යෙදුමෙන් කියවන්න

5. අක‍්කොසවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. අක්කොස වර්ගය

4. කුසිනාරා සුත‍්තවණ‍්ණනා

4. කුසිනාර සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස චතුත්‍ථෙ කුසිනාරායන‍්ති එවංනාමකෙ නගරෙ. දෙවතානං අත්‍ථාය බලිං හරන‍්ති එත්‍ථාති බලිහරණො, තස‍්මිං බලිහරණෙ. අච‍්ඡිද‍්දෙන අප‍්පටිමංසෙනාතිආදීසු යෙන කෙනචිදෙව පහටො වා හොති, වෙජ‍්ජකම‍්මාදීනි වා කතානි, තස‍්ස කායසමාචාරො උපචිකාදීහි ඛායිතතාලපණ‍්ණං විය ඡිද‍්දො ච, පටිමසිතුං යත්‍ථ කත්‍ථචි ගහෙත්‍වා ආකඩ‍්ඪිතුං සක‍්කුණෙය්‍යතාය පටිමංසො ච හොති, විපරීතො අච‍්ඡිද‍්දො අප‍්පටිමංසො නාම. වචීසමාචාරො පන මුසාවාදඔමසවාදපෙසුඤ‍්ඤඅමූලකානුද‍්ධංසනාදීහි ඡිද‍්දො සප‍්පටිමංසො ච හොති, විපරීතො අච‍්ඡිද‍්දො අප‍්පටිමංසො. මෙත‍්තං නු ඛො මෙ චිත‍්තන‍්ති පලිබොධං ඡින්‍දිත්‍වා කම‍්මට‍්ඨානභාවනානුයොගෙන අධිගතං මෙ මෙත‍්තචිත‍්තං. අනාඝාතන‍්ති ආඝාතවිරහිතං, වික‍්ඛම‍්භනෙන විහතාඝාතන‍්ති අත්‍ථො. කත්‍ථ වුත‍්තන‍්ති ඉදං සික‍්ඛාපදං කිස‍්මිං නගරෙ වුත‍්තං.

පස්වැනි වර්‍ගයෙහි සිවුවැනි සූත්‍රයෙහි කුසිනාරායං යනු එබඳු නම් ඇති නුවරෙහියි, මෙහි දෙවියන් සඳහා බිලි ගෙන යත්නුයි බලිහරණො නමි. ඒ බිලිගෙන යාමෙහි බලිහරණෙ නමි. අච්ඡිද්දෙන අප්පතිමංසෙන යනාදියෙහි යම්කිසිවකින් පහරදෙන ලද්දේ හෝ වෙයිද වෙදකම් ආදිය කරන ලද්දේ වෙයිද ඔහුගේ කායසමාචාරය වේයන් ආදීන් විසින් කන ලද තල්පතක් මෙන් සිදුරු වූයේමය. අතගෑමට යම්කිසි තැනෙක්හි ගෙන පැහැසීමට නොහැකි බැවින් පටිමංස වූයේම වෙයි. මෙයින් වෙනස් වූ තැනැත්තේ අච්ඡිද්දො අප්පටිමංසො නම් වෙයි. වචී සමාචරය වනාහි බොරුකීම, අපහාස කිරීම, කේලාම් කීම, අමූලික ආපත්තියෙන් චෝදනා කිරීම යනාදියෙන් සිදුරු වූයේ ද පටිමංස සහිත වූයේ ද වෙයි. මෙයින් වෙනස් වූ තැනැත්තේ අච්ඡිද්දො අප්පටිමංසො නමි. මෙත්තං නු ඛො මෙ චිත්තං යනු බාධක සිඳ කම්මට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් ලබන ලද මෙත් සිතයි. අනාඝාතං යනු වෛරයෙන් තොරවූයි, විෂ්කම්භන ප්‍රහානයෙන් නසනලද වෛර ඇත්තේ යන අරුත්ය, කත්‍ථ වුත්තං යනු මේ ශික්ෂාපදය කවර නුවරක කියන ලද්දක්ද? යනුයි,

කාලෙන වක‍්ඛාමීතිආදීසු එකො එකං ඔකාසං කාරෙත්‍වා චොදෙන‍්තො කාලෙන වදති නාම. සඞ‍්ඝමජ‍්ඣෙ වා ගණමජ‍්ඣෙ වා සලාකග‍්ගයාගග‍්ගවිතක‍්කමාළකභික‍්ඛාචාරමග‍්ගආසනසාලාදීසු වා උපට‍්ඨාකෙහි පරිවාරිතක‍්ඛණෙ වා චොදෙන‍්තො අකාලෙන වදති නාම. තච‍්ඡෙන වදන‍්තො භූතෙන වදති නාම. “දහරමහල‍්ලකපරිසාවචරකපංසුකූලිකධම‍්මකථිකපතිරූපං තව ඉද”න‍්ති වදන‍්තො ඵරුසෙන වදති නාම. කාරණනිස‍්සිතං පන කත්‍වා, “භන‍්තෙ මහල‍්ලකත්‍ථ, පරිසාවචරකත්‍ථ, පංසුකූලිකත්‍ථ, ධම‍්මකථිකත්‍ථපතිරූපං තුම‍්හාකමිද”න‍්ති වදන‍්තො සණ‍්හෙන වදති නාම. කාරණනිස‍්සිතං කත්‍වා වදන‍්තො අත්‍ථසංහිතෙන වදති නාම. මෙත‍්තචිත‍්තො වක‍්ඛාමි නො දොසන‍්තරොති මෙත‍්තචිත‍්තං පච‍්චුපට‍්ඨපෙත්‍වා වක‍්ඛාමි, න දුට‍්ඨචිත‍්තො හුත්‍වා.

කාලෙන වක්‍ඛාමි යනාදියෙහි එකෙක් එක් ඉඩක් (අවස්ථාවක්) ගෙන චෝදනා කරන්නේ (සුදුසු) කාලයෙන් කියයි නමි. සඟමැද දන්හල, සංවාද ශාලාව පිඬු හැසිරෙන මග, අසුන්හල ආදියෙහි හෝ උවැටැන්හල්හි හෝ චෝදනා කරන්නේ අකාලෙන වදති නමි, සත්‍යයෙන් චෝදනා නගන්නේ භූතෙන වදති නමි, කොලුව, මහල්ලා, ඔත්තුකාරය, පාංශුකූලිකය, ධර්‍මකථිකය, නුඹලාට ගැලපේයයි කියන්නේ එරුසෙන වදති නමි, කරුණු ඇසුරුකොට මහළු ස්වාමීනි, ඔත්තුබලන පාංශුකූලික හිමියනි, ධර්‍මකථික හිමියනි, මෙය ඔබවහන්සේලාට ගැලපේයයි කියන්නේ සණ්හෙන වදති නමි, කරුණු ඇසුරු කොට කියන්නේ අත්‍ථසංහිතෙන වදති නමි, මෙත්තචිත්තො වක්‍ඛාමි නො දොසන්තරො යනු මෙත් සිත උපදවා කියමි. දුෂ්ට සිත් ඇත්තේ නොවීයි.

5. රාජන‍්තෙපුරප‍්පවෙසන සුත‍්තවණ‍්ණනා

5. රාජන්තෙපුරප්පවෙසන සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කතං වා කරිස‍්සන‍්ති වාති මෙථුනවීතික‍්කමං කරිංසු වා කරිස‍්සන‍්ති වා. රතනන‍්ති මණිරතනාදීසු යංකිඤ‍්චි. පත්‍ථෙතීති මාරෙතුං ඉච‍්ඡති. හත්‍ථිසම‍්බාධන‍්ති හත්‍ථීහි සම‍්බාධං. හත්‍ථිසම‍්මද‍්දන‍්ති වා පාඨො, තස‍්සත්‍ථො – හත්‍ථීහි සම‍්මද‍්දො එත්‍ථාති හත්‍ථිසම‍්මද‍්දං. සෙසෙසුපි එසෙව නයො. රජනීයානි රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බානීති එතානි රාගජනකානි රූපාදීනි තත්‍ථ පරිපූරානි හොන‍්ති.

පස්වැන්නෙහි කතං වා කරිස්සන්ති වා යනු මෛථුන පාරාජික ඇවත ඉක්මවූවාහුය හෝ ඉක්මවන්නාහුය, රතනං යනු මැණික් රුවන් ආදියෙහි යම්කිසිවකි, පත්‍ථෙති යනු මැරීමට කැමති වෙයි, ඇතුන්ගෙන් බාධාව හෝ ඇතුන් විසින් වටකරගනු ලැබීම හෝ යනු එහි අර්‍ත්‍ථයයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි.

6. සක්‍ය සුත‍්තවණ‍්ණනා

6. සකක්‍ය සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සොකසභයෙති සොකෙන සභයෙ. සොකභයෙති වා පාඨො, අයමෙවත්‍ථො. දුතියපදෙපි එසෙව නයො. යෙන කෙනචි කම‍්මට‍්ඨානෙනාති කසිවණිජ‍්ජාදිකම‍්මෙසු යෙන කෙනචි කම‍්මෙන. අනාපජ‍්ජ අකුසලන‍්ති කිඤ‍්චි අකුසලං අනාපජ‍්ජිත්‍වා. නිබ‍්බිසෙය්‍යාති උප‍්පාදෙය්‍ය ආචිනෙය්‍ය. දක‍්ඛොති ඡෙකො. උට‍්ඨානසම‍්පන‍්නොති උට‍්ඨානවීරියෙන සමන‍්නාගතො. අලං වචනායාති යුත‍්තො වචනාය. එකන‍්තසුඛප‍්පටිසංවෙදී විහරෙය්‍යාති එකන‍්තමෙව කායිකචෙතසිකසුඛං ඤාණෙන පටිසංවෙදෙන‍්තො විහරෙය්‍ය. අනිච‍්චාති හුත්‍වා අභාවතො. තුච‍්ඡාති සාරරහිතා. මුසාති නිච‍්චසුභසුඛා විය ඛායමානාපි තථා න හොන‍්තීති මුසා. මොසධම‍්මාති නස‍්සනසභාවා. තස‍්මා තෙ පටිච‍්ච දුක‍්ඛං උප‍්පජ‍්ජතීති සන්‍දස‍්සෙති. ඉධ පන වොති එත්‍ථ වො ති නිපාතමත‍්තං. අපණ‍්ණකං වා සොතාපන‍්නොති අවිරාධිතං එකංසෙන සොතාපන‍්නො වා හොති. සොපි ඣානං නිබ‍්බත‍්තෙති, බ්‍රහ‍්මලොකං වා ගන‍්ත්‍වා ඡසු වා කාමසග‍්ගෙසු එකන‍්තසුඛප‍්පටිසංවෙදී හුත්‍වා විහරෙය්‍ය. ඉමස‍්මිං සුත‍්තෙ සත්‍ථා අට‍්ඨඞ‍්ගුපොසථස‍්ස ගුණං කථෙසි.

සවැන්නෙහි යෙන කෙනචි කම්මට්ඨානෙන යනු ගොවිතැන වෙළඳාම ආදිය අතුරින් කිසියම් කටයුත්තකිනි, අනාපජ්ජ අකුසලං යනු කිසියම් අකුසලයකට නොපැමිණයි, නිබ්බිසෙය්‍ය යනු උපදවන්නේය, රැස්කරන්නේය, අනාපජ්ජ අකුසලං යනු අකුසලයකට නොපැමිණෙයි, දක්ඛො යනු දක්‍ෂයෙකි, උට්ඨානසම්පන්නො යනු උත්ථාන වීර්යයෙන් යුක්ත වූයේයි, අලං වචනාය යනු කීමට යුත්තෙකි, එකන්තසුඛපටිසංවෙදී විහරෙය්‍ය යනු ඒකාන්තවූම කායික චෛතසික සුවය (නුවණින් විඳිමින් වසන්නේය, අනිච්චා යනු වී නැතිව යාමෙන්ය, තුච්ඡා යනු සැපරහිත වූයි, මුසා යනු නිත්‍ය සුභ සුඛයයි ගනු ලබන්නාහුද එසේ නොවෙත්නුයි මුසායි, මොසධම්මා යනු නැසෙන ස්වභාවය ඇත්තෝයි, එහෙයින් ඒවා නිසා දුක උපදීයයි දක්වයි, ඉධ ඛො පන වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයෙකි, අපණ්ණකං වා සොතාපන්නො යන ඒකාන්තයෙන්ම සෝවාන් වූයේ හෝ වෙයි, හෙතෙමේත් ධ්‍යාන උපදවයි, බඹලොව හෝ ගොස් කාමස්වර්‍ග සයෙහි හෝ ඒකාන්තයෙන් සුව විඳින්නේ වී වසන්නේය. මේ සූත්‍රයෙහි දී ශාස්තෲන් වහන්සේ අෂ්ටාංග උපොෂථයේ ගුණ ප්‍රකාශ කළ සේක.

7. මහාලි සුත‍්තවණ‍්ණනා

7. මහාලි සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ මිච‍්ඡාපණිහිතන‍්ති මිච‍්ඡා ඨපිතං. අධම‍්මචරියාවිසමචරියාති අකුසලකම‍්මපථවසෙන අධම‍්මචරියසඞ‍්ඛාතා විසමචරියා. කුසලකම‍්මපථවසෙන ඉතරා වෙදිතබ‍්බා. එවමිධ වට‍්ටමෙව කථිතං.

සත්වැන්නෙහි මිච්ඡාපණිහිතං යනු වැරදිව තබන ලද්දාවූයි, අධම්මචරියා විසමචරියා යනු අකුශල කර්‍මපථ වශයෙන් අධර්‍මචර්යා සංඛ්‍යාත විෂම චර්යාවයි, සෙස්ස කුශල කර්‍මපථ වශයෙන් දතයුතුය. මෙසේ මෙහි මෙයම කියන ලදි.

8. දසධම‍්ම සුත‍්තවණ‍්ණනා

8. දසධම්ම සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පබ‍්බජිතෙනාති ඝරාවාසං පහාය සාසනෙ පබ‍්බජ‍්ජං උපගතෙන. අභිණ‍්හන‍්ති අභික‍්ඛණං පුනප‍්පුනං, පච‍්චවෙක‍්ඛිතබ‍්බා ඔලොකෙතබ‍්බා සල‍්ලක‍්ඛෙතබ‍්බා. වෙවණ‍්ණියන‍්ති විවණ‍්ණභාවං. තං පනෙතං වෙවණ‍්ණියං දුවිධං හොති සරීරවෙවණ‍්ණියං පරික‍්ඛාරවෙවණ‍්ණියඤ‍්ච. තත්‍ථ කෙසමස‍්සුඔරොපනෙන සරීරවෙවණ‍්ණියං වෙදිතබ‍්බං. පුබ‍්බෙ පන නානාවිරාගානි සුඛුමවත්‍ථානි නිවාසෙත්‍වාපි නානග‍්ගරසභොජනං සුවණ‍්ණරජතභාජනෙසු භුඤ‍්ජිත්‍වාපි සිරිගබ‍්භෙ වරසයනාසනෙසු නිපජ‍්ජිත්‍වාපි නිසීදිත්‍වාපි සප‍්පිනවනීතාදීහි භෙසජ‍්ජං කත්‍වාපි පබ‍්බජිතකාලතො පට‍්ඨාය ඡින‍්නසඞ‍්ඝටිතකසාවරසපීතානි වත්‍ථානි නිවාසෙතබ‍්බානි, අයපත‍්තෙ වා මත‍්තිකපත‍්තෙ වා මිස‍්සකොදනො භුඤ‍්ජිතබ‍්බො, රුක‍්ඛමූලාදිසෙනාසනෙ මුඤ‍්ජතිණසන්‍ථරණාදීසු නිපජ‍්ජිතබ‍්බං, චම‍්මඛණ‍්ඩතට‍්ටිකාදීසු නිසීදිතබ‍්බං, පූතිමුත‍්තාදීහි භෙසජ‍්ජං කත‍්තබ‍්බං හොති. එවමෙත්‍ථ පරික‍්ඛාරවෙවණ‍්ණියං වෙදිතබ‍්බං. එවං පච‍්චවෙක‍්ඛතො කොපො ච මානො ච පහීයති.

අටවැන්නෙහි පබ්බජිතෙන යනු ගිහිගෙයි විසීම අතහැර සසුනෙහි පැවිද්දට එළැඹි තැනැත්තා විසිනි, අභිණ්හං යනු නිතරයි, නැවත නැවතයි, පච්චවෙක්‍ඛිතබ්බා යනු බැලිය යුතුයි, සැලකිය යුතුයි, වෙවණ්ණියං යනු විවර්‍ණභාවයයි. ඒ මේ විවර්‍ණභාවය දෙවැදෑරුම් වෙයි, ශරීර විවර්‍ණභාවය හා පරිෂ්කාර විවර්‍ණභාවය යනුවෙනි, එහි කෙරැවුල් බෑමෙන් සිරුරෙහි විවර්‍ණ බව දතයුතුය. පෙර නොයෙක් අගරස බොජුන් රන්රිදී බඳුන්වල වළඳා සිරියහන් ගැබ්වල උතුම් සයනයන්හි වැදහෙව හිඳ ගිතෙල් වෙඬරු ආදියෙන් බෙහෙත් කොට ද පැවිදි වූ කාලයෙහි පටන් සිඳුණු ගැටලූ කසට රස පොවන ලද වස්ත්‍ර හැඳිය යුතුය, යකඩ පාත්‍රයෙහි හෝ මැටි පාත්‍රයෙහි මුසුබත බිදිය යුතුය. රුක්මුල් ආදී සෙනසුන්හි තණ ඇතිරිලි ආදියෙහි වැදහෙවිය යුතුය. සම්කඩ පැදුරුකඩමාලු ආදියෙහි හිඳියයුතුය. පූතිමුත්‍රාදියෙන් බෙහෙත් කළයුතුය. මෙසේ මෙහි පරිෂ්කාර විවර්‍ණත්වය දතයුතුය. මෙසේ සලකන්නාගේ මානය දුරුවෙයි.

පරපටිබද‍්ධා මෙ ජීවිකාති මය‍්හං පරෙසු පටිබද‍්ධා පරායත‍්තා චතුපච‍්චයජීවිකාති. එවං පච‍්චවෙක‍්ඛතො හි ආජීවො පරිසුජ‍්ඣති, පිණ‍්ඩපාතො ච අපචිතො හොති, චතූසු පච‍්චයෙසු අපච‍්චවෙක‍්ඛිතපරිභොගො නාම න හොති. අඤ‍්ඤො මෙ ආකප‍්පො කරණීයොති යො ගිහීනං උරං අභිනීහරිත්‍වා ගීවං පග‍්ගහෙත්‍වා ලලිතෙනාකාරෙන අනියතපදවීතිහාරෙන ගමනාකප‍්පො හොති, තතො අඤ‍්ඤොව ආකප‍්පො මයා කරණීයො, සන‍්තින්‍ද්‍රියෙන සන‍්තමානසෙන යුගමත‍්තදස‍්සිනා විසමට‍්ඨානෙ උදකසකටෙනෙව මන්‍දමිතපදවීතිහාරෙන හුත්‍වා ගන‍්තබ‍්බන‍්ති පච‍්චවෙක‍්ඛිතබ‍්බං. එවං පච‍්චවෙක‍්ඛතො හි ඉරියාපථො සාරුප‍්පො හොති, තිස‍්සො සික‍්ඛා පරිපූරෙන‍්ති. කච‍්චිනුඛොති සලක‍්ඛණෙ නිපාතසමුදායො. අත‍්තාති චිත‍්තං. සීලතො න උපවදතීති අපරිසුද‍්ධං තෙ සීලන‍්ති සීලපච‍්චයො න උපවදති. එවං පච‍්චවෙක‍්ඛතො හි අජ‍්ඣත‍්තං හිරී සමුට‍්ඨාති, සා තීසු ද‍්වාරෙසු සංවරං සාධෙති, තීසු ද‍්වාරෙසු සංවරො චතුපාරිසුද‍්ධිසීලං හොති, චතුපාරිසුද‍්ධිසීලෙ ඨිතො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති. අනුවිච‍්ච විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරීති පණ‍්ඩිතා සබ්‍රහ‍්මචාරිනො අනුවිචාරෙත්‍වා. එවං පච‍්චවෙක‍්ඛතො හි බහිද‍්ධා ඔත‍්තප‍්පං සණ‍්ඨාති, තං තීසු ද‍්වාරෙසු සංවරං සාධෙතීති අනන‍්තරනයෙනෙව වෙදිතබ‍්බං.

පරපටිබද්ධා මෙ ජීවිකා යනු මගේ සිවුපස ජීවිකාව අනුන් හා බැඳුනේය, අනුන් අයත්යයි මෙසේ සලකන්නාගේ ඉරියව්ව ගැලපෙයි, ආජීවය පිරිසුදු වෙයි. පිණ්ඩපාතය ද ගරු කරන ලද්දේ වෙයි. සිවුපසයෙහි ප්‍රත්‍යවෙක්ෂා නොකළ පරිභෝගයක් නම් නොවෙයි. අඤ්ඤො මෙ ආකප්පො කරණීයො යනු උරය නෙරා ගෙල දැඩි කොට ලෙලෙන අයුරින් අනියතව පියවර තැබීමෙන් යන ආකාරයක් ගිහියන්ගේ වේද ඊට වෙනස් වූ ආකාරයක් (ආකල්පයක්) මා විසින් කළයුතුය. සන්සුන් ඉඳුරන්ගෙන් සන්සුන් මනසින් වියදඬු පමණ බැල්මෙන් විෂම තැනක් ඉක්මවන දිය (ගෙනයන) රියක් මෙන් සිත්ගන්නා (ලෙස) නියමිත පියවර තැබීමෙන් මා යායුතුයයි සැලකිය යුතුය, මෙසේ සලකන්නාගේ ඉරියව්ව ගැලපෙන්නේ වෙයි, ත්‍රිවිධ ශික්ෂා සපිරෙයි. අත්තා යනු සිතයි, සීලතො න උපවදති යනු ඔබගේ ශීලය අපිරිසුදුයයි ශීලයෙන් උපවාද නොකරයි. මෙසේ සලකන්නාගේ අධ්‍යාත්මයෙහි ලජ්ජාව හටගනියි. ඒ ලජ්ජාව තිදොරෙහි සංවරය ඇතිකරවයි. සිවුපිරිසුදු ශීලය ඇති කරවයි, සිවුපිරිසුදු සිල්හි පිහිටියේ විදසුන් වඩා රහත් වෙයි, විඤ්ඤු සබ්‍රහ්මචාරි යනු පණ්ඩිත වූ එකට බඹසර හැසිරෙන්නෝයි, මෙසේ සලකන්නට බැහැරිබිය හටගනියි, එය තිදොරෙහි සංවරය අහිතකරවතැයි කියනලද අයුරින්ම දත යුතුයි

නානාභාවො විනාභාවොති ජාතියා නානාභාවො, මරණෙන විනාභාවො. එවං පච‍්චවෙක‍්ඛතො හි තීසු ද‍්වාරෙසු අසංවුතාකාරො නාම න හොති, මරණස‍්සති සූපට‍්ඨිතා හොති. කම‍්මස‍්සකොම‍්හීතිආදීසු කම‍්මං මය‍්හං සකං අත‍්තනො සන‍්තකන‍්ති කම‍්මස‍්සකා. කම‍්මෙන දාතබ‍්බං ඵලං දායං, කම‍්මස‍්ස දායං කම‍්මදායං, තං ආදීයාමීති කම‍්මදායාදො. කම‍්මං මය‍්හං යොනි කාරණන‍්ති කම‍්මයොනි. කම‍්මං මය‍්හං බන්‍ධු ඤාතකොති කම‍්මබන්‍ධු. කම‍්මං මය‍්හං පටිසරණං පතිට‍්ඨාති කම‍්මපටිසරණො. තස‍්ස දායාදො භවිස‍්සාමීති තස‍්ස කම‍්මස‍්ස දායාදො තෙන දින‍්නඵලං පටිග‍්ගාහකො භවිස‍්සාමි. එවං කම‍්මස‍්සකතං පන පච‍්චවෙක‍්ඛතො පාපකරණං නාම න හොති. කථංභූතස‍්ස මෙ රත‍්තින්‍දිවා වීතිවත‍්තන‍්තීති කින‍්නු ඛො මෙ වත‍්තප‍්පටිපත‍්තිං කරොන‍්තස‍්ස, උදාහු අකරොන‍්තස‍්ස, බුද‍්ධවචනං සජ‍්ඣායන‍්තස‍්ස, උදාහු අසජ‍්ඣායන‍්තස‍්ස, යොනිසොමනසිකාරෙ කම‍්මං කරොන‍්තස‍්ස, උදාහු අකරොන‍්තස‍්සාති කථංභූතස‍්ස මෙ රත‍්තින්‍දිවා වීතිවත‍්තන‍්ති, පරිවත‍්තන‍්තීති අත්‍ථො. එවං පච‍්චවෙක‍්ඛතො හි අප‍්පමාදො පරිපූරති.

නානාභාවො විනාභාවො යනු උපතින් නොයෙක් බවයි, මරණයෙන් වෙන්වීමයි, මෙසේ සලකන්නාට තිදොරෙහි නොදැමුණු අයුරක් නම් නොවෙයි. මරණ සතිය මනාව එළඹ සිටියේ වෙයි, කම්මස්සකොම්හි යනාදියෙහි කර්‍මය මගේය, ස්වකීයය, තමන් අයත්ය යනු කම්මස්සකා නමි. කර්‍මයෙන් දියයුතු ඵලය දායාදය - කර්‍මයේ දායාදය කම්මදායාං නමි. එය දැඩිව ගන්නෙමැයි කම්මදායාදොයි. කර්‍මය මගේ යෝනියය කාරණයයි කම්මයොනි නමි. කය මගේ බන්‍ධුවරයාය, ඥාතියායි කම්මබන්‍ධු නමි. කර්‍මය මගේ පිළිසරණය, පිහිටයැයි කම්මපටිසරණො නමි. තස්සදායාදො භවිස්සාමි යනු ඒ කර්‍මයාගේ දායාදය එයින් දෙනලද ඵලය පිළිගන්නෙක් වෙමි. මෙසේ කර්‍මයෙන් කළ දෙය සලකන්නාට පවුකිරීමක් නම් නොවෙයි. කතම්භූතස්ස මෙ රත්තින්‍දිවා විතිපතන්ති යනු කිමෙක් ද වත් පිළිවෙත් කරන්නාවූ නැතහොත් නොකරන්නා වූ මගේ - බුද්ධ වචනය සජ්ඣායනය කරන්නා වූ නැතහොත් සජ්ඣායනය නොකරන්නා වූ මගේ නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නාවූ නැතහොත් එසේ නොකරන්නාවූ මගේ (යනුවෙන්) කවර විදියකින් වූ මගේ රෑදහවල් ඉක්මෙයිද පෙරලෙයි ද යන අරුත්ය. මෙසේ සලකන්නාගේ අප්‍රමාදය සපිරෙයි,

සුඤ‍්ඤාගාරෙ අභිරමාමීති විවිත‍්තොකාසෙ සබ‍්බිරියාපථෙසු එකකොව හුත්‍වා කච‍්චි නු ඛො අභිරමාමීති අත්‍ථො. එවං පච‍්චවෙක‍්ඛතො කායවිවෙකො පරිපූරති. උත‍්තරිමනුස‍්සධම‍්මොති උත‍්තරිමනුස‍්සානං උක‍්කට‍්ඨමනුස‍්සභූතානං ඣායීනඤ‍්චෙව අරියානඤ‍්ච ඣානාදිධම‍්මො, දසකුසලකම‍්මපථසඞ‍්ඛාතමනුස‍්සධම‍්මතො වා උත‍්තරිතරො විසිට‍්ඨතරො ධම‍්මො මෙ මම සන‍්තානෙ අත්‍ථි නු ඛො, සන‍්ති නු ඛොති අත්‍ථො. අලමරියඤාණදස‍්සනවිසෙසොති මහග‍්ගතලොකුත‍්තරපඤ‍්ඤා පජානනට‍්ඨෙන ඤාණං, චක‍්ඛුනා දිට‍්ඨමිව ධම‍්මං පච‍්චක‍්ඛකරණතො දස‍්සනට‍්ඨෙන දස‍්සනන‍්ති ඤාණදස‍්සනං, අරියං විසුද‍්ධං උත‍්තමං ඤාණදස‍්සනන‍්ති අරියඤාණදස‍්සනං, අලං පරියත‍්තකං කිලෙසවිද‍්ධංසනසමත්‍ථං අරියඤාණදස‍්සනමෙත්‍ථ, අස‍්ස වාති අලමරියඤාණදස‍්සනො, ඣානාදිභෙදො උත‍්තරිමනුස‍්සධම‍්මො අලමරියඤාණදස‍්සනො ච සො විසෙසො චාති අලමරියඤාණදස‍්සනවිසෙසො. අථ වා තමෙව කිලෙසවිද‍්ධංසනසමත්‍ථං විසුද‍්ධං ඤාණදස‍්සනමෙව විසෙසොති අලමරියඤාණදස‍්සනවිසෙසො වා. අධිගතොති පටිලද‍්ධො මෙ අත්‍ථි නු ඛො. සොහන‍්ති පටිලද‍්ධවිසෙසො සො අහං. පච‍්ඡිමෙ කාලෙති මරණමඤ‍්චෙ නිපන‍්නකාලෙ. පුට‍්ඨොති සබ්‍රහ‍්මචාරීහි අධිගතගුණවිසෙසං පුච‍්ඡිතො. න මඞ‍්කු භවිස‍්සාමීති පතිතක‍්ඛන්‍ධො නිත‍්තෙජො න හෙස‍්සාමීති. එවං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස හි මොඝකාලකිරියා නාම න හොති.

සුඤ්ඤාගාරෙ අභිරමාමි යනු හුදෙකලා තැනක් සියලු ඉරියව්වන්හි තනිවී කිම සතුටු වෙම්දැයි අරුත්ය. මෙසේ සලකන්නාගේ කායවිවේකය සපිරෙයි. උත්තරිමනුස්සධම්මා යනු උත්තරිමනුෂ්‍යයන්ගේ, උත්කෘෂ්ට මිනිසුන් වූ ධ්‍යානීන්ගේ මෙන්ම ආර්‍ය්‍යයන්ගේ ධ්‍යානාදී ධර්‍මයෝ - දසකුසලකර්‍මපථ සංඛ්‍යාත මනුෂ්‍ය ධර්‍මයෙන් හෝ උත්තරීතර විශිෂ්ටතර ධර්‍මයෝ මගේ සිතෙහි ඇද විද්‍යමාන වෙත්දැයි අරුත්ය. අලමරියඤාණදස්සනවිසෙසො යනු මහත්ගත ලෝකෝත්තර ප්‍රඥාව දැනීම් අරුතින් ඤාණයයි. ඇසින් දක්නා ලද්දක් මෙන් ධර්‍මය පසක් කිරීම් වශයෙන් දැකීම් අරුතින් දස්සනයැයි ඤාණදස්සනං නමි. ආර්‍ය්‍ය වූ උතුම් පිරිසුදු ඤාණදස්සන යැයි අරියඤාණදස්සනං නමි. ආර්‍ය්‍යබවට සුදුසු වූ කෙලෙස් වැනසීමට සමත් වූ ආර්‍ය්‍ය ඥානදර්‍ශනය මෙහි හෝ මොහුගේ හෝයි අලමරිය ඤාණදස්සනො නමි. ධ්‍යානාදී භේද ඇති උත්තරිමනුෂ්‍ය ධර්‍මය වූ අලමරිය ඤාණදස්සනය ද එයමය විශේෂය ද එයමැයි අලමරිය ඤාණදස්සන විසෙසොයි. නැතහොත් ඒ කෙලෙස් නැසීම සඳහා පිරිසුදු ඤාණදර්‍ශනයම විශේෂය වේ යන්නෙන් අලමරිය ඤාණදස්සන විසෙසො නම්වේ. අධිගතො යනු මවිසින් ලබන ලද්දේ වේද? සොභං යනු ලබනලද විශේෂය ඇති ඒ මමයි, පච්ඡිම කාලෙ යනු මරණ මඤ්චකයෙහි වැදහොත් කාලයෙහියි, පුට්ඨො යනු සබ්‍රම්සරුන් විසින් ලබනලද ගුණ විශේෂය (ගැන) අසන ලද්දේයි, න මඞ්කූභවිස්සාමි යනු ඇදහැළුණු සිරුර ඇත්තේ තෙද නැත්තේ නොවන්නෙමි. මෙසේ සලකන්නාට හිස් මරණයක් නම් නොවේ. (මුළාවූ මරණයක් නොවේ.)

9. සරීරට‍්ඨධම‍්ම සුත‍්තවණ‍්ණනා

9. ශරීරට්ඨධම්ම සූත්‍ර වර්ණනාව

නවමෙ පොනොබ‍්භවිකොති පුනබ‍්භවනිබ‍්බත‍්තකො. භවසඞ‍්ඛාරොති භවසඞ‍්ඛරණකම‍්මං. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටමෙව කථිතං.

නවවැන්නෙහි පොනොභවිකො යනු පුනර්‍භවය උපදවන්නාවූයි, භවසඞ්ඛාරො යනු භවය සංස්කරණය කරන කර්‍මයයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.

10. භණ‍්ඩන සුත‍්තවණ‍්ණනා

10. භණ්ඩන සූත්‍ර වර්ණනාව

දසමෙ සීලබාහුසච‍්චවීරියසතිපඤ‍්ඤා ලොකියලොකුත‍්තරාමිස‍්සිකා කථිතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දසවැන්නෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රක වූ දෙයම කියනලදි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

අක‍්කොසවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වූ අක්කොස වර්‍ගයයි.

පඨමපණ‍්ණාසකං නිට‍්ඨිතං.

පළමු පණ්ණාසකය නිමියේයි.