මහාලි සුත්තං
10. 1. 5. 7.
10. 1. 5. 7.
මහාලි සුත්තං
මහාලි සූත්‍රය
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං අථ ඛො මහාලි ලිච්ඡවී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහාලි ලිච්ඡවි භගවන්තං එතදවොච:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවන කුළාරහල්හි වැඩ වෙසෙති. එසඳ මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව ව හින. එකත්පස් ව හුන් මහාලී ලිච්ඡවී රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
“කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියාති?”
වහන්ස, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
ලොභො ඛො මහාලි හෙතු, ලොභො පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා. දොසො ඛො මහාලි හෙතු, දොසො පච්චයො, පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා, මොහො ඛො මහාලි හෙතු, මොහො පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා. අයොනිසො මනසිකාරො ඛො මහාලි හෙතු, අයොනිසො මනසිකාරො පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා, මිච්ඡා පණිහිතං ඛො මහාලි චිත්තං හෙතු, මිච්ඡා පණිහිතං චිත්තං පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, අයං ඛො මහාලි හෙතු, අයං පච්චයො පාපස්ස කම්මස්ස කිරියාය, පාපස්ස කම්මස්ස පවත්තියා ති.
මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ලෝභය හේතු වන්නේ ය. ලෝභය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි ද්වේෂය හේතු වන්නේ ය. ද්වේෂය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මෝහය හේතු වන්නේ ය. මෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි අයෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය. අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි නො සෙ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. නො සෙ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, පාපක්‍රියා කරන්නට වේවයි පාපක්‍රියා පවත්නට වේවයි මේ හේතු වන්නේ ය. මේ ප්‍රත්‍යය වන්නේ යයි.
කො පන භන්තෙ හෙතු, කො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය, කල්‍යාණස්ස කම්මස්ස පවත්තියාති?
වහන්ස, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණ කර්ම පවත්නට වේව යි හේතු කවරෙ ය? ප්‍රත්‍යය කවරේය?
අලොභො ඛො මහාලි හෙතු, අලොභො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය, කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා, අදොසො ඛො මහාලි -පෙ- අමොහො ඛො මහාලි හෙතු, අමොහො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය, කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. යොනිසො මනසිකාරො ඛො මහාලි හෙතු, යොනිසො මනසිකාරො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය, කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. සම්මාපණිහිතං ඛො මහාලි චිත්තං හෙතු, සම්මාපණිහිතං චිත්තං පච්චයො, කල්‍යාණස්ස කම්මස්ස කිරියාය, කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. අයං ඛො මහාලි හෙතු අයං පච්චයො, කල්‍යාණස්ස කම්මස්ස කිරියාය, කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා.
මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්ම පවත්නට වේවයි අලෝභය හේතු වන්නේ ය. අලෝභය ප්‍රත්‍යය වන්නේ ය: මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්ම පවත්නට වේවයි, අදෝෂය ... අමෝහය හේතු වන්නේ ය. අමෝහය ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි, යෝනිසෝමනසිකාරය හේතු වන්නේ ය, යෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වන්නේ ය, මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි කල්‍යාණකර්‍ම පවත්නට වේවයි මනාසේ පිහිටුවා ලූ සිත හේතු වන්නේ ය. මනාසේ පිහිටුවා ලූ සිත ප්‍රත්‍යය වන්නේ ය. මහාලිය, කල්‍යාණකර්‍ම කිරීමට වේවයි, කල්‍යාණ කර්ම පවත්නට වේවයි මේ හේතු වන්නේ ය, මේ ප්‍රත්‍ය වන්නේ ය.
ඉමෙ ච ඛො මහාලි දස ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, නයිදං පඤ්ඤායෙථ අධම්මචරියා විසමචරියාති වා, ධම්මචරියා සමචරියාති වා, යස්මා ච ඛො මහාලි ඉමෙ දස ධම්මා ලොකෙ සංවිජ්ජන්ති, තස්මා පඤ්ඤායති අධම්මචරියා විසමචරියාති වා ධම්මචරියා සමචරියාති වාති.
මහාලිය, ලොව්හි මේ දශධර්‍මයෝ නො වැටෙන්නාහු නම් (අකුශලකර්මපථාඛ්ය) අධර්මචර්ය්යා සඞ්ඛ්‍යාත විෂමචර්ය්යා යී හෝ (දශකුශලකර්මපථාඛ්ය) ධර්මචර්ය්යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ යන මෙය නො පැනෙන්නේ ය. මහාලිය, යම් හෙයෙකින් ලොව්හි මේ දසදහම්හු වැටෙත් ද එහෙයින් අධර්මචර්ය්යා සඞ්ඛ්‍යාත විෂමචර්ය්යා යී හෝ ධර්මචර්ය්යා සඞ්ඛ්‍යාත සමචර්‍ය්‍යා යී හෝ පැනෙන්නේ යි.