දුතියනාථකරණ සුත්තං
10. 1. 2. 8.
10. 1. 2. 8.
දුතියනාථකරණ සුත්තං
දුතිය නාථකරණ සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා, දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති. දස ඉමෙ භික්ඛවෙ නාථකරණා ධම්මා. කතමෙ දස:
මහණෙනි, සනාථ වූවෝ වාසය කරවු, නහමක් අනාථ වවු. මහණෙනි, අනාථ වූයේ දුකසේ වාසය කරයි. මහණෙනි, මේ නාථ කරණ ධර්ම දශයෙක, කවර දශයෙක යත්:
1. ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ‘සීලවා වතායං භික්ඛු හොති පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසූ’ති. ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස ... මජ්ඣිමානුකම්පිතස්ස ... නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. “මේ මහණ එකැතින් සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍රවද්‍යයෙහිදු භය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මේ ය”යි. තෙර මහණහු ද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මැදි මහණ හුද ... සගමහණහුද ඔහු කිවයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. තෙරුන් විසින් අනුකම්පිත - මැදි මහණුන් විසින් අනුකම්පිත- සග මහණුන් විසින් අනුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්මයෙකි.
2. පුන චපරං භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා. ‘බහුස්සුතො වතායං භික්ඛු සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා -පෙ- සාත්ථා, සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා’ති. ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස ... මජ්ඣිමානුකම්පිතස්ස ... නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු,නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
2. තවද මහණෙනි, මහණ බහුශ්‍රුත වෙයි. ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. “එකැතින් මේ මහණ බහුශ්‍රුත ය, ශ්‍රැතධර ය, ශ්රැතසන්තිචයෙක්, ආදිකල්‍යාණ ... සාර්ත්ථ, සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ, පරිශුද්ධ, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්මයෝ මොහු විසින් බහුශ්‍රැතයහ, ධෘතයහ, වචනයෙන් පරිචිතයහ, සිතින් අනුප්‍රේක්‍ෂිතයහ. දිටුහයෙන් මොනොවට පිළිවිදුනහ”යි ස්ථිවිර භික්ෂූහු ද ඔහු කියයුතු කොට අනුසැසිය යුතු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසයිතව්ය කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්මයෙකි.
3. පුන චපරං භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. ‘කල්යාණමිත්තො වතායං භික්ඛු කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො’ති ථෙරාපි නං වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි, අයම්පි ධම්මො නාථකරණො.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්රවඞ්කයෙක් වෙයි. “මේ මහණ එකැතින් කලණ මිතුරන් ඇතියෙක්, කලණ යහළුවන් ඇතියෙක්, කල්‍යාණ සම්ප්රවඞ්කැ”යි ස්ථවිර භික්ෂූහු දු ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නොවේ. මෙ ද නාථකරණ ධර්මයෙකි.
4. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. සුවචො වතායං භික්ඛු සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනින්ති ථෙරාපි නං වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
4. තවද මහණෙනි, මහණ සෞවචස්සකාර ධර්මයෙන් සමන්වාගත වූයේ සැහිය හැකියේ අනුශාසනාව පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වෙයි. “එකැතින් මෙ මහණ සුවචය, සෝවචස්සකාර ධර්මයෙන් සමන්වාගතයෙක. සැහිය සැකියෙක, පැදකුණින් අනුසස්න ගන්නා සුල්ලෙකැ”යි ස්ථවිර භික්ෂූහුද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්මයෙක.
5. පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො, තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො වතායං භික්ඛු අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලංකාතුං අලංසංවිධාතුන්ති. ථෙරාපි නං වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන්ගේ යම් කුදු මහත් කුමුකරණී වෙත් නම් එහි දක්ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්වාගත වූයේ කිරීමට සුදුසු වෙයි. සංවිධානයට සුදුසු වෙයි, “එකැතින් මේ මහණ සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත් කුමුකරණීහු වෙත් නම් එහි දක්ෂ වූයේ අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්වාගත වූයේ කිරීමට සමත් වෙයි. සංවිධාන කිරීමට සමත් වේ යයි ස්ථවිර භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාස්‍යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්මයෙක.
6. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. ‘ධම්මකාමො වතායං භික්ඛු පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
6. තවද මහණෙනි, මහණ තෙවළා දම් කැමැතියේ ප්‍රිය කථා ඇතියේ අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇතියේ වෙයි. “එකැතින් මෙ මහණ ධර්‍මකාම වූයේ ප්‍රිය කථා ඇතියේ අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇත්තෙකැ”යි ස්ථවිර භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු කොට අනුශාසිතව්යයකු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශලධර්මයන්හි වෘධියෙක ම කැමැති විය යුතු, පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්මයෙක.
7. පුන චපරං භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු ‘ආරද්ධවිරියො වතායං භික්ඛු විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමාපි භික්ඛු -පෙ- නවාපි භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
7. තවද මහණෙනි, මහණ අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශල ධර්මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ කුශල් දහම් හි බහා නො තැබූ වැර ඇතියේ වෙසෙයි, “එකැතින් මෙ මහණ අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස, ඇරඹූ වැර ඇතියේ ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ කුශලධර්මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියෙකැ”යි. ස්ථවිර භික්ෂූහු ද ඔහු වක්තව්යකු කොට අනුශාසිතව්යයකු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්‍යමානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක්ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ. මෙ ද නාථකරණ ධර්මයෙක.
8. පුන චපරං භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන ‘සන්තුට්ඨො වතායං භික්ඛු ඉතරීතරචීවර පිණ්ඩපාතසෙනාසන ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරෙනා’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති, මජ්ඣිමාපි භික්ඛු -පෙ- වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
8. තවද මහණෙනි, මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාතශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්ජ්ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. “එකැතින් මෙ මහණ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්ජ්ය පරිෂ්කාරයෙන් සතුටු වේ”යි ස්ථවිර භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්, මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්මයෙක.
9. පුන චපරං භික්ඛවෙ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ‘සතිමා වතායං භික්ඛු පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා’ති ථෙරාපි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. මජ්ඣිමා පි -පෙ- නවා පි නං භික්ඛු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස මජ්ඣිමානුකම්පිතස්ස නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
9. තවද මහණෙනි, මහණ ස්මෘතිමත් වූයේ පරමස්මෘතිසම්ප්රජන්යයෙන් යුක්ත වූයේ චිරකෘතය ද චිරභාෂිතය ද සමරනුයේ අනුස්මරණය කරනුයේ වෙයි: “එකැතින් මේ මහණ ස්මෘතිමත් වූයේ පරම ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වූයේ චිරකෘතය ද චිරභාෂිතය ද සමරනුයේ අනුස්මරණය කරනුයේ වෙයි. ස්ථවිර භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්ය කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත මධ්යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්මයෙක.
10. පුන චපරං භික්ඛවෙ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා පඤ්ඤවා වතායං භික්ඛු උදයත්ථගාමිනියා ‘පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා’ති ථෙරාපි නං භික්ඛූ වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති, මජ්ඣිමා පි භික්ඛු -පෙ- නවා පි භික්ඛු වත්තබ්බං අනුසාසිතබං මඤ්ඤන්ති. තස්ස ථෙරානුකම්පිතස්ස- මජ්ඣිමානුකම්පිතස්ස-නවානුකම්පිතස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි. අයම්පි ධම්මො නාථකරණො.
10. තවද මහණෙනි, මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ ක්ලේශනිවේධය පිණිස පවත්නා මැනැවින් දුක් කෙළවරට යන උදයාස්තගාමිනී ප්‍රඥාවෙන් සමන්වාගත වූයේ වෙයි: “එකැතින් මේ මහණ ප්‍රඥාවත් වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධයට හිත වූ මැනැවින් දුක් කෙළවරට පමුණුවන උදයාස්තගාමිනී ප්‍රඥායෙන් සමන්වාගත යයි ස්ථවිර භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්. මධ්‍යම භික්ෂූහු ද ... නවක භික්ෂූහු ද ඔහු වක්තව්‍යයකු අනුශාසිතව්යයකු කොට හඟිත්. ස්ථවිරානුකම්පිත - මධ්යානුකම්පිත - නවකානුකම්පිත ඔහට කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම වෙයි. පරිහානියෙක් නො වෙයි. මෙ ද නාථකරණ ධර්මයෙක.
සනාථා භික්ඛවෙ විහරථ, මා අනාථා, දුක්ඛං භික්ඛවෙ අනාථො විහරති. ඉමෙ ඛො භික්ඛවෙ දසනාථකරණා ධම්මාති.
මහණෙනි, මහණ සනාථ වූවෝ වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වෙසෙයි. මහණෙනි, මොහු දශ නාථකරණ ධර්ම යි.