සක්ය සුත්තං
10. 1. 5. 6.
10. 1. 5. 6.
සක්ය සුත්තං
සකක්‍ය සූත්‍රය
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ අථ ඛො සම්බහුලා සක්ක්යා උපාසකා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සක්යෙ උපාසකෙ භගවා එතදවොච: “අපි නු ඛො තුම්හෙ සක්යා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථා”ති?
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිල වාස්තුයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල බොහෝ සැහැ උවසුවෝ පොහෝ ලත් එදින භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස් ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සැහැ උවසුවනට තෙල වදාළ සේක: “ශාක්‍යයෙනි, තෙපි අටඟින් යුතු පෙහෙවස් වසවුදැ”යි
“අප්පෙකදා මයං භන්තෙ අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසාම, අප්පෙකදා න උපවසාමා”ති. තෙසං වො සක්යා අලාභා තෙසං දුල්ලද්ධං යෙ තුම්හෙ එවං සොකසභයෙ ජීවිතෙ මරණසභයෙ ජීවිතෙ අප්පෙකදා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථ, අප්පෙකදා න උපවසථ, තං කිං මඤ්ඤථ සක්යා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං අඩ්ඪකහාපණෙ නිබ්බිසෙය්ය, දක්ඛො පුරිසො උට්ඨානසම්පන්නොති අලං වචනායාති? එවං භන්තෙ,
වහන්ස, අපි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසම්හ. කිසි දිනෙක නො වසම්හ යි. ශාක්‍යයෙනි, යම් බඳු තෙපි මෙසේ ශෝකයෙන් බිය ඇති දිවි වැටෙත් ම මරණයෙන් බිය ඇති දිවිවැටෙත් ම කිසි දිනක අෂ්ටාඞ්ග සමන්වාගත පෙහෙවස් වසව් නම් කිසි දිනක නො වසව් නම් ඒ තොපට අලාභයෙක. ඒ තොපට නපුරු කොට ලැබීමෙක. ශාක්‍යයෙනි, ඒ කෙසේ හඟිව් ද? මෙලොව පුරුෂයෙක් යම් ම කර්මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට අඩකහවණුවක් උපදවන්නේ ය. දක්ෂ පුරුෂයෙක. උත්ථාන වීර්ය්යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස එසේය.
තං කිං මඤ්ඤථ සක්යා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං කහාපණං නිබ්බිසෙය්ය, දක්ඛො පුරිසො උට්ඨානසම්පන්නොති අලං වචනායාති? එවං භන්තෙ,
ශාක්‍යයෙනි, එ කෙසේ හඟිවුද? මෙහි මෙලොව පුරුෂයෙක් යම් ම කර්මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට කහවණුවක් උපයනේ ය. දක්ෂ පුරුෂයෙක, උත්ථානවීර්ය්යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස, එසේ ය.
තං කිං මඤ්ඤථ සක්කා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං ද්වෙ කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- තයො කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- චත්තාරො කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- පඤ්ච කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- ඡ කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- සත්ත කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- අට්ඨ කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- නව කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- දස කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- වීසති කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- තිංස කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- චත්තාරීසං කහාපණෙ නිබ්බිසෙය්ය -පෙ- පඤ්ඤාසං කහාපණෙ නිබ්බිසෙය්ය, “දක්ඛො පුරිසො උට්ඨානසම්පන්නො”ති අලං වචනායාති? එවං භන්තෙ,
ශාක්‍යයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෙ ලොව පුරුෂයෙක් යම් ම කර්මාන්තයෙකින් අකුසලට නො වදනේ දවසට දෙකහවණුවක් උපයනේ ය ... තුන් කහවණුවක් උපයනේ ය ... සතර කහවණුවක් උපයනේ ය ... පස් කහවණුවක් උපයනේ ය ... ස කහවණුවක් උපයනේ ය ... සත් කහවණුවක් උපයනේ ය. ... අට කහවණුවක් උපයනේ ය ... නව කහවණුවක් උපයනේ ය ... දස කහවණුවක් උපයනේ ය ... විසි කහවණුවක් උපයනේ ය ... තිස් කහවණුවක් උපයනේ ය ... සතලිස් කහවණුවක් උපයනේ ය ... පනස් කහවණුවක් උපයනේ ය. “දක්ෂ පුරුෂයෙක, උත්ථාන වීර්‍ය්‍ය සම්පන්නයෙකැයි කියන්නට නිසි වේ ද? වහන්ස, එසේය.
තං කිම්මඤ්ඤථ සක්යා, අපි නු සො පුරිසො දිවසෙ දිවසෙ කහාපණසතං කහාපණසහස්සං නිබ්බිසමානො ලද්ධං ලද්ධං නික්ඛිපන්තො වස්සසතායුකො වස්සසතජීවී මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡෙය්යාති? එවං භන්තෙ,
ශාක්‍යයෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ පුරිස් දවස දවස කහවණු සියක් කහවණු දහසක් උපයනේ ලද ලද කහවණු නික්ෂේප කරනුයේ ශතවර්ෂායුෂ්ක සියක් වස් දිවි වටනුයේ මහත් භෝගස්කන්ධයක් ලබන්නේ දැයි? වහන්ස, එසේය.
තං කිං මඤ්ඤථ සක්යා, අපි නු සො පුරිසො භොගහෙතු භොගනිදානං භොගාධිකරණං එකං වා රත්තිං එකං වා දිවසං උපඩ්ඪං වා රත්තිං උපඩ්ඪං වා දිවසං එකන්තසුඛපටිසංවෙදී විහරෙය්යාති? නො හෙතං භන්තෙ,
ශාක්‍යයෙනි, එ කුමක් හඟිව් ද? ඒ පුරිස් භෝගහේතුවෙන් භොගනිදානයෙන් භෝගාධිකරණයෙන් එක් රැයක් වේව යි එක් දවසක් වේවයි අඩ රැයක් වේවයි. අඩ දවසක් වේවයි ඒකාන්තසුඛ විඳින සුලුයේ වාසය කෙරේ දැයි? වහන්ස, තෙල නො වේ ම ය.
තං කිස්ස හෙතු?
එ කවර හෙයින යත්:
කාමා හි භන්තෙ අනිච්චා තුච්ඡා මුසා මොස ධම්මාති.
වහන්ස, කාමයෝ වනාහි අනිත්‍යයහ, තුච්ඡයහ, මෘෂාය. නස්නා සුල්ලහයි.
ඉධ ඛො පන වො සක්ක්යා මම සාවකො දස වස්සානි අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි සතම්පි වස්සසතසහස්සානි එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො, තිට්ඨන්තු සක්යා දස වස්සානි.
ශාක්‍යයෙනි, මෙ සස්නෙහි මාගේ සව්වෙක් දස වසක් අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වාසය කරනුයේ මා විසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සකෘදාගාමි හෝ අනාගාමි හෝ අවිරුද්ධ කොට සෝවාන් හෝ වෙයි. ශාක්‍යයෙනි, දසවසක් තිබේවා,
ඉධ මම සාවකො නව වස්සානි අට්ඨ වස්සානි -පෙ- සත්ත වස්සානි - ඡ වස්සානි -පෙ- පඤ්ච වස්සානි - චත්තාරි වස්සානි - තීණි වස්සානි - ද්වෙ වස්සානි - එකං වස්සං අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි - සතම්පි වස්සසතසහස්සානි එකන්ත සුඛපටිසංවෙදී විහරෙය්ය: සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
මෙසස්නෙහි මගේ සවු නව වසක් ... අට වසක් ... සත් වසක් ... සවසක් ... පස් වසක් ... සිවු වසක් ... තුන් වසක් ... දෙවසක් ... එක් වසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වසනුයේ මවිසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස්සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවන් හෝ වෙයි.
තිට්ඨතු සක්යා එකං වස්සං. ඉධ පන සාවකො දස මාසෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි සතම්පි වස්සසත සහස්සානි එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
ශාක්‍යයෙනි, එක් වසෙක් තිබේවා, මෙ සස්නෙහි මාගේ සවු දසමසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම වූයේ වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියක් වසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස්වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වෙසෙයි. හෙද සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
තිට්ඨන්තු සක්යා දස මාසා ඉධ මම සාවකො නව මාසෙ - අට්ඨ මාසෙ - සත්ත මාසෙ - ඡ මාසෙ - පඤ්ච මාසෙ - චත්තාරො මාසෙ - තයො මාසෙ - ද්වෙ මාසෙ - එකං මාසං - අද්ධමාසං අප්පමත්තො ආතාපී පහිතත්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි - සතම්පිවස්ස සහස්සානි - සතම්පි වස්සසතසහස්සානි එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
ශාක්‍යයෙනි, දසමසෙක් තිබේවා, මෙ සස්නෙහි මාගේ සවු නව මසක් ... අට මසක් ... සත් මසක් ... සමසක් ... පස්මසක් ... සිවුමසක් ... තෙමසක් ... දෙමසක් ... එක්මසක් ... අඩමසක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස්වස් සියයකුදු ඒකාන්ත සුඛවිඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
තිට්ඨතු සක්යා අද්ධමාසො ඉධ මම සාවකො දස රත්තින්දිවෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි - සතම්පි වස්සසහස්සානි - සතම්පි වස්සසතසහස්සානි එකන්ත සුඛපටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
ශාක්‍යයෙනි, අඩමසෙක් තිබේවා, මෙ සස්නෙහි ම සවු දස රෑදාවලක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සහස්වස් සියයකුදු සුවහස් වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
තිට්ඨතු සක්ක්යා දස රත්තින්දිවා. ඉධ මම සාවකො නව රත්තින්දිවෙ - අට්ඨ රත්තින්දිවෙ - සත්ත රත්තින්දිවෙ - ඡ රත්තින්දිවෙ - පඤ්ච රත්තින්දිවෙ - චත්තාරො රත්තින්දිවෙ - තයො රත්තින්දිවෙ - ද්වො රත්තින්දිවෙ - එකං රත්තින්දිවං අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි - සතම්පි වස්සසතානි - සතම්පි වස්සසහස්සානි සතම්පි වස්සසතසහස්සානි එකන්ත සුඛපටිසංවෙදී විහරෙය්ය,
ශාක්‍යයෙනි, දස රෑදවාලක් තිබේවා, මෙ සස්නෙහි ම සවු නව රෑදාවලක් ... අට රෑදාවලක් ... සත් රෑදාවලක් ... ස රෑදාවලක් ... පස් රෑදාවලක් ... සිවු රෑ දාවලක් ... තුන් රෑ දාවලක් ... දෙ රෑදාවලක් ... එක් රෑදාවලක් අප්‍රමත්ත වූයේ ආතාප ඇතියේ ප්‍රහිතාත්ම ව වසනුයේ ම විසින් යම් පරිදි අනුසස්නා ලද නම් එ පරිදි පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු දහස්වස් සියයකුදු සුවහස් වස් සියයකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වෙසෙයි.
සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො.
හෙ ද වනාහි සෙදගැමි හෝ අනගැමි හෝ අවිරාධ කොට සෝවාන් හෝ වෙයි.
තෙසං වො සක්යා අලාභා, තෙසං දුල්ලද්ධං, යෙ තුම්හෙ එවං සොකසභයෙ ජීවිතෙ මරණසභයෙ ජීවිතෙ අප්පෙකදා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසථ, අප්පෙකදා න උපවසථාති.
ශාක්‍යයෙනි, ඒ තෙපි මෙසේ ශෝකයෙන් සභය වූ ජීවිතයෙහි මෙසේ මරණින් සභය වූ ජීවිතයෙහි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසවු නම්, කිසි දිනක නො වසවු නම් ඒ තොපට අලාභයෙක, ඒ තොපට නපුරු කොට ලැබීමෙක.
එතෙ මයං භන්තෙ අජ්ජතග්ගෙ අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිස්සාමාති.
වහන්ස, තෙල අපි අද පටන් කොට අටඟින් යුත් පෙහෙවස් වසම්හ යි.