යෙදුමෙන් කියවන්න

කාළී සුත‍්තං

10. 1. 3. 6.

10. 1. 3. 6.

කාළී සුත‍්තං

කාලී සූත්‍රය

එකං සමයං ආයස‍්මා මහාකච‍්චානො අවන‍්තීසු විහරති කුරරඝරෙ පවත‍්තෙ පබ‍්බතෙ. අථ ඛො කාළී උපාසිකා කුරරඝරිකා යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො කාළී උපාසිකා කුරරඝරිකා ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතදවොච:

එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී ජනපදයෙහි කුරරඝර සමීපයෙහි වූ පවත්ත පව්වෙහි වාසය කරත්. එකල්හි කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වැඳ එකත්පස් ව හුනු. එකත්පස් ව හුන් කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන්ට තෙල සැලකළා:

වුත‍්තමිදං භන‍්තෙ භගවතා කුමාරි පඤ‍්හෙසු:

වහන්ස, (මාරදුහිතෘ) කුමාරි ප්‍රශ්නයන්හිදී භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරණ ලදී:

1. “අත්‍ථස‍්ස පත‍්තිං හදයස‍්ස සන‍්තිං ජෙත්‍වාන සෙනං පියසාතරූපං එකොහං ඣායං සුඛමනුබොධිං තස‍්මා ජනෙන කරොමි සක‍්ඛිං සක‍්ඛී න සම‍්පජ‍්ජති කෙනචි මෙ”ති.

1. “ප්‍රිය ස්වභාව ඇත්තාවූ ද සාත ස්වරූප ඇත්තාවූ ද කෙලෙස් මරසෙන් දිනා මම ඒකාකී වූයෙම් ධ්‍යාන කරමින් (අර්‍හත්‍ව නැමැති) අර්‍ත්‍ථ ප්‍රාප්තිය ඇති හෘදයාගේ ශාන්තිය වූ සුඛය සාක්‍ෂාත් කෙළෙමි. එහෙයින් ජනයා සමග ධර්‍මසාක්‍ෂිභාවයක් නො කරමි, කිසිවකු හා මාගේ සාක්‍ෂි ධර්‍මයක් නො සැපෙයේ”යි.

ඉමස‍්ස නු ඛො භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස කථං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති?

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය කිසෙයින් විතර විසින් දැක්ක යුතුදැ? යි.

පඨවිකසිණසමාපත‍්තිපරමා ඛො භගිනි එකෙ සමණබ්‍රාහ‍්මණා අත්‍ථාභිනිබ‍්බත‍්තෙසුං. යාවතා ඛො භගිනි පඨවී කසිණසමාපත‍්ති පරමතා, තදභිඤ‍්ඤාසි භගවා. තදභිඤ‍්ඤාය භගවා ආදිමද‍්දස, ආදීනවමද‍්දස, නිස‍්සරණමද‍්දස, මග‍්ගාමග‍්ගඤාණදස‍්සනමද‍්දස, තස‍්ස ආදි දස‍්සනහෙතු ආදීනවදස‍්සනහෙතු නිස‍්සරණදස‍්සනහෙතු මග‍්ගාමග‍්ගඤානදස‍්සනහෙතු අත්‍ථස‍්ස පත‍්ති, හදයස‍්ස සන‍්ති විදිතා හොති.

බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.

ආපොකසිණසමාපත‍්තිපරමා ඛො භගිනි -පෙ- තෙජොකසිණසමාපත‍්ති පරමා ඛො භගිනි -පෙ- වායොකසිණසමාපත‍්ති පරමා ඛො භගිනි -පෙ- නීලකසිණසමාපත‍්ති පරමා ඛො භගිනි -පෙ- පීතකසිණසමාපත‍්ති පරමා ඛො භගිනි -පෙ-

බුහුන, ඇතැම් මහණබමුණෝ අර්‍ත්‍ථයෝ අපොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, තේජෝකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, වායොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, නීලකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, පීතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ...

ලොහිතකසිණසමාපත‍්තිපරමා ඛො භගිනි -පෙ- ඔදාතකසිණසමාපත‍්ති පරමා ඛො භගිනි -පෙ- ආකාසකසිණසමාපත‍්තිපරමා ඛො භගිනි -පෙ- විඤ‍්ඤාණකසිණසමාපත‍්ති පරමා ඛො භගිනි එකෙ සමණබ්‍රාහ‍්මණා අත්‍ථාභිනිබ‍්බත‍්තෙසුං. යාවතා ඛො භගිනි විඤ‍්ඤාණකසිණසමාපත‍්ති පරමතා, තදභිඤ‍්ඤාසි භගවා. තදභිඤ‍්ඤාය භගවා ආදිමද‍්දස, ආදීනවමද‍්දස, නිස‍්සරණමද‍්දස, මග‍්ගාමග‍්ගඤාණදස‍්සනමද‍්දස, තස‍්ස ආදිදස‍්සනහෙතු ආදීනවදස‍්සනහෙතු නිස‍්සරණදස‍්සනහෙතු මග‍්ගාමග‍්ගඤානදස‍්සනහෙතු අත්‍ථස‍්ස පත‍්ති, හදයස‍්ස සන‍්ති විදිතා හොති.

බුහුන, ලෝහිතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ඔදාතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, ආකාසකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තිය පරම කොට ඇතියහ යි එය නිපද වූහ. බුහුන, විඤ්ඤාණකසිණසමාපත්තියහුගේ යම් පමණ වූ පරමතායෙත් වේ නම් භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දත්හ, භගවත්හු එය විශිෂ්ට ඥානයෙන් දැන ආදිය දුටහ, ආදීනවය දුටහ, නිස්සරණය දුටහ, මග්ගාමග්ගඤාණදස්සනය දුටුහු. ඔබ විසින් ආදිදර්‍ශනය හේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිස්සරණදර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශන හේතුයෙන් හෘදයයාගේ ශාන්තිය වූ අර්‍හත්‍වර්‍ත්‍ථප්‍රාප්තිය විදිත වෙයි.

ඉති ඛො භගිනි යන‍්තං වුත‍්තං භගවතා කුමාරි පඤ‍්හෙසු:

බුහුන, භාග්‍යවතුන් වහන්සේ කුමාරි ප්‍රශ්නයෙහි:

2. අත්‍ථස‍්ස පත‍්තිං හදයස‍්ස සන‍්තිං ජෙත්‍වාන සෙනං පිය සාතරූපං එකොහං ඣායං සුඛමනුබොධිං තස‍්මා ජනෙ න කරොමි සක‍්ඛිං සක‍්ඛී න සම‍්පජ‍්ජති කෙනචි මෙති.

2. “ප්‍රිය ස්වභාව හා සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා එකලා වූයෙම් ධ්‍යාන කරනෙම් මම හෘදයාගේ ශාන්තිය වූ අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථප්‍රාප්තිය නම් වූ සුඛය ලදිමි, එහෙයින් ජනයා කෙරෙහි සාක්‍ෂි නො කරමි. කිසිවකු හා මාගේ සාක්‍ෂියෙක් නො යෙදේ ය”යි. මෙසේ යමක් දෙසන ලද නම්:

ඉමස‍්ස ඛො භගිනි, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති.

බුහුන, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දතයුතුයි.