පඨමකොසල සුත්තං
10. 1. 3. 9.
10. 1. 3. 9.
පඨමකොසල සුත්තං
ප්‍රථම කෝසල සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
1. යාවතා භික්ඛවෙ කාසිකොසලා, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතෙ, රාජා තත්ථ පසෙනදී කොසලො රාජා අග්ගමක්ඛායති. රඤ්ඤොපි ඛො භික්ඛවෙ පසෙනදිස්ස කොසලස්ස අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
1. මහණෙනි, යම්තාක් කසී කොසොල් ජනපද වැසියෝ වෙත් නම්, පසේනදී කෝසල රජුගේ විජිතයෙහි යම්තාක් රජහු වෙත් නම්, ඔවුන් අතුරෙහි පසේනදී කෝසල රජ අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොසොල් රජහුගේ ද අන්‍යථාත්‍වයෙක් ඇති. විපරිණාමයෙක් (මරණය) ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරිසවු ඒ සැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍ර කෝශල රාජ්‍යයෙහි නො ඇලෙන්නේ ය. හීන(පඤ්චකාම ගුණ) යෙහි කැලමැයි.
2. යාවතා භික්ඛවෙ චන්දිමසුරියා පරිහරන්ති, දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං චන්දානං, සහස්සං සුරියානං, සහස්සං සිනෙරුපබ්බතරාජානං, සහස්සං ජම්බුදීපානං, සහස්සං අපරගොයානානං සහස්සං උත්තරකුරූනං, සහස්සං පුබ්බවිදෙහානං, චත්තාරි මහාසමුද්දසහස්සානි, චත්තාරි මහාරාජසහස්සානි, සහස්සං චාතුම්මහාරාජිකානං, සහස්සං තාවතිංසානං, සහස්සං යාමානං, සහස්සං තුසිතානං, සහස්සං නිම්මාණරතීනං, සහස්සං පරනිම්මිතවසවත්තීනං, සහස්සං බ්රහ්මලොකානං, යාවතා භික්ඛවෙ සහස්සීලොකධාතු, මහාබ්රහ්මා තත්ථ අග්ගමක්ඛායති. මහාබ්රහ්මුනොපි ඛො භික්ඛවෙ අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
2. මහණෙනි, යම්තාක් සඳහිරුහු වට ඇවිදිද් ද, බබළන්නාහු දිගුන් හොබවත් ද, එතෙක් සහස්‍රී ලෝකධාතු වෙයි. එ සහස්‍රී ලෝකධාතුයෙහි සද දහසෙක, හිරුදහසෙක, මහමෙර දහසෙක, දඹදිවු දහසෙක, අපර ගොයාන දහසෙක, උතුරුකුරු දහසෙක, පූර්වවිදේහ දහසෙක, මහ මුහුදු සාරදහසෙක, වරම්රජහු සාරදහසෙක, චාතුර්මහාරාජිකා දහසෙක, ත්‍රයත්ත්‍රිංශත් දහසෙක, යාම දහසෙක, තුසිත දහසෙක, නිම්මාණරතී දහසෙක, පරනිර්මිතවශවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, යම්තාක් සහස්‍රී ලෝකධාතු වේ ද, එහි මහබඹු අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි, මහබඹුහු දු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්රබ්රහ්මසම්පත්හි නො ඇලෙයි, යටත් සැපත්හි කැල මැයි.
3. හොති ඛො සො භික්ඛවෙ සමයො, යං අයං ලොකො සංවට්ටති, සංවට්ටමානෙ භික්ඛවෙ ලොකෙ යෙභුය්යෙන සත්තා ආභස්සර සංවත්තනිකා භවන්ති, තෙ තත්ථ හොන්ති මනොමයා, පීතිභක්ඛා සයං පභා අන්තලික්ඛෙචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. සංවට්ටමානෙ භික්ඛවෙ ලොකෙ ආභස්සරා දෙවා අග්ගමක්ඛායන්ති. ආභස්සරානම්පි ඛො භික්ඛවෙ දෙවානං අත්ථෙව අඤ්ඤථත්තං. අත්ථි විපරිණාමො, එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති, තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
3. මහණෙනි, යම් හෙයකින් මෙ ලොව නස්නේ වේ ද, එබඳු කාලයෙක් වේ මැ ය, මහණෙනි, ලොව නස්නා කල්හි බෙහෙවින් සත්හු ආභාස්වර දෙව්ලොව උපදනාහු වෙත්. එහු ඒ බඹලොව ධ්‍යානමනසින් මනෝමය වූවාහු ප්රීතිභක්ෂ්ය වූවාහු ස්වයම්ප්‍රභා ඇත්තාහු අන්තරීක්ෂවර වූවාහු ශුභස්ථායි වූවාහු දීර්ඝ කාලයක් සිටින්නාහු වෙත්. මහණෙනි, ලෝකය නස්නා කල්හි ආභාස්වර දෙවියෝ අග්‍රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, ආභාස්වර දෙවියනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත, ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ බඹසැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්‍ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපත්හි කැල ම ය.
4. දසඉමානි භික්ඛවෙ කසිණායතනානි. කතමානි දස: පඨවිකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො, තිරියං අද්වයං අප්පමාණං. තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං ඉමානි ඛො භික්ඛවෙ දස කසිණානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං දසන්නං කසිණායතනානං යදිදං විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං, එවංසඤ්ඤිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං සඤ්ඤීනම්පි භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
4. මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක යත්: එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත පඨවිකසිණය දන්නේ ය. එකෙක් ... අපොකසිණය දන්නේ ය ... එකෙක් තේජෝකසිණය දන්නේ ය ... එකෙක් වායෝකසිණය දන්නේ ය ... එකෙක් නීලකසිණය දන්නේ ය … එකෙක් පීතකසිණය දන්නේ ය ... එකෙක් ලෝහිතකසිණය දන්නේ ය … එකෙක් ඕදාතකසිණය දන්නේ ය ... එකෙක් ආකාසකසිණය දන්නේ ය ... එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය. මහණෙනි, මොහු දස කසිණායතනයෝ ය. මහණෙනි, එකෙක් උඩ යට සරස ද්වය රහිත ප්‍රමාණ රහිත විඤ්ඤාණකසිණය දන්නේ ය යන මේ කරුණෙක් ඇද්ද, මේ දස කසිණයන් අතුරෙහි තෙල අග්‍ර වෙයි. මහණෙනි, මෙ බඳු සංඥා ඇති සත්ත්වයෝ වෙත් ද මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්වයන් අතුරෙහි දු අන්‍යථාත්‍වයෙක් ඇත, ච්‍යුතියෙක් ඇති. මහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක එ සැපත්හි දු උකටලි වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්‍ර සැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
5. අට්ඨිමානි භික්ඛවෙ අභිභායතනානි, කතමානි. අට්ඨ: අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණ දුබ්බණ්ණානි. “තානි අභිභුය්ය ජානාමි පස්සාමී”ති එවංසඤ්ඤී හොති ඉදං පඨමං අභිභායතනං.
5. මහණෙනි, මේ අභිභායතනයෝ අට දෙනෙක, කවර අට දෙනෙක යත්: එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේ ය. එ රූ අභිභවා දන්මි, දක්මි යි යන මෙබ දු සංඥා ඇතියේ වෙයි. මේ ප්රථමාභිභායතන යි.
අජ්ඣත්තං රූපසඤ්ඤී එකොබහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණ දුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
එකෙක් තමා තුළ රූප සංඥා ඇතියේ ප්‍රමාණ රහිත සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ ද්විතීයාභිභායතනය යි.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, “තානි අභිභුය්ය ජානාමි, පස්සාමී” ති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අල්ප වූ සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ තෘතීයාභිභායතනය යි.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවං සඤ්ඤී හොති ඉදං චතුත්ථං අභිභායතනං.
එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ වූ බැහැර රූ දක්නේය. එ රූ අභිභවා දන්මි, දක්මි යි මෙබඳු සංඥා ඇතියේ වෙයි. මේ චතුර්ත්ථාභිභායතනය යි.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීල නිදස්සනානි නීල නිභාසානි සෙය්යථාපි නාම උම්මා පුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාග විමට්ඨං නීලං නීලවණ්ණං නීලදස්සනං නීල නිභාසං. එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති, ඉමං පඤ්චමං අභිභායතනං.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ බැහැර රූ දක්නේ ය, නීල වූ නීල වර්ණ වූ නීල දර්ශන වු දිය මෙරලිය මල යම්සේ වේ ද, බරණැස වියූ දෙපය මොළොක් වූ නීල වූ නීලවර්ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ ඒ පිළී යම් සේ වේ ද එපරිදි ම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්ණ වූ නීලනිදර්‍ශන වූ නීලනිභාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ පඤ්චමාභිබායතනය යි.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි, පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති ඉදං ඡට්ඨං අභිභායතනං.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ පීත වූ පීත වර්ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ බැහැර රූ දක්නේ ය. පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ කිණිහිරි පුප් යම්සේ වේ ද, බරණැස වියූ දෙපය මොළොක් වූ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ ඒ පිළී යම්සේ වේ ද, එපරිදිම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ ෂෂ්ඨාභිභායතනය යි.
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතක නිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතක නිදස්සනානි ලොහිතක නිභාසානි තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති ඉදං සත්තමං අභිභායතනං.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ලෝහිත වූ ලෝහිතවර්ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බැහැර රූ දක්නේ ය. ලෝහිත වූ ලෝහිතවර්ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බඳුවද පුප් යම්සේ වේ ද බරණැස වියූ දෙපය මොළොක් වූ ලෝහිතක වූ ලෝහිතවර්ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ ඒ පිළී යම්සේ වේ ද, එපරිදිම එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ සප්තාමාභිභයතනය යි,
අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාත නිභාසානි.
එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ ඕදාත වූ ඔදාතවර්ණ වූ ඕදාතකනිදර්ශන වූ ඔදාතකනිහාස වූ බැහැර රූ දක්නේ ය.
සෙය්යථාපි නාම ඔසධීතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවංසඤ්ඤී හොති ඉදං අට්ඨමං අභිභායතනං.
අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ දහවත් තරු යම් සේ වේ ද, අවදාත වූ අවදාත වර්ණ වූ අවදාත නිදර්ශන වූ නිභාස වූ බරණැස වියූ ඒ වස්ත්‍රයක් යම් සේ වේ ද, එසේ එකෙක් තමා තුළ අරූපසංඥා ඇතියේ අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි. මේ අෂ්ටමාභිභයතනය යි.
ඉමානි ඛො භික්ඛවෙ අට්ඨ අභිභායතනානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං අට්ඨන්නං අභිභායතනානං යදිදං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. එවං සඤ්ඤිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං සඤ්ඤීනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො, එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
මහණෙනි, මේ අෂ්ට අභිභායතනයෝ යි. මහණෙනි, “එකෙක් තමා තුළ අරූප සංඥා ඇතියේ අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතනිහාස වූ බැහැර රූ දක්නේ ය. ඒ රූ අභිභවා දන්මි, දක්මි යි මෙසේ සංඥා ඇතියේ වෙයි” යන යම් මේ අභිභායතනයෙක් වේ ද, මේ අෂ්ට අභිභායතනයන් අතුරෙන් තෙල අග්‍ර වෙයි. මහණෙනි, මෙසේ සංඥා ඇති වූත් සත්ත්වයෝ ඇත. මහණෙනි, මෙසේ සංඥා ඇති වූත් සත්ත්වයන්ගේ අන්‍යථාත්‍වයෙක් ඇත් ම ය. ච්‍යුතියෙක් ඇත් ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ සැපත්හීදු උකටලී වෙයි. එහි උකටලි වනුයේ ඒ අග්රසැපත්හි නො ඇලෙයි. යටත් සැපතෙහි කැල ම ය.
6. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං චතුන්නං පටිපදානං යදිදං සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. එවං පටිපන්නාපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං පටිපන්නානම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
6. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක, කවර සතර දෙනෙක යත්: දන්‍ධාභිඥ දුක්ඛාපටිපදා ය, ක්‍ෂිප්‍රාභිඥ දුක්ඛාපටිපදා ය, දන්‍ධාභිඥ සුඛාපටිපදා ය, ක්‍ෂිප්‍රාභිඥ සුඛාපටිපදා ය. මහණෙනි, මොහු සතර ප්‍රතිපදාවෝ යි. මහණෙනි, ක්‍ෂිප්‍රාභිඥ සුඛාපටිපදා යැ යන යම් මේ ප්‍රතිපදායෙක් වේ ද, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්වයෝ ද ඇත. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්වයනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇති. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහි උකටලී වෙයි. එහි උකටලී වනුයේ එ අග්රප්රතිපත්හි නො ඇලෙයි. යටත් ප්‍රතිපත්හි කැල මය.
7. චතස්සො ඉමා භික්ඛවෙ සඤ්ඤා, කතමා චතස්සො: පරිත්තමෙකො සඤ්ජානාති, මහග්ගතමෙකො සඤ්ජානාති, අප්පමාණමෙකො සඤ්ජානාති නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති, ඉමා ඛො භික්ඛවෙ චතස්සො සඤ්ඤා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං චතුන්නං සඤ්ඤානං යදිදං “නත්ථි කිඤ්චී”ති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති. එවං සඤ්ඤිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං සඤ්ඤීනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො එවං පස්සං භික්ඛවෙ සුතවා, අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
7. මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: එකෙක් සූක්ෂම ය දන්නේ ය. එකෙක් මහද්ගතය දන්නේ ය. එකෙක් අප්‍රමාණය දන්නේ ය. එකෙක් කිසිදු නැති ආකිඤ්චඤ්ඤය දන්නේ ය. මහණෙනි, මේ සතර සංඥාවෝ ය. මහණෙනි, එකෙක් කිසිදු නැති ආකිඤ්චඤ්ඤය දන්නේ ය යන යම් මේ සංඥායෙක් වේ ද, මේ සතර සංඥාවන් අතුරෙන් තෙල අග්‍රය. මහණෙනි, මෙසේ සංඥා ඇති සත්ත්වයෝ ද ඇත. මහණෙනි, මෙසේ සංඥා ඇති සත්ත්වයනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහිදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්රසංඥාවෙහි නො ඇලෙයි. යටත් සංඥායෙහි කැල ම ය.
8. එතදග්ගං භික්ඛවෙ බාහිරකානං දිට්ඨිගතානං යදිදං නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සන්තීති. එවංදිට්ඨිනො භික්ඛවෙ එතං පාටිකඞ්ඛං: යා චායං භවෙ අප්පටිකූල්යතා, සා චස්ස න භවිස්සති, යාචායං භවනිරොධෙ පාටිකුල්යතා, සා චස්ස න භවිස්සතීති. එවං දිට්ඨිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං දිට්ඨිනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
8. මහණෙනි, “අතීතයෙහි නො වීම් නම් වර්තමානයෙහි මාගේ ආත්මභාවයෙක් නැත. මතුයෙහි නොවෙම් නම් මාගේ කිසි පළිබෝධයෙක් නැත” යන යම් මේ දෘෂ්ටිගතයෙක් වේද, ශාසනසමයෙන් බැහැර සිටුනා දෘෂ්ටිගතයන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇතියා හට තෙල කැමැති විය යුතු ය: “භවයෙහි ලා යම් මේ අප්පටිකූල්යතායෙක් වේ ද එද ඔහුට නො වේ. භවනිරෝධයෙහි ලා යම් මේ පටිකූල්යතායෙක් වේ ද එ ද නො වේ ය”යි. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සත්හු ද ඇත. මහණෙනි, මෙසේ දෘෂ්ටි ඇති සතුනුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක එහිදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍රදෘෂ්ටිගතයෙහි නො ඇලෙයි. යටත් අග්‍රදෘෂ්ටිගතයෙහි කැල ම ය.
9. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්ති. එතදග්ගං භික්ඛවෙ පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්තානං යදිදං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තෙ තදභිඤ්ඤාය තස්ස සච්ඡිකිරියාය ධම්මං දෙසෙන්ති. එවං වාදිනොපි ඛො භික්ඛවෙ සන්ති සත්තා. එවං වාදීනම්පි ඛො භික්ඛවෙ සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති, තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති. පගෙව හීනස්මිං.
9. මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පනවන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. මහණෙනි, “සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපයා වෙසෙයි” යන යම් මේ පරමාර්‍ත්‍ථ විසුද්ධියෙක් වේ ද පරමාර්‍ත්‍ථ විසුද්ධි පනවනුවන් අතුරෙන් තෙල අග්‍ර ය. ඔහු එ දැනැ එය සාක්ෂාත් කරනු පිණිස දහම් දෙසත්. මහණෙනි, මෙසේ වාද ඇති සත්හුදු ඇත. මහණෙනි, මෙසේ වාද ඇති සත්නුදු ගේ අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඒ පරමාර්‍ත්‍ථ විසුද්ධියෙහිදු උකටලි වෙයි. එහි උකටලි වනුයේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො ඇලෙයි. යටතෙහි කැල ම ය.
10. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා පරමදිට්ඨධම්මනිබ්බානවාදා. තෙ පරමදිට්ඨධම්මං නිබ්බානං පඤ්ඤාපෙන්ති. එතදග්ගං භික්ඛවෙ පරමදිට්ඨධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්තානං යදිදං ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමොක්ඛො. එවං වාදිං ඛො මං භික්ඛවෙ එවමක්ඛායිං. එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති: න සමණො ගොතමො කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙතීති. කාමානං ඛො අහං භික්ඛවෙ පරිඤ්ඤං පඤ්ඤාපෙමි, රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙමි, වෙදනානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙමි දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙමීති.
10. මහණෙනි, පරමදෘෂ්ටධර්‍ම නිර්වාණවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය පනවත්. මහණෙනි, “ෂට්ස්පර්‍ශායතනයන්ගේ සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා දෝෂය හා නිස්සරණය හා තත් වූ පරිදි දැන අනුපාදා විමෝක්‍ෂයෙක් වේ” යන යම් මේ අර්හත්වයෙක් වේ ද, පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය පනවන්නවුන් අතුරෙන් තෙල අග්‍ර ය. මහණෙනි, මෙසේ බණන සුලු මෙසේ කියන සුලු මා ඇතැම් මහණ බමුණෝ අසත් වූ ඒ ලඝුමෘෂා වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත්: “ශ්‍රමණ ගෞතම කාමයන්ගේ සමතික්‍රමණය නො පනවයි” කියා යි. මහණෙනි, මම කාමසමතික්රමණය පනවමි, රූපසමතික්රමණය ද පනවමි. වේදනාසමතික්රමණය ද පනවමි. ඉහාත්මයෙහි නිෂ්තෘෂ්ණ වූයෙම් නිවෘත වූයෙම් ශීතීභූත වූයෙම් අනුපාදාපරිනිර්වාණය පනවමි.