පඨම විවාදමූල සුත්තං
10. 1. 5. 2.
10. 1. 5. 2.
පඨම විවාදමූල සුත්තං
ප්රථම විවාදමූල සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
කති නු ඛො භන්තෙ විවාදමූලානීති?
වහන්ස, විවාද මූලයෝ කෙතෙක් දැයි?
දස ඛො උපාලි විවාදමූලානි. කතමානි දස: ඉධූපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙන්ති. ධම්මං අධම්මොති දීපෙන්ති. අවිනයං විනයොති දීපෙන්ති. විනයං අවිනයොති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති. අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. ඉමානි ඛො උපාලි දස විවාදමූලානීති.
උපාලියෙනි, විවාදමූලයෝ දසයෙක. කවර දසයෙක යත්: උපාලි මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්ම යයි දක්වත්, ධර්මය අධර්ම යයි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිත යයි දක්වත්, තථාගතයන් විසින් භාෂිතය ලපිතය අභාෂිත ය අලපිත යයි දක්වත්. තථාගතයන් විසින් අනාචීර්ණය තථාගතයන් විසින් ආචීර්ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්ණය තථාගතයන් විසින් අනාචීර්ණ යයි දක්වත්, තථාගතයන් විසින් අප්රඥප්තය තථාගතයන් විසින් ප්රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්රඥප්තය තථාගතයන් විසින් අප්රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, මේ දස විවාදමූලයෝ යි.
10. 1. 5. 3.
10. 1. 5. 3.
දුතිය විවාදමූල සුත්තං
දුතිය විවාදමූල සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
කති නු ඛො භන්තෙ විවාදමූලානීති?
වහන්ස, විවාදමූල කෙතෙක් දැයි?
දස ඛො උපාලි විවාද මූලානි. කතමානි දස? ඉධූපාලි භික්ඛු අනාපත්තිං ආපත්තීති දීපෙන්ති. ආපත්තිං අනාපත්තීති දීපෙන්ති. ලහුකං ආපත්තිං ගරුකං ආපත්තීති දීපෙන්ති. ගරුකං ආපත්තිං ලහුකං ආපත්තීති දීපෙන්ති. දුට්ඨුල්ලං අපත්තිං අදුට්ඨුල්ලා අප්පත්තීති දීපෙන්ති. අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලාපත්තීති දීපෙන්ති. සාවසෙසං ආපත්තිං අනවසෙසා ආපත්තීති දීපෙන්ති. අනවසෙසං ආපත්තිං සාවසෙසාපත්තීති දීපෙන්ති. සප්පටිකම්මං ආපත්තිං අප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති. අප්පටිකම්මං ආපත්තිං සප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති. ඉමානි ඛො උපාලි දස විවාදමූලානීති:
උපාලියෙනි, විවාදමූල දසයෙකි. කවර දසයෙක යත්: උපාලියෙනි, මෙසස්නෙහි භික්ෂූහු අනාපත්තිය ආපත්ති යයි දක්වත්, ආපත්තිය අනාපත්ති යයි දක්වත්, ලහුකාපත්තිය ගරුකාපත්ති යයි දක්වත්, ගරුකාපත්තිය ලහුකාපත්ති යයි දක්වත්, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්, සාවසේසාපත්තිය අනවසේසාපත්ති යයි දක්වත්, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යයි දක්වත්, සප්පටිකම්මාපත්තිය අප්පටිකම්මාපත්තිය යයි දක්වත්, අප්පටිකම්මාපත්තිය සප්පටිකම්මාපත්තිය යයි දක්වත්, උපාලියෙනි, මේ දසවිවාදමූල යි.