2. අධිවුත්තිපද සුත්තවණ්ණනා අට්ඨකථා
2. අධිවුත්තිපද සුත්තවණ්ණනා
2. අධිවුත්තිපද සූත්‍ර වර්ණනාව
දුතියෙ යෙ තෙ ධම්මාති යෙ තෙ දසබලඤාණං සබ්බඤ්ඤුතඤ්ඤාණධම්මා. අධිවුත්තිපදානන්ති අධිවචනපදානං, ඛන්ධායතනධාතුධම්මානන්ති අත්ථො. අධිවුත්තියොති හි අධිවචනානි වුච්චන්ති, තෙසං යෙ පදභූතා දෙසනාය පදට්ඨානත්තා. අතීතා බුද්ධාපි හි එතෙ ධම්මෙ කථයිංසු, අනාගතාපි එතෙව කථයිස්සන්ති. තස්මා ඛන්ධාදයො අධිවුත්තිපදානි නාම. තෙසං අධිවුත්තිපදානං. අථ වා භූතමත්ථං අභිභවිත්වා යථාසභාවතො අග්ගහෙත්වා වත්තනතො අධිවුත්තියොති දිට්ඨියො වුච්චන්ති, අධිවුත්තීනං පදානි අධිවුත්තිපදානි, දිට්ඨිදීපකානි වචනානීති අත්ථො. තෙසං අධිවුත්තිපදානං දිට්ඨිවොහාරානං. අභිඤ්ඤා සච්ඡිකිරියායාති ජානිත්වා පච්චක්ඛකරණත්ථාය. විසාරදොති ඤාණසොමනස්සප්පත්තො. තත්ථාති තෙසු ධම්මෙසු තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුන්ති තෙසං තෙසං දිට්ඨිගතිකානං වා ඉතරෙසං වා ආසයං ඤත්වා තථා තථා ධම්මං දෙසෙතුං. හීනං වා හීනන්ති ඤස්සතීති හීනං වා ධම්මං “හීනො ධම්මො”ති ජානිස්සති. ඤාතෙය්යන්ති ඤාතබ්බං. දට්ඨෙය්යන්ති දට්ඨබ්බං. සච්ඡිකරෙය්යන්ති සච්ඡිකාතබ්බං. තත්ථ තත්ථ යථාභූතඤාණන්ති තෙසු තෙසු ධම්මෙසු යථාසභාවඤාණං. ඉමිනා සබ්බඤ්ඤුතඤ්ඤාණං දස්සෙති. එවං සබ්බඤ්ඤුතඤ්ඤාණං දස්සෙත්වා පුන දසබලඤාණං දස්සෙන්තො දසයිමානීතිආදිමාහ. දසබලඤාණම්පි හි තත්ථ තත්ථ යථාභූතඤාණමෙවාති.
දෙවැන්නෙහි යෙ තෙ ධම්මා යනු යම් යම් ඒ දශබලඥාන සර්වඥතාඥාන ධර්මයෝයි, අධිවුත්තිපදානං යනු පර්යාය පදයන්ගේයි. ස්කන්ධ ආයතන ධාතුධර්මයන්ගේ යන අර්ත්ථයයි. අධිවුත්තියෝ යනුවෙන් පර්යාය වචනයෝ කියනු ලැබෙත්. ඔවුනොවුන්ට දැකීම වූ දෙසුම ප්‍රධාන වන බැවින් පෙර බුදුවරු ද මේ ධර්මයන් කීවාහුය. අනාගත බුදුවරු ද මේවාම කියන්නාහුයයි එහෙයින් ස්කන්ධාදිය අධිවුත්තිපද නමි. ඒ අධිවුත්ති පදයන්ගේයි, නැතහොත් භූතාර්ත්ථය යටපත් කොට - පවත්නා සැටියෙන් නොගෙන පවත්නා බැවින් අධිවුත්ති යනුවෙන් දෘෂ්ටීහු කියනු ලැබෙත්. අධිවුත්තීන්ගේ පදයෝ අධිවුත්තිපදානි නම්වෙත්. දෘෂ්ටි ප්‍රකට කරන්නා වූ වචනයෝයි අර්‍ත්‍ථයි. ඒ අධිවුත්ති පදයන්ගේයි, දෘෂ්ටි ව්යවහාරයන්ගේයි, අභිඤ්ඤාසච්ඡිකිරියාය යනු දැන පසක් කරනු සඳහායි, විසාරදො යනු නුවණින් සොම්නසට පැමිණියේයි, තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුං යනු ඒ ඒ දෘෂ්ටිගතයන්ගේ හෝ අන්‍යයන්ගේ හෝ ආසය දැන ඒ ඒ ලෙසින් දම් දෙසීමටයි, හීනං වා හීනන්ති ඤස්සති යනු පහත් ධර්මය පහත් ධර්මයයි දන්නේය, ඤාතය්යං යනු දතයුතුයි, දට්ඨය්යං යනු දැක්විය යුතුයි, සච්ඡිකාතය්යං යනු පසක්කළ යුතුයි, තත්ථ තත්ථ යථාභූතඤාණං යනු ඒ ඒ ධර්මයන්හි පවත්නා සැටියෙන් වූ දැනුමයි, මෙයින් සර්වඥතාඥානය දක්වයි, මෙසේ සර්වඥතාඥානය දක්වා යළි දශබලඥානය දක්වන්නේ දස ඉමානි යනාදිය කීවේය. දශබලඥානය ද ඒ ඒ තන්හි යථාභූත ඥානයමයි.
3. කාය සුත්තවණ්ණනා
3. කාය සූත්‍ර වර්ණනාව
තතියෙ ආපන්නො හොති කඤ්චිදෙව දෙසන්ති කඤ්චි ආපත්තිකොට්ඨාසං ආපන්නො හොති. අනුවිච්චාති අනුපවිසිත්වා පරියොගාහෙත්වා. කායදුච්චරිතන්ති තිවිධං කායදුච්චරිතං. වචීදුච්චරිතන්ති චතුබ්බිධං වචීදුච්චරිතං. පාපිකා ඉස්සාති ලාමිකා උසූයා. පඤ්ඤාය දිස්වාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය පස්සිත්වා පස්සිත්වා පහාතබ්බා. ඉජ්ඣතීති සමිජ්ඣති. උපවාසස්සාති නිස්සාය උපසඞ්කමිත්වා වසන්තස්ස. අභිභුය්යාති අජ්ඣොත්ථරිත්වා මද්දිත්වා. ඉරීයතීති වත්තති. ඉමස්මිං සුත්තෙ සහවිපස්සනාය මග්ගො කථිතො.
තෙවැන්නෙහි ආපන්නො හොති කඤ්චි දෙසං යනු කිසියම් ඇවැත් කොටසකට පැමිණියේ වෙයි. අනුචිච්ච යනු ඇතුළට පිවිස, ඇතුළත්වීයි, කායදුච්චරිතං යනු ත්‍රිවිධ කායදුශ්චරිතයයි. පාපිකා ඉස්සා යනු ලාමක ඊර්ෂ්‍යාවයි. පඤ්ඤාය දිස්වා දිස්වා යනු විදසුන් සහිත මගනුවණින් දැක දැක දුරුකළ යුතුය, ඉජ්ඣති යනු සමෘද්ධ වෙයි. ඔපවාසස්ස යනු නිසා ඒ වසන්නහුගේයි, අභිභුය්ය යනු යටපත්කොට මැඬපවත්වායි, ඉරීයති යනු පවතියි, මේ සූත්‍රයෙහි විදර්ශනාසහගත මාර්ගය කියනලදි.
4. මහාචුන්ද සුත්තවණ්ණනා
4. මහාචුන්ද සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ජානාමිමං ධම්මන්ති ඉමිනා ඤාණවාදස්ස වදනාකාරො වුත්තො. භාවිතකායොම්හීතිආදීහි භාවනාවාදස්ස. තතියවාරෙ ද්වෙපි වාදා එකතො වුත්තා, තයොපි චෙතෙ අරහත්තමෙව පටිජානන්ති. අඩ්ඪවාදං වදෙය්යාති අඩ්ඪොහමස්මීති වාදං වදෙය්ය. උපනීහාතුන්ති නීහරිත්වා දාතුං.
සිවුවැන්නෙහි ජානාමිමං ධම්මං යන මෙයින් නුවණින් දක්නා ආකාරය කියනලදි. භාවිතකායොම්හි යනාදියෙන් තෙවෙනවර වාද දෙකක් එකට කියන ලදි. මේ තුනම ද අරහත් බවම දනියි. අඩ්ඪවාදං වදෙය්ය යනු මම ආඪ්‍ය වෙමැයි වාදයක් කියන්නේය. උපනීහත්තුං යනු බැහැර කොට දැමීමටයි.
5. කසිණ සුත්තවණ්ණනා
5. කසිණ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සකලට්ඨෙන කසිණානි, තදාරම්මණානං ධම්මානං ඛෙත්තට්ඨෙන අධිට්ඨානට්ඨෙන වා ආයතනානීති කසිණායතනානි. උද්ධන්ති උපරි ගගණතලාභිමුඛං. අධොති හෙට්ඨා භූමිතලාභිමුඛං. තිරියන්ති ඛෙත්තමණ්ඩලං විය සමන්තා පරිච්ඡින්දිත්වා. එකච්චො හි උද්ධමෙව කසිණං වඩ්ඪෙති, එකච්චො අධො, එකච්චො සමන්තතො. තෙන තෙන වා කාරණෙන එවං පසාරෙති ආලොකමිව රූපදස්සනකාමො. තෙන වුත්තං – “පථවීකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරිය”න්ති. අද්වයන්ති ඉදං පන එකස්ස අඤ්ඤභාවානුපගමනත්ථං වුත්තං. යථා හි උදකං පවිට්ඨස්ස සබ්බදිසාසු උදකමෙව හොති න අඤ්ඤං, එවමෙව පථවීකසිණං පථවීකසිණමෙව හොති. නත්ථි තස්ස අඤ්ඤකසිණසම්භෙදොති. එසෙව නයො සබ්බත්ථ. අප්පමාණන්ති ඉදං තස්ස තස්ස ඵරණඅප්පමාණවසෙන වුත්තං. තඤ්හි චෙතසා ඵරන්තො සකලමෙව ඵරති, “අයමස්ස ආදි, ඉදං මජ්ඣ”න්ති පමාණං න ගණ්හාති. විඤ්ඤාණකසිණන්ති චෙත්ථ කසිණුග්ඝාටිමාකාසෙ පවත්තවිඤ්ඤාණං. තත්ථ කසිණවසෙන කසිණුග්ඝාටිමාකාසෙ, කසිණුග්ඝාටිමාකාසවසෙන තත්ථ පවත්තවිඤ්ඤාණෙ උද්ධංඅධොතිරියතා වෙදිතබ්බා. අයමෙත්ථ සඞ්ඛෙපො, කම්මට්ඨානභාවනානයෙන පනෙතානි පථවීකසිණාදීනි විත්ථාරතො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.51 ආදයො) වුත්තානෙව.
පස්වැන්නෙහි සියලු අර්ත්ථයෙන් කසිණයෝ තදාරම්මණ වූ ධර්මයන්ට ක්ෂේත්රාර්ත්ථයෙන් හෝ අධිෂ්ඨානාර්ථයෙන් ආයතනයෝ වෙත්නුයි කසිණායතනානි නමි. උද්ධං යනු මතු අහස්තලයට අබිමුවයි, අධො යනු යට බිම්තලයට අබිමුවයි, තිරියං යනු කෙත් මඬුල්ලක් මෙන් හාත්පසින් පිරිසිඳයි, ඇතමෙක් උඩටම විහිදුවයි, ඇතමෙක් යටටය, ඇතමෙක් හාත්පසිනි. ඒ ඒ ආකාරයෙන්ම මෙසේ විහිදුවයි. රූප දකිනු කැමත්තේ ආලෝකය මෙනි, එහෙයින් එකෙක් පඨවි කසිණය උඩට යටට සරසට හඳුනා ගනිතියි කියනලදි. අද්වයං යන මෙය වනාහි එකෙකුට වෙනත් ස්වභාවයකට නොපැමිනෙනු සඳහා කියන ලදි. යම්සේ නම් ජලයට පිවිසි තැනැත්තාට සියලු දිසාවන්හිම ජලයම වෙයිද වෙනෙකක් නොවේද එසේම පඨවි කසිණය පඨවි කසිණයම වෙයි. ඔහුට වෙනත් කසිණ මුසුවීමක් නැත. සියලු තන්හි මේ ක්‍රමයයි. අප්පමාණං යන මෙය ඔහුගේ පැතිරවීම අප්‍රමාණ වශයෙන් කියනලදි. එය සිතින් පතුරුවන්නේ සියල්ලම පතුරුවයි. මෙය ඔහුට මුල මැද අගයයි ප්‍රමාණයක් නොගනියි. විඤ්ඤාණකසිණං යනු මෙහි කසිණ ඉඟුලු අහසෙහි පැවති විඤ්ඤාණයයි. එහෙයින් එය විඤ්ඤාණයයි කියනු ලැබේ. කසිණ වශයෙන් ද කසිණ ඉගුළු අහස වශයෙන් ද එහි පැවති විඤ්ඤාණයෙහි උඩුයටි සරස් බව දතයුතුය. මේ මෙහි සංක්‍ෂෙපයයි. කර්මස්ථාන භාවනා ක්‍රමයෙන් මේ පඨවිකසිණාදිය විස්තර වශයෙන් විසුද්ධි මග්ගයෙහි කියනලදි.
6. කාලී සුත්තවණ්ණනා
6. කාලී සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ කුමාරිපඤ්හෙසූති කුමාරීනං මාරධීතානං පුච්ඡාසු. අත්ථස්ස පත්තිං හදයස්ස සන්තින්ති ද්වීහිපි පදෙහි අරහත්තමෙව කථිතං. සෙනන්ති රාගාදිකිලෙසසෙනං. පියසාතරූපන්ති පියජාතිකෙසු ච සාතජාතිකෙසු ච වත්ථූසු උප්පජ්ජනතො එවංලද්ධනාමං. එකොහං ඣායං සුඛමනුබොධින්ති එවං කිලෙසසෙනං ජිනිත්වා අහං එකකොව ඣායන්තො සුඛං අනුබුජ්ඣිං සච්ඡිඅකාසිං. සක්ඛින්ති සක්ඛිභාවප්පත්තං ධම්මසක්ඛිං. න සම්පජ්ජති කෙනචි මෙති මය්හං කෙනචි සද්ධිං මිත්තධම්මො නාම නත්ථි. පථවීකසිණසමාපත්තිපරමා ඛො, භගිනි, එකෙ සමණබ්රාහ්මණා අත්ථොති අභිනිබ්බත්තෙසුන්ති පථවීකසිණසමාපත්තිපරමො උත්තමො අත්ථොති ගහෙත්වා අභිනිබ්බත්තෙසුං. යාවතා ඛො, භගිනි, පථවීකසිණසමාපත්තිපරමතාති යත්තකා පථවීකසිණසමාපත්තියා උත්තමකොටි. තදභිඤ්ඤාසි භගවාති තං භගවා අභිඤ්ඤාපඤ්ඤාය අභිඤ්ඤාසි. අස්සාදමද්දසාති සමුදයසච්චං අද්දස. ආදීනවමද්දසාති දුක්ඛසච්චං අද්දස. නිස්සරණමද්දසාති නිරොධසච්චං අද්දස. මග්ගාමග්ගඤාණදස්සනමද්දසාති මග්ගසච්චං අද්දස. අත්ථස්ස පත්තීති එතෙසං චතුන්නං සච්චානං දිට්ඨත්තා අරහත්තසඞ්ඛාතස්ස අත්ථස්ස පත්ති, සබ්බදරථපරිළාහවූපසන්තතාය හදයස්ස සන්තීති.
සවැන්නෙහි කුමාරිපඤ්හෙසු යන මාරදූ කූමරියන්ගේ ප්රශ්නයන්හියි. අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං යන පද දෙකින්ම රහත්බවම කියනලදි. සෙනං යනු රාගාදී කෙලෙස් සෙනඟයි, පියසාතරූපං යනු ප්රියජාතිකවූත් ප්රසාදජාතිකවූත් වස්තූන්හි උපදින බැවින් එසේ ලබන ලද නම් ඇත්තේයි. එකොහං ඣායං සුඛමනුබොධං යනු මෙසේ කෙලෙස් සෙන් දිනා මම හුදෙකලාව ධ්‍යාන වඩන්නේ සුවය වින්දෙමි, පසක් කෙළෙමි. සක්ඛිං යනු සාක්ෂ්‍ය භාවයට පත්, ධර්ම සාක්ෂියයි, න සමපජ්ජති කෙන චී මෙ යනු මගේ කිසිවකු සමඟ මිතු දහමක් නැත. පඨවිකසිණසමාපත්තිපරමා ඛො භගිනි එකෙ සමණබ්රාහ්මණා අත්ථාභිනිබ්බත්තෙසුං පඨවිකසිණ සමාපත්තිය පරම වූ උතුම් අර්ත්ථයයි ගෙන ඉපිදවූවාහුය. යාවතා ඛො භගිනි පඨවිකසිණසමාපත්තිපරමතා යනු පඨවි කසිණ සමාපත්තියෙහි උතුම්බව යම්තාක්ද, තදභිඤ්ඤාසි භගවා යනු එය භාග්‍යවතුන් වහන්සේ අභිඥා ප්‍රඥාවෙන් දැනගත් සේක. ආදිමද්දස යනු සමුදය සත්‍යය දුටුවේය, ආදීනවමද්දස යනු දුක්ඛ සත්‍යය දුටුවේය, නිස්සරණමද්දස යනු නිරොධ සත්‍යය දුටුවේය. මග්ගාමග්ගඤාණදස්සනමද්දස යනු මාර්ග සත්‍යය දුටුවේය. අත්ථස්ස පත්තී යනු මේ සිවුසස් දුටු බැවින් රහත්බව නමැති අර්ත්ථයට පැමිණීමක්, තැවුල් සංසිඳීම සඳහා හදවතට ශාන්තියක් යනුයි.
7. පඨම මහාපඤ්හ සුත්තවණ්ණනා
7. පඨම මහාපඤ්හ සූත්‍ර වර්ණනාව
සත්තමෙ අභිජානාථාති අභිජානිත්වා පච්චක්ඛං කත්වා විහරථ. අභිඤ්ඤායාති අභිජානිත්වා. ඉධාති ඉමාය. ධම්මදෙසනාය වා ධම්මදෙසනන්ති යදිදං සමණස්ස ගොතමස්ස ධම්මදෙසනාය සද්ධිං අම්හාකං ධම්මදෙසනං, අම්හාකං වා ධම්මදෙසනාය සද්ධිං සමණස්ස ගොතමස්ස ධම්මදෙසනං ආරබ්භ නානාකරණං වුච්චෙථ, තං කිං නාමාති වදන්ති. දුතියපදෙපි එසෙව නයො. ඉති තෙ මජ්ඣෙ භින්නසුවණ්ණං විය සාසනෙන සද්ධිං අත්තනො ලද්ධිං වචනමත්තෙන සමධුරං ඨපයිංසු. නෙව අභිනන්දිංසූති “එවමෙත”න්ති න සම්පටිච්ඡිංසු. නප්පටික්කොසිංසූති “න ඉදං එව”න්ති නප්පටිසෙධෙසුං. කස්මා? තෙ කිර “තිත්ථියා නාම අන්ධසදිසා ජානිත්වා වා අජානිත්වා වා කථෙය්යු”න්ති නාභිනන්දිංසු.
සත්වැන්නෙහි අභිජානාථ යනු මනාව දැන පසක් කොට වසවු, අභිඤ්ඤාය යනු මනාව දැනයි, ඉධ යනු මේ, ධම්මදෙසනාය වා ධම්මදෙසනං යනු ඉදින් ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ධර්ම දේශනාව සමඟ අපගේ ධර්ම දේශනය හෝ අපගේ ධර්ම දේශනාව සමඟ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනය අරභයා වෙනසක් කියන්නහු ද ඒ කුමක් නම් දැයි කියත්, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ ඔවුහු මැදින් බිඳුණු සවර්ණයක් මෙන් සසුන සමඟ තමන්ගේ ලබ්ධිය වචන මාත්‍රයෙන් මිහිරි කොට තැබූහ. නෙව අභිනන්දිංසු යනු එය එසේමයයි නොපිළිගත්හ, න පටික්කොසිංසු යනු මෙය එසේයයි පිළිකෙවු නොකළහ, කුමක් හෙයින්දයත්? ඒ තීර්ථකයෝ නම් දැන නොදැන කියන්නහුයයි සතුටු නොවූහ.
න සම්පායිස්සන්තීති සම්පාදෙත්වා කථෙතුං න සක්ඛිස්සන්ති. උත්තරි ච විඝාතන්ති අසම්පාදනතො උත්තරිම්පි දුක්ඛං ආපජ්ජිස්සන්ති. සම්පාදෙත්වා කථෙතුං අසක්කොන්තානඤ්හි දුක්ඛං උප්පජ්ජති. යථා තං, භික්ඛවෙ, අවිසයස්මින්ති එත්ථ ච තන්ති නිපාතමත්තං. යථාති කාරණවචනං, යස්මා අවිසයෙ පඤ්හං පුච්ඡිතා හොන්තීති අත්ථො. ඉතො වා පන සුත්වාති ඉතො වා පන මම සාසනතො සුත්වා. ඉතොති තථාගතතොපි තථාගතසාවකතොපි. ආරාධෙය්යාති පරිතොසෙය්ය, අඤ්ඤථා ආරාධනං නාම නත්ථීති දස්සෙති.
න සම්පායිස්සන්ති යනු සම්පාදනය කොට කීමට නොහැකි වෙත්. උත්තරිඤ්ච විඝාතං යනු නොසපයන්නෝ මත්තෙහිද දුකට පැමිණෙත්, සපයා කීමට නොහැකිවන්නන්ට දුක උපදියි, යථා තං භික්ඛවෙ අවිසයස්මිං යනු මෙහි ද තං යනු නිපාත මාත්‍රයකි. යථා යනු හේතු දැක්වීමේ වචනයයි, යම් විෂය නොවන - ගොදුරු නොවන දෙයක ප්‍රශ්න අසන ලද්දාහු වෙතියි අර්‍ත්‍ථයි, ඉතො වා පන සුත්වා යනු මේ මගේ සසුනින් හෝ අසායි, ඉතො යනු තථාගතයන් වහන්සේගෙනුදු තථාගත ශ්‍රාවකයකු ගෙනුදුයි. ආරාධෙය්ය යනු සතුටු කරවන්නේය, වෙනත් ලෙසකින් සතුටු කිරීමක් නම් නැතැයි දක්වයි,
එකධම්මෙති එකස්මිං ධම්මෙ. ඉමිනා උද්දෙසො දස්සිතො. පරතො කතමස්මිං එකධම්මෙති ඉමිනා පඤ්හො දස්සිතො. සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකාති ඉදං පනෙත්ථ වෙය්යාකරණං. සෙසෙසුපි එසෙව නයො. සම්මා නිබ්බින්දමානොතිආදීසු පන සම්මා හෙතුනා නයෙන නිබ්බිදානුපස්සනාය නිබ්බින්දන්තො උක්කණ්ඨන්තො, විරාගානුපස්සනාය විරජ්ජන්තො, පටිසඞ්ඛානුපස්සනාය මුච්චනස්ස උපායං කත්වා විමුච්චමානො, අධිමොක්ඛවසෙන වා විමුච්චමානො සන්නිට්ඨානං කුරුමානොති අත්ථො. උදයබ්බයෙහි පරිච්ඡින්දිත්වා පුබ්බන්තාපරන්තදස්සනෙන සම්මා පරියන්තදස්සාවී. සම්මදත්ථං අභිසමෙච්චාති සම්මා සභාගත්ථං ඤාණෙන අභිසමාගන්ත්වා. දුක්ඛස්සන්තකරො හොතීති සකලවට්ටදුක්ඛස්ස පරියන්තං පරිවටුමං කරො හොති.
එකධම්මෙ යනු එක් ධර්මයකයි, මෙයින් උදෙසීම දක්වන ලදි, අන්‍යයාගෙන් කතමස්මිං එකධම්මෙ යන මෙයින් ප්රශ්නය දක්වන ලද්දේය, සියලු සත්ත්වයෝ ආහාරය මත සිටින්නෝය යන මෙය මෙහි පිළිතුරු දීමයි. සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි, සම්මා නිබ්බින්දමානො යනාදියෙහි මනාව හේතුන්ගෙන් න්‍යායයෙන් නිබ්බිදානුපස්සනාවෙන් නිර්වේදයට පත් වන්නේ උකටලී වන්නේ විරාගානුපස්සනාවෙන් නොඇලෙන්නේ පටිසඞ්ඛානුපස්සනාවෙන් මිදීමට උපාය දැන මිදෙන්නේ අධිමොක්ෂ වශයෙන් හෝ මිදෙන්නේ සනිටුහන් කරන්නේය යනාර්‍ත්‍ථයි. උදය වශයෙන් පිරිසිඳ පූර්වාන්තය දැකීමෙන් මනාව කෙළවර දක්නේයි, සම්මත්ථාභිසමෙච්ච යනු සමාන සභාග බව නුවණින් මනාව වටහාගෙනයි, දුක්ඛස්සන්තකරො හොති යනු සියලු සසර දුක නිමාකරන්නෙක් අවසන් කරන්නෙක් වෙයි,
සබ්බෙ සත්තාති කාමභවාදීසු එකවොකාරභවාදීසු ච සබ්බභවෙසු සබ්බෙ සත්තා. ආහාරට්ඨිතිකාති ආහාරතො ඨිති එතෙසන්ති ආහාරට්ඨිතිකා. ඉති සබ්බසත්තානම්පි ඨිතිහෙතු ආහාරො නාම එකො ධම්මො, තස්මිං එකධම්මෙ. නනු ච එවං සන්තෙ යං වුත්තං – “අසඤ්ඤසත්තා දෙවා අහෙතුකා අනාහාරා අඵස්සකා”තිආදි (විභ· 1017), තං විරුජ්ඣතීති. න විරුජ්ඣති. තෙසඤ්හි ඣානං ආහාරො හොති. එවං සන්තෙපි “චත්තාරොමෙ, භික්ඛවෙ, ආහාරා”ති (සං· නි· 2.11) ඉදං විරුජ්ඣතීති. ඉදම්පි න විරුජ්ඣති. එතස්මිඤ්හි සුත්තෙ නිප්පරියායෙන ආහාරලක්ඛණා ධම්මා ආහාරාති වුත්තා, ඉධ පන පරියායෙන පච්චයො ආහාරොති වුත්තො. සබ්බධම්මානඤ්හි පච්චයො ලද්ධුං වට්ටති. සො ච යං යං ඵලං ජනෙති, තං තං ආහරති නාම. තස්මා ආහාරොති වුච්චති. තෙනෙවාහ – “අවිජ්ජම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො ච, භික්ඛවෙ, අවිජ්ජාය ආහාරො? පඤ්ච නීවරණාතිස්ස වචනීය”න්ති (අ· නි· 10.61). අයං ඉධ අධිප්පෙතො. එතස්මිඤ්හි පච්චයාහාරෙ ගහිතෙ පරියායාහාරොපි නිප්පරියායාහාරොපි සබ්බො ගහිතොව හොති.
සබ්බෙ සත්තා යනු කාම භවාදීන්හි ද එක් ස්කන්ධයකින් යුත් භවයන්හි ද වශයෙන් සියලු භවයන්හි සියලු සත්ත්වයෝයි, ආහාරට්ඨිතිකා යනු ආහාරයෙන් පැවැත්ම මොවුන්ගේනුයි ආහාරට්ඨිතිකා නමි. මෙසේ සියලු සත්ත්වයන්ගේ පැවැත්මේ හේතුව ආහාරයයි, ඒ ධර්මය එහිනුයි එකධම්මෙ නමි. මෙසේ පවත්නා කල්හි “අසඤ්ඤ සත්තා දෙවා අහෙතුකා අනාහාරා අඵස්සකා” ආදී යමක් කියන ලද්දේ ද එය විරුද්ධ නොවන්නේද? විරුද්ධ නොවෙයි. ඔවුනට ධ්‍යානය ආහාරය වෙයි. මෙසේ ඇති කල්හි ද “චත්තාරොමෙ භික්ඛවේ ආහාරා” යන මෙය විරුද්ධ නොවේද? මෙය ද විරුද්ධ නොවේ. මේ සූත්‍රයෙහි නිෂ්පරියායෙන් ආහාර ලක්ෂණ වූ ධර්මයෝ ආහාරයෝයි කියනලදි. මෙහි වනාහි පරියාය වශයෙන් ප්‍රත්‍යය ආහාරයයි කියන ලදි. සියලු ධර්මයන්ට ප්‍රත්‍යය ලැබීමට වටියි, එය ද යම් යම් ඵලයක් උපදවයි ද ඒ ඒ දෙය ගෙනෙයි (ආහරති) නමි. එහෙයින් ආහාරයයි කියනු ලැබේ. එහෙයින් වදාළ සේක. අවිජ්ජම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං කො ච භික්ඛවෙ අවිජ්ජාය ආහාරො පඤ්චනීවරණාතිස්ස වචනීයං” යනුවෙනි. මෙය මෙහි අදහස් කරන ලදි. මෙම ප්‍රත්‍යයාහාරය ගත් කල පර්යාය ආහාරය ද නිෂපර්යාය ආහාරය ද යන සියල්ල ගන්නා ලද්දේම වෙයි.
තත්ථ අසඤ්ඤීභවෙ පච්චයාහාරො ලබ්භති. අනුප්පන්නෙ හි බුද්ධෙ තිත්ථායතනෙ පබ්බජිතා වායොකසිණෙ පරිකම්මං කත්වා චතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා තතො වුට්ඨාය “ධි චිත්තං, ධි වතෙතං චිත්තං, චිත්තස්ස නාම අභාවොයෙව සාධු. චිත්තඤ්හි නිස්සාය වධබන්ධාදිපච්චයං දුක්ඛං උප්පජ්ජති. චිත්තෙ අසති නත්ථෙත”න්ති ඛන්තිං රුචිං උප්පාදෙත්වා අපරිහීනජ්ඣානා කාලං කත්වා අසඤ්ඤීභවෙ නිබ්බත්තන්ති. යො යස්ස ඉරියාපථො මනුස්සලොකෙ පණිහිතො අහොසි, සො තෙන ඉරියාපථෙන නිබ්බත්තිත්වා චිත්තරූපසදිසො හුත්වා පඤ්ච කප්පසතානි තිට්ඨති. එත්තකං අද්ධානං සයිතො විය හොති. එවරූපානම්පි සත්තානං පච්චයාහාරො ලබ්භති. තෙ හි යං ඣානං භාවෙත්වා නිබ්බත්තා, තදෙව නෙසං පච්චයො හොති. යථා ජියාවෙගෙන ඛිත්තසරො යාව ජියාවෙගො අත්ථි, තාව ගච්ඡති. එවං යාව ඣානපච්චයො අත්ථි, තාව තිට්ඨන්ති. තස්මිං නිට්ඨිතෙ ඛීණවෙගො විය සරො පතන්ති. චවනකාලෙ ච තෙසං සො රූපකායො අන්තරධායති, කාමාවචරසඤ්ඤා උප්පජ්ජති, තෙන සඤ්ඤුප්පාදෙන තෙ දෙවා තම්හා කායා චුතාති පඤ්ඤායන්ති.
එහි අසංඥභවයෙහි ප්රත්යායාහාරය ලබයි, බුදුන් නොපහළ කල්හි තීර්ථක ආගමික නිකායෙහි පැවිදිවූවෝ වායෝ කසිණයෙහි පරිකර්ම (භාවනා) කොට චතුර්ථධ්යානය උපදවා එයින් නැගිට මේ සිතට නිගාවේවා! සිත පිළිකුලකි. සිතේ නැතිවීමම යෙහෙකි. සිත නිසා වධබන්ධනාදී හේතුවෙන් දුක උපදියි. සිත නැති විට මේවා නැතැයි කැමැත්ත උපදවා නොපිරිහුන් ධ්‍යාන ඇත්තෝව කළුරිය කොට අසංඥ භවයෙහි උපදිත්. යමෙක් මිනිස් ලොවදී යම් ඉරියව්වක් ආශාකළේ වේද හෙතෙම ඒ ඉරියව්වෙන් ඉපිද චිත්රරූපයක් මෙන් වී කල්ප පන්සියයක් සිටියි. එපමණ දිගු කලක් නිදා ගත්තේ මෙන් වෙයි. මෙබඳුවූ සත්ත්වයන්ට ද ප්‍රත්‍යයාහාරය ලැබෙයි. ඔවුහු යම් ධ්‍යානයක් උපදවා උපන්නාහුද එයම ඔවුන්ගේ ප්‍රත්‍යය වෙයි. යම්සේ දුනුදිය වේගයෙන් යවනලද හීය දුනුදිය වේගය ඇති තෙක් යයි ද එසේ ධ්‍යාන ප්‍රත්‍යය ඇතිතාක් සිටිත්. එය නිමි කල්හි වේගය නිමවූ හීය මෙන් ඇදවැටෙත්, චුතවනවිට ඔවුන්ගේ ඒ රූපකාය අතුරුදහන් වෙයි. කාමාවචර සංඥාව උපදියි. ඒ සංඥාව ඉපදීමෙන් ඒ කයින් චුත වූවාහුයි පැනෙත්.
යෙ පන තෙ නෙරයිකා නෙව වුට්ඨානඵලූපජීවී, න පුඤ්ඤඵලූපජීවීති වුත්තා, තෙසං කො ආහාරොති? තෙසං කම්මමෙව ආහාරො. කිං පඤ්ච ආහාරා අත්ථීති? පඤ්ච, න පඤ්චාති ඉදං න වත්තබ්බං, නනු “පච්චයො ආහාරො”ති වුත්තමෙතං. තස්මා යෙන කම්මෙන නිරයෙ නිබ්බත්තන්ති, තදෙව තෙසං ඨිතිපච්චයත්තා ආහාරො හොති. යං සන්ධාය ඉදං වුත්තං – “න ච තාව කාලං කරොති, යාව න තං පාපකම්මං බ්යන්තී හොතී”ති (ම· නි· 3.250, 268; අ· නි· 3.36).
නිරාගත සත්ත්වයෝ උත්ථානඵලයෙන් ජීවත් වන්නෝ ද පුණ්‍යඵලයෙන් ජීවත් වන්නෝ ද නොවෙතියි කියන ලදහ. ඔවුන්ගේ කවර ආහාරයක්ද? ඔවුන්ගේ කර්මයම ආහාරයයි. කිම ආහාර පසක් ඇත්ද? පසකි, නොපසකියි මෙය නොකිව යුතුය. ප්‍රත්‍යය ආහාරය වේය යන මෙය කියන ලද්දේ නොවේද? එහෙයින් යම් කර්මයකින් නිරයෙහි උපදිත්ද එයම ඔවුන්ගේ පැවැත්මේ ප්‍රත්‍යය බැවින් ආහාරයයි යන කාරණය සඳහා, “යම්තාක් එම පාපකර්මය අවසන් නොවේද ඒතාක් කළුරිය නොකරයි” - න ච තාව කාලංකරොති න තං පාපං කම්මං බ්යන්තී හොති” යන මෙය කියන ලදි.
කබළීකාරාහාරං ආරබ්භාපි චෙත්ථ විවාදො න කාතබ්බො. මුඛෙ උප්පජ්ජනඛෙළොපි හි තෙසං ආහාරකිච්චං සාධෙති. ඛෙළො හි නිරයෙ දුක්ඛවෙදනීයො හුත්වා පච්චයො හොති, සග්ගෙ සුඛවෙදනියො. ඉති කාමභවෙ නිප්පරියායෙන චත්තාරො ආහාරා, රූපාරූපභවෙසු ඨපෙත්වා අසඤ්ඤෙ සෙසානං තයො, අසඤ්ඤානඤ්චෙව අවසෙසානඤ්ච පච්චයාහාරොති ඉමිනා ආකාරෙන සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකාති වෙදිතබ්බා. තත්ථ චත්තාරො ආහාරො යො වා පන කොචි පච්චයාහාරො දුක්ඛසච්චං, ආහාරසමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, නිරොධප්පජානනා පඤ්ඤා මග්ගසච්චන්ති එවං චතුසච්චවසෙන සබ්බවාරෙසු යොජනා කාතබ්බා.
කබලිකාර ආහාරය අරභයා ද මෙහි විවාදයක් නොකළයුතුය. මුවෙහි උපදින කෙළ ද ඔවුනට ආහාර කෘත්‍යය ඉටු කරයි. කෙළ නිරයෙහි දුක්ඛවේදනීය වී ප්‍රත්‍යය වෙයි. ස්වර්ගයෙහි සුඛවේදනීයව ප්‍රත්‍යය වෙයි. මෙසේ කාමභවයෙහි අවිශේෂයෙන් ආහාර සතරෙකි. රූපාරුපහවයන් අතුරෙහි අසංඥයන් හැර සෙස්සන්ට තුනෙකි. අසංඥයන්ට මෙන්ම සෙස්සන්ට ද ප්‍රත්‍යය ආහාරයැයි මේ අයුරින් සියලු සත්ත්වයෝ ආහාරය පැවැත්ම කොට ඇත්තෝයයි දතයුතුය. එහි සතර හෝ එකම ප්‍රත්‍යයාහාරය වුව ද දුක්ඛ සත්‍යයයි. ආහාරය ඇතිකර දෙන පූර්ව තෘෂ්ණාව සමුදය සත්‍යයයි. දෙදෙනාගේම නොපැවැත්ම නිරොධ සත්‍යයයි. නිරොධය දැනගන්නා වූ ප්‍රඥාව මාර්ග සත්‍යයයි මෙසේ සිවුසස් වශයෙන් සියලු වාරයන්හි යෙදීම කටයුතුය.
8. දුතිය මහාපඤ්හ සුත්තවණ්ණනා
8. දෙවන මහාපඤ්හ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ කජඞ්ගලායන්ති එවංනාමකෙ නගරෙ. කජඞ්ගලාති කජඞ්ගලාවාසිනො. මහාපඤ්හෙසූති මහන්තඅත්ථපරිග්ගාහකෙසු පඤ්හෙසු. යථා මෙත්ථ ඛායතීති යථා මෙ එත්ථ උපට්ඨාති. සම්මා සුභාවිතචිත්තොති හෙතුනා නයෙන සුට්ඨු භාවිතචිත්තො. එසො චෙව තස්ස අත්ථොති කිඤ්චාපි භගවතා “චත්තාරො ධම්මා”තිආදයො පඤ්හා “චත්තාරො ආහාරා”තිආදිනා නයෙන විස්සජ්ජිතා, යස්මා පන චතූසු ආහාරෙසු පරිඤ්ඤාතෙසු චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති, තෙසු ච භාවිතෙසු චත්තාරො ආහාරා පරිඤ්ඤාතාව හොන්ති. තස්මා දෙසනාවිලාසෙන බ්යඤ්ජනමෙවෙත්ථ නානං, අත්ථො පන එකොයෙව. ඉන්ද්රියාදීසුපි එසෙව නයො. තෙන වුත්තං – “එසො චෙව තස්ස අත්ථො”ති. අත්ථතො හි උභයම්පෙතං මජ්ඣෙ භින්නසුවණ්ණමිව හොති.
අටවැන්නෙහි කජඞ්ගලායං යනු මෙසේ නම් ඇති නගරයෙහියි. කජඞ්ගලා යනු කජඞ්ගල නුවර වැසියෝයි, මහාපඤ්හෙසු යනු මහත් අරුත් එක්කරගත් ප්රශ්නයන්හියි, යථා මෙත්ථ ඛායති යනු යම් සේ මෙහි මට හැඟෙයිද. සම්මා සුභාවිතචිත්තො යනු හේතුවෙන් ක්‍රමයෙන් මනාව ප්‍රගුණ කළ සිතැත්තේයි, එසෝ චෙචෙතස්ස අත්ථො යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෝ සතරෙකි යනාදී ප්‍රශ්න සතර ආහාරයකි යනාදී ක්‍රමයෙන් විසඳන ලදි. යම් හෙයකින් සතර ආහාරයන් මනාව දත්විට සතර සතිපට්ඨාන වඩන ලද්දේ වෙයි ඒවා වැසූ විට සතර ආහාර මනාව දන්නා ලද්දේම වේද එහෙයින් දේශනා විලාසයෙන් ව්යංජනයම විවිධය, අර්ත්ථය වනාහි එකක්මය. ඉන්ද්රියයන්හි ද මේ ක්‍රමයමයි. එහෙයින් “එසො චෙචෙතස්ස අත්ථො” යනුවෙන් කියන ලදි. අර්ත්ථ වශයෙන් මේ දෙකම එකක්ම වෙයි.
9. පඨමකොසල සුත්තවණ්ණනා
9. ප්‍රථම කොසල සූත්‍ර වර්ණනාව
නවමෙ යාවතාති යත්තකා. කාසිකොසලාති කාසිකොසලජනපදා. අත්ථෙව අඤ්ඤථත්තන්ති ඨිතස්ස අඤ්ඤථත්තං අත්ථියෙව. අත්ථි විපරිණාමොති මරණම්පි අත්ථියෙව. තස්මිම්පි නිබ්බින්දතීති තස්මිම්පි සම්පත්තිජාතෙ උක්කණ්ඨති. අග්ගෙ විරජ්ජතීති සම්පත්තියා අග්ගෙ කොසලරාජභාවෙ විරජ්ජති. පගෙව හීනස්මින්ති පඨමතරංයෙව හීනෙ ඉත්තරමනුස්සානං පඤ්ච කාමගුණජාතෙ.
නවවැන්නෙහි යාවතා යනු යම්පමණවූයි, කාසිකොසලා යනු කාසි කෝසල දනව්වැසියෝයි. අත්ථෙව අඤ්ඤථත්තං යනු වෙනසක් ඇත්තේමය. අත්ථි විපරිණාමො යනු මරණය ද ඇත, තස්මිම්පි නිබ්බින්දති යනු ඒ එකෙණෙහි උපන් දෙයෙහි ද කලකිරෙයි. අග්ගෙ විරජ්ජති යනු සැපතින් අග්‍ර වූ කොසොල් රජ බවෙහි නොඇලෙයි. පගෙව හීනස්මිං යනු පළමුවම පහත් දෙයෙහියි. මඳ ආයු ඇති මිනිසුන්ගේ පස්කම් ගුණ සමූහයෙහියි,
මනොමයාති ඣානමනෙන නිබ්බත්තා. බාරාණසෙය්යකන්ති බාරාණසියං උප්පන්නං. තත්ථ කිර කප්පාසොපි මුදු, සුත්තකන්තිකායොපි තන්තවායාපි ඡෙකා, උදකම්පි සුචි සිනිද්ධං. උභතොභාගවිමට්ඨන්ති ද්වීසුපි පස්සෙසු මට්ඨං මුදු සිනිද්ධං ඛායති. චතස්සො පටිපදා ලොකියලොකුත්තරමිස්සිකා කථිතා. සඤ්ඤාසු පඨමා කාමාවචරසඤ්ඤා, දුතියා රූපාවචරසඤ්ඤා, තතියා ලොකුත්තරසඤ්ඤා, චතුත්ථා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා. යස්මා පන සා සඤ්ඤා අග්ගාති ආගතා, තතො පරං සඤ්ඤාපඤ්ඤත්ති නාම නත්ථි, තස්මා අග්ගන්ති වුත්තා.
මනොමයා යනු ධ්‍යාන සිතෙන් උපන්නාවූයි, බාරාණසෙය්යකං යනු බරණැසෙහි උපන්, එහි කපු ද මෙලෙක්ය, නුල් කටින්නියෝ ද දක්ෂය, දිය ද පිරිසුදුය, සිනිඳුය, උභතොභොගවිමට්ටං යනු දෙපසෙහිම සියල්ල මෙලෙක්ව සිනිඳුව හැඟෙයි, සතර ප්‍රතිපදාව ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියනලදි. සංඥාවන්හි පළමුවැන්න කාමාවචරසංඥාවයි, දෙවැන්න රූපාවචර සංඥාවයි, තෙවැන්න ලෝකෝත්තර සංඥාවයි, සිවුවැන්න ආකිඤ්චඤ්ඤායතන සංඥාවයි. යම් හෙයකින් ඒ සංඥාව අග්‍රයයි පැමිණියාද එයින් ශ්‍රේෂ්ඨ වූ සංඥා ප්රඥප්තියක් නැත්තේද එහෙයින් අග්‍රයයි කියනලදි.
බාහිරකානන්ති සාසනතො බහිද්ධා පවත්තානං. නො චස්සං නො ච මෙ සියාති සචෙ අහං අතීතෙ න භවිස්සං, එතරහිපි මෙ අයං අත්තභාවො න සියා. න භවිස්සාමි න මෙ භවිස්සතීති සචෙපි අනාගතෙ න භවිස්සාමි, න ච මෙ කිඤ්චි පලිබොධජාතං භවිස්සති. අග්ගෙ විරජ්ජතීති උච්ඡෙදදිට්ඨියං විරජ්ජති. උච්ඡෙදදිට්ඨි හි ඉධ නිබ්බානස්ස සන්තතාය අග්ගන්ති ජාතා.
බාහිරකානං යනු සසුනින් බැහැරව පැවතියවුන්ගේයි, නො චස්සං නො ච මෙ සියා යනු ඉදින් මම අතීතයෙහි නොවූයෙම්ද දැනුදු මේ මගේ ආත්මභාවය නොවන්නේය, න භවිස්සාමි න මෙ භවිස්සති යනු ඉදින් අනාගතයෙහි ද නොවන්නෙම් නම් මට කිසි පළිබෝධයක් නොවන්නේය, අග්ගෙ විරජ්ජති යනු උච්ඡෙද දෘෂ්ටියෙහි නොඇලෙයි, උච්ඡෙද දෘෂ්ටිය මෙහි නිවනට තැවුලක් බැවින් අග්‍ර යයි විය.
පරමත්ථවිසුද්ධින්ති උත්තමත්ථවිසුද්ධිං. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා එතං අධිවචනං. ආකිඤ්චඤ්ඤායතනඤ්හි විපස්සනාපදට්ඨානත්තා අග්ගං නාම ජාතං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං දීඝායුකත්තා. පරමදිට්ඨධම්මනිබ්බානන්ති ඉමස්මිඤ්ඤෙව අත්තභාවෙ පරමනිබ්බානං. අනුපාදා විමොක්ඛොති චතූහි උපාදානෙහි අග්ගහෙත්වා චිත්තස්ස විමොක්ඛො. අරහත්තස්සෙතං නාමං. පරිඤ්ඤන්ති සමතික්කමං. තත්ථ භගවා පඨමජ්ඣානෙන කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, අරූපාවචරෙහි රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, අනුපාදානිබ්බානෙන වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. නිබ්බානඤ්හි සබ්බවෙදයිතප්පහානත්තා වෙදනානං පරිඤ්ඤා නාම. අනුපාදාපරිනිබ්බානන්ති අපච්චයපරිනිබ්බානං. ඉදං පන සුත්තං කථෙන්තො භගවා අනභිරතිපීළිතානි පඤ්ච භික්ඛුසතානි දිස්වා තෙසං අනභිරතිවිනොදනත්ථං කථෙසි. තෙපි අනභිරතිං විනොදෙත්වා දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා සොතාපන්නා හුත්වා අපරභාගෙ විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණිංසූති.
පරමත්ථසුද්ධිං යන උත්තමාර්ත්ථවිසුද්ධියයි, නෙව සඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට මේ නමකි. ආකිඤ්චඤ්ඤායතනය විදර්ශනාවට ආසන්න හේතුව වන බැවින් අග්‍ර නම්වීය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දීර්ඝායුෂ්ක බැවිනි, පරමදිට්ඨධම්මනිබ්බානං යනු මේ අත්බැව්හිම උතුම් නිවනයි, අනුපාදාවිමොඛො යනු සතර උපාදානයන්ගෙන් නොගෙන සිතේ විමොක්ෂයයි, රහත්බවට මෙය නමකි. පරිඤ්ඤං යනු ඉක්මවීමයි, එහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයෙන් කාමයන්ගේ ඉක්මවීම පනවති. අරූප ධ්‍යානයන්ගෙන් රූපයන්ගේ ඉක්මවීම පනවති. අනුපාදා නිවනින් වේදනාවන්ගේ ඉක්මවීම පනවති. නිවන වනාහි සියලු වේදයිතයන් ප්‍රහීන කළ බැවින් වේදනාවන්ගේ ඉක්මවිම නමි, අනුපාදානිබ්බානං යනු ප්‍රත්‍යය නැති නිවනයි, මේ සූත්‍රය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ අනභිරතියෙන් (සසුනෙහි නොඇල්මෙන්) පෙළුණාවූ පන්සියයක් භික්ෂූන් දැක ඔවුන්ගේ අනභිරතිය දුරුකිරිම සඳහා දෙසූ සේක. ඔවුහු ද අනභිරතිය දුරුකොට දෙසුමට අනුව ඥානය මෙහෙයවා සෝවාන් වී පසුකලෙක විදසුන් වඩා රහත් බවට පැමිණියාහුය.
10. දුතිය කොසල සුත්තවණ්ණනා
10. දුතිය කොසල සූත්‍ර වර්ණනාව
දසමෙ උය්යොධිකා නිවත්තො හොතීති යුද්ධතො නිවත්තො හොති. ලද්ධාධිප්පායොති මහාකොසලරඤ්ඤා කිර බිම්බිසාරස්ස ධීතරං දෙන්තෙන ද්වින්නං රජ්ජානං අන්තරෙ සතසහස්සුට්ඨානො කාසිගාමො නාම ධීතු දින්නො. අජාතසත්තුනා පිතරි මාරිතෙ මාතාපිස්ස රඤ්ඤො වියොගසොකෙන නචිරස්සෙව මතා. තතො රාජා පසෙනදිකොසලො “අජාතසත්තුනා මාතාපිතරො මාරිතා, මම පිතු සන්තකො ගාමො”ති තස්සත්ථාය අට්ටං කරොති, අජාතසත්තුපි “මම මාතු සන්තකො”ති තස්ස ගාමස්සත්ථාය. ද්වෙපි මාතුලභාගිනෙය්යා චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා යුජ්ඣිංසු. තත්ථ පසෙනදිකොසලො ද්වෙ වාරෙ අජාතසත්තුනා පරාජිතො නගරමෙව පාවිසි. තතියවාරෙ “කථං නු ඛො මෙ ජයො භවෙය්යා”ති උපස්සුතිවසෙන යුජ්ඣිතබ්බාකාරං ඤත්වා බ්යූහං රචයිත්වා උභොහි පස්සෙහි පරික්ඛිපිත්වා අජාතසත්තුං ගණ්හි. තාවදෙව ජයාධිප්පායස්ස ලද්ධත්තා ලද්ධාධිප්පායො නාම අහොසි.
දසවැන්නෙහි උය්යොධිකාය නිවත්තො හොති යනු යුද්ධයෙන් නැවතියේ වෙයි, ලද්ධාධිප්පායො යනු බිම්සර රජුට දුව දෙන්නා වූ මහ කොසොල් රජු විසින් රාජ්‍ය දෙකට අතරෙහි ලක්ෂයක් ඉපැයෙන කාසිග්‍රාමය දියණියට දෙන ලදි. අජාසත් විසින් පියා නසනු ලැබූ කල්හි ඔහුගේ මව ද රජුගේ වියොවින් උපන් සොවින් නොබෝදිනකින්ම මියගියාය. ඉක්බිති පසේනදි කොසොල් රජතෙමේ අජාසත් විසින් මාපියෝ මරණ ලදහ. මගේ පියා සතු ගමයි (සිතා) ඒ සඳහා වියවුල් කරයි. අජාසත් රජතෙමේ ද මගේ මව සතුවූවකැයි වියවුල් කරයි. ඒ ගම සඳහා මයිල් බෑණණු දෙදෙනාම සිවුරඟ සෙනඟ සන්නද්ධ කොට යුද වැදුනාහ. එහිදී පසේදී කොසොල් රජ තෙමේ දෙවරක් අජාසත් රජු අතින් පැරදුනේ නුවරට පිවිසියේය. තෙවැනි වර කෙසේනම් මගේ ජය වන්නේදැයි චරපුරුෂ මාර්ගයෙන් යුදකළයුතු ආකාරය දැන බලඇණි සූදානම් කොට දෙපසින් වටකොට අජාසත් රජු (පරදවා) ගත්තේය. එතැන්පටන්, දිනුම බලාපොරොත්තුවෙන් ලද බැවින් ලද්ධාධිප්පාය නම්වීය.
යෙන ආරාමො තෙන පායාසීති බහිනගරෙ ජයඛන්ධාවාරං නිවෙසෙත්වා “යාව නගරං අලඞ්කරොන්ති, තාව දසබලං වන්දිස්සාමි. නගරං පවිට්ඨකාලතො පට්ඨාය හි පපඤ්චො හොතී”ති අමච්චගණපරිවුතො යෙනාරාමො තෙන පායාසි, ආරාමං පාවිසි. කස්මිං කාලෙ පාවිසීති? පිණ්ඩපාතප්පටික්කන්තානං භික්ඛූනං ඔවාදං දත්වා සම්මාසම්බුද්ධෙ ගන්ධකුටිං පවිට්ඨෙ භික්ඛුසඞ්ඝෙ ච ඔවාදං සම්පටිච්ඡිත්වා අත්තනො අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානානි ගතෙ. චඞ්කමන්තීති කස්මිං සමයෙ චඞ්කමන්ති? පණීතභොජනපච්චයස්ස ථිනමිද්ධස්ස විනොදනත්ථං, දිවා පධානිකා වා තෙ. තාදිසානඤ්හි පච්ඡාභත්තං චඞ්කමිත්වා න්හත්වා සරීරං උතුං ගාහාපෙත්වා නිසජ්ජ සමණධම්මං කරොන්තානං චිත්තං එකග්ගං හොති. යෙ තෙ භික්ඛූති සො කිර “කහං සත්ථා කහං සුගතොති පරිවෙණෙන පරිවෙණං ආගන්ත්වා පුච්ඡිත්වාව පවිසිස්සාමී”ති විලොකෙන්තො අරඤ්ඤහත්ථී විය මහාචඞ්කමෙ චඞ්කමමානෙ පංසුකූලිකෙ භික්ඛූ දිස්වා තෙසං සන්තිකං අගමාසි. තං සන්ධායෙතං වුත්තං. දස්සනකාමාති පස්සිතුකාමා. විහාරොති ගන්ධකුටිං සන්ධාය ආහංසු. අතරමානොති අතුරිතො, සණිකං පදපමාණට්ඨානෙ පදං නික්ඛිපන්තො වත්තං කත්වා සුසම්මට්ඨං මුත්තජාලසින්දුවාරසදිසං වාලුකං අවිනාසෙන්තොති අත්ථො. ආලින්දන්ති පමුඛං. අග්ගළන්ති කවාටං. උක්කාසිත්වාති උක්කාසිතසද්දං කත්වා. ආකොටෙහීති අග්ගනඛෙන ඊසකං කුඤ්චිකාඡිද්දසමීපෙ කොටෙහීති වුත්තං හොති. ද්වාරං කිර අතිඋපරි අමනුස්සා, අතිහෙට්ඨා දීඝජාතිකා කොටෙන්ති. තථා අකොටෙත්වා මජ්ඣෙ ඡිද්දසමීපෙ කොටෙතබ්බන්ති ඉදං ද්වාරකොටනවත්තන්ති වදන්ති. විවරි භගවා ද්වාරන්ති න භගවා උට්ඨාය ද්වාරං විවරති, විවරතූති පන හත්ථං පසාරෙති. තතො “භගවා තුම්හෙහි අනෙකකප්පකොටීසු දානං දදමානෙහි න සහත්ථා ද්වාරවිවරණකම්මං කත”න්ති සයමෙව ද්වාරං විවටං. තං පන යස්මා භගවතො මනෙන විවටං, තස්මා “විවරි භගවා ද්වාර”න්ති වත්තුං වට්ටති.
යෙනාරාමො තෙන පායාසි යන පිටිනුවරෙහි ජයකඳවුර පිහිටුවා නුවර සරසන තුරු බුදුන්වහන්සේ වඳින්නෙමි. නුවරට පිවිසි කල් පටන් පමාවන්නේයයි ඇමති සමුහයා පිරිවරන ලද්දේ ආරාමයට පිවිසියේය. කවර විටෙක පිවිසියේද යත්? සම්බුදුන් වහන්සේ පිණ්ඩපාතය නිමවූ භික්ෂූන්ට ඔවදන් දී ගඳකිළියට පිවිසි විට භික්ෂු සංඝයා ද ඔවදන් පිළිගෙන තමතමන්ගේ රාත්රිස්ථාන, දිවා ස්ථානාදියට ගිය කල්හියි, වඞ්කමන්ති යනු කවර වේලාවක සක්මන් කරත්ද? රසවත් බොජුන් හේතුවෙන් (හටගත්) ථිනමිද්ධය දුරුකරනු සඳහා පසුබතෙහි සක්මන් කොට නහා සිරුර සෘතු ගන්වා හිඳ මහණදම් කරන්නවුන්ගේ සිත එකඟ වෙයි. යෙ තෙ භික්ඛු යනු හෙතෙම ශාස්තෲන් වහන්සේ කොහි වාසයට එළැඹි සේක්දැයි පිරිවෙණින් පිරිවෙණට නොගොස් විමසාම යන්නෙමැයි බලන්නේ අරණෙහි ඇතුන් මෙන් සක්මන් කරනු ලබන පාංශුකූලික භික්ෂූන් දැක ඔවුන්ගේ සමීපයට ගියේය. එය සඳහා මෙය කියන ලදි. දස්සනකාමා යනු දකිනු කැමැත්තාහුයි, විහාරො යනු ගඳ කිළිය සඳහා කීවාහුය, අතරමානො යනු ඉක්මන් නොවී හෙමින් පියවර පමණ තන්හි පියවර තබමින් වත්කොට සුසුමුදු මුතුවැලි සිඳුවර වැනි වැල්ල නොනසමින් හුන්නාවූ යන අරුත්ය. ආළින්දං යනු ප්රමුඛයෙහි (දොරටුව ඉදිරිපසෙහියි). අග්ගලං යනු කවුළුවයි, උක්කාසිත්වා යනු උගුර හඬවායි, ආකොටෙහි යනු නියගින් මඳක් යතුරු සිදුර සමීපයෙහි තට්ටුකරවයි කියන ලද්දේ වෙයි. දොරට ඉතා උඩින් අමනුෂ්‍යයෝ ද ඉතා යටින් සර්පයෝ ද තට්ටු කරති. එසේ තට්ටු නොකොට මැද සිදුරු සමීපයෙහි තට්ටුකළ යුතුය යන මෙය දොරට තට්ටු කිරීමේ වතයයි කියත්. විවරි භගවා ද්වාරං යනු භාග්‍යවතුන් වහන්සේ නැඟිට දොර විවර නොකරති. ඇරේවායි අත දිගු කරති. නොයෙක් කෙළගණන් කල්පයන්හි දන් දෙන්නා වූ ඔබවහන්සේ විසින් සියතින් දොර ඇරීමක් නොකරන ලදැයි දොර තෙමේම විවරවෙයි. යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේගේ සිතෙන් විවරවීද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දොර විවර කළහයි කීමට වටියි.
මෙත්තූපහාරන්ති මෙත්තාසම්පයුත්තං කායිකවාචසිකඋපහාරං. කතඤ්ඤුතන්ති අයඤ්හි රාජා පුබ්බෙ ථූලසරීරො අහොසි, දොණපාකං භුඤ්ජති. අථස්ස භගවා දිවසෙ දිවසෙ ථොකං ථොකං හාපනත්ථාය –
මෙත්තූපහාරං යනු මෛත්‍රියෙන් යුක්තවූ කායික වාචසික උපහාරයකි, කතඤ්ඤුතං යනු මේ රජතෙමේ පෙර ස්ථුල ශරීර ඇත්තේ විය. ද්‍රොණයක් අහර බුදියි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට
“මනුජස්ස සදා සතීමතො, මත්තං ජානතො ලද්ධභොජනෙ; තනුකස්ස භවන්ති වෙදනා, සණිකං ජීරති ආයුපාලය”න්ති. (සං· නි· 1.124) –
හැමවිට සිහි ඇති ලද බොජුනෙහි පමණ දන්නා ඒ මිනිසාගේ වේදනාව තුනීවෙයි. ආයුෂ වැඩි කරමින් සෙමෙන් (අහර) දිරවයි.
ඉමං ඔවාදං අදාසි. සො ඉමස්මිං ඔවාදෙ ඨත්වා දිවසෙ දිවසෙ ථොකං ථොකං හාපෙත්වා අනුක්කමෙන නාළිකොදනපරමතාය සණ්ඨාසි, ගත්තානිපිස්ස තනූනි ථිරානි ජාතානි. තං භගවතා කතං උපකාරං සන්ධාය “කතඤ්ඤුතං ඛො අහං, භන්තෙ, කතවෙදිතං සම්පස්සමානො”ති ආහ. අරියෙ ඤායෙති සහවිපස්සනකෙ මග්ගෙ. වුද්ධසීලොති වඩ්ඪිතසීලො. අරියසීලොති අපොථුජ්ජනිකෙහි සීලෙහි සමන්නාගතො. කුසලසීලොති අනවජ්ජෙහි සීලෙහි සමන්නාගතො. ආරඤ්ඤකොති ජායමානොපි අරඤ්ඤෙ ජාතො, අභිසම්බුජ්ඣමානොපි අරඤ්ඤෙ අභිසම්බුද්ධො, දෙවවිමානකප්පාය ගන්ධකුටියා වසන්තොපි අරඤ්ඤෙයෙව වසීති දස්සෙන්තො එවමාහ. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
මේ අවවාදය දුන්සේක. හෙතෙම මේ ඔවදනෙහි සිට දවසින් දවස එක් එක් (පිඬුවක්) අඩුකොට අනුක්රමයෙන් නැළියක බත් උපරිමයෙහි පිහිටියේය. ඔහුගේ අවයව ද සවිමත්ව සිටියේය. භාග්‍යවතුන් වහන්සේ විසින් කරනලද ඒ උපකාරය සඳහා මම ස්වාමීනි, කළගුණ ඇති බව, කෘතවේදිත්වය දකිමින්” යයි කියන ලදි. අරියෙ ඤායෙ යනු විදසුන් සහිත මගෙහියි. වුද්ධසීලො යනු වඩනලද සිල් ඇත්තේයි, අරියසීලො යනු පෘථග්ජන නොවන ශීලයගෙන් යුක්තවූයේයි, කුසලසීලො යනු නිවැරදි ශීලයන්ගෙන් යුක්තවූයේයි ආරඤ්ඤකො යනු උපදින්නේ ද අරණෙහි උපන්නේය. බුදුවන්නේ ද අරණෙහි බුදුවූයේය දෙවිවිමනක් බඳු ගඳකිළියෙහි වෙසෙන්නේ ද අරණයෙහිම යයි දක්වමින් මෙසේ කීය. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
මහාවග්ගො තතියො.
තෙවැනි මහා වර්ගයයි.