චෙතොඛිල සුත්තං
10. 1. 2. 4.
10. 1. 2. 4.
චෙතොඛිල සුත්තං
චේතෝඛිල සූත්‍රය
[සාවත්ථියං]
[සැවැත් නුවර]
යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා පඤ්ච චෙතොඛිලා අප්පහීනා පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණකගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන්හු ද, ඔහට යම් රැයක් වේවයි දිනක් වේවයි පැමිණේ නම් කුසල ධර්මයන්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
කතමස්ස පඤ්චචෙතොඛිලා අප්පහීනා හොන්ති:
ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරිකඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය එවමස්සායං පඨමො චෙතොඛිලො අප්පහීනො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරනේය, විචිකිච්ඡා කරනේය, නිශ්චයට නො යෙයි. නො පහදනේ ය. මහණෙනි, යම් ඒ මහණෙක් ශෘස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො යේ ද, නො පහදී ද, ඔහු සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝකිලය අප්‍රහීණ වෙයි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඞ්ඛති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති -පෙ- සික්ඛාය කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඤ්චමො චෙතොඛිලො අප්පහීනො හොති. ඉමස්ස පඤ්ච චෙතොඛිලා අප්පහීනා හොන්ති.
තවද මහණෙනි, මහණ ධර්මය කෙරෙහි සැක කෙරෙයි, ... සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, ... ශික්ෂායෙහි සැක කෙරෙයි. ... සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැත්තේ හටගත් හුල් ඇතියේ වෙයි. ඔහු සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝඛිලය අප්‍රහීණ වෙයි. මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත්.
කතමස්ස පඤ්චචෙතසො විනිබන්ධා අසමුච්ඡින්නො හොන්ති:
ඔහුගේ කවර කවර පඤ්ච චේතෝවිනිබන්ධ කෙනෙක් නුසුන් වෙත් ද යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙසු අවීතරාගො හොති, අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්ද ඇතියේ පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්ද ඇතියේ පහ නොවූ ප්‍රේම ඇතියේ පහ නොවූ පිපාසා ඇතියේ පහ නොවූ පරිදාහ ඇතියේ පහ නොවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි අවීතරාග වේ ද, අවීගතඡන්ද වේ ද, අවිගත පෙම වේද, අවිගත පිපාසා වේ ද, අවිගත පරිදාහ වේ ද, අවිගත තණ්හා වේ ද, ඔහු සිත ආතප්පයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධානයට නො නැමේ නම්, මෙසේ මේ ඔහුගේ ප්‍රථම චේතෝ විනිබන්ධය නුසුන් වෙයි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ අවීතරාගො හොති -පෙ- රූපෙ අවීතරාගො හොති -පෙ- උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. යො සො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙව නිකායං පණිධාය බ්රහ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඤ්චමො චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති. ඉමස්ස පඤ්චචෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති.
තවද මහණෙනි, මහණ කයෙහි අවීතරාගි වෙයි ... රූපයෙහි අවීතරාග වෙයි ... කුසපුරා වළඳා ශය්‍යා සුඛයෙහි, ස්පර්ශ සුඛයෙහි, මිද්ධ සුඛයෙහි යෙදුනේ වාසය කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරෙයි: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. මහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරේ නම්: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. ඔහු සිත ආතාපයට අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ. යමකුගේ සිත ආතාපයට අනුයෝගයට, සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝවිනිබන්‍ධයෝ නුසුන් වෙත්.
යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්චචෙතොඛිලා අප්පහීනා ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
මහණෙනි, යම් කිසි මහණකුගේ වේවයි, මෙහෙණකගේ වේවයි, මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් ද, මේ පඤ්ච චේතෝ විනිබද්ධයෝ නුසුන් වෙත් ද ඔහුගේ යම් රැයක් හෝ දවසක් හෝ ඒ නම් කුසල් දහම්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
සෙය්යථාපි භික්ඛවෙ කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති. හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන, එමමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්ච චෙතොඛිලා අප්පහීනා, ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
මහණෙනි, යම් පරිදි පසඩමස්හි චන්ද්‍රයාගේ යම් බඳු රැයෙක් වේවයි දිනයෙක් වේවයි ඒ නම්, එය වර්ණයෙනුදු පිරිහේ මැයි, මණ්ඩලයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහ පරිණාහයෙනුදු පිරිහේ. මහණෙනි, යම් කිසි මහණක්හු හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ අප්‍රහීණ වෙත් නම්, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ නුසුන් වෙත් නම් ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි ඒ නම් කුශල ධර්මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා පඤ්ච චෙතොඛිලා පහීනා පඤ්ච චෙතසො විනිබන්ධා සමුච්ඡින්නා තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානි.
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණක්හුගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ වෙත් නම්, පඤ්ච චේතෝවිනිබද්ධයෝ සමුච්ඡින්න වෙත් නම්, ඔහට යම් රැයෙක් හෝ දවසෙක් හෝ ඒ නම් කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ.
කතමස්ස පඤ්ච චෙතොඛිලා පහීනා හොන්ති,
ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ වෙත් ද යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති, අධිමුච්චති සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඨමො චෙතොඛිලො පහීනො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කරයි. විචිකිච්ඡා නො කරයි. නිශ්චයට යයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, විනිශ්චයට යේ ද, පහදී ද ඔහු සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝඛිලය ප්‍රහීණ වෙයි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ න කඞ්ඛති -පෙ- සඞ්ඝෙ න කඞ්ඛති -පෙ- සික්ඛාය න කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරීසු න කුපිතො හොති අත්තමනො න ආහතචිත්තො න ඛිලජාතො, යො සො භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීසු න කුපිතො හොති අත්තමනො න ආහතචිත්තො න ඛිලජාතො තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඤ්චමො චෙතොඛිලො පහීනො හොති. එවමස්ස පඤ්චචෙතොඛිලා පහීනා හොන්ති.
තවද මහණෙනි, මහණ ධර්මයෙහි සැක නො කරයි. සඞ්ඝයා කෙරෙහි සැක නො කරයි. ශික්ෂායෙහි සැක නො කරයි. සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිතැත්තේ නො ගැටුණු සිතැත්තේ හටගත් හුල් නැතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිතැතියේ නො ගැටුණු සිතැතියේ හටගත් හුල් නැතියේ වේ ද, ඔහුගේ සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝඛිලය ප්‍රහීණ වෙයි. මෙසේ ඔහුගේ පඤ්ච චේතෝඛිලය ප්‍රහීණ වෙත්:
කතමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා හොන්ති:
ඔහුගේ කවර පඤ්චචේතෝවිනිබද්ධ කෙනෙක් සුසමුච්ඡින්ත වෙත් ද යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු කාමෙසු වීතරාගො හොති විගතචිඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙසු වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. එවමස්සායං පඨමො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි වීතරාග වූයේ විගතච්ඡන්ද වූයේ විගතපෙම වූයේ විගතපිපාස වූයේ විගතපරිළාහ වූයේ විගතතණ්හ වූයේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි වීතරාග වූයේ විගතච්ඡන්ද වූයේ විගතපෙම වූයේ විගතපිපාස වූයේ විගතපරිළාහ වූයේ විගතතණ්හ වූයේ නම් ඔහුගේ සිත ආතාපයට අනුයෝගයට සාතත්‍යයට ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්‍රථම චේතෝවිනිබද්ධය සුසමුච්ඡින්න වෙයි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ වීතරාගො හොති -පෙ- රූපෙ වීතරාගො හොති -පෙ- න යාවදත්ථං, උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි, දෙවඤ්ඤතරො වා”ති.
තවද මහණෙනි, මහණ කයෙහි වීතරාග වෙයි. රූපයෙහි වීතරාග වෙයි. කැමති තාක් කුසපුරා වළඳා සෙය්‍යසුඛයෙහි ඵස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යෙදුනේ වාසය නො කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර නො සරයි. “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වෙම්වම්ව” යි.
යො සො භික්ඛවෙ භික්ඛු න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ ති. තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය එවමස්සායං පඤ්චමො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති. ඉමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා හොන්ති.
මහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර නො සරා නම්, “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බ්‍රම්සරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් වෙම්ව”යි. ඔහුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට, ප්‍රධන්වීර්‍ය්‍යයට නැමෙයි. යමකුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්‍යයට, ප්‍රධන්වීර්‍ය්‍යය නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝවිනිබන්ධය සුසමුච්ඡින්න වෙයි. මෙසේ ඔහුගේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡින්න වෙත්.
යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්චචෙතොඛිලා පහීනා ඉමෙ පඤ්චචෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානි.
මහණෙනි, යම් කිසි මහණකුගේ වේ වයි මෙහෙණකගේ වේවයි මේ පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ ද, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡන්න ද ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුසල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ.
සෙය්යථාපි භික්ඛවෙ ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන වඩ්ඪති මණ්ඩලෙන වඩ්ඪති ආභාය වඩ්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා ඉමෙ පඤ්චචෙතොඛිලා පහීනා ඉමෙ පඤ්චචෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නො, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානීති.
මහණෙනි, යම් පරිදි පෙරඩමස සඳුගේ යම් රැයෙක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, එය වර්ණයෙනුදු වඩනේ ම ය, මඬුලුයෙනුදු වඩනේ ම ය, ආභායෙනුදු වඩනේ ය. අරෝහපරිණාහයෙනුදු වඩනේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහණක්හුගේ හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ ප්‍රහීණ ද, මේ පඤ්ච චේතෝවිනිබන්‍ධයෝ සුසමුච්ඡින්න ද, ඔ හට යම් රැයෙක් හෝ දවසෙක් හෝ පැමිණේ නම් කුශලධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහාණියෙක් නො වේ.