පඨමආනන්ද සුත්තං
10. 1. 4. 9.
10. 1. 4. 9.
පඨමආනන්ද සුත්තං
ප්‍රථම ආනන්ද සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
සඞ්ඝ භෙදො සඞ්ඝභෙදොති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො භින්නො හොතී ති.
වහන්ස, සඞ්ඝ භේදය, සඞ්ඝ භේදය යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ දැයි?
ඉධානන්ද භික්ඛු අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනා ති දීපෙන්ති ආචිණ්ණං, තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනා’ති දීපෙන්ති. අප්පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතෙන අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි අවකස්සන්ති, වවකස්සන්ති, ආවෙනිකම්මානි කරොන්ති, ආවෙනි පාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො ආනන්ද සඞ්ඝො භින්නො හොති ති.
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්මය යි දක්වත්. ධර්මය අධර්මය යි දක්වත්, අවිනය විනය යි දක්වත්, විනය අවිනය යි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්ණය තථාගතයන් විසින් ආචීර්‍ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්ණය තථාගතයන් විසින් අනාචීර්ණය යයි දක්වත්, තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්රඥප්තයයි දක්වත්, තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්රඥප්තයයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, ආවෙනි කර්ම කෙරෙත්, ආවෙනි ප්රාතිමෝක්ෂය උදෙසත්, ආනන්දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ භේදය වේ.
සමග්ගං පන භන්තෙ සඞ්ඝං භින්දිත්වා කිං සො පසවතී ති?
වහන්ස, සමග සඞ්ඝයා බිඳුවා හේ කුමක් ප්‍රසව කෙරේ දැයි?
කප්පට්ඨියං ආනන්ද කිබ්බිසං පසවතීති.
ආනන්දයෙනි, සමග සඞ්ඝයා බිඳුවා හේ කල්පස්ථායී පාපවිපාකය ප්‍රසව කෙරෙයි.
කිං පන භන්තෙ කප්පට්ඨියං කිබ්බිසන්ති?
වහන්ස, කල්පස්ථායී කිල්විෂය නම් කවර?
කප්පං ආනන්ද නිරයම්හි පච්චතීති.
ආනන්දයෙනි, ආයුෂ්කල්පයක් නිරෑහි පැසේ යයි.
1. ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො වග්ගරතො අධම්මට්ඨො - යොගක්ඛෙමාපධංසති සඞ්ඝං සමග්ගං භෙත්වාන - කප්පං නිරයම්හි පච්චතීති.
1. අධර්මයෙහි සිටුනා භේදයෙහි ඇලුණු අපායට යන සුලු නිරයෙහි උපදනා කල්පස්ථායී සඞ්ඝ භේදකයා යෝගක්ෂේම සංඛ්‍යාත අර්හත්වයෙන් පිරිහෙයි. සමග සඟුන් කපක් නිරෑහි පැසේ යයි.