කුසිනාරා සුත්තං
10. 1. 5. 4.
10. 1. 5. 4.
කුසිනාරා සුත්තං
කුසිනාරා සූත්‍රය
එකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණෙ වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරායෙහි බලිහරණ නම් වන ලැහැබ්හි වාසය කරනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
චොදකෙන භික්ඛවෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො කතමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං පච්චවෙක්ඛිතබ්බා:
මහණෙනි, මෙරමාහට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ප්රත්යවේක්ෂා කොට තමා කෙරෙහි කරුණු පසක් එළවා මෙරමා චෝදනා කළයුතු. කවර කරුණු පසෙක් තමා කෙරෙහි ප්රත්යවේක්ෂා කළයුතු වේ යැ යත්:
චොදකෙන භික්ඛවෙ භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: පරිසුද්ධකායසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො ති. නො චෙ භික්ඛු පරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධෙන කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති චත්තාරො “ඉඞ්ඝ තාව ආයස්මා කායිකං සික්ඛස්සූ”ති ඉතිස්ස භවන්ති වත්තාරො.
මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක භික්ෂුහු විසින් මෙසේ ප්රත්යවේක්ෂා කටයුතු: අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි වූ පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්වාගත වූයෙම් පරිශුද්ධ කායසමාචාර ඇතියෙම් දැයි, තෙල දහම මට විද්‍යාමාන වේ ද නො හොත් අවිද්යාමානවේදැයි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ කායසමාචාරයෙන් සමන්වාගත වූයේ පරිශුද්ධ කායසමාචාරය ඇතියේ නො වේද ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ම කායිකසමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙත්. මෙසේ ඔහට කියන්නාහු වෙත් මැයි.
පුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “පරිසුද්ධවචීසමාචාරො නු ඛොම්හි” පරිසුද්ධෙනම්හි වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නොති නො චෙ භික්ඛවෙ භික්ඛු පරිසුද්ධ වචීසමාචාරො හොති, පරිසුද්ධෙන වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති චත්තාරො, “ඉඞ්ඝ තාව ආයස්මා වාචසිකං සික්ඛස්සූ”ති. ඉතිස්ස භවන්ති වත්තාරො.
තවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්රත්යවේක්ෂා කටයුතු: “අච්ඡිද්‍ර වූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්වාගතයෙම් පරිශුද්ධ වාක්සමාචාර ඇතියෙම් ද, මට තෙල දහම විද්‍යාමාන වේ ද නැතහොත් අවිද්‍යාමාන වේදැ”යි. ඉදින් මහණ අච්ඡිද්‍රවූ ප්‍රත්‍යාමර්‍ශ නො කට හැකි පරිශුද්ධ වාක්සමාචාරයෙන් සමන්වාගත වූයේ පරිශුද්ධ වාක්සමාචාරය ඇතියේ නො වේ නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමුව වාක්සමාචාරයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති.
පුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “මෙත්තං නු ඛො මෙ චිත්තං පච්චුපට්ඨිතං සබ්රහ්මචාරීසු අනාඝාතං, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහු නො”ති. නො චෙ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං චිත්තං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු අනාඝාතං, තස්ස භවන්ති චත්තාරො, “ඉඞ්ඝ තාව ආයස්මා සබ්රහ්මචාරීසු මෙත්තං චිත්තං පච්චුපට්ඨපෙහී”ති. ඉතිස්ස භවන්ති වත්තාරො.
තවද මහණෙනි, පරහට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්රත්යවේක්ෂා කටයුතු: “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද මට තෙල දහම විද්‍යාමාන වේද නොහොත් අවිද්‍යාමාන වේ දැ”යි. ඉදින් මහණහුගේ ආඝාත විරහිත මෙත් සිත සබ්‍රම්සරුන් කෙරෙහි එළඹ නො සිටියේ නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව සබ්‍රම්සරුන් කෙරෙහි මෙත්සිත පිහිටුව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු වෙත්ම ය.
පුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං: “බහුස්සුතො නු ඛොම්හි සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො, උදාහුනො”ති. නො චෙ භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. තස්ස භවන්ති චත්තාරො: “ඉඞ්ඝ තාව ආයස්මා ආගමං පරියාපුණස්සූ”ති. ඉතිස්ස භවන්ති වත්තාරො,
තව ද මහණෙනි, අන්හට චෝදනා කරනු කැමැති චෝදක මහණහු විසින් මෙසේ ප්රත්යවේක්ෂා කටයුතු: “ශ්‍රැතධර වූයෙම් ශ්‍රැතසන්නිචය ඇතියෙම් බහුශ්‍රැතයෙම් ද සාර්ත්ථ සව්‍යඤ්ජන වූ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් ඒ ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම් මා විසින් එබඳු දහම්හු ධෘත වූවාහු බහුශ්‍රුත වෙත් ද, වචනයෙන් පරිචිත වෙත් ද, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත් ද ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් ද මට තෙල දහම විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණ ශ්‍රැතධර වූයේ, ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත නො වේ නම් සාර්ත්ථ සව්‍යඤ්ජන වූ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ පාරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් ඔහු විසින් එබඳු ධර්මයෝ ධෘත-බහුශ්‍රුත නො වෙත් නම් වචනයෙන් පරිචිත නො වෙත් නම් මනසින් අනුප්‍රේක්‍ෂිත නො වෙත් නම් දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ නො වෙත් නම් ඔහට “එසේ නම් ආයුෂ්මත් පළමු ව ආගමය පිරිවහව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙත්.
පුන චපරං භික්ඛවෙ චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං. “උභයානි නු ඛො මෙ පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති, සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො. උදාහු නො”ති. නො චෙ භික්ඛවෙ භික්ඛුනො උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. ඉදං පනායස්මා “කත්ථ වුත්තං භගවතා”ති ඉති පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති චත්තාරො: “ඉඞ්ඝ තාව ආයස්මා විනයං සික්ඛස්සූ”ති ඉතිස්ස භවන්ති වත්තාරො. ඉමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං පච්චවෙක්ඛිතබ්බා.
තව ද මහණෙනි, අනිකකුට චෝදනා කරනු කැමැති චෝදක මහණ විසින් මෙසේ ප්රත්යවේක්ෂා කටයුතු: “මට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුඛ්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත වෙත් ද මට තෙල දහම් විද්‍යාමාන ද නැත හොත් අවිද්‍යාමාන දැ”යි. ඉදින් මහණහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් සුවිනිශ්චිත වූවාහු විස්තර විසින් ස්වාගත නො වෙත් නම් “ආයුෂ්මත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොහි දෙසන ලද දැ”යි. මෙසේ පුළුවුස්නා ලදුයේ නො සපයා නම් ඔහට “ආයුෂ්මත් එසේ නම් පළමු ව විනයෙහි හික්මෙව”යි කියන්නාහු වෙති. ඔහට මෙසේ කියන්නාහු ම වෙති. මේ පඤ්ච ධර්මයෝ අධ්‍යාත්මයෙහි ප්රත්යවේක්ෂා කටයුතුවහ.
කතමෙ පඤ්චධම්මා අජ්ඣත්තං උපට්ඨපෙතබ්බා: කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන. මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරොති. ඉමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං උපට්ඨපෙතබ්බා.
කවර පඤ්ච ධර්ම කෙනෙක් අධාත්මයෙහි එළවිය යුතුවහ යත්: නො කල්හි නොව කල්හි ම කියනෙමි අභූතයෙන් නොව භූතයෙන් කියනෙමි. පරුෂයෙන් නොව මොළොකින් කියනෙමි. අනර්‍ත්‍ථසංහිත ව නොව අර්‍ත්‍ථසංහිත ව කියනෙමි. දුෂ්ට චිත්තයෙන් නොව මෙත්සිත් ඇතියෙම් කියනෙමි මේ පඤ්ච ධර්මයෝ අධ්‍යාත්මයෙහි එළවිය යුතු වෙත්.
චොදකෙන භික්ඛවෙ භික්ඛුනා ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා, ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බොති.
මහණෙනි, චෝදක මහණහු විසින් මෙ පස් දහම් තමා තුළ ප්රත්යවේක්ෂා කොට මේ පස් දහම් තමා තුළ එළවා පරා චෝදනා කටයුත්තේ යි.