යෙදුමෙන් කියවන්න

2. නාථවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. නාථ වර්ගය

1. සෙනාසන සුත‍්තවණ‍්ණනා

1. සෙනාසන සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ පඤ‍්චඞ‍්ගසමන‍්නාගතොති පඤ‍්චහි ගුණඞ‍්ගෙහි සමන‍්නාගතො. නාතිදූරං හොති නාච‍්චාසන‍්නන‍්ති යඤ‍්හි අතිදූරෙ හොති, පිණ‍්ඩාය චරිත්‍වා තත්‍ථ ගච‍්ඡන‍්තස‍්ස කායචිත‍්තදරථා හොති, තතො අනුප‍්පන‍්නං වා සමාධිං උප‍්පාදෙතුං උප‍්පන‍්නං වා ථිරං කාතුං න සක‍්කොති. අච‍්චාසන‍්නං බහුජනාකිණ‍්ණං හොති. චත‍්තාලීසඋසභමත‍්තෙ පන පදෙසෙ වසතං දූරාසන‍්නදොසවිමුත‍්තඤ‍්ච ගමනාගමනසම‍්පන‍්නං නාම හොති. දිවාඅප‍්පාකිණ‍්ණන‍්ති දිවසභාගෙ මහාජනෙන අනාකිණ‍්ණං.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පඤ්චඞ්ගසමන්නාගතො යනු ගුණාංග පසකින් යුක්ත වූයේයි, නාතිදුරං නාච්චාසන්නං යනු යම් තැනක් ඉතා දුරෙහි වේද පිඬු හැසිර එහි යන්නහුට කායචිත්ත සන්තාපයෝ වෙත්. එයින් නූපන්නාවූ සමාධිය ඉපදවීමටත් උපන් සමාධිය තහවුරු කිරීමටත් නොහැකි වෙයි. ඉතා නුදුරෙහි වූ තැන බොහෝ දෙනා ගැවසුනේ වෙයි. ඉස්බ සතළිසක් පමණ වූ පෙදෙසෙහි ඒ දෙකින් මිදුනේ, ගමනාගමනය ඇත්තේ වෙයි. අප්පකිණ්ණං යනු දහවල් කාලයෙහි මහජනයාගෙන් නොගැවසුණේයි.

2. පඤ‍්චඞ‍්ග සුත‍්තවණ‍්ණනා

2. පඤ්චඞ්ග සූත්‍ර වර්ණනාව

දුතියෙ කෙවලීති කෙවලෙහි සකලෙහි ගුණෙහි සමන‍්නාගතො. වුසිතවාති වුත්‍ථබ්‍රහ‍්මචරියවාසො. අසෙඛෙනාති අසෙඛධම‍්මපරියාපන‍්නෙන ලොකුත‍්තරෙන. සීලක‍්ඛන්‍ධෙනාති සීලරාසිනා. විමුත‍්තික‍්ඛන්‍ධෙනාති එත්‍ථ ඨපෙත්‍වා සීලාදයො තයො සෙසා ඵලධම‍්මා විමුත‍්ති නාම, විමුත‍්තිඤාණදස‍්සනං පච‍්චවෙක‍්ඛණඤාණං, තං ලොකියමෙව.

දෙවැන්නෙහි කෙවලී යනු හුදෙක් සියලු ගුණයෙන් යුක්තවූයේයි, වුසිතවා යනු විසූ බඹසර විසීම් ඇත්තේයි. අසෙඛෙන යනු අශෛක්‍ෂ ධර්‍ම යෙදුනු ලොවුතුරු වූ දෙයිනි, සීලක්‍ඛන්‍ධෙන යනු සිල්රැසෙනි, විමුත්තික්‍ඛන්‍ධෙන යනු මෙහි ශීලාදිය හැර ඉතිරි තුන්ඵල ධර්‍මයෝ විමුත්ති නම් වෙති, විමුත්තිඤාණදස්සනං යනු ප්‍රත්‍යවෙක්‍ෂණ ඥානයයි. එය ලෞකිකමය.

3-4. සංයොජන සුත‍්තාදිවණ‍්ණනා

3-4. සංයොජන ආදි සූත්‍ර වර්ණනා

තතියෙ ඔරම‍්භාගියානීති හෙට‍්ඨාභාගියානි. උද‍්ධම‍්භාගියානීති උපරිභාගියානි. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටමෙව කථිතං. චතුත්‍ථෙ ඛිලවිනිබන්‍ධා පඤ‍්චකනිපාතෙ විත්‍ථාරිතායෙව. ආරොහපරිණාහෙනාති දීඝපුථුලන‍්තෙන.

තෙවැන්නෙහි ඔරම්භාගියානි යනු යට කොටසට අයත්වූවෝයි, උද්ධම්භාගියානි යනු මතු කොටසට අයත්වූවෝයි, මේ සූත්‍රයෙහි සසරම කියනලදි. සිවුවැන්නෙහි ඛිලවිනිබද්ධයෝ පඤ්චක නිපාතයෙහි විස්තර කරන ලද්දාහුමය. ආරොහපරිණාහෙන යනු දිගු පුළුල් බවෙනි,

5. අප‍්පමාද සුත‍්තවණ‍්ණනා

5. අප්‍රමාද සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ එවමෙව ඛොති යථා සබ‍්බසත‍්තානං සම‍්මාසම‍්බුද‍්ධො අග‍්ගො, එවං සබ‍්බෙසං කුසලධම‍්මානං කාරාපකඅප‍්පමාදො අග‍්ගොති දට‍්ඨබ‍්බො. නනු චෙස ලොකියොව, කුසලධම‍්මා පන ලොකුත‍්තරාපි. අයඤ‍්ච කාමාවචරොව, කුසලධම‍්මා පන චතුභූමකා. කථමෙස තෙසං අග‍්ගොති? පටිලාභකත‍්තෙන. අප‍්පමාදෙන හි තෙ පටිලභන‍්ති, තස‍්මා සො තෙසං අග‍්ගො. තෙනෙව වුත‍්තං – සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකාති.

පස්වැන්නෙහි එවමෙව ඛො යනු යම්සේ සියලු සතුන්ට සම්මා සම්බුදුන් වහන්සේ අග්‍රවෙයිද එසේ සියලු කුශල ධර්‍මයන් කරවන්නා වූ අප්‍රමාදය අග්‍රයයි දැක්විය යුතුය. මෙය (අප්‍රමාදය) ලෞකික නොවේද? කුශල ධර්‍මයෝ වනාහි ලෝකෝත්තරවූවෝද වෙත්. මෙය කාමාවචරවූයේමයි. කුශල ධර්‍මයෝ චාතුර්භූමිකය. කෙසේ නම් මෙය ඔවුන්ට අග්‍රවෙයිද? ප්‍රතිලාභය ඇතිකරවන බැවිනි. අප්‍රමාදයෙන්ම ඔවුහු ලැබෙත්. එහෙයින් එය ඔවුන්ට අග්‍රය. එහෙයින්ම ඒ සියල්ලෝ අප්‍රමාද මූලක වෙතැයි කියනලදි.

ජඞ‍්ගලානන‍්ති පථවිතලචාරීනං. පාණානන‍්ති සපාදකපාණානං. පදජාතානීති පදානි. සමොධානං ගච‍්ඡන‍්තීති ඔධානං පක‍්ඛෙපං ගච‍්ඡන‍්ති. අග‍්ගමක‍්ඛායතීති සෙට‍්ඨමක‍්ඛායති. යදිදං මහන‍්තත‍්තෙනාති මහන‍්තභාවෙන අග‍්ගමක‍්ඛායති, න ගුණග‍්ගෙනාති අත්‍ථො. වස‍්සිකන‍්ති සුමනපුප‍්ඵං. ඉදං කිර සුත‍්තං සුත්‍වා භාතියමහාරාජා වීමංසිතුකාමතාය එකස‍්මිං ගබ‍්භෙ චතුජාතිගන්‍ධෙහි පරිභණ‍්ඩං කත්‍වා සුගන්‍ධපුප‍්ඵානි ආහරාපෙත්‍වා එකස‍්ස සමුග‍්ගස‍්ස මජ‍්ඣෙ සුමනපුප‍්ඵමුට‍්ඨිං ඨපෙත්‍වා සෙසානි තස‍්ස සමන‍්තතො මුට‍්ඨිං කත්‍වා ඨපෙත්‍වා ද‍්වාරං පිධාය බහි නික‍්ඛන‍්තො. අථස‍්ස මුහුත‍්තං බහි වීතිනාමෙත්‍වා ද‍්වාරං විවරිත්‍වා පවිසන‍්තස‍්ස සබ‍්බපඨමං සුමනපුප‍්ඵගන්‍ධො ඝානං පහරි. සො මහාතලස‍්මිංයෙව මහාචෙතියාභිමුඛො නිපජ‍්ජිත්‍වා “වස‍්සිකං තෙසං අග‍්ගන‍්ති කථෙන‍්තෙන සුකථිතං සම‍්මාසම‍්බුද‍්ධෙනා”ති චෙතියං වන්‍දි. ඛුද‍්දරාජානොති ඛුද‍්දකරාජානො. කූටරාජානොතිපි පාඨො.

ජඞ්ගමානං යනු පොලෝ තෙලෙහි හැසිරෙන්නන්ගේයි, පාණානං යනු පාසහිත ප්‍රාණීන්ගේයි, පදජාතානි යනු පදයෝයි, සමොධානං ගච්ඡන්ති යනු එක්වීමට බහා තැබීමට යති, අග්ගමක්‍ඛායති යනු ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ, යදිදං මහන්තත්තෙන යනු මහත්බවින් අග්‍රයයි කියනු ලැබේ. ගුණ වශයෙන් නොවේයයි අරුත්ය, වස්සිකං යනු සමන්මල්ය, මේ සුත්‍රය අසා භාතිය මහරජ තෙමේ විමසනු කැමැත්තෙන් එක් ගර්‍භයක සිවුදෑ ගඳින් පිරිබඩ කොට සුවඳමල් ගෙන්වා ගෙන එක් සමුගක මැද සමන්මල් මිටක් තබා සෙස්ස ඊට හාත්පසින් මිටක් කොට තබා දොර වසා පිටතට නික්මුනේය. ඉක්බිති මොහොතක් පිටත කල්යවා දොරහැර පිවිසි ඔහුට සියල්ලට පළමුව සමන්මල් සුවඳ නාසය පැහැර සිටියේය. හෙතෙම මහ (පොලෝ) තලයෙහිම මහසෑයට මුහුණලා වැදහෙව වස්සිකං තෙසං (ඔවුනට සමන්මල්) අග්‍රයයි කියන්නාවූ සම්මා සම්බුදුන් වහන්සේ විසින් මනාව කියන ලදැයි සෑය වැන්දේය. කුඩ්ඩරාජානො යනු කුඩා රජවරුයි. ඛුද්දක රාජානො යනුද පාඨයි.

6. ආහුනෙය්‍ය සුත‍්තවණ‍්ණනා

6. ආහුනෙය්‍ය සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ගොත්‍රභූති සිඛාපත‍්තවිපස‍්සනාභූතෙන නිබ‍්බානාරම‍්මණෙන ගොත්‍රභුඤාණෙන සමන‍්නාගතො.

සවැන්නෙහි ගොත්‍රභූ යනු මුදුන්පත් විදසුන් ඇත්තේ නිවන අරමුණු කොට ඇති ගොත්‍රභූ ඤාණයෙන් යුක්තවූයේයි,

7. පඨම නාථකරණ සුත‍්තවණ‍්ණනා

7. ප්‍රථම නාථකරණ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සනාථාති සඤාතකා බහුඤාතිවග‍්ගා හුත්‍වා විහරථ. නාථං කරොන‍්තීති නාථකරණා, අත‍්තනො සනාථභාවකරා පතිට‍්ඨාකරාති අත්‍ථො. කල්‍යාණමිත‍්තොතිආදීසු සීලාදිගුණසම‍්පන‍්නා කල්‍යාණා මිත‍්තා අස‍්සාති කල්‍යාණමිත‍්තො. තෙවස‍්ස ඨානනිසජ‍්ජාදීසු සහ අයනතො සහායාති කල්‍යාණසහායො. චිත‍්තෙන චෙව කායෙන ච කල්‍යාණමිත‍්තෙසුයෙව සම‍්පවඞ‍්කො ඔණතොති කල්‍යාණසම‍්පවඞ‍්කො. සුවචො හොතීති සුඛෙන වත‍්තබ‍්බො හොති, සුඛෙන අනුසාසිතබ‍්බො. ඛමොති ගාළ‍්හෙන ඵරුසෙන කක‍්ඛළෙන වුත‍්තො ඛමති න කුප‍්පති. පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනින‍්ති යථා එකච‍්චො ඔවදියමානො වාමතො ගණ‍්හාති, පටිප‍්ඵරති වා, අස‍්සුණන‍්තො වා ගච‍්ඡති, එවං අකත්‍වා “ඔවදථ, භන‍්තෙ, අනුසාසථ, තුම‍්හෙසු අනොවදන‍්තෙසු කො අඤ‍්ඤො ඔවදිස‍්සතී”ති පදක‍්ඛිණං ගණ‍්හාති.

සත්වැන්නෙහි සනාථා යනු ඥාතීන් සහිතව බොහෝ ඥාති වර්‍ගයන් ඇත්තෝ වී වසවු. නාථභාවය කරත්නුයි නාථකරණා නමි, තමන්ගේ සනාථබව කරන්නෝ පිහිට ඇතිකරන්නෝයි අරුත්ය. කල්‍යාණමිත්තො යනාදියෙහි සීලාදී ගුණයෙන් යුක්ත වූ කල්‍යාණ මිත්‍රයෝ මොහුටනුයි කල්‍යාණමිත්තො නමි. ඔවුහුම ඔහුට සිටීම් හිඳීම් ආදියෙන් එක්ව පැවැත්මෙන් සහායයෝ වෙත්නුයි කල්‍යාණසහායො නමි. සිතින් මෙන්ම කයින් ද කලණමිතුරන් කෙරෙහිම ඇදවීම ඇත්තේ යොමුවීම ඇත්තේනුයි කල්‍යාණසම්පවඞ්කො නමි. සුවචො හොති යනු සුවසේ කිවයුත්තේ වෙයි, සුවසේ අනුශාසනා කළ හැක්කේ වෙයි, ඛමො යනු දැඩිවූ රළුවූ කර්‍කශවූ දෙයින් කියන ලද්දේ ඉවසයි, නොකිපෙයි, පදක්‍ඛිණග්ගාහී අනුසාසනිං යනු යම්සේ අවවාද කරනු ලබන ඇතමෙක් වමින් ගනියි. ඉවතලයි, හෝ නොඇසුනේ මෙන් යයි, මෙසේ නොකොට ස්වාමීනි ඔවදන් දෙනු මැනව අනුශාසනා කළමැනවි නුඹවහන්සේලා ඔවදන් නොදෙන කල්හි අන් කවරෙක් අවවාද කරත්දැයි පැදකුණු කිරීමෙන් (ගෞරවයෙන්) ගනියි.

උච‍්චාවචානීති උච‍්චනීචානි. කිංකරණීයානීති “කිං කරොමී”ති එවං වත්‍වා කත‍්තබ‍්බකම‍්මානි. තත්‍ථ උච‍්චකම‍්මං නාම චීවරස‍්ස කරණං රජනං, චෙතියෙ සුධාකම‍්මං, උපොසථාගාරචෙතියඝරබොධිඝරෙසු කත‍්තබ‍්බකම‍්මන‍්ති එවමාදි. අවචකම‍්මං නාම පාදධොවනමක‍්ඛනාදිඛුද‍්දකකම‍්මං. තත්‍රූපායායාති තත්‍රුපගමනියාය. අලං කාතුන‍්ති කාතුං සමත්‍ථො හොති. අලං සංවිධාතුන‍්ති විචාරෙතුං සමත්‍ථො හොති.

උච්චාවචානි යනු උසස් පහත්වූයි, කිං කරණීයානි යනු කුමක් කරම්දැයි මෙසේ කියා කළයුතු කටයුතුයි, එහි උසස් කර්‍මනම් සිවුරුකිරීම, පඬු පෙවීම, සැයෙහි සුණු පිරියම් කිරීම, පොහොය ගෙවල් සෑගෙවල් බෝගෙවල්වල කළයුතු කටයුතුයයි මේ ආදියයි. පහත් කර්‍ම නම් පාදෙවීම මැඩීමාදී කුඩා කටයුතුයි, තත්‍රෑපායාය යනු එහි එළැඹීම සඳහායි. අලංකාතුං යනු කිරීමට සමත්වූවෙක් වෙයි. අලං සංවිධාතුං යනු විමසීමෙහි සමත්වූයේයි,

ධම‍්මෙ අස‍්ස කාමො සිනෙහොති ධම‍්මකාමො, තෙපිටකං බුද‍්ධවචනං පියායතීති අත්‍ථො. පියසමුදාහාරොති පරස‍්මිං කථෙන‍්තෙ සක‍්කච‍්චං සුණාති, සයඤ‍්ච පරෙසං දෙසෙතුකාමො හොතීති අත්‍ථො. අභිධම‍්මෙ අභිවිනයෙති එත්‍ථ ධම‍්මො අභිධම‍්මො, විනයො අභිවිනයොති චතුක‍්කං වෙදිතබ‍්බං. තත්‍ථ ධම‍්මොති සුත‍්තන‍්තපිටකං. අභිධම‍්මොති සත‍්ත පකරණානි. විනයොති උභතොවිභඞ‍්ගො. අභිවිනයොති ඛන්‍ධකපරිවාරා. අථ වා සුත‍්තන‍්තපිටකම‍්පි අභිධම‍්මපිටකම‍්පි ධම‍්මො එව, මග‍්ගඵලානි අභිධම‍්මො. සකලවිනයපිටකං විනයො, කිලෙසවූපසමකරණං අභිවිනයො. ඉති සබ‍්බස‍්මිම‍්පි එත්‍ථ ධම‍්මෙ ච අභිධම‍්මෙ ච විනයෙ ච අභිවිනයෙ ච උළාරපාමොජ‍්ජො හොතීති අත්‍ථො. කුසලෙසු ධම‍්මෙසූති කාරණත්‍ථෙ භුම‍්මං, චාතුභූමකකුසලධම‍්මකාරණා තෙසං අධිගමත්‍ථාය අනික‍්ඛිත‍්තධුරො හොතීති අත්‍ථො.

ධර්‍මයෙහි මොහුගේ කැමැත්තයි සෙනහසයි යන්නෙන් ධම්මකාමො නමි, ත්‍රිපිටක බුද්ධ වචනයට ප්‍රියකරයි යන අරුත්ය. පියසමුදාහාරො යනු අනුන් කියන කල්හි සකස්ව අසයි, තෙමේත් අනුන්ට දෙසනු කැමැත්තේ වේයි අරුත්ය. අභිධම්මෙ අභිවිනයෙ යනු මෙහි ධර්‍මය, අභිධර්‍මය විනය අභිවනය යන චතුෂ්කය දතයුතුය. එහි ධම්මො යනු සූත්‍ර පිටකයයි, අභිධම්මො යනු ප්‍රකරණ සතයි, විනයො යනු උභතොවිභඞ්ගයයි, අභිවිනයො යනු ඛන්‍ධකපරිවාරයෝයි, නැතහොත් සූත්‍ර පිටකයත් අභිධර්‍මපිටකයත් ධර්‍මයයි, මාර්‍ගඵල අභිධර්‍මයයි, සියලු විනය පිටකය විනයයි, කෙලෙස් සංසිඳුවීම අභිවිනයයි. මෙසේ මෙහි සියලු ධර්‍මයෙහි අභිධර්‍මයෙහි විනයෙහි අභිවිනයෙහි උදාරවූ ප්‍රමුදිතබවක් වේයයි අර්‍ත්‍ථයි. කුසලෙසු ධම්මෙසු යනු කරණ විභක්ති අර්‍ත්‍ථයෙහි සත්තමියයි, චාතුර්භූමික වූ කුශලකර්‍ම කිරීමෙන් ඔවුන් අවබෝධ කිරීම සඳහා බහා නොතැබු වගකීම් ඇත්තේයි අර්‍ත්‍ථයි.

8. දුතියනාථකරණ සුත‍්තවණ‍්ණනා

8. දුතිය නාථකරණ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ ථෙරානුකම‍්පිතස‍්සාති ථෙරෙහි ඔවාදානුසාසනිදානසමුස‍්සාහිතාය හිතඵරණාය අනුකම‍්පිතස‍්ස.

අටවැන්නෙහි ථෙරානුකම්පිතස්ස යනු තෙරවරුන් විසින් අවවාද අනුශාසනා දීමෙන් නංවනලද හිතවත් බව පැතිරීමෙන් අනුකම්පා කරනලද්දහුගේයි.

9. පඨමාරියවාස සුත‍්තවණ‍්ණනා

9. පඨමාරියවාස සූත්‍ර වර්ණනාව

නවමෙ අරියවාසාති අරියානං ආවාසො, තෙ ආවසිංසු ආවසන‍්ති ආවසිස‍්සන‍්තීති අරියාවාසා. යදරියාති යෙ වාසෙ අරියා.

නවවැන්නෙහි අරියවාසා යනු ආර්‍ය්‍යයෝ මෙහි විසූහ, වසත්, වසන්නාහුයි අරියවාසා නමි. යදරියා යනු යම් වාසයක ආර්‍ය්‍යයෝයි.

10. දුතිය අරියවාස සුත‍්තවණ‍්ණනා

10. දෙවෙනි ආරියවාස සූත්‍ර වර්ණනාව

දසමං යස‍්මා කුරුරට‍්ඨවාසිනො භික‍්ඛූ ගම‍්භීරපඤ‍්ඤාකාරකා යුත‍්තප‍්පයුත‍්තා, තස‍්මා යථා තෙසං දීඝනිකායාදීසු මහානිදානාදීනි කථිතානි, එවමිදම‍්පි ගම‍්භීරං සුඛුමං තිලක‍්ඛණාහතං සුත‍්තං තත්‍ථෙව අවොච. තත්‍ථ පඤ‍්චඞ‍්ගවිප‍්පහීනොති පඤ‍්චහි අඞ‍්ගෙහි විප‍්පයුත‍්තො හුත්‍වා ඛීණාසවො අවසි වසති වසිස‍්සති. තස‍්මා අයං පඤ‍්චඞ‍්ගවිප‍්පහීනතා අරියාවාසොති වුත‍්තො. එස නයො සබ‍්බත්‍ථ. එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු ඡළඞ‍්ගසමන‍්නාගතො හොතීති ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතො හොති. ඡළඞ‍්ගුපෙක‍්ඛා ධම‍්මා නාම කෙති? ඤාණාදයො. “ඤාණ”න‍්ති වුත‍්තෙ කිරියතො චත‍්තාරි ඤාණසම‍්පයුත‍්තචිත‍්තානි ලබ‍්භන‍්ති, “සතතවිහාරො”ති වුත‍්තෙ අට‍්ඨ මහාචිත‍්තානි, “රජ‍්ජනදුස‍්සනං නත්‍ථී”ති වුත‍්තෙ දස චිත‍්තානි ලබ‍්භන‍්ති. සොමනස‍්සං ආසෙවනවසෙන ලබ‍්භති. සතාරක‍්ඛෙන චෙතසාති ඛීණාසවස‍්ස හි තීසු ද‍්වාරෙසු සබ‍්බකාලෙ සති ආරක‍්ඛකිච‍්චං සාධෙති. තෙනෙවස‍්ස චරතො ච තිට‍්ඨතො ච සුත‍්තස‍්ස ච ජාගරස‍්ස ච සතතං සමිතං ඤාණදස‍්සනං පච‍්චුපට‍්ඨිතං හොතීති වුච‍්චති.

යම් හෙයකින් කුරුරට වැසි භික්ෂූහු ගැඹුරු නුවණ ඇත්තෝ (ධර්‍මයට අනුව) කටයුතු කරන්නෝ සුදුසු දෙයෙහි යෙදෙන්නෝ වෙත්ද එහෙයින් ඔවුනට යම්සේ දීඝනිකායාදියෙහි මහානිදාන ආදී සූත්‍ර කියන ලද්දේ ද එසේ මේ ගැඹුරු වූ ඉතා සියුම්වු තිලකුණු ගැබ්වූ දසවැනි සූත්‍රය එහිදීම වදාළ සේක. එහි පඤ්චඞ්ගවිප්පහීනො යනු අංග පසකින් වෙන්වී රහතන් වහන්සේ විසූහ. වසති, වසන්නෝය, එහෙයින් මෙය පසඟින් වෙන් වූ බැවින් ආර්‍ය්‍යාගේ වාසයයි කියනලදි. සියලු තැන්හි මේ ක්‍රමයයි. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජළඞ්ගසමන්නාගතො හොති යනු අංග සයක් ඇති උපේක්ෂාවෙන් යුක්තවූයේ වෙයි. අංග සයින් යුක්ත උපේක්ෂා ධර්‍මයෝ නම් කවරහුද යත්? ඥානාදිය ඥානයයි කීකල්හි ක්‍රියා වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරක් ලැබෙයි. සතතවිහාර යයි කී කල්හි මහාසිත් අටයි, ඇලීම් ද්වෙශ කිරීම් නැතැයි කීකල්හි සිත් දහයක් ලැබෙයි. සොම්නස ඇසුරු කිරීම් වශයෙන් ලැබෙයි. සතාරක්‍ඛෙන චෙතසා යනු ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ තිදොරෙහි හැම කල්හි සිහිය ආරක්ෂා කෘත්‍යය ඉටු කරයි. එහෙයින්ම හැසිරෙන්නාවූ ද සිටින්නාවූ ද නිදන්නාවූ ද නොදන්නාවූ ද ඔහුට නිබඳව සන්සුන් වූ ඥානදර්‍ශනය එළඹසිටියේ වේයයි කියනු ලැබේ.

පුථුසමණබ්‍රාහ‍්මණානන‍්ති බහූනං සමණබ්‍රාහ‍්මණානං. එත්‍ථ සමණාති පබ‍්බජ‍්ජූපගතා, බ්‍රාහ‍්මණාති භොවාදිනො. පුථුපච‍්චෙකසච‍්චානීති බහූනි පාටෙක‍්කසච‍්චානි. “ඉදමෙව දස‍්සනං සච‍්චං, ඉදමෙව සච‍්ච”න‍්ති එවං පාටියෙක‍්කං ගහිතානි බහූනි සච‍්චානීති අත්‍ථො. නුණ‍්ණානීති නීහටානි. පනුණ‍්ණානීති සුට‍්ඨු නීහටානි. චත‍්තානීති විස‍්සට‍්ඨානි. වන‍්තානීති වමිතානි. මුත‍්තානීති ඡින‍්නබන්‍ධනානි කතානි. පහීනානීති පජහිතානි. පටිනිස‍්සට‍්ඨානීති යථා න පුන චිත‍්තං ආරොහන‍්ති, එවං පටිනිස‍්සජ‍්ජිතානි. සබ‍්බානෙව තානි ගහිතග‍්ගහණස‍්ස විස‍්සට‍්ඨභාවවෙවචනානි.

පුථුසමණබ්‍රාහ්මණානං යනු බොහෝවූ මහණ බමුණන්ගේයි, මෙහිද සමණා යන පැවිද්දට එළඹියාහුයි, බ්‍රාහ්මණා යනු භො වාදීහුයි, පුථුපච්චෙකසච්චානි යනු බොහෝවූ වෙන් වෙන් සත්‍යයෝයි, මේ දර්‍ශනයම සත්‍යය මේ දර්‍ශනයම සත්‍යය යනුවෙන් මෙසේ පෞද්ගලිකව ගන්නාලද බොහෝ සත්‍යයෝ යන අරුත්ය. නුණ්ණානි යනු ගෙනහැර පෑවාවූයි, පනුණ්ණානි යනු මනාව ගෙනහැර පෑවාවූයි, වන්තානි අත්හරනා ලද්දාවූයි, මුත්තානි යනු සිඳින ලද බැඳීම් ඇතිකළාවූයි, පහීනානි යනු අත්හරනා ලද්දාවූයි, පථිනිස්සට්ඨානි යනු යම් සේ නැවත සිත නොනංවත්ද එසේ අත්හරනා ලද්දාවූයි, මේ සියල්ලම ගන්නාලද ගැනීම් අත්හළ බවට අපරනාමයෝයි.

සමවයසට‍්ඨෙසනොති එත්‍ථ අවයාති අනූනා, සට‍්ඨාති විස‍්සට‍්ඨා. සම‍්මා අවයා සට‍්ඨා එසනා අස‍්සාති සමවයසට‍්ඨෙසනො, සුට‍්ඨුවිස‍්සට‍්ඨසබ‍්බඑසනොති අත්‍ථො. රාගා චිත‍්තං විමුත‍්තන‍්තිආදීහි මග‍්ගස‍්ස කිච‍්චනිප‍්ඵත‍්ති කථිතා. රාගො මෙ පහීනොතිආදීහි පච‍්චවෙක‍්ඛණඵලං කථිතං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සමවයසට්ඨෙසනො යනු මෙහි අවය යනු නොඅඩුවූයි, සට්ඨා යනු අත්හරනා ලදයි, මනාව නොඅඩුව අත්හළ බලාපොරොත්තු ඇත්තේ යනු අරුත්ය. රාගා චිත්තං විමුත්තං යනාදියෙන් මාර්‍ගයේ කෘත්‍ය නිෂ්පත්තිය කියන ලදි. රාගො මෙ පහීනො යනාදියෙන් ප්‍රත්‍යවෙක්ෂණයේ ඵලය කියන ලදි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

නාථවග‍්ගො දුතියො.

දෙවැනිවූ නාථකරණවර්‍ගයයි.