යෙදුමෙන් කියවන්න

1. සීහනාද සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. සීහනාද සුත‍්තවණ‍්ණනා

1. සිංහනාද සූත්‍ර වර්ණනාව

තතියස‍්ස පඨමෙ විසමගතෙති විසමට‍්ඨානෙසු ගොචරෙසු ගතෙ. සඞ‍්ඝාතං ආපාදෙසින‍්ති ඝාතං වධං පාපෙසිං. තස‍්ස හි උස‍්සන‍්නතෙජතාය ඛුද‍්දකෙසු පාණෙසු අනුකම‍්පා හොති. තස‍්මා යෙ පටිසත‍්තුභාවෙන සණ‍්ඨාතුං සක‍්ඛිස‍්සන‍්ති, යෙ දුබ‍්බලා පලායිතුකාමා භවිස‍්සන‍්ති, තෙ පලායිස‍්සන‍්තීති සීහනාදං නදිත්‍වාව ගොචරාය පක‍්කමති. තථාගතස‍්සෙතං අධිවචනන‍්ති යදි හි සහනතාය හනනතාය ච සීහො, තථාගතො හි සබ‍්බානි ච ඉට‍්ඨානිට‍්ඨානි සහති, සබ‍්බපරප‍්පවාදිනො ච වාදානං නිම‍්මථනෙන හනති. ඉදමස‍්ස හොති සීහනාදස‍්මින‍්ති අයමස‍්ස සීහනාදො.

තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි විසමගතෙ යනු විසමතැන්හි - ගොදුරුවල ගියාවූයි, සඞ්ඝාතං ආපාදෙසිං යනු වධයට පමුණුවන්නෙමි, ඔහුගේ බලවත් තෙද ඇති බැවින් කුඩා සතුන් කෙරෙහි අනුකම්පාව වෙයි. එහෙයින් යමෙක් පිළිසතුරු බවෙහි සිටීමට හැකිවෙත්. දුබල වූ යමෙක් පලායනු කැමැත්තෝ වෙත්ද ඔවුහු පලායන්නාහුයයි සිංහ නාදය නඟාම ගොදුරු සඳහා පිටත්වෙයි. තථාගතස්සෙතං අධිවචනං යනු ඉදින් ඉවසනසුලු බවින් සිංහයා (වේද), තථාගතයන් වහන්සේ ඉටුනිටු හැම දෙයක්ම උසුලති. සියලු පරවාදීන් මැඬීමෙන් වනසත්. ඉදමස්ස සීහනාදස්මිං යනු මේ ඔහුගේ සිංහනාදයයි.

තථාගතබලානීති අඤ‍්ඤෙහි අසාධාරණානි තථාගතස‍්සෙව බලානි. යථා වා පුබ‍්බබුද‍්ධානං බලානි පුඤ‍්ඤසම‍්පත‍්තියා ආගතානි, තථා ආගතබලානීතිපි අත්‍ථො. තත්‍ථ දුවිධං තථාගතස‍්ස බලං කායබලං ඤාණබලං. තෙසු කායබලං හත්‍ථිකුලානුසාරෙන වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

තථාගතබලානි යනු අන්‍යයන්ගෙන් අසාධාරණ වූ තථාගතයන් වහන්සේගේ බලයෝයි, යම්සේ පෙර බුදුවරුන්ගේ බලයෝ පුණ්‍යසම්පත්තියෙන් ආවාහුද එන්සේ ආවාවූ බලයෝ යන අර්‍ත්‍ථයි. එහි කායබලය, ඤාණ බලයයි තථාගතයන් වහන්සේගේ බලය දෙවැදෑරුම් වෙයි. ඒ අතුරෙන් කායබලය ඇත්කුල අනුසෙරෙන් දතයුතුය. පැරැන්නන් විසින් මෙය කියන ලදි:

“කාලාවකඤ‍්ච ගඞ‍්ගෙය්‍යං, පණ‍්ඩරං තම‍්බපිඞ‍්ගලං; ගන්‍ධමඞ‍්ගලහෙමඤ‍්ච, උපොසථඡද‍්දන‍්තිමෙ දසා”ති.

කාලාවක, ගඞ්ගෙය්‍ය, පණ්ඩර, තම්බ, පිඞ්ගල, ගන්‍ධ, මඞ්ගල, හෙම, උපොසථ, ඡද්දන්ත යන මේ දසදෙනායි.

ඉමානි දස හත්‍ථිකුලානි. තත්‍ථ කාලාවකන‍්ති පකතිහත්‍ථිකුලං දට‍්ඨබ‍්බං. යං දසන‍්නං පුරිසානං කායබලං, තං එකස‍්ස කාලාවකස‍්ස හත්‍ථිනො. යං දසන‍්නං කාලාවකානං බලං, තං එකස‍්ස ගඞ‍්ගෙය්‍යස‍්ස. යං දසන‍්නං ගඞ‍්ගෙය්‍යානං, තං එකස‍්ස පණ‍්ඩරස‍්ස. යං දසන‍්නං පණ‍්ඩරානං, තං එකස‍්ස තම‍්බස‍්ස. යං දසන‍්නං තම‍්බානං, තං එකස‍්ස පිඞ‍්ගලස‍්ස. යං දසන‍්නං පිඞ‍්ගලානං, තං එකස‍්ස ගන්‍ධහත්‍ථිනො. යං දසන‍්නං ගන්‍ධහත්‍ථීනං, තං එකස‍්ස මඞ‍්ගලස‍්ස. යං දසන‍්නං මඞ‍්ගලානං, තං එකස‍්ස හෙමස‍්ස. යං දසන‍්නං හෙමානං, තං එකස‍්ස උපොසථස‍්ස. යං දසන‍්නං උපොසථානං, තං එකස‍්ස ඡද‍්දන‍්තස‍්ස. යං දසන‍්නං ඡද‍්දන‍්තානං, තං එකස‍්ස තථාගතස‍්ස. නාරායනසඞ‍්ඝාතබලන‍්තිපි ඉදමෙව වුච‍්චති. තදෙතං පකතිහත්‍ථිගණනාය හත්‍ථීනං කොටිසහස‍්සානං, පුරිසගණනාය දසන‍්නං පුරිසකොටිසහස‍්සානං බලං හොති. ඉදං තාව තථාගතස‍්ස කායබලං.

මේ ඇත්කුල දහයයි. එහි කාලාවක යනු ස්වාභාවික ඇත්කුලයයි දැක්විය යුතුය. පුරුෂයන් දස දෙනෙකුගේ කායබලය එක් කාලාවක ඇතෙකුගේ ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ බලය එක් ගඞ්ගෙය්‍ය ඇතෙකුට ඇත. ගඞ්ගෙය්‍ය දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුට ඇත. පණ්ඩර ඇතුන් දසදෙනකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත. තම්බ ඇතුන් දසදෙනකුගේ බලය පිඞ්ගල එක් ඇතකුට ඇත. පිඞ්ගල ඇතුන් දසදෙනකුගේ බලය එක් ගන්‍ධ ඇතකුට ඇත. ගන්‍ධ ඇතුන් දස දෙනකුගේ බලය එක් උපොසථ ඇතකුට ඇත. උපොසථ ඇතුන් දසදෙනකුගේ බලය එක් ඡද්දන්ත ඇතකුට ඇත. ඡද්දන්ත ඇතුන් දසදෙනකුගේ බලය එක් තථාගතවරයකුගේ වෙයි. මෙයම නාරායන සංඛ්‍යාත බලයයි කියනු ලැබේ. ස්වාභාවික ඇතුන්ගේ ගණනින් කෝටි දහසක ද පුරුෂ සංඛ්‍යාවෙන් පුරුෂ කෝටි දසදහසක ද බලය එක් තථාගතවරයකුගේ වෙයි. මෙය වනාහි තථාගතයන් වහන්සේගේ කායබලයයි.

ඤාණබලං පන පාළියං තාව ආගතමෙව. දසබලඤාණං, මජ‍්ඣිමෙ ආගතං චතුවෙසාරජ‍්ජඤාණං, අට‍්ඨසු පරිසාසු අකම‍්පනඤාණං, චතුයොනිපරිච‍්ඡෙදඤාණං, පඤ‍්චගතිපරිච‍්ඡෙදඤාණං, සංයුත‍්තකෙ (සං· නි· 2.33) ආගතානි තෙසත‍්තති ඤාණානි සත‍්තසත‍්තති ඤාණානීති, එවං අඤ‍්ඤානිපි අනෙකානි ඤාණබලං නාම. ඉධාපි ඤාණබලමෙව අධිප‍්පෙතං. ඤාණඤ‍්හි අකම‍්පියට‍්ඨෙන උපත්‍ථම‍්භනට‍්ඨෙන ච බලන‍්ති වුත‍්තං.

ඤාණබලය පෙළෙහි ආවේය. දසබල ඥානය මජ්ඣිම නිකායෙහි ආයේයි. චතු වෛශාරද්‍යඥානය අටපිරිස්හි නොසැලෙන නුවණ, යොනිසතර පිරිසිඳ දැනීමේ නුවණ හා ගති පස පිරිසිඳ දැනීමේ නුවණ සංයුත්ත නිකායෙහි ආයේයි. තෙසැත්තෑ නුවණ සත්සැත්තෑ නුවණ දැයි මෙසේ නොයෙක් වෙනත් ඥාන ද ඥානබලය නමි. මෙහි ද ඥානබලයම අදහස් කරන ලදි. ඥානය වනාහි නොසැලෙන අරුතින් ද දරා සිටින අරුතින් ද බලයයි කියනලදි.

ආසභං ඨානන‍්ති සෙට‍්ඨට‍්ඨානං උත‍්තමට‍්ඨානං. ආසභා වා පුබ‍්බබුද‍්ධා, තෙසං ඨානන‍්ති අත්‍ථො. අපිච ගවසතජෙට‍්ඨකො උසභො, ගවසහස‍්සජෙට‍්ඨකො වසභො. වජසතජෙට‍්ඨකො වා උසභො, වජසහස‍්සජෙට‍්ඨකො වසභො. සබ‍්බගවසෙට‍්ඨො සබ‍්බපරිස‍්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද‍්දෙහිපි අසම‍්පකම‍්පියො නිසභො, සො ඉධ උසභොති අධිප‍්පෙතො. ඉදම‍්පි හි තස‍්ස පරියායවචනං. උසභස‍්ස ඉදන‍්ති ආසභං. ඨානන‍්ති චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානං. ඉදං පන ආසභං වියාති ආසභං. යථෙව හි නිසභසඞ‍්ඛාතො උසභො උසභබලෙන සමන‍්නාගතො චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානෙන තිට‍්ඨති, එවං තථාගතොපි දසහි තථාගතබලෙහි සමන‍්නාගතො චතූහි වෙසාරජ‍්ජපාදෙහි අට‍්ඨපරිසපථවිං උප‍්පීළෙත්‍වා සදෙවකෙ ලොකෙ කෙනචි පච‍්චත්‍ථිකෙන පච‍්චාමිත‍්තෙන අකම‍්පියො අචලට‍්ඨානෙන තිට‍්ඨති. එවං තිට‍්ඨමානො ච තං ආසභං ඨානං පටිජානාති උපගච‍්ඡති න පච‍්චක‍්ඛාති අත‍්තනි ආරොපෙති. තෙන වුත‍්තං – “ආසභං ඨානං පටිජානාතී”ති.

ආසභංඨානං යනු ශ්‍රේෂ්ඨස්ථානයයි. උත්තමස්ථානයයි. පෙර බුදුවරු හෝ ආසභයෝයි. ඔවුන්ගේ තැන යන අරුතයි. තවද ගවයන් සියයක ජ්‍යෙෂ්ඨයා වෘෂභ නමි. ගවයන් දහසක ජ්‍යෙෂ්ඨයා වසහ නමි. ගාල්සියයක ජ්‍යෙෂ්ඨයා හෝ වෘෂභ නම් ගාල්දහසක ජ්‍යෙෂ්ඨයා වසභ නමි. සියලු ගවයන්ගෙන්ම ශ්‍රේෂ්ඨවූ සියලු උවදුරු උසුලන සුදු පහදවනසුලු මහත්බර උසුලන අකුණු සියයක් හඬිනුදු නොසැලෙන ගවයා නිසභයි. හෙතෙම මෙහි උසභ (වෘෂභ) යාගේ මෙයනුයි ආසභං නමි. ඨානං යනු සිවුපාවලින් පොළොව පෙළා සිටින තැනයි. මෙය වනාහි ආසභයකු වැනියයි ආසභං නමි. යම්සේ වනාහි නිසභ සංඛ්‍යාත වූ වෘෂභ තෙමේ වෘෂභ බලයෙන් යුක්ත වූයේ සිවුපාවලින් පොළොව පෙළා නොසැලෙන තැන සිටියිද එසේ තථාගතයන් වහන්සේ තථාගත බල දසයෙන් යුක්ත වූ සේක් සිවු විශාරද බව නමැති පාවලින් අටපිරිස යටකොට දෙවියන් සහිත ලෝකයෙහි කිසිදු පසමිතුරකු පරසතුරකු විසින් නොසැලියහැක්කේ නිසලතැන සිටින සේක. මෙසේ සිටිනසේක් ද, ඒ ආසභස්ථානය පිළිගනිති, එළඹෙති, ප්‍රතික්‍ෂෙප නොකරති. තමා කෙරෙහි ආරෝපනය කරති. එහෙයින් “ආසභං ඨානං පටිජානාති”යි කියන ලදි.

පරිසාසූති අට‍්ඨසු පරිසාසු. සීහනාදං නදතීති සෙට‍්ඨනාදං නදති, අභීතනාදං නදති, සීහනාදසදිසං වා නාදං නදති. තත්‍රායං උපමා – යථා සීහො සීහබලෙන සමන‍්නාගතො සබ‍්බත්‍ථ විසාරදො විගතලොමහංසො සීහනාදං නදති, එවං තථාගතසීහොපි තථාගතබලෙහි සමන‍්නාගතො අට‍්ඨසු පරිසාසු විසාරදො විගතලොමහංසො “ඉති සක‍්කායො”තිආදිනා නයෙන නානාවිධදෙසනාවිලාසසම‍්පන‍්නං සීහනාදං නදති. තෙන වුත‍්තං – “පරිසාසු සීහනාදං නදතී”ති.

පරිසාසු යනු අටපිරිසෙහියි, සීහනාදං නදති යනු ශ්‍රේෂ්ඨ නාදය නඟයි, එහි සිංහයා යම්සේ සිංහබලයෙන් යුක්තවූයේ හැමතන්හි බිය නැති වූයේ දුරුකළ තැතිගැනීම් ඇත්තේ සිංහනාදය නඟයිද එසේ තථාගත සිංහයා ද තථාගත බලයන්ගෙන් යුක්ත වූයේ, අටපිරිසෙහි විශාරද සක්කායො යනාදී ක්‍රමයෙන් නොයෙක් ආකාර දේශනා විලාසයන්ගෙන් යුක්තවූයේ සිංහනාදය නඟයි. එහෙයින් “පරිසාසු සීහනාදං නදති” යි කියන ලදි.

බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙතීති එත්‍ථ බ්‍රහ‍්මන‍්ති සෙට‍්ඨං උත‍්තමං විසිට‍්ඨං. චක‍්කන‍්ති ධම‍්මචක‍්කං. තං පනෙතං දුවිධං හොති පටිවෙධඤාණඤ‍්චෙව දෙසනාඤාණඤ‍්ච. තත්‍ථ පඤ‍්ඤාපභාවිතං අත‍්තනො අරියඵලාවහං පටිවෙධඤාණං, කරුණාපභාවිතං සාවකානං අරියඵලාවහං දෙසනාඤාණං. තත්‍ථ පටිවෙධඤාණං උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති දුවිධං. තඤ‍්හි අභිනික‍්ඛමනතො යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. තුසිතභවනතො වා යාව මහාබොධිපල‍්ලඞ‍්කෙ අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දීපඞ‍්කරතො වා පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දෙසනාඤාණම‍්පි පවත‍්තමානං පවත‍්තන‍්ති දුවිධං. තඤ‍්හි යාව අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤස‍්ස සොතාපත‍්තිමග‍්ගා පවත‍්තමානං, ඵලක‍්ඛණෙ පවත‍්තං නාම. තෙසු පටිවෙධඤාණං ලොකුත‍්තරං, දෙසනාඤාණං ලොකියං. උභයම‍්පි පනෙතං අඤ‍්ඤෙහි අසාධාරණං, බුද‍්ධානංයෙව ඔරසඤාණං.

බ්‍රහ්මචක්කං පවත්තෙති යනු මෙහි බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨය විශිෂ්ටය යනුයි. චක්කං යනු ධර්‍මචක්‍රයයි. එය දෙවැදෑරුම් වෙයි, ප්‍රතිවෙධ ඥානය ද දේශනා ඥානය ද යනුවෙනි. එහි ප්‍රඥාවෙන් ප්‍රභාවිත වූ තමන්ට ආර්‍ය්‍ය ඵලයන් ගෙන දෙන්නා වූ ප්‍රතිවෙධ ඥානය ද කරුණාවෙන් ප්‍රභාවිත වූ ශ්‍රාවකයන්ට ආර්‍ය්‍යඵල ගෙන දෙන්නා වූ දේශනා ඥානය ද වේ. එහි ප්‍රතිවෙධ ඥානය උපදිනු ලබන, උපන් යනුවෙන් දෙවැදෑරුම්ය. එය අභිනිෂ්ක්‍රමණයෙහි පටන් රහත්මග දක්වා උපදිනු ලබන්නේයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නමි. තුසිත භවනයෙහි හෝ සිට මහ බෝ පළඟෙහි රහත්මග තෙක් උපදිනු ලබයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නමි. දීපඞ්කර පාදමූලයෙහි හෝ පටන් රහත්මග දක්වා උපදිනු ලබයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නමි. දේශනා ඥානය ද පවත්වනු ලබන පැවැත්වූයයි දෙවැදෑරුම්ය. එය අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ සෝවාන් මග දක්වා පවත්වනු ලබන්නේයි. ඵලක්‍ෂණයෙහි පැවැත්වූ නමි. ඒවා අතුරින් ප්‍රතිවෙධ ඥානය ලෝකෝත්තරය. දේශනා ඥානය ලෞකිකය. මේ දෙකම අන්‍යයන්ගෙන් අසාධාරණය. බුදුවරුන්ගේම ඖරස ඥානයයි.

ඉදානි යෙහි දසහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, තානි විත්‍ථාරතො දස‍්සෙතුං කතමානි දස? ඉධ, භික‍්ඛවෙ, තථාගතො ඨානඤ‍්ච ඨානතොතිආදිමාහ. තත්‍ථ ඨානඤ‍්ච ඨානතොති කාරණඤ‍්ච කාරණතො. කාරණඤ‍්හි යස‍්මා තත්‍ථ ඵලං තිට‍්ඨති, තදායත‍්තවුත‍්තිතාය උප‍්පජ‍්ජති චෙව පවත‍්තති ච, තස‍්මා ඨානන‍්ති වුච‍්චති. තං භගවා “යෙ යෙ ධම‍්මා යෙසං යෙසං ධම‍්මානං හෙතූ පච‍්චයා උප‍්පාදාය, තං තං ඨානං. යෙ යෙ ධම‍්මා යෙසං යෙසං ධම‍්මානං න හෙතූ න පච‍්චයා උප‍්පාදාය, තං තං අට‍්ඨාන”න‍්ති පජානන‍්තො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති. අභිධම‍්මෙ පනෙතං “තත්‍ථ කතමං තථාගතස‍්ස ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං ඤාණ”න‍්තිආදිනා (විභ· 809) නයෙන විත්‍ථාරිතමෙව. යම‍්පීති යෙන ඤාණෙන. ඉදම‍්පි, භික‍්ඛවෙ, තථාගතස‍්සාති ඉදම‍්පි ඨානාට‍්ඨානඤාණං තථාගතස‍්ස තථාගතබලං නාම හොතීති අත්‍ථො. එවං සබ‍්බපදෙසු යොජනා වෙදිතබ‍්බා.

දැන් යම් දසබලයන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ආසභස්ථානය පිළිදන්නා සේක්ද ඒවා විස්තර වශයෙන් දැක්වීමට “කතමානි දස ඉධ භික්‍ඛවෙ තථාගතො ඨානඤ්ච ඨනාතො” යනාදිය වදාළ සේක. එහි ඨානඤ්ච ඨානතො යනු කාරණය ද කරුණු වශයෙන් යනුයි. කාරණය වනාහි යම් හෙයකින් එහි ඵලයක් පිහිටයිද ඊට අයත් පැවතුම් ඇති බැවින් උපදියි මෙන්ම පවතී ද වේ. එහෙයින් ඨානයයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ යම් යම් ධර්‍මයෝ යම් යම් ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යයන් නිසා පවතිත්ද, ඒ ඒ ඨාන (හේතු) ද යම් යම් ධර්‍මයෝ යම් යම් ධර්‍මයන්ගේ හේතු ප්‍රත්‍යයන් නිසා නොපවතිත්ද ඒ අට්ඨාන (අහේතු) ද දන්නා සේක් ඨානය ඨාන වශයෙන් ද අට්ඨානය අට්ඨාන වශයෙන් ද පවත්නා සැටියෙන් දන්නා සේක. අභිධර්‍මයෙහි වනාහි මෙය “තත්‍ථ කතමං තථාගතස්ස ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං” යනාදී ක්‍රමයෙන් විස්තර කරන ලද්දේමය. යම්පි යනු යම් ඥානයකිනි, ඉදම්පි තථාගතස්ස යනු මේ ඨානාඨාන ඥානයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් නම් වේයයි අර්‍ත්‍ථයි, මෙසේ සියලු පදයන්හි යෙදීම කළයුතුය.

කම‍්මසමාදානානන‍්ති සමාදියිත්‍වා කතානං කුසලාකුසලකම‍්මානං, කම‍්මමෙව වා කම‍්මසමාදානං. ඨානසො හෙතුසොති පච‍්චයතො චෙව හෙතුතො ච. තත්‍ථ ගතිඋපධිකාලපයොගා විපාකස‍්ස ඨානං, කම‍්මං හෙතු. ඉමස‍්ස පන ඤාණස‍්ස විත්‍ථාරකථා “අත්‍ථෙකච‍්චානි පාපකානි කම‍්මසමාදානානි ගතිසම‍්පත‍්තිපටිබාළ‍්හානි න විපච‍්චන‍්තී”තිආදිනා (විභ· 810) නයෙන අභිධම‍්මෙ ආගතායෙව.

කම්මසමාදානානං යනු මනාව පිළිගෙන කළ කුශලාකුශල කර්‍මයන්ගේයි, කර්‍මයම හෝ කර්‍මසමාදානයයි, ඨානසො හෙතුසො යනු ප්‍රත්‍ය වශයෙන් මෙන්ම හේතු වශයෙන් ද වේ. එහි ගති උපධි කාල ප්‍රයෝග යන මේවා විපාකයට ස්ථානයය, කර්‍මය හේතුව වෙයි. මේ ඥානයාගේ විස්තර කථාව “අත්‍ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගති සම්පත්ති පටිබාළ්හානි න විපච්චන්ති” යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ආයේය.

සබ‍්බත්‍ථගාමිනින‍්ති සබ‍්බගතිගාමිනිඤ‍්ච අගතිගාමිනිඤ‍්ච. පටිපදන‍්ති මග‍්ගං. යථාභූතං පජානාතීති බහූසුපි මනුස‍්සෙසු එකමෙව පාණං ඝාතෙන‍්තෙසු “ඉමස‍්ස චෙතනා නිරයගාමිනී භවිස‍්සති, ඉමස‍්ස තිරච‍්ඡානයොනිගාමිනී”ති ඉමිනා නයෙන එකවත්‍ථුස‍්මිම‍්පි කුසලාකුසලචෙතනාසඞ‍්ඛාතානං පටිපත‍්තීනං අවිපරීතතො සභාවං ජානාති. ඉමස‍්සපි ච ඤාණස‍්ස විත්‍ථාරකථා “තත්‍ථ කතමං තථාගතස‍්ස සබ‍්බත්‍ථගාමිනිං පටිපදං යථාභූතං ඤාණං? ඉධ තථාගතො අයං මග‍්ගො අයං පටිපදා නිරයගාමිනීති පජානාතී”තිආදිනා (විභ· 811) නයෙන අභිධම‍්මෙ ආගතායෙව.

සබ්බත්‍ථගාමිනිං යනු සියලු ගතිවලට යන්නාවූයි, පටිපදං යනු මාර්‍ගයයි. යථාභූතං පජානාති යනු බොහෝ මිනිසුන් එකම ප්‍රාණයක් නසන කල්හි ද මොහුගේ චෙතනාව නිරයගාමිනී වන්නේය. මොහුගේ චෙතනාව තිරච්ඡානයොනිගාමිනී වන්නේයයි මේ ආකාරයෙන් එක් වස්තුවක වුව ද කුසල් අකුසල් චේතනා සංඛ්‍යාත වූ ප්‍රතිපත්තීන්ගේ නොවෙනස්ව ස්වභාවය දනියි. මේ ඥානයාගේ ද විස්තර කථාව “තත්‍ථ කතමං තථාගතස්ස සබ්බත්‍ථගාමිනී පටිපදා යථාභූතං ඤාණං ඉධ තථාගතො අයං මග්ගො අයං පටිපදා නිරයගාමිනීති පජානාති” යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ආයේමය.

අනෙකධාතුන‍්ති චක‍්ඛුධාතුආදීහි කාමධාතුආදීහි වා ධාතූහි බහුධාතුං. නානාධාතුන‍්ති තාසංයෙව ධාතූනං විලක‍්ඛණතාය නානප‍්පකාරධාතුං. ලොකන‍්ති ඛන්‍ධායතනධාතුලොකං. යථාභූතං පජානාතීති තාසං ධාතූනං අවිපරීතතො සභාවං පටිවිජ‍්ඣති. ඉදම‍්පි ඤාණං “තත්‍ථ කතමං තථාගතස‍්ස අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං ඤාණං? ඉධ තථාගතො ඛන්‍ධනානත‍්තං පජානාතී”තිආදිනා නයෙන අභිධම‍්මෙ විත්‍ථාරිතමෙව.

අනෙකධාතු යනු චක්‍ඛුධාතු ආදියෙන් හෝ කාමධාතු ආදියෙන් හෝ බොහෝ ධාතුයි, නානාධාතු යනු ඒ ධාතූන්ගේම අසමාන ලක්ෂණ නිසා නොයෙක් ආකාර ඇති ධාතුයි, ලොකං යනු ස්කන්‍ධ ආයතන ධාතුන්ගේ ලෝකයයි, යථාභූතං පජානාති යනු ඒ ධාතුන්ගේ ස්වභාවය නොවෙනස්ව අවබෝධ කරයි, මේ ඥානය ද “තත්‍ථ කතමං තථාගතස්ස අනෙකධාතු නානාධාතුලොකං යථාභූතං ඤාණං ඉධ තථාගතො බන්‍ධනානත්තං පජානාති” යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි විස්තර කරන ලද්දේමය.

නානාධිමුත‍්තිකතන‍්ති හීනාදීහි අධිමුත‍්තීහි නානාධිමුත‍්තිකභාවං. ඉදම‍්පි ඤාණං “තත්‍ථ කතමං තථාගතස‍්ස සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං ඤාණං? ඉධ තථාගතො පජානාති සන‍්ති සත‍්තා හීනාධිමුත‍්තිකා”තිආදිනා නයෙන අභිධම‍්මෙ විත්‍ථාරිතමෙව.

නානාධිමුත්තිකතං යනු හීන ආදී අධිමුක්තීන්ගෙන් නොයෙක් අධිමුක්තිබවයි, මේ ඥානය ද “තත්‍ථ කතමං තථාගතස්ස සත්තානං නානාධිමුත්තීකතං යථාභූතං ඤාණං ඉධ තථාගතො පජානාති සන්ති සත්තා හීනාධිමුත්තිකා” යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙන් විස්තර කරන ලද්දේමය.

පරසත‍්තානන‍්ති පධානසත‍්තානං. පරපුග‍්ගලානන‍්ති තතො අඤ‍්ඤෙසං හීනසත‍්තානං. එකත්‍ථමෙව වා එතං පදද‍්වයං, වෙනෙය්‍යවසෙන ද‍්විධා වුත‍්තං. ඉන්‍ද්‍රියපරොපරියත‍්තන‍්ති සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං පරභාවඤ‍්ච අපරභාවඤ‍්ච, වුද‍්ධිඤ‍්ච හානිඤ‍්චාති අත්‍ථො. ඉමස‍්සාපි ඤාණස‍්ස විත්‍ථාරකථා “තත්‍ථ කතමං තථාගතස‍්ස පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං ? ඉධ තථාගතො සත‍්තානං ආසයං පජානාතී”ති (විභ· 814) ආදිනා නයෙන අභිධම‍්මෙ ආගතායෙව.

පරසත්තානං යනු ප්‍රධාන සත්ත්වයන්ගේයි, පරපුග්ගලානං යනු එයින් අන්‍යවූ හීන සත්ත්වයන්ගේයි, එක් අර්‍ත්‍ථයක් ඇත්තාමවූ හෝ මෙම පද දෙක හික්මවිය හැකි ජනයාගේ වශයෙන් දෙවැදෑරුම්ව කියන ලදී. ඉන්ද්‍රියපරොපරියත්තං යනු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ අන්‍යභාවය ද අනන්‍යභාවය ද වෘද්ධිය ද හානිය දැයි අර්‍ත්‍ථයි. මේ ඥානයෝ ද විස්තර කථාව තත්‍ථ කතමං තථාගතස්ස පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං ඤාණං ඉධ තථාගතො සත්තානං ආසයං ජානාති යනාදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ආයේමය.

ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනන‍්ති පඨමාදීනං චතුන‍්නං ඣානානං, “රූපී රූපානි පස‍්සතී”තිආදීනං අට‍්ඨන‍්නං විමොක‍්ඛානං, සවිතක‍්කසවිචාරාදීනං තිණ‍්ණං සමාධීනං, පඨමජ‍්ඣානසමාපත‍්තිආදීනඤ‍්ච නවන‍්නං අනුපුබ‍්බසමාපත‍්තීනං. සංකිලෙසන‍්ති හානභාගියධම‍්මං. වොදානන‍්ති විසෙසභාගියධම‍්මං. වුට‍්ඨානන‍්ති “වොදානම‍්පි වුට‍්ඨානං, තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨානම‍්පි වුට‍්ඨාන”න‍්ති (විභ· 828) එවං වුත‍්තං පගුණජ‍්ඣානඤ‍්චෙව භවඞ‍්ගඵලසමාපත‍්තියො ච. හෙට‍්ඨිමං හෙට‍්ඨිමඤ‍්හි පගුණජ‍්ඣානං උපරිමස‍්ස උපරිමස‍්ස පදට‍්ඨානං හොති, තස‍්මා “වොදානම‍්පි වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. භවඞ‍්ගෙන පන සබ‍්බජ‍්ඣානෙහි වුට‍්ඨානං හොති, ඵලසමාපත‍්තියා නිරොධසමාපත‍්තිතො වුට‍්ඨානං හොති. තං සන්‍ධාය ච “තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨානම‍්පි වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. ඉදම‍්පි ඤාණං “තත්‍ථ කතමං තථාගතස‍්ස ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සංකිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණං? ඣායීති චත‍්තාරො ඣායී, අත්‍ථෙකච‍්චො ඣායී සම‍්පත‍්තිංයෙව සමානං විපත‍්තීති පච‍්චෙතී”තිආදිනා (විභ· 828) නයෙන අභිධම‍්මෙ විත්‍ථාරිතමෙව. සබ‍්බඤාණානං විත්‍ථාරකථාය විනිච‍්ඡයො සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය වුත‍්තො, පුබ‍්බෙනිවාසානුස‍්සතිදිබ‍්බචක‍්ඛුඤාණකථා විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතා, ආසවක‍්ඛයකථා හෙට‍්ඨා වුත‍්තායෙවාති.

ඣානවිමොක්‍ඛසමාධිසමාපත්තීනං යනු ප්‍රථමාදී වූ සතර ධ්‍යානයන්ගේ, රූපී තැනැත්තේ රූපයන් දකියි ආදීවූ අටවැදෑරුම් විමොක්ෂයන්ගේ, සර්‍වතක්ක සවිචාරාදිවූ ත්‍රිවිධ සමාධීන්ගේ, ප්‍රථමධ්‍යාන සමාපත්ති ආදීවූ නවවැදෑරුම් අනුපූර්‍ව සමාපත්තීන්ගේ ද යනුයි. සංකිලෙසං යනු හානභාගිය (පිරිහෙන කොටසෙහි වූ) ධර්‍මයන්ගේයි, වොදානං යනු විශේෂභාගියධර්‍මයි, වුට්ඨානං යනු විශේෂභාගිය ධර්‍මයන්ගේ නැගීසිටීමයි, ඒ ඒ සමාධියෙන් නැඟීසිටීමයයි කියනලද ප්‍රගුණ කළ ධ්‍යාන මෙන්ම භවඞ්ගඵලසමාපත්තියි, යටින් යටින් වූ ප්‍රගුණ කළ ධ්‍යානය මත්තෙහි මත්තෙහි වූ ධ්‍යානයට ආසන්නතම හේතුව වෙයි. එබැවින් වොදානං යනු ද වුට්ඨානං යනු ද කියන ලදි. භවාංගයෙන් සියලු ධ්‍යානයන්ගෙන් නැඟී සිටීම වෙයි. ඵලසමවතින් නිරොධසමාපත්තියෙන් නැඟී සිටීම වෙයි. ඒ සඳහාම ඒ ඒ සමාධීන්ගෙන් නැගීසිටීම ද නැඟීසිටීම වේයයි කියන ලදි. මේ ඥානය ද තත්‍ථ කතමං තථාගතස්ස ඣානවිමොක්‍ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං ඣායීති චත්තාරො ඣායී අත්‍ථෙකච්චො ඣායී සමාපත්තිංයෙව සමානං විපත්තීති පච්චෙති” ආදී ක්‍රමයෙන් අභිධර්‍මයෙහි විස්තර කරන ලද්දේමය. සියලු ඥානයන්ගේ විස්තර කථාවෙහි විනිශ්චය සම්මොහවිනොදනී විභඞ්ගට්ඨකථාවෙහි කියන ලදි. පුබ්බෙනිවාසානුස්සති දිබ්බචක්‍ඛු ඤාණ කථාව විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදි. ආසවක්‍ඛය කථාවයට කියන ලද්දේය.

තත්‍ථ පරවාදීකථා හොති “දසබලඤාණං නාම පාටියෙක‍්කං ඤාණං නත්‍ථි, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්සෙවායං පභෙදො”ති. තං න තථා දට‍්ඨබ‍්බං. අඤ‍්ඤමෙව හි දසබලඤාණං, අඤ‍්ඤං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං. දසබලඤාණඤ‍්හි සකසකකිච‍්චමෙව ජානාති, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං තම‍්පි තතො අවසෙසම‍්පි ජානාති. දසබලඤාණෙසු හි පඨමං කාරණාකාරණමෙව ජානාති, දුතියං කම‍්මවිපාකන‍්තරමෙව, තතියං කම‍්මපරිච‍්ඡෙදමෙව, චතුත්‍ථං ධාතුනානත‍්තකාරණමෙව, පඤ‍්චමං සත‍්තානං අජ‍්ඣාසයාධිමුත‍්තිමෙව, ඡට‍්ඨං ඉන්‍ද්‍රියානං තික‍්ඛමුදුභාවමෙව, සත‍්තමං ඣානාදීහි සද‍්ධිං තෙසං සංකිලෙසාදිමෙව, අට‍්ඨමං පුබ‍්බෙනිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තතිමෙව, නවමං සත‍්තානං චුතිපටිසන්‍ධිමෙව, දසමං සච‍්චපරිච‍්ඡෙදමෙව. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන එතෙහි ජානිතබ‍්බඤ‍්ච තතො උත‍්තරිඤ‍්ච පජානාති, එතෙසං පන කිච‍්චං න සබ‍්බං කරොති. තඤ‍්හි ඣානං හුත්‍වා අප‍්පෙතුං න සක‍්කොති, ඉද‍්ධි හුත්‍වා විකුබ‍්බිතුං න සක‍්කොති, මග‍්ගො හුත්‍වා කිලෙසෙ ඛෙපෙතුං න සක‍්කොති.

එහි “දසබලඤාණය නම් වෙන්වූ ඥානයක් ද නැත මෙය සර්‍වඥතාඥානයේම ප්‍රභේදයකි” යනුවෙන් පරවාදී කථාවක් ඇත. එය එසේ නොදැක්විය යුතුය. දසබල ඤාණය එකෙකි. සබ්බඤ්ඤුත ඤාණය වෙනෙකෙකි. දසබලඥානය වනාහි ස්වකීය ස්වකීය කෘත්‍යයම දනියි. සබ්බඤ්ඤුත ඤාණය එය ද එයින් අවශේෂව දෙය ද දනියි. දසබල ඥානයන්හි පළමුවැන්න කරුණු නොකරුණුම දනියි. දෙවැන්න කර්‍මාන්තර විපාකාන්තරයන්ම දනියි. තෙවැන්න කර්‍මපරිච්ඡෙදයයි. සතරවැන්න ධාතුනානත්වකරණයමයි, පස්වැන්න සත්ත්වයන්ගේ අදහස් අධිමුත්තිම දනියි. සවැන්න ඉඳුරන්ගේ තියුණු මෙළෙක් බවම දනියි, සත්වැන්න ධ්‍යනාදීන් සමඟ ඔවුන්ගේ සංකිලෙසාදියම දනියි. අටවැන්න පෙර විසූ කඳ පිළිවෙලම දනියි, නවවැන්න සත්ත්වයන්ගේ චුතිප්‍රතිසන්‍ධිම දනියි. දසවැන්න සත්‍ය පරිච්ඡෙදයම දනියි. සබ්බඤ්ඤාත ඤාණය මේවායින් දතයුතු දෙය ද එයින් මත්තෙහි වූ දෙය ද දැනගනියි. මොවුන්ගේ කෘත්‍යය සියල්ල නොකරයි. එය ධ්‍යානය වී අර්පණා වැඩීමට නොහැකිය. සෘද්ධිය වී ඍද්ධිපෑමට නොහැකිය. මාර්‍ගය වී කෙලෙස් ගෙවා දැමීමට නොහැකිය.

අපිච පරවාදී එවං පුච‍්ඡිතබ‍්බො “දසබලඤාණං නාමෙතං සවිතක‍්කසවිචාරං අවිතක‍්කවිචාරමත‍්තං අවිතක‍්කඅවිචාරං, කාමාවචරං රූපාවචරං අරූපාවචරං, ලොකියං ලොකුත‍්තර”න‍්ති. ජානන‍්තො “පටිපාටියා සත‍්ත ඤාණානි සවිතක‍්කසවිචාරානී”ති වක‍්ඛති, “තතො පරානි ද‍්වෙ අවිතක‍්කඅවිචාරානී”ති වක‍්ඛති. “ආසවක‍්ඛයඤාණං සියා සවිතක‍්කසවිචාරං සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාර”න‍්ති වක‍්ඛති. තථා “පටිපාටියා සත‍්ත කාමාවචරානි, තතො ද‍්වෙ රූපාවචරානි, අවසානෙ එකං ලොකුත‍්තර”න‍්ති වක‍්ඛති. “සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන සවිතක‍්කසවිචාරමෙව ලොකියමෙවා”ති වක‍්ඛති.

තවද පරවාදියා මෙසේද විමසිය යුතුය. දශබලඥානය නමිවූ මෙය සවිතර්‍ක සවිචාරයද, අවිතර්‍කවිචාරමාත්‍රද, අවිතර්‍ක අවිචාරද, කාමාවචරද, රූපාවචරද අරූපාවචරද, ලෞකිකද, ලෝකෝත්තරද? දන්නේ පිළිවෙලින් ඥාන සත සවිතර්‍කසවිචාරයයි කියයි. එයින් මත්තෙහිවූ ඥාන දෙක අවිතවිචාරමාත්‍රද, අවිතර්ක අවිචාරද, කාමාවචරද, රූපාවචරද අරූපාවචරද, ලෞකිකද, ලෝකෝත්තරද? දන්නේ පිළිවෙලින් ඥාන සත සවිතර්‍කසවිචාර යයි කියයි. එයින් මත්තෙහි වූ ඥාන දෙක අවිතර්‍ක අවිචාරයයි කියයි. ආසවක්‍ඛය ඤාණය සවිතර්‍ක සවිචාර වන්නේය, අවිතර්‍කවිචාර මාත්‍රයක් වන්නේය, අවිතර්‍ක අවිචාරය වන්නේයයි කියයි. එසේම පිළිවෙලින් කාමාවචරසත, ඉක්බිති රූපාවචර දෙක අවසානයෙහි ලෝකෝත්තර එකකැයි කියයි. සර්‍වඥතාඥානය වනාහි සවිතර්‍ක සවිචාරමය ලෞකිකමයයි කියයි.

එවමෙත්‍ථ අනුපදවණ‍්ණනං ඤත්‍වා ඉදානි යස‍්මා තථාගතො පඨමංයෙව ඨානාට‍්ඨානඤාණෙන වෙනෙය්‍යසත‍්තානං ආසවක‍්ඛයාධිගමස‍්ස චෙව අනධිගමස‍්ස ච ඨානාට‍්ඨානභූතං කිලෙසාවරණාභාවං පස‍්සති ලොකියසම‍්මාදිට‍්ඨිට‍්ඨානාදිදස‍්සනතො නියතමිච‍්ඡාදිට‍්ඨිට‍්ඨානාභාවදස‍්සනතො ච. අථ නෙසං කම‍්මවිපාකඤාණෙන විපාකාවරණාභාවං පස‍්සති තිහෙතුකප‍්පටිසන්‍ධිදස‍්සනතො, සබ‍්බත්‍ථගාමිනිපටිපදාඤාණෙන කම‍්මාවරණාභාවං පස‍්සති ආනන‍්තරියකම‍්මාභාවදස‍්සනතො. එවමනාවරණානං අනෙකධාතුනානාධාතුඤාණෙන අනුකූලධම‍්මදෙසනත්‍ථං චරියාවිසෙසං පස‍්සති ධාතුවෙමත‍්තදස‍්සනතො. අථ නෙසං නානාධිමුත‍්තිකතඤාණෙන අධිමුත‍්තිං පස‍්සති පයොගං අනාදියිත්‍වාපි අධිමුත‍්තිවසෙන ධම‍්මදෙසනත්‍ථං. අථෙවං දිට‍්ඨාධිමුත‍්තීනං යථාසත‍්ති යථාබලං ධම‍්මං දෙසෙතුං ඉන්‍ද්‍රියපරොපරියත‍්තිඤාණෙන ඉන්‍ද්‍රියපරොපරියත‍්තං පස‍්සති සද‍්ධාදීනං තික‍්ඛමුදුභාවදස‍්සනතො. එවං පරිඤ‍්ඤාතින්‍ද්‍රියපරොපරියත‍්තා පන තෙ සචෙ දූරෙ හොන‍්ති, අථ ඣානාදිඤාණෙන ඣානාදීසු වසීභූතත‍්තා ඉද‍්ධිවිසෙසෙන තෙ ඛිප‍්පං උපගච‍්ඡති. උපගන‍්ත්‍වා ච නෙසං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන පුබ‍්බජාතිභවං, දිබ‍්බචක‍්ඛානුභාවතො පත‍්තබ‍්බෙන චෙතොපරියඤාණෙන සම‍්පති චිත‍්තවිසෙසං පස‍්සන‍්තො ආසවක‍්ඛයඤාණානුභාවෙන ආසවක‍්ඛයගාමිනියා පටිපදාය විගතසම‍්මොහත‍්තා ආසවක‍්ඛයාය ධම‍්මං දෙසෙති. තස‍්මා ඉමිනානුක‍්කමෙන ඉමානි බලානි වුත‍්තානීති වෙදිතබ‍්බානි.

මෙසේ මෙහි අනුපද වර්‍ණනාව කොට දැන් යම්හෙයකින් තථාගතයන් වහන්සේ පළමුවම ඨානාඨාන ඥානයෙන් හික්මිය හැකි සත්ත්වයන්ගේ ආශ්‍රවක්‍ෂය අධිගමයට මෙන්ම අනධිගමයට ද ස්ථානාස්ථාන වූ කිලෙසාවරණයන්ගේ අභාවය දකිති. ලෞකික සම්‍යග් දෘෂ්ටියට ස්ථානාදිය දැකීමෙන් ද නියත මිථ්‍යාදෘෂ්ටියට ස්ථාන අභාවය දැකීමෙන් ද ඉක්බිති කර්‍ම විපාක ඥානයෙන් කර්‍ම විපාකාවරණ නැතිබව දකිති. ත්‍රිහෙතුක ප්‍රතිසන්ධිය දැකීමෙන් සබ්බත්‍ථගාමිනී පටිපදා ඤාණයෙන් කම්මාවරණ නැතිබව දකිති. ආනන්තරියකර්‍මයන් නැතිබව දැනීමෙන් මෙසේ ආවරණ රහිත වූවන්ට ගැලපෙන ධර්‍මයක් දෙසනු සඳහා අනෙකධාතුනානාධාතු ඥානයෙන් චර්‍ය්‍යා විශේෂය බලති. ධාතු විශේෂත්වය දැකීමෙන් අනතුරුව නානාධිමුත්තීකත ඤාණයෙන් ඔවුන්ගේ අධිමුක්තිය දකිති. ප්‍රයෝගය (මෙහෙයවීම) ක් නොගෙන වුව ද අධිමුක්ති වශයෙන් ධර්‍මදේශනා කරනු සඳහාය, ඉක්බිති මෙසේ දෘෂ්ටි අධිමුක්තීන්ගේ වශයෙන් (ඔවුන්ගේ) හැකියාවට අනුව දහම් දෙසීමට ඉන්ද්‍රියපරොපරියත්ති ඤාණයෙන් ඉන්ද්‍රියයන්ගේ උසස්පහත්බව දකිති. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්ගේ තියුණු මුදුබව දැකීමෙන් මෙසේ ඉන්ද්‍රියයන්ගේ උසස් පහත්බව දන්නාලද බැවින් ඉදින් එම වෙනෙය්‍ය ජනයන් දුරෙහි වෙත්ද ධ්‍යානාදී ඥානයෙන් ධ්‍යනාදීන්හි දක්‍ෂතාවට පත් බැවින් සෘද්ධි විශේෂයෙන් වහා ඔවුන් වෙත එළඹෙති. එළඹ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානයෙන් ඔවුන්ගේ පෙර ජාතීන්හි වූ භාවනාව ද දිවැසේ බලයෙන් පත්විය යුතු චෙතොපරිය ඥානයෙන් දැන් චිත්ත විශේෂය ද බලමින් ආශ්‍රවක්‍ෂය කර ඥානයේ ආනුභාවයෙන් ආශ්‍රවය ඇති කරවන්නා වූ ප්‍රතිපදාවෙහි පහකළ මුළාව ඇති බැවින් ආශ්‍රවක්‍ෂය සඳහා ධර්‍මය දේශනා කරති. එහෙයින් මේ පිළිවෙලින් මේ බලයෝ කියන ලද්දාහුයයි දතයුතුය.