යෙදුමෙන් කියවන්න

විවාද සුත‍්තං

10. 1. 5. 1.

10. 1. 5. 1.

විවාද සුත‍්තං

විවාද සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්නිදාන යි]

අථ ඛො ආයස‍්මා උපාලි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා උපාලි භගවන‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

“කො නු ඛො භන‍්තෙ හෙතු, කො පච‍්චයො යෙන සඞ‍්ඝෙ භණ‍්ඩනකලහවිග‍්ගහවිවාදා උප‍්පජ‍්ජන‍්ති භික‍්ඛු ච න ඵාසු විහරන‍්තී”ති?

වහන්ස, යම් හෙයෙකින් සඞ්ඝයාගේ භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම් භික්‍ෂූහු ද පහසු සේ නො වෙසෙත් නම් ඒ හේතු කවර, ඒ ප්‍රත්‍යය කවරැ? යි.

ඉධූපාලි භික‍්ඛු අධම‍්මං ධම‍්මොති දීපෙන‍්ති, ධම‍්මං අධම‍්මොති දීපෙන‍්ති, අවිනයං විනයොති දීපෙන‍්ති, විනයං අවිනයොති දීපෙන‍්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන‍්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන‍්ති, අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති, ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති, අපඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති, පඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති. අයං ඛො උපාලි හෙතු අයං පච‍්චයො යෙන සඞ‍්ඝෙ භණ‍්ඩන කලහ විග‍්ගහ විවාදා උප‍්පජ‍්ජන‍්ති, භික‍්ඛු ච න ඵාසු විහරන‍්තී ති.

උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්, ධර්‍මය අධර්‍මයයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිත ය ලපිත යයි දක්වත්, භාග්‍යවතුන් වහන්සේ විසින් භාෂිතය ලපිතය තථාගතයන් විසින් අභාෂිත ය අලපිත යයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්‍ණය තථාගතයන් විසින් ආචීර්‍ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්‍ණය තථාගතයන් විසින් අනාචිර්‍ණයයි දක්වති, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, යම් හෙයෙකින් සඞ්ඝයා කෙරෙහි භණ්ඩන කලහ විග්‍රහ විවාදයෝ උපදනාහු නම්, භික්‍ෂුහු ද පහසු සේ නො වෙසෙත් නම් මේ ඒ හේතු ය, මේ ඒ ප්‍රත්‍යය යි.