යෙදුමෙන් කියවන්න

ආහුනෙය්‍ය සුත‍්තං

10. 1. 2. 6.

10. 1. 2. 6.

ආහුනෙය්‍ය සුත‍්තං

ආහුනෙය්‍ය සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ දස:

මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්‍හ ද ප්‍රාඝුණාර්‍හ ද දක්‍ෂිණාර්‍හ ද අඤ්ජලිකරණාර්‍හ ද ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රද වෙත්. කවර දස දෙනෙක යත්:

තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො, පච‍්චෙකබුද‍්ධො, උභතොභාග විමුත‍්තො, පඤ‍්ඤාවිමුත‍්තො, කායසක‍්ඛී, දිට‍්ඨිප‍්පත‍්තො, සද‍්ධාවිමුත‍්තො, ධම‍්මානුසාරී, සද‍්ධානුසාරී, ගොත්‍රභූ.

තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ, ප්‍රත්‍යෙක බුද්ධයහ, උභතෝ භාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂී ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගෝත්‍රභූ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ දස පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා, දක‍්ඛිණෙය්‍යා, අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ දස පුඟුල්හු ආහුනාර්‍හ, ප්‍රාඝුණාර්‍හ, දක්‍ෂිණාර්‍හයහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර යි.