දුතිය මහාපඤ්හ සුත්තං
10. 1. 3. 8.
10. 1. 3. 8.
දුතිය මහාපඤ්හ සුත්තං
දෙවන මහාපඤ්හ සූත්‍රය
එකං සමයං භගවා කජඞ්ගලායං විහරති වෙළුවනෙ. අථ ඛො සම්බහුලා කජඞ්ගලා උපාසකා යෙන කජඞ්ගලා භික්ඛුනී තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා කජඞ්ගලං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු එකමන්තං නිසින්නා ඛො කජඞ්ගලා උපාසකා කජඞ්ගලං භික්ඛුනිං එතදවොචුං.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නගරයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණ වෙත එළඹියහ. එළඹ කජඞ්ගලා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණට තෙල කීහ:
වුත්තමිදං අය්යෙ භගවතා මහාපඤ්හෙසු: එකොපඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණං. ද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා ද්වෙ වෙය්යාකරණානි, තයො පඤ්හා තයො උද්දෙසා තීණි වෙය්යාකරණානි, චත්තාරො පඤ්හා. චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානි. පඤ්ච පඤ්හා පඤ්චුද්දෙසා පඤ්ච වෙය්යාකරණානි. ඡ පඤ්හා ඡ උද්දෙසා, ඡ වෙය්යාකරණානි. සත්ත පඤ්හා සත්ත උද්දෙසා, සත්ත වෙය්යාකරණානි. අට්ඨ පඤ්හා අට්ඨ උද්දෙසා අට්ඨ වෙය්යාකරණානි. නව පඤ්හා නව උද්දෙසා නව වෙය්යාකරණානි, දස පඤ්හා දස උද්දෙසා දස වෙය්යාකරණානීති. ඉමස්ස නු ඛො අය්යෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති?
ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි ලා මෙය වදාරන ලද: “එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙක. දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විසඳුමෙක. තුන් පැනෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙක. සිවු පැනෙක, සිවු උදෙසුමෙක, සිවු විසඳුමෙක. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙක. ස පැනෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙක. සත් පැනෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙක. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙක. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙක. දස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැ”යි. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් කෙසේ අර්ත්ථ දතයුතු දැයි.
න ඛො පනෙතං ආවුසො භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහීතං. නපි මනොභාවනීයානං භික්ඛූනං සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහීතං, අපිච යථා මෙත්ථ ඛායති, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං අය්යෙති ඛො කජඞ්ගලා උපාසකා කජඞ්ගලාය භික්ඛුනියා පච්චස්සොසුං. කජඞ්ගලා භික්ඛුනී එතදවොච:
ඇවැත්නි, තෙල භගවතුන් හමුයෙන් නො ම අසන ලද. හමුයෙන් නො ම පිළිගන්නා ලද, මනෝභාවනීය භික්ෂූන් හමුයෙන් නො ද අසන ලද, නො ද පිළිගන්නා ලද. වැලිත් මෙහි ලා මට යම් සේ වැටහේ නම් ඒ අසවු. මොනොවට මෙනෙහි කරවු. කියමි යි. ආර්‍ය්‍යාවෙනි, එසේ ය යි කජඞ්ගලා උපාසකයෝ කජඞ්ගලා භික්ෂුණියට පිළිවදන් අස් වූ හ. කජඞ්ගලා භික්ෂුණී තෙල කිවු ය.
එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණන්ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. එකධම්මෙ ආවුසො භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමස්මිං එකධම්මෙ: සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා, ඉමස්මිං ඛො ආවුසො එකධම්මෙ භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො, සම්මා විමුච්චමානො සම්මාපරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණන්ති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්චවුත්තං.
එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් සඳහා කියන ලදය. ඇවැත්නි, එකම දහමෙක් මොනොවට මහණ උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර එක් දහමෙක යත්: සර්‍වසත්‍වයෝ ආහාර ස්ථිතිකය හ. ඇවැත්නි, මේ එක් ධර්මයෙහි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වවයට පැමිණ දිටු දැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ පිණිස කියන ලද.
ද්වෙ පඤ්හා, ද්වෙ උද්දෙසා, ද්වෙ වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. ද්වීසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො, සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු ද්වීසු: නාමෙ ච රූපෙ ච. -පෙ- කතමෙසු තීසු: තීසු වෙදනාසු. ඉමෙසු ඛො ආවුසො තීසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො, සම්මා විරජ්ජමානො, සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, තයො පඤ්හා තයො උද්දෙසා, තීණි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
දෙ පැනෙක, දෙ උදෙසුමෙක, දෙ විමසුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් සඳහා දෙසන ලද ය යත්: ඇවැත්නි, දහම් දෙකෙකැ මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි හා රූපයෙහි හා යි. ... කවර තුනෙක යත්: තුන් වේදනායෙහි ය -පෙ- ඇවැත්නි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
චත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: චතුසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු චතුසු: චතුසු සතිපට්ඨානෙසු. ඉමෙසු ඛො ආවුසො චතුසු ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. චත්තාරො පඤ්හා, චත්තාරො උද්දෙසා, චත්තාරි වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම් තෙල කුමක් පිණිස දෙසන ලද ය යත්: ඇවැත්නි, සතර දහමෙක මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර සීවටන්හි ය. ඇවැත්නි, මේ සතර දහම්හි මහණ මොනොවට සුභාවිත චිත්තය ඇතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල කරුණ මෙ පිණිස දෙසන ලද.
පඤ්ච පඤ්හා, පඤ්චුද්දෙසා, පඤ්ච වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: පඤ්චසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු පඤ්චසු: පඤ්චසු ඉන්ද්රියෙසු. -පෙ- කතමෙසු ඡසු: ඡසු නිස්සාරණීයාසු ධාතුසු. -පෙ- කතමෙසු සත්තසු: සත්තසු බොජ්ඣඞ්ගෙසු. -පෙ- කතමෙසු අට්ඨසු: අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ ඉමෙසු ඛො ආවුසො අට්ඨසු ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී, සම්මත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. අට්ඨ පඤ්හා, අට්ඨ උද්දෙසා, අට්ඨ වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, පස් දහමෙක්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වයට පැමිණ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක යත්: පඤේචන්‍ද්‍රියන්හි ය. .. කවර සයෙක යත්: ෂට් නිඃසරණීය ධාතුයෙහි ය ... කවර සතෙක යත්: සප්ත බෝධ්‍යඞ්ගයන්හි ය. ... කවර අටෙක යත්: ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්ගයෙහි ය. ඇවැත්නි, මේ අට දහම්හි මහණ මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යයන්තය දක්නේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විසඳුමෙකැයි මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල පිණිස දෙසන ලද.
නව පඤ්හා, නවුද්දෙසා නව වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: නවසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු නවසු: නවසු සත්තාවාසෙසු. ඉමෙසු ඛො ආවුසො නවසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. නව පඤ්හා, නවුද්දෙසා නව වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල කුමක් පිණිස දෙස ලද ය යත්: ඇවැත්නි, දහම් නවයෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට ස්වභාව අර්ත්ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර නවයෙක යත්: නව සත්ත්වාවාසන්හි ය. ඇවැත්නි මේ නව දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. නව පැනෙක, නව උදෙසුමෙක, නව විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලද.
දස පඤ්හා දස උද්දෙසා, දස වෙය්යාකරණානීති ඉති ඛො පනෙතං වුත්තං භගවතා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: දසසු ආවුසො ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු දසසු: දසසු කුසලෙසු කම්මපථෙසු: ඉමෙසු ඛො ආවුසො දසසු ධම්මෙසු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථාභිසමෙච්ච දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. දස පඤ්හා, දසුද්දෙසා, දස වෙය්යාකරණානීති ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
දස පැනෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකැයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල යමක් දෙසන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද ය යත්: ඇවැත්නි, දස දහමෙක මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දසයෙක් යත්: දශ කුසල කර්මපථයෙහි ය. ඇවැත්නි,මේ දස දහම්හි මොනොවට වැඩූ සිතැතියේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලුයේ මොනොවට ස්වභාවාර්‍ත්‍ථය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. දස පැනෙක, දස උදෙසුමෙක දස විසඳුමෙකැයි, මෙසේ යම් ම බසක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද.
ඉති ඛො ආවුසො යං තං වුත්තං භගවතා මහාපඤ්හෙසු එකො පඤ්හො, එකො උද්දෙසො, එකං වෙය්යාකරණං -පෙ- දසවෙය්යාකරණානීති ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආවුසො භගවන්තං යෙව උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ, යථා නො භගවා ව්යාකරොති, තථා නං ධාරෙය්යාථාති.
ඇවැත්නි, මෙසේ මහාප්රශ්නයෙහි එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, ... දස විසඳුමෙකැයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ම බසක් කියන ලද නම්, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්ත්ථය මෙසේ විස්තර විසින් මම දන්මි, ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා ම එළඹ තෙල අර්ත්ථය පුළුවුස්ව. යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ තොපට ව්‍යාකරණ කරන සේක් නම් එය එපරිද්දෙන් දරවු යි.
එවං අය්යෙති ඛො කජඞ්ගලා උපාසකා කජඞ්ගලාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා කජඞ්ගලං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කජඞ්ගලා උපාසකා යාවතකො අහොසි කජඞ්ගලාය භික්ඛුනියා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසුං.
ආර්‍ය්‍යාවෙනි, එසේ යයි කජඞ්ගලා වැසි උපාසකයෝ කජඞ්ගලා මෙහෙණගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොටගෙන හුනස්නෙන් නැගී කජඞ්ගලා භික්ෂුණිය වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සිටියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස් ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා භික්ෂුණිය සමග යම්තාක් කථා සල්ලාපයෙක් වී නම් එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
සාධු, සාධු ගහපතයො, පණ්ඩිතා ගහපතයො කජඞ්ගලා භික්ඛුනී මහාපඤ්ඤා ගහපතයො කජඞ්ගලා භික්ඛුනී. සචෙපි තුම්හෙ ගහපතයො මං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාථ, අහම්පි චෙතං එවමෙව බ්යාකරෙය්යං යථා තං කජඞ්ගලාය භික්ඛුනියා බ්යාකතං. එසො චෙව තස්සත්ථො, එවඤ්ච තං ධාරෙය්යාථාති.
ගැහැවියෙනි, මැනැව, මැනැව. ගැහැවියෙනි, කජඞ්ගලා මෙහෙණ පණ්ඩිතය, ගැහැවියෙනි, කජඞ්ගලා මෙහෙණ මහපැනැතියක. ගැහැවියෙනි, ඉදින් තෙපි මා කරා එළඹ මේ අර්ත්ථය පුළුවුස්හු නම්, යම් පරිද්දෙකින් එය කජඞ්ගලා භික්ෂුණිය විසින් විසඳන ලද නම්, එපරිද්දෙන් ම විසඳන්නෙමි. තෙල භාෂිතයාගේ අර්ත්ථය තෙල මැයි. එසෙයින් එයම දරවුයි.