දුතියආනන්ද සුත්තං
10. 1. 4. 10.
10. 1. 4. 10.
දුතියආනන්ද සුත්තං
ද්විතීය ආනන්ද සූත්රය
[සාවත්ථි]
[සැවැත්]
සඞ්ඝසාමග්ගි සඞ්ඝසාමග්ගීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො සමග්ගො හොතී ති?
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගිය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ දැයි?
ඉධානන්ද භික්ඛු අධම්මං අධම්මොති දීපෙන්ති. ධම්මං ධම්මොති දීපෙන්ති. අවිනයං අවිනයොති දීපෙන්ති, විනයං විනයොති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති. භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති. අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති. ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි න අවකස්සන්ති, න වවකස්සන්ති න ආවෙනිකකම්මානි කරොන්ති. න ආවෙනිපාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො ආනන්ද සඞ්ඝො සමග්ගො හොතීති.
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය අධර්මයයි දක්වති, ධර්මය ධර්මය යි දක්වත්, අවිනය අවිනයයි දක්වති, විනය විනයයි දක්වති, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතය යි දක්වති, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතය යි දක්වති, තථාගතයන් විසින් අනාචීර්ණය තථාගතයන් විසින් අනාචීර්ණය යි දක්වත්, තථාගතයන් විසින් ආචීර්ණය තථාගතයන් විසින් ආචීර්ණය යි දක්වති, තථාගතයන් විසින් අප්රඥප්තය තථාගතයන් විසින් අප්රඥප්තය යි දක්වති, තථාගතයන් විසින් ප්රඥප්තය තථාගතයන් විසින් ප්රඥප්තය යි දක්වති. ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිති, අත්යර්ත්ථයෙන් නො ඇද ගනිත්, ආවෙනි කර්ම නො කෙරෙති, ආවෙනි ප්රාතිමෝක්ෂය නො උදෙසත් යි. ආනන්දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ යයි.
භින්නං පන භන්තෙ සඞ්ඝං සමග්ගං කත්වා කිං සො පසවතී ති?
වහන්ස, බුන් සඟහු සමග කොට හේ කුමක් ප්රසව කෙරේ දැයි?
බ්රහ්මං ආනන්ද පුඤ්ඤං පසවතීති.
ආනන්දයෙනි, බ්රහ්ම පුණ්යය ප්රසව කෙරේ යයි.
කිං පන භන්තෙ බ්රහ්මං පුඤ්ඤන්ති?
වහන්ස, බ්රහ්ම පුණ්යය කවර?
කප්පං ආනන්ද සග්ගම්හි මොදතීති.
ආනන්දයෙනි, ආයුෂ්කල්පයක් ස්වර්ගයෙහි සතුටු වෙයි.
1. සුඛා සඞ්ඝස්ස සාමග්ගි සමග්ගානඤ්ච අනුග්ගහො සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති සඞ්ඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මොදතීති.
1. සඟුන්ගේ සමගිය සුවැතියේ වෙයි. සමග සඟුන්ගේ අනුග්රහය ද සුවැතියේ ය. සමගියෙහි ඇලුනේ ධර්මස්ථ වූයේ යෝග ක්ෂේමයෙන් නො පිරිහෙයි. සඟුන් සමග කොට කපක් සගෙහි ප්රමොදිතවේ යයි.
උපාලිවග්ගො චතුත්ථො.
සතර වැනි උපාලි වර්ග යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
උපාලිට්ඨපන උබ්බාහො - උපසම්පද නිස්සයෙන ච සාමණෙරො ච ද්වෙ භෙදා ආනන්දෙහි පරෙ දුවෙති.
උපාලි සූත්රය, පාතිමොක්ඛට්ඨපන සූත්රය, උබ්බාහිකා සූත්රය, උපසම්පදා සූත්රය, නිස්සය සූත්රය, සාමණේර සූත්රය, සඞ්ඝ භේද සූත්රය, සඞ්ඝ සාමග්ගි සූත්රය, ආනන්ද සූත්ර දෙක දැයි මේ වර්ගයෙහි සූත්ර දශයෙකි.