යෙදුමෙන් කියවන්න

1. සචිත‍්තවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සචිත්ත වර්ගය

1. සචිත‍්ත සුත‍්තවණ‍්ණනා

1. සචිත්ත සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ සචිත‍්තපරියායකුසලොති අත‍්තනො චිත‍්තවාරකුසලො. රජන‍්ති ආගන‍්තුකඋපක‍්කිලෙසං. අඞ‍්ගණන‍්ති තත්‍ථජාතකඅඞ‍්ගකාළතිලකාදිං. ආසවානං ඛයායාති අරහත‍්තත්‍ථාය.

දෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි සචිත්තපරියායකුසලො යනු තමන්ගේ සිත සඳහා වූ ඔවදනෙහි දක්ෂ වූයේයි, රජං යනු ආගන්තුක වූ උපක්ලේශයයි, අඞ්ගණං යනු එහි හටගත් අවයවයන්හි කඑතිලකාදියි, ආසවානඞ්ඛයාය යනු රහත්බව සඳහායි.

3. ඨිති සුත‍්තවණ‍්ණනා

3. ඨිති සූත්‍ර වර්ණනාව

තතියෙ පටිභානෙනාති වචනසණ‍්ඨානෙන. චතුත්‍ථෙ අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනායාති සඞ‍්ඛාරපරිග‍්ගාහකවිපස‍්සනාය.

තෙවැන්නෙහි පටිභානෙන යනු වචන සටහනෙනි, සිවුවැන්නෙහි අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාර විමර්‍ශනය කරන්නා වූ විදර්‍ශනාවෙනි,

8. මූලක සුත‍්තවණ‍්ණනා

8. මූලක සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අමතොගධාති එත්‍ථ සඋපාදිසෙසා නිබ‍්බානධාතු කථිතා, නිබ‍්බානපරියොසානාති එත්‍ථ අනුපාදිසෙසා. අනුපාදිසෙසං පත‍්තස‍්ස හි සබ‍්බෙ ධම‍්මා පරියොසානප‍්පත‍්තා නාම හොන‍්ති. සෙසපදානි හෙට‍්ඨා වුත‍්තත්‍ථානෙව.

අටවැන්නෙහි, අමතොගධා යනු මෙහි සොපධිශේෂ පරිනිර්‍වාණධාතුව කියන ලදි. නිබ්බානපරියොසානා යනු මෙහි අනුපාදිශේෂයෙන් අනුපාදිශේෂ නිවනට පත්වූවහුගේ සියලු ධර්‍මයෝ අවසානයට පත්වූවාහු නම් වෙති. සෙසු පද යට කියනලද අරුත් ඇත්තේම වේ.

9. පබ‍්බජ‍්ජා සුත‍්තවණ‍්ණනා

9. පබ්බජ්ජා සූත්‍ර වර්ණනාව

නවමෙ තස‍්මාති යස‍්මා එවං අපරිචිතචිත‍්තස‍්ස සාමඤ‍්ඤත්‍ථො න සම‍්පජ‍්ජති, තස‍්මා. යථාපබ‍්බජ‍්ජාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සතීති යථා පබ‍්බජ‍්ජානුරූපෙන පරිචිතං. යෙ හි කෙචි පබ‍්බජන‍්ති නාම, සබ‍්බෙ තෙ අරහත‍්තං පත්‍ථෙත්‍වා. තස‍්මා යං චිත‍්තං අරහත‍්තාධිගමත්‍ථාය පරිචිතං වඩ‍්ඪිතං, තං යථාපබ‍්බජ‍්ජාපරිචිතං නාමාති වෙදිතබ‍්බං. එවරූපං පන චිත‍්තං භවිස‍්සතීති සික‍්ඛිතබ‍්බං. ලොකස‍්ස සමඤ‍්ච විසමඤ‍්චාති සත‍්තලොකස‍්ස සුචරිතදුච‍්චරිතානි. ලොකස‍්ස භවඤ‍්ච විභවඤ‍්චාති තස‍්ස වඩ‍්ඪිඤ‍්ච විනාසඤ‍්ච, තථා සම‍්පත‍්තිඤ‍්ච විපත‍්තිඤ‍්ච. ලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්චාති පන සඞ‍්ඛාරලොකං සන්‍ධාය වුත‍්තං, ඛන්‍ධානං නිබ‍්බත‍්තිඤ‍්ච භෙදඤ‍්චාති අත්‍ථො.

නවවැන්නෙහි තස්මා යනු මෙසේ නුපුහුණු සිත ඇත්තහුට ශ්‍රමණාර්‍ත්‍ථය නොපැමිණෙයි, එහෙයින් යථාපබ්බජ්ජාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති යනු පැවිද්දට අනුරූපව පුරුදු කරනලද පරිද්දෙනි, යම් කිසිවෙක් පැවිදි වෙත්ද ඔවුහු සියල්ලෝ රහත්බව පතා (එසේ වෙති). එහෙයින් යම් සිතක් රහත් බව ලැබීම සඳහා පුරුදු කරන ලද්දේ ද වඩන ලද්දේ ද එය පැවිද්දට අනුව පුරුදු කරන ලද පරිද්දෙන් නමැයි දතයුතුය. මගේ සිත එබඳු වන්නේ යයි මෙසේ හික්මිය යුතුය. ලොකස්ස සමඤ්ච විසමඤ්ච යනු සත්ත්ව ලෝකයාගේ සුචරිත දුශ්චරිතයෝයි, ලොකස්ස සම්හවඤ්ච විභවඤ්ච යනු ඒ ලෝකයේ වැඩිම ද විනාශය ද සැපත ද විපත ද යනුයි, ලොකස්ස සමුදයඤ්ච අත්‍ථගමඤ්ච යනු සංස්කාර ලෝකය සඳහා කියන ලදි. ස්කන්‍ධායතනයන්ගේ උපත ද විනාශය ද යන අර්‍ත්‍ථයි.

10. ගිරිමානන්‍ද සුත‍්තවණ‍්ණනා

10. ගිරිමානන්ද සූත්‍ර වර්ණනාව

දසමෙ අනුකම‍්පං උපාදායාති ගිරිමානන්‍දත්‍ථෙරෙ අනුකම‍්පං පටිච‍්ච. චක‍්ඛුරොගොතිආදයො වත්‍ථුවසෙන වෙදිතබ‍්බා. නිබ‍්බත‍්තිතප‍්පසාදානඤ‍්හි රොගො නාම නත්‍ථි. කණ‍්ණරොගොති බහිකණ‍්ණෙ රොගො. පිනාසොති බහිනාසිකාය රොගො. නඛසාති නඛෙහි විලෙඛිතට‍්ඨානෙ රොගො. පිත‍්තසමුට‍්ඨානාති පිත‍්තසමුට‍්ඨිතා. තෙ කිර ද‍්වත‍්තිංස හොන‍්ති. සෙම‍්හසමුට‍්ඨානාදීසුපි එසෙව නයො. උතුපරිණාමජාති උතුපරිණාමෙන අච‍්චුණ‍්හාතිසීතෙන උප‍්පජ‍්ජනකරොගා. විසමපරිහාරජාති අතිචිරට‍්ඨානනිසජ‍්ජාදිනා විසමපරිහාරෙන ජාතා. ඔපක‍්කමිකාති වධබන්‍ධනාදිනා උපක‍්කමෙන ජාතා. කම‍්මවිපාකජාති බලවකම‍්මවිපාකසම‍්භූතා. සන‍්තන‍්ති රාගාදිසන‍්තතාය සන‍්තං. අතප‍්පකට‍්ඨෙන පණීතං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දසවැන්නෙහි අනුකම්පං උපාදාය යනු ගිරිමානන්‍ද තෙරුන් කෙරෙහි අනුකම්පාව නිසායි, චක්‍ඛුරොගො යනාදිය වස්තු වශයෙන් දතයුතුය. උපදවන ලද ප්‍රසාදයන්ගේ රෝගයක් නම් නැත. කණ්ණරොගො යනු පිටත කණෙහි රොගයයි, පිනාසො යනු පිට නැහැයෙහි රෝගයයි, රබසා යනු නියෙන් සීරූ තැන්හි රෝගයයි. පිත්තසමුට්ඨානා යනු පිතෙන් හටගත්තාවූයි, ඒවා දෙතිසක් වෙයි, සෙම්හසමුට්ඨානා යනාදියෙහි ද මේ ක්‍රමයමයි. උතුපරිණාමජා යනු සෘතු මිහිකිරීමෙන් දැඩි උණුසුමෙන් දැඩි සිසිලසින් උපදින රෝගයෝයි, විසමපරිහාරජා බොහෝවේලා සිටගෙන සිටීම හිඳගෙන සිටීම ආදී විසම පරිහරණයෙන් උපන්නාවූයි, ඔපක්කමිකා යනු වධබන්‍ධන උපක්‍රමයෙන් හටගත්තාවූයි, කම්මවිපාකජා යනු බලවත් කර්‍ම විපාකයෙන් හටගත්තාවූයි. සන්තං යනු රාගාදී තැවුලෙන් සන්සිඳුනේයි, පණීතං යනු නොතැවීම් අරුතිනි. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.

සචිත‍්තවග‍්ගො පඨමො.

පළමු සචිත්තක වර්‍ගයයි.