4. උපාලිවග්ගො අට්ඨකථා
4. උපාලි වර්ගය
1. උපාලි සුත්තවණ්ණනා
1. උපාලි සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස පඨමෙ සඞ්ඝසුට්ඨුතායාතිආදීසු සඞ්ඝසුට්ඨුතා නාම සඞ්ඝස්ස සුට්ඨුභාවො, “සුට්ඨු දෙවා”ති ආගතට්ඨානෙ විය “සුට්ඨු, භන්තෙ”ති වචනසම්පටිච්ඡනභාවො. යො ච තථාගතස්ස වචනං සම්පටිච්ඡති, තස්ස තං දීඝරත්තං හිතාය සුඛාය සංවත්තති. තස්මා සඞ්ඝස්ස “සුට්ඨු, භන්තෙ”ති වචනසම්පටිච්ඡනත්ථං පඤ්ඤත්තං, අසම්පටිච්ඡනෙ ආදීනවං, සම්පටිච්ඡනෙ ආනිසංසං දස්සෙත්වා, න බලක්කාරෙන අභිභවිත්වාති එතමත්ථං ආවිකරොන්තො ආහ – සඞ්ඝසුට්ඨුතායාති. සඞ්ඝඵාසුතායාති සඞ්ඝස්ස ඵාසුභාවාය, සහජීවිතාය සුඛවිහාරත්ථායාති අත්ථො.
සතරවැනි වර්ගයෙහි සඞ්ඝසුට්ඨුතාය යනාදියෙහි සංඝයාගේ විශිෂ්ටභාවයයි, “සුට්ඨුදෙව”යි ආතැන්හි මෙන් මැනවි ස්වාමීනියි වචන පිළිගන්නා බවයි, යමෙක් තථාගතයන් වහන්සේගේ වචනය පිළිගනියිද ඔහුට එය දිගුකලක් හිත සුව පිණිස පවතියි. එහෙයින් සඞ්ඝයාගේ “මැනවි ස්වාමීනි”යි වචන පිළිගැනීම සඳහා පනවන ලදි. නොපිළිගැනීමෙහි ආදීනවයත් පිළිගැනීමෙහි ආනිශංසයත් දක්වා බලාත්කාරයෙන් යටපත් නොකොටය යන මෙකරුණ පැහැදිලි කරමින් “සඞ්ඝසුට්ඨුතාය”යි පැවසූ සේක. සඞ්ඝඵාසුතාය යනු සඞ්ඝයාගේ පහසුබව සඳහායි, යහපත් පැවැත්ම සඳහා සුවපහසු විසිම සඳහාය යන අරුත්ය.
දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහායාති දුම්මඞ්කූනාම දුස්සීලපුග්ගලා, යෙ මඞ්කුතං ආපාදියමානාපි දුක්ඛෙන ආපජ්ජන්ති, වීතික්කමං කරොන්තා වා කත්වා වා න ලජ්ජන්ති, තෙසං නිග්ගහත්ථාය. තෙ හි සික්ඛාපදෙ අසති “කිං තුම්හෙහි දිට්ඨං, කිං සුතං, කිං අම්හෙහි කතං, කතමස්මිං වත්ථුස්මිං කතමං ආපත්තිං රොපෙත්වා අම්හෙ නිග්ගණ්හථා”ති සඞ්ඝං විහෙඨෙය්යුං. සික්ඛාපදෙ පන සති තෙ සඞ්ඝො සික්ඛාපදං දස්සෙත්වා සහ ධම්මෙන නිග්ගහෙස්සති. තෙන වුත්තං – “දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහායා”ති.
දුම්මඞ්කුනං පුග්ගලානං නිග්ගහාය යනු දුම්මඞ්කු නම් දුසිල් පුද්ගලයෝයි. යමෙක් මඞ්කුභාවයට - දුසිල් බවට පැමිණෙන්නාහු දුකසේ පැමිණෙත්. (ශික්ෂාපද) ඉක්මවීමක් කරන්නාහු හෝ ලජ්ජා නොවෙත්, ඔවුනට නිගා කරනු සඳහායි. ඔවුහු ශික්ෂාපදය නොමැති විට නුඹලා විසින් කුමක් දක්නා ලද්දේ ද? කුමක් අසන ලද්දේ ද, අප විසින් කුමක් කරන ලද්දේ ද? කවර වස්තුවක කවර ඇවතක් ආරොපනය කොට නිග්‍රහ කරන්නහුදැයි සඞ්ඝයා වෙහෙසවන්නාහුය. ශික්ෂාපදය ඇතිවිට සඞ්ඝයා ශික්ෂාපදය පෙන්වා ඔවුනට ධර්මානුකූලව නිගා කරන්නේය. එහෙයින් දුම්මඞ්කුනං පුග්ගලානං නිග්ගහා යයි කියනලදි.
පෙසලානන්ති පියසීලානං භික්ඛූනං ඵාසුවිහාරත්ථාය. පියසීලා හි භික්ඛූ කත්තබ්බාකත්තබ්බං සාවජ්ජානවජ්ජං වෙලං මරියාදඤ්ච අජානන්තා සික්ඛාත්තයපාරිපූරියා ඝටමානා කිලමන්ති, තෙ පන සාවජ්ජානවජ්ජං වෙලං මරියාදඤ්ච ඤත්වා සික්ඛාපාරිපූරියා ඝටමානා න කිලමන්ති. තෙන තෙසං සික්ඛාපදපඤ්ඤාපනං ඵාසුවිහාරාය සංවත්තතියෙව. යො වා දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහො, ස්වෙව තෙසං ඵාසුවිහාරො. දුස්සීලපුග්ගලෙ නිස්සාය හි උපොසථප්පවාරණා න තිට්ඨන්ති, සඞ්ඝකම්මානි නප්පවත්තන්ති, සාමග්ගී න හොති, භික්ඛූ අනෙකග්ගා උද්දෙසාදීසු අනුයුඤ්ජිතුං න සක්කොන්ති. දුස්සීලෙසු පන නිග්ගහිතෙසු සබ්බොපි අයං උපද්දවො න හොති, තතො පෙසලා භික්ඛූ ඵාසු විහරන්ති. එවං “පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරායා”ති එත්ථ ද්විධා අත්ථො වෙදිතබ්බො.
පෙසලානං යනු ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු පැවැත්ම සඳහාය. ප්‍රියශීලී භික්ෂූහු කළයුතු නොකළයුතු දෙය, වැරැද්ද සහ නිවැරැද්ද ඉම සහ කොන නොදන්නාහු ශික්ෂාත්රය සපිරීමෙහි ගැටෙමින් වෙහෙසෙති. ඔවුහු වැරැද්ද නිවැරැද්ද ද ඉම හා සීමාව ද දැන ශික්ෂා සපිරීමෙහි ගැටෙමින් නොවෙහෙසෙති. එහෙයින් ඔවුනට සිකපද පැනවීම පහසු විහරණය සඳහා පවතියි. දුසිල් මහණුන්ට යම් නිග්‍රහයක් වේද එයම ඔවුන්ගේ පහසුවිහරණයයි. දුසිල් පුගුලන් නිසා උපොසථ පවාරණයෝ අක්රියවෙත්. සඞ්ඝකර්‍ම නොපවතියි. සමගිය නොවෙයි, භික්ෂුහු එකඟ නොවූවාහු උදෙසීම් ආදියෙහි යෙදීමට නොහැකි වෙත්. දුසිලුන් නිග්‍රහ ලද විට මේ සියලුම උවදුරු නැති වෙයි. එයින් ප්‍රියශීලී භික්ෂූහු පහසුවෙත් වසත්. එහෙයින් “පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය” යි කියන ලදි.
දිට්ඨධම්මිකානං ආසවානං සංවරායාති දිට්ඨධම්මිකා ආසවා නාම අසංවරෙ ඨිතෙන තස්මිංයෙව අත්තභාවෙ පත්තබ්බා පාණිප්පහාරදණ්ඩප්පහාරසත්ථප්පහාරහත්ථච්ඡෙදපාදච්ඡෙදඅකිත්තිඅයසවිප්පටිසාරාදයො දුක්ඛවිසෙසො, තෙසං සංවරාය පිදහනාය ආගමනමග්ගථකනායාති අත්ථො. සම්පරායිකානන්ති සම්පරායිකා ආසවා නාම අසංවරෙ ඨිතෙන කතපාපකම්මමූලකා සම්පරායෙ නරකාදීසු පත්තබ්බා දුක්ඛවිසෙසා, තෙසං පටිඝාතත්ථාය වූපසමත්ථාය.
දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය යනු දිට්ඨධම්මික ආසවයෝ නම් අසංවරයෙහි සිටි තැනැත්තා විසින් ඒ අත්බැව්හිම පැමිණිය යුතු අතුල් පහර මුගුරු පහර අවිපහර අත්සිඳීමි පාසිඳීම් අපකීර්තිය, අයස විපිළිසරවීම ආදියයි. මොවුන්ගේ සංවරය සඳහා වැසීම සඳහා එනමග ඇහිරීම සඳහායි අරුත්ය, සම්පරායිකානං යනු සම්පරායික ආසව නම් අසංවරයෙහි සිටියහු විසින් කළ පව් මුල් කොට ඇති පරලොවදී නාරකාදියෙහි පැමිණිය යුතු දුක් වෙසෙසයි. ඒවා දුරුකිරීම සඳහායි,
අප්පසන්නානන්ති සික්ඛාපදපඤ්ඤත්තියා හි සති සික්ඛාපදපඤ්ඤත්තිං ඤත්වා වා, යථාපඤ්ඤත්තං පටිපජ්ජමානෙ භික්ඛූ දිස්වා වා, යෙපි අප්පසන්නා පණ්ඩිතමනුස්සා, තෙ “යානි වත ලොකෙ මහාජනස්ස රජ්ජනදුස්සනමුය්හනට්ඨානානි, තෙහි ඉමෙ සමණා ආරකා විරතා විහරන්ති, දුක්කරං වත කරොන්තී”ති පසාදං ආපජ්ජන්ති විනයපිටකපොත්ථකං දිස්වා මිච්ඡාදිට්ඨිකතවෙදිබ්රාහ්මණා විය. තෙන වුත්තං – “අප්පසන්නානං පසාදායා”ති.
අප්පසන්නානං යනු ශික්ෂාපද පැනවීම ඇති කල්හි ශික්ෂා ප්රඥප්තිය දැන පැන වූ දෙයට අනුව පිළිපදන්නා වූ භික්ෂූන් දැක නොපහන් වූ බුද්ධිමත් මිනිස්සු, ලොව මහජනයා ඇලුම්කරන දූෂණය කරවන මුළාවට පමණුවන යම් කරුණුවෙයිද මොවුහු ඒවායෙන් වෙන්ව ඈත්ව වෙසෙති, මොවුහු අමාරු දෙයක් කරතියි පැහැදීමට පැමිණෙත්. විනය පිටකයෙහි පොතදැක මිථ්‍යාදෘෂ්ටික ත්රිවේදී බමුණන් මෙනි. එහෙයින් “අප්පසන්නානං පසාදාය” යි කියන ලදි.
පසන්නානන්ති යෙපි සාසනෙ පසන්නා කුලපුත්තා, තෙපි සික්ඛාපදපඤ්ඤත්තිං වා ඤත්වා, යථාපඤ්ඤත්තං පටිපජ්ජමානෙ භික්ඛූ වා දිස්වා “අහො අය්යා දුක්කරං කරොන්ති, යෙ යාවජීවං එකභත්තා විනයසංවරං පාලෙන්තී”ති භිය්යො භිය්යො පසීදන්ති. තෙන වුත්තං – “පසන්නානං භිය්යොභාවායා”ති.
පසන්නානං යනු සසුනෙහි පැහැදුනු යම් කුලපුත්‍රයෝ වෙත්ද ඔවුහු ද ශික්ෂා ප්රඥප්තිය හෝ පැනවීමට අනුව පිළිපදින්නා වූ භික්ෂූන් දැක පුදුමයකි, ආර්‍ය්‍යවරු දිවි ඇතිතෙක් තිනිවේලේ අහර ඇතිව විනය සංවරයෙන් පාලනය වෙමින් අමාරු දෙයක් කරතියි වඩවඩාත් පැහැදෙත්. එහෙයින් “පසන්නානං භිය්යොභාවාය” යනුවෙන් කියන ලදි.
සද්ධම්මට්ඨිතියාති තිවිධො සද්ධම්මො පරියත්තිසද්ධම්මො පටිපත්තිසද්ධම්මො අධිගමසද්ධම්මොති. තත්ථ සකලම්පි බුද්ධවචනං පරියත්තිසද්ධම්මො නාම. තෙරස ධුතගුණා චාරිත්තවාරිත්තසීලසමාධිවිපස්සනාති අයං පටිපත්තිසද්ධම්මො නාම. නවලොකුත්තරධම්මො අධිගමසද්ධම්මො නාම. සො සබ්බොපි යස්මා සික්ඛාපදපඤ්ඤත්තියා සති භික්ඛූ සික්ඛාපදඤ්ච තස්ස විභඞ්ගඤ්ච තදත්ථජොතනත්ථං අඤ්ඤඤ්ච බුද්ධවචනං පරියාපුණන්ති, යථාපඤ්ඤත්තඤ්ච පටිපජ්ජමානා පටිපත්තිං පූරෙත්වා පටිපත්තියා අධිගන්තබ්බං ලොකුත්තරධම්මං අධිගච්ඡන්ති, තස්මා සික්ඛාපදපඤ්ඤත්තියා සද්ධම්මො චිරට්ඨිතිකො හොති. තෙන වුත්තං – “සද්ධම්මට්ඨිතියා”ති.
සද්ධම්මට්ඨිතියා යනු සද්ධර්මය ත්‍රිවිධය. පරියාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, හා ප්‍රතිවෙධ සද්ධර්මය යනුවෙනි. එහි සියලුම බුද්ධවචනය පර්‍ය්‍යාප්ති සද්ධර්මය නමි. තෙළෙස්ධුතගුණ සිරිත්, සීල සමාධි විදර්ශනා යන මෙය ප්‍රතිපත්ති සද්ධර්මයයි නමි, නවලොවුතුරා දහම අධිගම (ප්‍රතිවෙධ) සද්ධර්මය නමි. ඒ සියල්ලම ශික්ෂාපද පැනවීම ඇති කල්හි භික්ෂූහු ශික්ෂාපදය ද එහි විභාගය ද එහි අර්ත්ථ බැබලවීම සඳහා අනෙක් බුද්ධ වචනය ද හදාරත්. පනවන ලද්දට අනුව පිළිපදිමින් පිළිවෙත් පුරා අවබෝධ කටයුතු ලොවුතුරු දහම අවබෝධ කරත්. එහෙයින් ශික්ෂාපද පැනවීමෙන් සදහම් බොහෝකලක් පවතින්නේ වේ. එහෙයින් “සද්ධම්මට්ඨිතියා” යි කියන ලදි.
විනයානුග්ගහායාති සික්ඛාපදපඤ්ඤත්තියා සති සංවරවිනයො, පහානවිනයො, සමථවිනයො, පඤ්ඤත්තිවිනයොති චතුබ්බිධො විනයො අනුග්ගහිතො හොති සූපත්ථම්භිතො. තෙන වුත්තං – “විනයානුග්ගහායා”ති.
විනයානුග්ගහාය යනු ශික්ෂාපද පැනවීම ඇති කල්හි සංවරවිනය, පහානවිනය, සමථවිනය, පඤ්ඤත්තිවිනය යන සිවුවැදෑරුම් විනය අනුග්‍රහ කරන ලද්දේ වෙයි. තහවුරු කරන ලද්දේ මනාව තහවුරු කරන ලද්දේය. එහෙයින් “විනයානුග්ගහාය”යි කියන ලදි.
2. පාතිමොක්ඛට්ඨපන සුත්තවණ්ණනා
2. පාතිමොක්ඛට්ඨපන සූත්‍ර වර්ණනාව
දුතියෙ පාරාජිකොති පාරාජිකාපත්තිං ආපන්නො. පාරාජිකකථා විප්පකතා හොතීති “අසුකපුග්ගලො පාරාජිකං ආපන්නො නු ඛො නො”ති එවං කථා ආරභිත්වා අනිට්ඨාපිතා හොති. එස නයො සබ්බත්ථ.
දෙවැන්නෙහි පාරාජිකො යනු පරිජිඇවැතට පැමිණියේයි, පාරාජිකකථා විප්පකතා හොති යනු අසුවල් පුද්ගලයා පාරාජිකයට පැමිණියේ නොවේදැයි මෙසේ කථාව පටන්ගෙන නොනිමවන ලද්දේ වෙයි. සියලු තැන්හි මේ ක්‍රමයයි.
3. උබ්බාහිකා සුත්තවණ්ණනා
3. උබ්බාහිකා සූත්‍ර වර්ණනාව
තතියෙ උබ්බාහිකායාති සම්පත්තඅධිකරණං වූපසමෙතුං සඞ්ඝතො උබ්බාහිත්වා උද්ධරිත්වා ගහණත්ථාය. විනයෙ ඛො පන ඨිතො හොතීති විනයලක්ඛණෙ පතිට්ඨිතො හොති. අසංහීරොති න අඤ්ඤස්ස වචනමත්තෙනෙව අත්තනො ලද්ධිං විස්සජ්ජෙති. පටිබලොති කායබලෙනපි ඤාණබලෙනපි සමන්නාගතො. සඤ්ඤාපෙතුන්ති ජානාපෙතුං. පඤ්ඤාපෙතුන්ති සම්පජානාපෙතුං. නිජ්ඣාපෙතුන්ති ඔලොකාපෙතුං. පෙක්ඛතුන්ති පස්සාපෙතුං. පසාදෙතුන්ති සඤ්ජාතපසාදං කාතුං. අධිකරණන්ති විවාදාධිකරණාදිචතුබ්බිධං. අධිකරණසමුදයන්ති විවාදමූලාදිකං අධිකරණකාරකං. අධිකරණනිරොධන්ති අධිකරණානං වූපසමං. අධිකරණනිරොධගාමිනිං පටිපදන්ති සත්තවිධඅධිකරණසමථං.
තෙවැන්නෙහි උබ්බාහිකාය යනු පැමිණි අධිකරණය සංසිඳවීමට සංඝයා කෙරෙන් ඉවත්කොට උදුරායි, විනයෙ ඛො පන ඨිතො හොති යනු විනය ලක්ෂණයෙහි පිහිටියේ වෙයි. අසංහීරො යනු නොහික්මුණු වචන මාත්‍රයෙන් තමන්ගේ ලබ්ධිය (පිළිගැනීම) අත් නොහරියි. පටිබලො යනු ශරීර ශක්තියෙන් ද ඥාන ශක්තියෙන් ද යුක්ත වූයේයි, අඤ්ඤාපෙතුං යනු දැන්වීමටයි, සඤ්ඤාපෙතුං යනු මනාව දැන්වීමටයි, නිජ්ඣාපෙතුං යනු බැලවීමටයි, පසාදෙතුං යනු ප්‍රසාදය හටගැන්වීමටයි, අධිකරණං යනු විවාදාධිකරණය ආදී සතරාකාරයයි, අධිකරණනිරොධං යනු අධිකරණය සංසිඳීමයි, අධිකරණනිරොධගාමිණි පටිපදං යනු සවැදෑරුම් අධිකරණ සමථයයි,
4. උපසම්පදා සුත්තවණ්ණනා
4. උපසම්පදා සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අනභිරතින්ති උක්කණ්ඨිතභාවං. වූපකාසෙතුන්ති විනෙතුං. අධිසීලෙති උත්තමසීලෙ. චිත්තපඤ්ඤාසුපි එසෙව නයො.
සිවුවැන්නෙහි අනභිරතිං යනු උකටලීබවයි, වූපකාසෙතුං යනු දුරුකිරීමටයි, අධිසීලෙ යනු උතුම් ශීලයෙහියි, චිත්ත පඤ්ඤාවන්හි ද මේ ක්‍රමයමයි.
7. සඞ්ඝභෙද සුත්තවණ්ණනා
7. සඞ්ඝභෙද සූත්‍ර වර්ණනාව
සත්තමෙ වත්ථූහීති කාරණෙහි. අවකස්සන්තීති පරිසං ආකඩ්ඪන්ති විජටෙන්ති එකමන්තං උස්සාරෙන්ති. අපකස්සන්තීති අතිවිය ආකඩ්ඪන්ති, යථා විසංසට්ඨා හොන්ති, එවං කරොන්ති. ආවෙනි කම්මානි කරොන්තීති විසුං සඞ්ඝකම්මානි කරොන්ති.
සත්වැන්නෙහි වත්ථුහි යනු කාරණයන්ගෙනි, අවකස්සන්ති යනු පිරිස අදිත්, වෙන්කරත්. එකත්පසෙකට ඔසවා දමති, වවකස්සන්ති තදින් අදිත්, යම්සේ වෙන් වූවාහු වෙත්ද එසේ කරත්. ආවෙනිකම්මානි කරොන්ති යනු වෙන්ව සංඝකර්ම කරත්.
9. පඨමආනන්ද සුත්තවණ්ණනා
9. ප්‍රථම ආනන්ද සූත්‍ර වර්ණනාව
නවමෙ කප්පට්ඨිකන්ති ආයුකප්පං නිරයම්හි ඨිතිකාරණං. කිබ්බිසං පසවතීති පාපං පටිලභති. ආපායිකොති අපායගමනීයො. නෙරයිකොති නිරයෙ නිබ්බත්තනකො. වග්ගරතොති භෙදරතො. යොගක්ඛෙමා පධංසතීති යොගෙහි ඛෙමතො අරහත්තතො ධංසති විගච්ඡති.
නවවැන්නෙහි කපපට්ඨියං යනු ආයුෂ් කල්පයයි, කිබ්බිසං පසවති යනු පාපවිපාකය ලබයි, ආපායිකො යනු අපායට යායුතු වූයි, නෙරයිකො යනු නිරයෙහි උපදින තැනැත්තායි, වග්ගරතො යනු භේදයෙහි ඇළුනේයි, යොගක්ඛෙමතො ධංසති යනු යෝගක්ෂෙමයෙන් රහත්බවින් ගිලිහෙයි, ඉවතට යයි.
10. දුතියආනන්ද සුත්තවණ්ණනා
10. ද්විතීය ආනන්ද සූත්‍ර වර්ණනාව
දසමෙ අනුග්ගහොති අඤ්ඤමඤ්ඤස්ස සඞ්ගහානුග්ගහො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්නෙහි අනුග්ගහො යනු ඔවුනොවුනට සංග්‍රහයෙන් අනුග්‍රහ කිරීමයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
උපාලිවග්ගො චතුත්ථො.
සිවුවැනි වූ උපාලි වර්ගයයි.