යෙදුමෙන් කියවන්න

පඨම මහාපඤ‍්හ සුත‍්තං

10. 1. 3. 7.

10. 1. 3. 7.

පඨම මහාපඤ‍්හ සුත‍්තං

පඨම මහාපඤ්හ සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො සම‍්බහුලා භික‍්ඛු පුබ‍්බන‍්හ සමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි:

එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි සම්බහුල භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬුපිණිස පිවිසගත්හ. එකල්හි මහණුන්ට තෙල සිත විය:

“අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූන මයං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති.

“සැවැත්හි පිඬු පිණිස සරනට දැන් ඉතා අලුයම ය. අපි අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙමෝ නම් යෙහෙකැ”යි.

අථ ඛො තෙ භික‍්ඛු යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛු තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං.

ඉක්බිති ඒ මහණහු අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සම්මෝදනාවට හිත වූ සිහිකටයුතු කථාව නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ තෙල කීහ:

“සමණො ආවුසො ගොතමො සාවකානං එවං ධම‍්මං දෙසෙති: “එථ තුම‍්හෙ භික‍්ඛවෙ සබ‍්බං ධම‍්මං අභිජානාථ: සබ‍්බං ධම‍්මං අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාය විහරථා”ති. මයම‍්පි ඛො ආවුසො සාවකානං එවං ධම‍්මං දෙසෙම: “එථ තුම‍්හෙ ආවුසො සබ‍්බං ධම‍්මං අභිජානාථ: සබ‍්බං ධම‍්මං අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාය විහරථා”ති.

ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසත්: එව, මහණෙනි, හැම දහම් දැන පසක්කොට වාසය කරව, හැම දහම් පසක් කොට කොට වසව”යි, ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දම් දෙසමු: “ඇවැත්නි, එව, තෙපි මෙ දහම් හැම දැන පසක් කරව, හැම දහම් දැන පසක්කොට වාසය කරව”යි.

ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප‍්පායො, කිං නානාකරණං සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින‍්ති”?

ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් ගේ මේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව අරභයා අපගේ කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? කවර වෙනසෙකැ?”යි.

අථ ඛො තෙ භික‍්ඛු තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං නෙව අභිනන්‍දිංසු න පටික‍්කොසිංසු, අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමාති.

එකල්හි එ මහණහු ඒ අන්තොටු පිරිවැජියනගේ වචනය නොම පිළිගත්හ, පරිත්‍යාග නො ද කළහ, නො ද පිළිගෙන පරිත්‍යාග නො ද කොට හුනස්සෙන් නැගී “භගවත්හු වෙතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගනුම්හ”යි ගියහ.

අථ ඛො තෙ භික‍්ඛු සාවත්‍ථියං පිණණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡා භත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛු භගවන‍්තං එතදවොචුං

ඉක්බිති එ මහණෝ සැවැත්හි පිඬු පිණිස සැර පිඬුවායෙන් වැළැකියාහු පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ, එකත්පස්ව හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලහ:

ඉධ මයං භන‍්තෙ, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්ත චීවරමාදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පවිසිම‍්හ. තෙසං නො භන‍්තෙ, අම‍්හාකං එතදහොසි: “අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූන මයං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති. අථ ඛො මයං භන‍්තෙ යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො, තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිම‍්හ. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිම‍්හ. එකමන‍්තං නිසින‍්නො ඛො භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අම‍්හෙ එතදවොචුං: “සමණො ආවුසො ගොතමො සාවකානං එවං ධම‍්මං දෙසෙති: ‘එථ තුම‍්හෙ භික‍්ඛවෙ සබ‍්බං ධම‍්මං අභිජානාථ, සබ‍්බං ධම‍්මං අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාය විහරථා’ති. මයම‍්පි ඛො ආවුසො සාවකානං එවං ධම‍්මං දෙසෙම: “එථ තුම‍්හෙ ආවුසො සබ‍්බං ධම‍්මං අභිජානාථ, සබ‍්බං ධම‍්මං අභිඤ‍්ඤාය අභිඤ‍්ඤාය විහරථා’ති. ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප‍්පායො කිංනානා කරණං, සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං අනුසාසනියා වා අනුසාසනින‍්ති”.

වහන්ස, මෙ සැවැත්හි අපි පෙරවරුයෙහි හැඳපෙරව පා සිවුරු ගෙන පිඬු පිණිස බැස ගතුම්හ. වහන්ස, එ අපහට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට තව බොහෝ කල් ඇත් මැයි. අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹමෝ නම් මැනැවැ”යි. වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළඹියෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වීම්හ, සතුටු වියුයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුනුම්හ. වහන්ස, එකත්පස්ව හුන් අපට අන්තොටු පිරිවැජියෝ තෙල කීහ: “ඇවැත්නි, මහණ ගොයුම්හු සව්වනට මෙසේ දම් දෙසන්නාහ: “මහණෙනි, එව, තෙපි හැම දහම් මොනොවට දනුව, හැම දහම් මොනොවට දැන පසක් කොට වායස කරව”යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු: ‘ඇවැත්නි, එව තෙපි සියලු දහම් මොනොවට දනිවු. සියලු දහම් මොනොවට දැන දැන වාසය කරවු”යි. ඇවැත්නි, මෙ කරුණෙහි ලා අප අතර කවර වෙසෙසෙක? කවර අධිප්‍රායයෙක? මහණ ගොයුම්හුගේ ධර්‍ම දේශනාව හෝ අනුශාසනාව සමග අපගේ ධර්‍ම දේශනාව ඇරබ කවර නානා කරණයෙක්ද?

අථ ඛො මයං භන‍්තෙ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිම‍්හ, න පටික‍්කොසිම‍්හ. අනභිනන්‍දිත්‍වා අපටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිම‍්හ. “භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමා”ති.

වහන්ස, එකල්හි අපි ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාසිතය නො ද පිළිගතුම්හ, නො ද බැහැරලුම්හ, නො පිළිගෙන බැහැර නොලා හුනස්සෙන් නැඟී ගියම්හ, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දනුම්හ”යි.

එවං වාදිනො භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: “එකො ආවුසො පඤ‍්හො, එකො උද‍්දෙසො, එකං වෙය්‍යාකරණං, ද‍්වෙ පඤ‍්හා, ද‍්වෙ උද‍්දෙසා, ද‍්වෙ වෙය්‍යාකරණානි, තයො පඤ‍්හා, තයො උද‍්දෙසා තීණි වෙය්‍යාකරණානි, චත‍්තාරො පඤ‍්හා, චත‍්තාරො උද‍්දෙසා, චත‍්තාරි වෙය්‍යාකරණානි, පඤ‍්ච පඤ‍්හා, පඤ‍්චුද‍්දෙසා, පඤ‍්ච වෙය්‍යාකරණානි, ඡ පඤ‍්හා, ඡ උද‍්දෙසා, ඡ වෙය්‍යාකරණානි, සත‍්ත පඤ‍්හා, සත‍්ත උද‍්දෙසා, සත‍්ත වෙය්‍යාකරණානි, අට‍්ඨ පඤ‍්හා, අට‍්ඨ උද‍්දෙසා, අට‍්ඨ වෙය්‍යාකරණානි, නව පඤ‍්හා, නව උද‍්දෙසා, නව වෙය්‍යාකරණානි, දස පඤ‍්හා, දසුද‍්දෙසා, දස වෙය්‍යාකරණානීති. එවං පුට‍්ඨො භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා න චෙව සම‍්පායිස‍්සන‍්ති, උත‍්තරිඤ‍්ච විඝාතං ආපජ‍්ජිස‍්සන‍්ති. තං කිස‍්ස හෙතු: යථා තං භික‍්ඛවෙ අවිසයස‍්මිං. නාහන‍්තං භික‍්ඛවෙ පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණ බ්‍රාහ‍්මණියා පජාය සදෙව මනුස‍්සාය, යො ඉමෙසං පඤ‍්හානං වෙය්‍යාකරණෙන චිත‍්තං ආරාධෙය්‍ය, අඤ‍්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා, ඉතො වා පන සුත්‍වා.

මහණෙනි, මෙසේ කියන සුලු අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතුවහ. ඇවැත්නි, එක් ප්‍රශ්නයෙක, එක් උද්දේසයෙක, ව්‍යාකරණයෙක, ප්‍රශ්න දෙකෙක, උද්දේස දෙකෙක, ව්‍යාකරණ දෙකෙක, ප්‍රශ්න තුනෙක, උද්දේස තුනෙක, ව්‍යාකරණ තුනෙක, පැන සතරෙක, උදෙස් සතරෙක, විසඳුම් සතරෙකැයි, පැන පසෙක, උදෙසුම් පසෙක, විසඳුම් පසෙකැයි, පැනසයෙක, උදෙසුම් සයෙක, විසඳුම් සයෙකැයි, පැන සතෙක, උදෙසුම් සතෙක, විදෙසුම් සතෙකැයි, පැන අටෙක, උදෙසුම් අටෙක, විසඳුම් අටෙකැයි, පැන නවයෙක, උදෙසුම් නවයෙක, විසඳුම් නවයෙකැයි, පැන දසයෙක, උදෙසුම් දසයෙක, විසඳුම් දසයෙකැයි, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජියෝ සපයා කියනට ද නො හැකි වෙත්, මතුයෙහිදු විඝාතයට යෙත්: ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයකින් අවිෂයෙහි පැන පුළුවුස්නා ලදහු ද එහෙයිනි, මහණෙනි, යමෙක් තථාගතයන් හැර හෝ තථාගත ශ්‍රාවකයකු හැර හෝ මේ සස්නෙන් අසා දතුවකු හෝ හැර මෙ ප්‍රශ්නයන් විසඳීමෙන් සිත් ගන්නෝ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාවෙහි එබන්දකු මම නො දක්මි.

1. එකො පඤ‍්හො, එකො උද‍්දෙසො, එකං වෙය්‍යාකරණන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: එකධම‍්මෙ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, කතමස‍්මිං එක ධම‍්මෙ: සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. ඉමස‍්මිං ඛො භික‍්ඛවෙ එකධම‍්මෙ භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. එකො පඤ‍්හො, එකො උද‍්දෙසො, එකං වෙය්‍යාකරණන‍්ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

1. එක් පැනයෙක, එක් උදෙසුමෙක, එක් විමසුමෙකැයි, මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලදය යත්: මහණෙනි, එකම ධර්‍මයෙක්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලු වූයේ සම සභාගත්‍වය නුවණින් අවබෝධ කොට ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර එක් ධර්‍මයෙක යත්: හැම සත්හු ආහාර ස්ථිතිකය හ. මහණෙනි, මේ එක්ම දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නොඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලු වූයේ සම සභාගත්‍වය නුවණින් දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. එක් පැනෙක, එක් උදෙසුමෙක, එක් විසඳුමෙකැයි. මෙසේ යමක් කියන ලද නම් මෙය තෙල සඳහා කියන ලද.

2. ද‍්වෙ පඤ‍්හා, ද‍්වෙ උද‍්දෙසා, ද‍්වෙ වෙය්‍යාකරණානීති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ද‍්වීසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, කතමෙසු ද‍්වීසු: නාමෙ ච රූපෙ ච. ඉමෙසු ඛො භික‍්ඛවෙ ද‍්වීසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ද‍්වෙ පඤ‍්හා, ද‍්වෙ උද‍්දෙසා. ද‍්වෙ වෙය්‍යාකරණානීති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්චවුත‍්තං.

2. පැන දෙකෙක, උදෙසුම් දෙකෙක, විමසුම් දෙකෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, ධර්‍ම දෙකෙක මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලුයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර දෙකෙක යත්: නාමයෙහි ද රූපයෙහි දැයි. මහණෙනි, මේ දහම් දෙක්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සමසභාගත්‍වය මොනොවට දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර නරන්නේ වෙයි. පැන දෙකෙක, උදෙසුම් දෙකෙක, විමසුම් දෙකෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද ය.

3. තයො පඤ‍්හා, තයො උද‍්දෙසා, තයො වෙය්‍යාකරණානීති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්චවුත‍්තං: තීසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, කතමෙසු තීසු: තීසු වෙදනාසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ තීසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. තයො පඤ‍්හා, තයො උද‍්දෙසා. තීණි වෙය්‍යාකරණානීති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්චවුත‍්තං.

3. පැන තුනෙක, උදෙසුම් තුනෙක, විමසුම් තුනෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් කියන ලද ය යත්: මහණෙනි, ධර්‍ම තුනෙක, මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුලුයේ සමසභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර තුනෙක යත්: තුන් වේදනාවෙහිය. මහණෙනි, මේ තුන් දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පිරිසිඳ දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. තුන් පැනයෙක, තුන් උදෙසුමෙක, තුන් විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.

4. චත‍්තාරො පඤ‍්හා, චත‍්තාරො උද‍්දෙසා, චත‍්තාරි වෙය්‍යාකරණානීති, ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්චවුත‍්තං: චතුසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු චතුසු: චතුසු ආහාරෙසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ චතුසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. චත‍්තාරො පඤ‍්හා, චත‍්තාරො උද‍්දෙසා. චත‍්තාරි වෙය්‍යාකරණානීති, ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්චවුත‍්තං.

4. සතර පැනයෙක, සතර උදෙසුමෙක, සතර විමසුමෙකැයි. මෙසේ තෙල බසක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, සතර දහමෙක. මහණෙනි මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්: සතර ආහාරයෙහි ය. මහණෙනි, මේ සිවු දහම්හි මහණ මොනොවට උකටලී වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. සතර පැනෙක, සතර උදෙසුමෙක, සතර විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලද.

5. පඤ‍්ච පඤ‍්හා, පඤ‍්චුද‍්දෙස‍්සා, පඤ‍්ච වෙය්‍යාකරණානීති. ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්චවුත‍්තං: පඤ‍්චසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු පඤ‍්චසු: පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ පඤ‍්චසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. පඤ‍්ච පඤ‍්හා, පඤ‍්චුද‍්දෙසා පඤ‍්චවෙය්‍යාකරණානීති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්චවුත‍්තං.

5. පස් පැනෙක, පස් උදෙසුමෙක පස් විමසුමෙකැයි. මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, දහම් පසෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්ත දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර පසෙක ය යත්: පඤ්ච උපාදානාස්කන්‍ධයෙහිය. මහණෙනි, මේ දහම් පසෙහි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. පස් පැනෙක, පස් උදෙසුමෙක, පස් විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.

6. ඡ පඤ‍්හා, ඡ උද‍්දෙසා ඡ වෙය්‍යාකරණානීති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඡසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, කතමෙසු ඡසු. ඡසු අජ‍්ඣත‍්තිකෙසු ආයතනෙසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ ඡසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. ජ පඤ‍්හා, ජ උද‍්දෙසා, ජ වෙය්‍යාකරණානීති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

6. ස පැනයෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දහම් සයෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැන ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර සයෙක් යත්: ෂට්ආධ්‍යාත්මික ආයතනයන්හි ය. මහණෙනි, ස දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැන දිටුදැමියෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. ස පැනයෙක, ස උදෙසුමෙක, ස විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල මේ පිණිස කියන ලද.

7. සත‍්ත පඤ‍්හා සත‍්ත උද‍්දෙසා සත‍්ත වෙය්‍යාකරණානීති. ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. සත‍්තසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු සත‍්තසු: සත‍්තසු විඤ‍්ඤාණට‍්ඨිතිසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ සත‍්තසු ධම‍්මෙසු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. සත‍්තපඤ‍්හා, සත‍්ත උද‍්දෙසා, සත‍්ත වෙය්‍යාකරණානීති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

7. සත් පැනයෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් පිණිස කියන ලද යත්: මහණෙනි, දහම් සතෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර සතෙක යත්: සප්ත විඥානස්ථිතියෙහි ය. මහණෙනි, මේ දහම් සතෙහි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ දිටුදැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. සත් පැනයෙක, සත් උදෙසුමෙක, සත් විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලද

8. අට‍්ඨ පඤ‍්හා අට‍්ඨුද‍්දෙසා, අට‍්ඨ වෙය්‍යාකරණානීති. ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. අට‍්ඨසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු අට‍්ඨසු: අට‍්ඨසු ලොකධම‍්මෙසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ අට‍්ඨසු ධම‍්මෙසු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. අට‍්ඨ පඤ‍්හා අට‍්ඨුද‍්දෙසා අට‍්ඨ වෙය්‍යාකරණානීති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

8. අට පැනෙක, අට උදෙසුමෙක, අට විමසුමෙකැයි මෙසේ යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දහම් අටෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර අටෙක යත්: අටලෝදහම්හි ය. මහණෙනි, මේ අට දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරනුයේ වෙයි. අට පැනෙක, අට උදෙසුමෙක, අට විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.

9. නව පඤ‍්හා, නව උද‍්දෙසා, නව වෙය්‍යාකරණානීති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. නවසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. කතමෙසු නවසු: නවසු සත‍්තාවාසෙසු. ඉමෙසු ඛො භික‍්ඛවෙ නවසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මාවිමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. නව පඤ‍්හා, නව උද‍්දෙසා නව වෙය්‍යාකරණානීති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

9. නව පැනෙක, නව උදෙසුමෙක, නව විමසුමෙකැයි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, නව දහමෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර නවයෙක යත්: නව සත්තාවාසයන්හි ය. මහණෙනි, මේ නව දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. නව පැණයෙකි, නව උදෙසුමෙක, නව විමසුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලද.

10. දස පඤ‍්හා, දසුද‍්දෙසා, දස වෙය්‍යාකරණානීති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. දසසු භික‍්ඛවෙ ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති, කතමෙසු දසසු: දසසු අකුසලෙසු ධම‍්මෙසු, ඉමෙසු ඛො භික‍්ඛවෙ දසසු ධම‍්මෙසු භික‍්ඛු සම‍්මා නිබ‍්බින්‍දමානො සම‍්මා විරජ‍්ජමානො සම‍්මා විමුච‍්චමානො සම‍්මා පරියන‍්තදස‍්සාවී සම‍්මත්‍ථාභිසමෙච‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොති. දස පඤ‍්හා, දසුද‍්දෙසා, දස වෙය්‍යාකරණානීති. ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

10. දස පැනයෙක, දස උදෙසුමෙක, දස විසඳුමෙකියි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ය යත්: මහණෙනි, දස දහමෙක මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. කවර දසයක යත්: දස අකුසල්දහම්හි ය. මහණෙනි, මේ දස දහම්හි මහණ මොනොවට උකටලි වනුයේ මොනොවට නො ඇලෙනුයේ මොනොවට මිදෙනුයේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුල්ලේ සම සභාගත්‍වය දැනැ දිටුදැහැමියෙහි ම දුක් කෙළවර කරන්නේ වෙයි. දස පැණයෙකි, දස උදෙසුමෙක, දස විසඳුමෙකැයි. මෙසේ යම් ම බසක් කියන ලද නම් තෙල මෙ පිණිස කියන ලදැ යි.