සඞ්ඝභෙද සුත්තං
10. 1. 4. 7.
10. 1. 4. 7.
සඞ්ඝභෙද සුත්තං
සඞ්ඝභේද සූත්රය
[සාවත්ථි]
[සැවැත්]
සඞ්ඝභෙදො සඞ්ඝභෙදොති භන්තෙ වුච්චති. කිත්තාවතා නුඛො භන්තෙ සඞ්ඝො භින්නො හොතීති?
වහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.
ඉධූපාලි භික්ඛු අධම්මං “ධම්මො’ ති දීපෙන්ති, ධම්මං ‘අධම්මො’ ති දීපෙන්ති, අවිනයං ‘විනයො’ති දීපෙන්ති, විනයං අවිනයො’ ති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන’භාසිතං ලපිතං තථාගතෙනා’ති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන ‘අභාසිතං අලපිතං තථාගතෙනා’ති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන ‘ආචිණ්ණං තථාගතෙනා’ති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනා’ති දීපෙන්ති, අප්පඤ්ඤත්තං තථාගතෙන ‘පඤ්ඤත්තං තථාගතෙනා’ති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන, අප්පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි අවකස්සන්ති, වවකස්සන්ති, ආවෙනි කම්මානි කරොන්ති, ආවෙනි පාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො භින්නො හොතී ති.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්මයයි දක්වත්. ධර්මය ‘අධර්ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්ණය තථාගත විසින් ආචීර්ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්යර්ත්ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.
10. 1. 4. 8.
10. 1. 4. 8.
සඞ්ඝසාමග්ගි සුත්තං
සඞ්ඝ සාමග්ගී සූත්රය
[සාවත්ථි]
[සැවැත්]
සඞ්ඝසාමග්ගි සඞ්ඝසාමග්ගීති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සඞ්ඝො සමග්ගො හොතී ති:
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගි යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ දැයි?
ඉධූපාලි භික්ඛු අධම්මං අධම්මොති දීපෙන්ති, ධම්මං ධම්මො ති දීපෙන්ති, අවිනයං අවිනයොති දීපෙන්ති. විනයං විනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති, අනාචිණ්ණං තථාගතෙන අනාචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, ආචිණ්ණං තථාගතෙන ආචිණ්ණං තථාගතෙනාති දීපෙන්ති, අපඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤත්තං තථාගතෙනා ති දීපෙන්ති, පඤ්ඤත්තං තථාගතෙන පඤ්ඤත්තං තථාගතෙනාති දීපෙන්ති. තෙ ඉමෙහි දසහි වත්ථූහි න අවකස්සන්ති, න වවකස්සන්ති, න ආවෙනිකම්මානි කරොන්ති, න ආවෙනිපාතිමොක්ඛං උද්දිසන්ති. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො සමග්ගො හොතී ති.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය අධර්ම යයි දක්වත්. ධර්මය ධර්මයයි දක්වත්, අවිනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිත අලපිතයයි දක්වත්, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතයයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්ණය තථාගතයන් විසින් අනාචීර්ණයයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්ණය තථාගතයන් විසින් ආචීර්ණයයි දක්වත්, තථාගතයන් විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිත්, අත්යර්ත්ථයෙන් නො ඇද ගනිත්, වෙන්ව කර්ම නො කෙරෙත්, වෙන්ව ප්රාතිමෝක්ෂය නො උදෙසත්, උපාලියෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝ සාමග්ගිය වේ.