යෙදුමෙන් කියවන්න

අප‍්පමාද සුත‍්තං

10. 1. 2. 5.

10. 1. 2. 5.

අප‍්පමාද සුත‍්තං

අප්‍රමාද සූත්‍රය

1. යාවතා භික‍්ඛවෙ සත‍්තා අපදා වා දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ‍්ඤිනො වා අසඤ‍්ඤිනො වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිනො වා, තථාගතො තෙසං අග‍්ගමක‍්ඛායති අරහං සම‍්මාසබ‍්බුද‍්ධො. එවමෙව ඛො භික‍්ඛවෙ යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා, අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති.

1. මහණෙනි, අපාද වෙත්වයි ද්විපාද වෙත්වයි චතුෂ්පාද වෙත්වයි බහුප්පාද වෙත්වයි රූපී වෙත්වයි අරූපී වෙත්වයි සංඥී වෙත්වයි අසංඥී වෙත්වයි නෛවසංඥීනාසංඥී වෙත්වයි යම් තාක් සත්ත්‍වයෝ වෙත් නම්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ උනට අග්‍රහයි කියනු ලබත්. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍මකෙනෙක් වෙත් නම් උහු හැම අප්‍රමාදය මුල් කොට ඇතියාහු අප්‍රමාදයෙහි වැද ගන්නාහු වෙත්. ඒ දහමුනට අප්‍රමාදය අග්‍රයයි කියනු ලැබේ.

2. සෙය්‍යථාපි භික‍්ඛවෙ යානි කානිචි ජඞ‍්ගමානං පාණානං පදජාතානි, සබ‍්බානි තානි හත්‍ථිපදෙ සමොධානං ගච‍්ඡන‍්ති, හත්‍ථිපදං තෙසං අග‍්ගමක‍්ඛායති, යදිදං මහන‍්තත‍්තෙන, එවමෙව ඛො භික‍්ඛවෙ යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති.

2. මහණෙනි, ජඞ්ගම ප්‍රාණයන්ගේ යම්බඳු පද ජාතයෙක් ඇත් ද එ හැම ඇත් පියෙහි සමවධානයට යෙත්. ඇත් පිය උනට අග්‍රයි කියනු ලැබේ. මහත් බැවින. මහණෙනි, එ පරිදිම යම් කිසි කුසල් දම්හු වෙත් නම්, එ හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. ඒ ධර්‍මයනට අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ.

3. සෙය්‍යථාපි භික‍්ඛවෙ කූටාගාරස‍්ස යා කාචි ගොපානසියො සබ‍්බා තා කූටඞ‍්ගමා කූටනින‍්නා කූටසමොසරණා, කූටො තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා, අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායති.

3. මහණෙනි, යම් පරිදි කුළාරගෙහි යම් බඳු ගොනැස්හු වෙත් නම් එ හැම කූටඞ්ගම වූවාහු කූටනිම්න වූවාහු කූටයෙහි බැසගන්නාහු වෙත්. ඔවුනට කූටය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එ පරිදි ම යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම් ඔහු හැම අප්‍රමාද මූලක වූවාහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඔවුනට අග්‍ර යි කියනු ලැබේ.

4. සෙය්‍යථාපි භික‍්ඛවෙ යෙ කෙචි මූලගන්‍ධා, කාළානුසාරියං තෙසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ-

4. මහණෙනි, යම් පරිදි කිසි මූලගන්‍ධ කෙනෙක් වෙත් නම්, කළු අගිල් උනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...

5. සෙය්‍යථාපි භික‍්ඛවෙ යෙ කෙචි සාරගන්‍ධා ලොහිතචන්‍දනං තෙසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ-

5. මහණෙනි, යම් පරිදි යම් කිසි සාර (හර) ගන්‍ධ කෙනෙක් වෙත් ද, රත්සඳුන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...

6. සෙය්‍යථාපි භික‍්ඛවෙ යෙ කෙචි පුප‍්ඵගන්‍ධා, වස‍්සිකං තෙසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ-

6. මහණෙනි, යම් පරිදි යම් කිසි පුෂ්පගන්‍ධ කෙනෙක් වෙත් නම්, දෑසමන් ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...

7. සෙය්‍යථාපි භික‍්ඛවෙ යෙ කෙචි කුඩ‍්ඩරාජානො, සබ‍්බෙ තෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අනුයන‍්තා භවන‍්ති, රාජා තෙසං චක‍්කවත‍්ති අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ-

7. මහණෙනි, යම් පරිදි කිසි කුඩා රජකෙනෙක් වෙත් නම්, ඔහු හැම සක්විති මහරජු අනුයන්තෘහු වෙත්. සක්විති රජ ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...

8. සෙය්‍යථාපි භික‍්ඛවෙ යා කාචි තාරකරූපානං පභා, සබ‍්බා තා චන්‍දප‍්පභාය කලං නාග‍්ඝන‍්ති සොළසිං චන්‍දප‍්පභා තාසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ-

8. මහණෙනි, තාරක රූපයන්ගේ යම් බඳු ප්‍රභායෙක් වේ නම් එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස් වන කලාවට නො අගී. චන්‍ද්‍ර ප්‍රභාව ඔවුනට අග්‍ර යි කියනු ලැබේ. මහණෙනි. එපරිදි ම ...

9. සෙය්‍යථාපි භික‍්ඛවෙ සරදසමයෙ විද‍්ධො විගතවලාහකෙ දෙවෙ ආදිච‍්චො නාහං අබ‍්භුස‍්සුක‍්කමානො සබ‍්බං ආකාසගතං තමගතං අභිවිහච‍්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව ඛො භික‍්ඛවෙ -පෙ-

9. මහණෙනි, යම් පරිදි සරාකල්හි පහවූ වලාකුළු ඇති පහන් අහස්හි අහසට නගනා හිරු ආකාශගත හැම අඳුරු නසා බබළා ද තවා ද රස් විහිදුවා ද මහණෙනි, එපරිදි ම ...

10. සෙය්‍යථාපි භික‍්ඛවෙ යා කාචි මහානදියො, සෙය්‍යථීදං: ගඞ‍්ගා, යමුනා අචිරවතී, සරභූ, මහී, සබ‍්බා තා සමුද‍්දඞ‍්ගමා සමුද‍්දනින‍්නා සමුද‍්දපොනා සමුද‍්දපබ‍්භාරා, මහාසමුද‍්දො තෙසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා අප‍්පමාදසමොසරණා, අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතීති.

10. මහණෙනි, යම් පරිදි ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභූ ය, මහී ය යන යම් කිසි මහානදීහු වෙත් නම්, ඔහු හැම මුහුදට යන්නාහු සමුද්‍රනිම්න වූවාහු සමුද්‍ර ප්‍රවණ වූවාහු සමුද්‍ර ප්‍රාග්භාර වූවාහු වෙත්. මහ සමුදුර ඔවුනට අග්‍රයි කියනු ලැබේ. මහණෙනි, එපරිදි ම යම් කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු හැම අප්‍රමාදය මූලක වූහු අප්‍රමාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍රමාදය ඒ ධර්‍මයනට අග්‍රය යි කියනු ලැබේ යි.