බහුලං විහරාමි, සංකිලිට‍්ඨචිත‍්තො බහුලං විහරාමි, සාරද‍්ධකායො බහුලං විහරාමි, කුසීතො බහුලං විහරාමි, අසමාහිතො බහුලං විහරාමී”ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. ඛ්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. ථිනමිද්ධපරියුට්ඨතයෙම් බොහෝ කොට වෙසෙමි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙමි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙමි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් එම ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් හා කටයුතු යි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච, උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය. එවමෙව ඛො භික‍්ඛවෙ තෙන භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානි ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.
මහණෙනි, යම් පරිදි ඇවිළි පිළි ඇතියේ හෝ ඇවිළි හිස ඇතියේ හෝ එම පිළිය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා උස්සෝළහියක් හා නො පසුබැස්මක් හා සතියක් හා සම්පජඤ්ඤයක් හා කෙරේ ද, මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් කටයුතු යි.
සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘අනභිජ‍්ඣාලූ බහුලං විහරාමි, අබ්‍යාපන‍්නචිත‍්තො බහුලං විහරාමි, විගතථීනමිද‍්ධො බහුලං විහරාමි, තිණ‍්ණවිචිකිච‍්ඡො බහුලං විහරාමි, අක‍්කොධනො බහුලං විහරාමි, අසංකිලිට‍්ඨචිත‍්තො බහුලං විහරාමි, අසාරද‍්ධකායො බහුලං විහරාමි, ආරද‍්ධවිරියො බහුලං විහරාමි, සමාහිතො බහුලං විහරාමී”ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො ති.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්, “අනභිධ්‍යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. අබ්‍යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. විගතථිනමිද්ධයෙම් බොහෝ කොට වෙසෙමි. තිණ්ණවිචිකිච්ඡයෙම් බොහෝ කොට වෙසෙමි. නො කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම්හි ම පිහිටා මත්තෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතුයි.