රාජන‍්තෙපුරප‍්පවෙසන සුත‍්තං
10. 1. 5. 5.
10. 1. 5. 5.
රාජන‍්තෙපුරප‍්පවෙසන සුත‍්තං
රාජන්තෙපුරප්පවේසන සූත්‍රය
[සාවත්‍ථි]
[සැවැත්]
දස ඉමෙ භික‍්ඛවෙ ආදීනවා රාජන‍්තෙපුරප‍්පවෙසනෙ. කතමෙ දස:
මහණෙනි, රාජාන්තඃපුරප්‍රවෙෂයෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
1. ඉධ භික‍්ඛවෙ රාජා මහෙසියා සද‍්ධිං නිසින‍්නො හොති, තත්‍ර භික‍්ඛු පවිසති, මහෙසී වා භික‍්ඛුං දිස‍්වා සිතං පාතු කරොති, භික‍්ඛු වා මහෙසිං දිස‍්වා සිතං පාතු කරොති. තත්‍ථ රඤ‍්ඤො එවං හොති: “අද‍්ධා ඉමෙසං කතං වා කරිස‍්සන‍්ති වා”ති. අයං භික‍්ඛවෙ පඨමො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
1. මහණෙනි, රජ තෙම මෙහෙසිය හා සමග හුන්නේ වෙයි, මහණ එහි පිවිසෙයි. මෙහෙස්න හෝ මහණහු දැක සිනහ පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙස්න දැක සිනහ පාළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි: “එකැතින් මොවුන් විසින් අසද්ධර්‍ම කෙළේ දෝ හෝ කරත් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පළමුවන ආදීනව යි.
2. පුන චපරං භික‍්ඛවෙ රාජා බහුකිච‍්චො බහුකරණීයො අඤ‍්ඤතරං ඉත්‍ථිං ගන‍්ත්‍වා න සරති, සා තෙන ගබ‍්භං ගණ‍්හාති, තත්‍ථ රඤ‍්ඤො එවං හොති: “ න ඛො ඉධ අඤ‍්ඤො කොචි පවිසති. අඤ‍්ඤත්‍ර පබ‍්බජිතෙන, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති. අයං භික‍්ඛවෙ දුතියො ආදීනවො රාජන‍්තෙ පුරප‍්පවෙසනෙ.
2. තව ද මහණෙනි, රජ බහුකෘත්‍ය ව බහුකරණීය ව සිට අන්‍යතර ස්ත්‍රියක කරා ගොස් සඳහන් නො කෙරෙයි. ඕ එයින් ගැබ් ගනියි. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මේ ඇතොරට පැවිද්දකු විනා අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි මේ දෙවෙනි ආදීනව යි.
3. පුන චපරං භික‍්ඛවෙ රඤ‍්ඤො අන‍්තෙපුරෙ අඤ‍්ඤතරං රතනං නස‍්සති තත්‍ථ රඤ‍්ඤො එවං හොති: “න ඛො ඉධ අඤ‍්ඤො කොචි පවිසති අඤ‍්ඤත්‍ර පබ‍්බජිතෙන, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති”. අයං භික‍්ඛවෙ තතියො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
3. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි අන්‍යතර රත්නයෙක් නස්නේ ය. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි තෙවන ආදීනවය යි.
4. පුන චපරං භික‍්ඛවෙ රඤ‍්ඤො අන‍්තෙපුරෙ අබ‍්භන‍්තරා ගුය‍්හමන‍්තා බහිද‍්ධා සම‍්භෙදං ගච‍්ඡන‍්ති. තත්‍ථ රඤ‍්ඤො එවං හොති: “න ඛො ඉධ අඤ‍්ඤො කොචි පවිසති අඤ‍්ඤත්‍ර පබ‍්බජිතෙන, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති. අයං භික‍්ඛවෙ චතුත්‍ථො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
4. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි වූ අභ්‍යන්තර ගුහ්‍යමන්ත්‍රණයෝ බැහැර පළට බවට යෙත්. එහි ලා රජුට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දකු මිස අන් කිසිවෙක් නො වදනේ ය, පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සතරවන ආදීනව යි.
5. පුන චපරං භික‍්ඛවෙ රඤ‍්ඤො අන‍්තෙපුරෙ පිතා වා පුත‍්තං පත්‍ථෙති, පුත‍්තො, වා, පිතරං, පත්‍ථෙති, තෙසං එවං හොති: “න ඛො ඉධ අඤ‍්ඤො කොචි පවිසති අඤ‍්ඤත්‍ර පබ‍්බජිතෙන, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති, අයං භික‍්ඛවෙ පඤ‍්චමො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
5. තව ද මහණෙනි, රජුගේ ඇතොරෙහි පියා හෝ පුතු නස්නා පතයි. පුතා හෝ පියා නස්නා පතයි. ඔවුනට මෙසේ සිත් වෙයි: “මෙහි පැවිද්දහු මිස අන් කිසිවෙක් නො වදනේ ය. පැවිද්දහුගේ කමෙක දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි පස්වන ආදීනවය යි.
6. පුන චපරං භික‍්ඛවෙ රාජා නීචට‍්ඨානියං උච‍්චෙ ඨානෙ ඨපෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති: “රාජා ඛො පබ‍්බජිතෙන සංසට‍්ඨො, සියානු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති. “ අයං භික‍්ඛවෙ ඡට‍්ඨො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
6. තව ද මහණෙනි, රජ යටතට නිසියකු උස්තැන තබයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසඟ වෙයි, පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි, මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සවන ආදීනව යි.
7. පුන චපරං භික‍්ඛවෙ රාජා උච‍්චට‍්ඨානීයං නීචෙ ඨානෙ ඨපෙති යෙසං තං අමනාපං තෙසං එවං හොති: “රාජා ඛො පබ‍්බජිතෙන සංසට‍්ඨො, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති”. අයං ඛො භික‍්ඛවෙ සත‍්තමො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
7. තව ද මහණෙනි, රජ උස්තැනට නිසියහු යටත් තැන තබන්නේ ය. යම් කෙනකුන්ට එය අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි සත්වන ආදීනව යි.
8. පුන චපරං භික‍්ඛවෙ රාජා අකාලෙ සෙනං උය්‍යොජෙති, යෙසං තං අමනාපං, තෙසං එවං හොති: “රාජා ඛො පබ‍්බජිතෙන සංසට‍්ඨො, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති. “ අයං භික‍්ඛවෙ අට‍්ඨමො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
8. තව ද මහණෙනි, රජ අකාලයෙහි සෙන් මෙහෙයයි. යම් කෙනකුට ඒ අමනාප වේ ද, ඔවුනට මෙසේ සිත් වෙයි: “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් වේ දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි අටවන ආදීනව යි.
9. පුන චපරං භික‍්ඛවෙ රාජා කාලෙ සෙනං උය්‍යොජෙත්‍වා අන‍්තරාමග‍්ගතො නිවත‍්තාපෙති, යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ‍්බජිතෙන සංසට‍්ඨො, සියා නු ඛො පබ‍්බජිතස‍්ස කම‍්මන‍්ති.” අයං භික‍්ඛවෙ නවමො ආදීනවො. රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
9. තව ද මහණෙනි, රජ නිසිකල සෙන් මෙහෙයා අතරමඟින් නවත්වා ලයි. යම් කෙනෙකුට ඒ අමනාප වේද ඔවුනට මෙසේ සිත් වෙයි. “රජ පැවිද්දහු හා සමග සසට වෙයි. පැවිද්දහුගේ කමෙක් දෝ හෝ”යි. මහණෙනි, මේ ඇතොරට වැදීමෙහි නවවන ආදීනව යි.
10. පුන චපරං භික‍්ඛවෙ රඤ‍්ඤො අන‍්තෙපුරං හත්‍ථිසම‍්මද‍්දං අස‍්සසම‍්මද‍්දං රථසම‍්මද‍්දං රජනීයානි රූප සද‍්ද ගන්‍ධරසඵොට‍්ඨබ‍්බානි යානි න පබ‍්බජිතසාරුප‍්පානි. අයං භික‍්ඛවෙ දසමො ආදීනවො රාජන‍්තෙපුරප‍්පවෙසනෙ.
10. තව ද මහණෙනි, රජුගේ ඇතොර හස්තිසම්මර්දය අශ්වසම්මර්දය රථසම්මර්දය වෙයි. පැවිද්දනට නොසරුප් යම් රූපාදීහු ඇද්ද රජනීය වූ ඒ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත. මහණෙනි, මෙ ඇතොරට වැදීමෙහි දසවන ආදීනව යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ දස ආදීනවා රාජන‍්තෙපුරප‍්පවෙසනෙති.
මහණෙනි, ඇතොරට වැදීමෙහි මේ දස ආදීනවයෝ යි.