පඨම නාථකරණ සුත්තං
10. 1. 2. 7.
10. 1. 2. 7.
පඨම නාථකරණ සුත්තං
ප්‍රථම නාථකරණ සූත්‍රය
සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති. දස ඉමෙ භික්ඛවෙ නාථකරණා ධම්මා. කතමෙ දස:
මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්ම දශයෙක; කවර දසයෙක යත්:
1. ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අයම්පි ධම්මො නාථකරණො.
1. මහණෙනි, මෙසස්නෙහි භික්ෂූ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ සිල්වත් වේ ද … සමාදන් කොටගෙන ශික්ෂාපදයන්හි හික්මේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
2. පුන චපරං භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා, සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, යම්පි භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කලණ වූ මධ්‍යයෙහි කළණ වූ පර්‍ය්‍යවසානයෙහි කළණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ යම් ඒ දහම් කෙනෙක් කේවල පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්මයෝ බහුශ්‍රුත වෙත්, වචනයෙන් ධෘත වෙත්, පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්, මහණෙනි, යම් හෙයෙකින් මහණ බහුශ්ර වේ නම් ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම්, මෙ දහම ද නාථකරණ වෙයි.
3. පුන චපරං භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, යම්පි භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති, කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, අයම්පි ධම්මො නාථකරණො.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්රවඞ්ක වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කල්‍යාණ සම්ප්රවඞ්කයෙක් වේ නම්, මේ ද නාථකරණ ධර්මයෙකි.
4. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පි භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, අයම්පි ධම්මො නාථකරණො.
4. තවද මහණෙනි, මහණ සුවච බව කරන ධර්මයන්ගෙන් සමන්වාගත වූයේ සැහිය හැකියේ පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා සුල්ලේ සුවච වේ. මහණෙනි, යම් හෙයකින් මහණ සෝවචස්ස කරණ ධර්මයෙන් සමන්වාගත වූයේ සැහිය හැකිසේ අනුසස්න පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
5. පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පි භික්ඛවෙ භික්ඛු යානිතානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. අයම්පි ධම්මො නාථකරණො.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදුමහත් කුම්කරණීහු වෙත් නම් එහි අනලස වූයේ තත්රෝපායඥානයෙන් සමන්වාගත වූයේ කරනට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්ෂ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් කුම්කරණීහු වෙත් නම්, එහි අනලස වූයේ තත්රෝපායඥානයෙන් සමන්වාගත වූයේ කිරීමට සමත් වූයේ සංවිධානයට සුදුසු වූයේ දක්ෂවේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො අයම්පි ධම්මො නාථකරණො.
6. තවද මහණෙනි, මහණ තෙවළා දහම් කැමැතියේ පරහට දහම් දෙසනු කැමැතියේ අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ දහම් කැමැතියේ පරහට ප්‍රිය දේශනා ඇතියේ අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍යය ඇතියේ වේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
7. පුන චපරං භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, යම්පි භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, අයම්පි ධම්මො නාථකරණො.
7. තවද මහණෙනි, මහණ අකුසල් දහමුන්ගේ ප්රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුශලධර්මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ වාසය කරයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්රහාණය සඳහා කුසල් දහමුන්ගේ උපසම්පත් සඳහා ඇරඹු වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළ පැරකුම් ඇතියේ කුසල් දම්හි නො බහා තැබූ වැර ඇතියේ වාසය කෙරේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙක.
8. පුන චපරං භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවර පිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන, යම්පි භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අයම්පි ධම්මො නාථකරණො.
8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
9. පුන චපරං භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, යම්පි භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, අයම්පි ධම්මො නාථකරණො.
9. තවද මහණෙනි, මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වෙයි. මහණෙනි. යම් හෙයෙකින් මහණ සිහි ඇතියේ පරම ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වූයේ චිරකෘතයත් චිරභාසිතයත් සමරනුයේ අනුස්මරණ කරනුයේ වේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
10. පුන චපරං භික්ඛවෙ භික්ඛු පඤ්ඤ වා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පි භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මො නාථකරණො.
10. තවද මහණෙනි, මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ ක්ලේශ නිර්වේධයට හිත වූ මොනොවට දුඃඛක්ෂයයට යන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්වාගත වූයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධයට හිත වූ මැනැවින් දුක් නැසුමට යන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්වාගත වේ නම්, මෙ ද නාථකරණ ධර්මයෙකි.
සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති, ඉමෙ ඛො භික්ඛවෙ දස නාථකරණා ධම්මාති.
මහණෙනි, සනාථ වූවෝ වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ දස නාථකරණ ධර්මයෝ යි.