සෙනාසන සුත්තං
10. 1. 2. 1.
10. 1. 2. 1.
සෙනාසන සුත්තං
සේනාසන සූත්‍රය
[සාවත්ථියං]
[සැවැත් නුවර]
පඤ්චඞ්ගසමන්නාගතො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතං සෙනාසනං සෙවමානො භජමානො න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය,
මහණෙනි, අඞ්ග පසෙකින් සමන්වාගත මහණ පසඟෙකින් සමන්වාගත සෙනසුන් සෙවුනේ බජනුයේ නොබෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් ඉහාත්මයෙහි ම චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො හොති:
මහණෙනි, කෙසේ මහණ පසඟෙකින් සමන්වාගත වේ ද:
1. ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදනේ ය: “මෙසේ ද ඒ භගවත්හු අර්හත්හ, සම්යක්සම්බුද්යහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධයහ, භගවත්හ”යි.
2. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
2. අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ ප්‍රධන්වීර්‍ය්‍යයට ක්ෂම වූ මධ්‍යම වූ සමව පැසවන කර්‍මජතේජෝධාතුයෙන් සමන්වාගත වෙයි.
3. අසඨො හොති අමායාවී, යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරිසු.
3. සඨ නො වූයේ මායා නැතියේ ඇති සැටිය තමා ශාස්තෘන් කෙරෙහි වේවයි නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි පාළ කරනුයේ වෙයි.
4. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
4. අකුශලධර්‍මයන්ගේ ප්රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුසල්දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වාසය කෙරෙයි.
5. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
5. ආර්‍ය්‍ය වූ ලොභස්කන්ධාදිය බිඳීමට සමත් මොනොවට දුඃඛක්‍ෂයට පමුණුවන උදයාස්තංගාමිනිප්රඥායෙන් සමන්වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
එවං ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතො හොති.
මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
කථඤ්ච භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොති?
මහණෙනි, කෙසේ සෙනසුන පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද ;
6. ඉධ භික්ඛවෙ සෙනාසනං නාතිදූරං හොති නාච්චාසන්නං ගමනාගමනසම්පන්නං
6. මහණෙනි, මෙ සස්නෙහි සෙනස්න අතිදුර නො වූයේ අත්‍යාසන්න නො වූයේ ගමනාගමනින් සපන් වූයේ වෙයි.
7. දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං.
7. දහවල් (මිනිසුන්) නො ගැවසුණේ රාත්‍රි අල්පශබ්ද වූයේ අල්පනිර්ඝෝෂ වූයේ වෙයි.
8. අප්පඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සං.
8. මැසිමදුරු වා අවු දිගුදෑ පහස් නැතියේ වෙයි.
9. තස්මිං ඛො පන සෙනාසනෙ විහරන්තස්ස අප්පකසිරෙනෙව උප්පජ්ජන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා.
9. එ සෙනස්නෙහි වසන්නහුට නිදුකින් ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදනේ ය:
10. තස්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික්ඛු විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: “ඉදම්භන්තෙ කථං ඉමස්ස කො අත්ථො”ති. තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති.
10. එ සෙනස්නෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති සූත්‍රපිටකධර විනයධර (ප්‍රාතිමෝක්‍ෂද්වය සඞ්ඛ්‍යාත) මාතෘකාධර තෙර මහණහු වෙසෙත්. කලින් කල උන් කරා එළඹ පුළුවුස්නේ ය, පිරිසිඳුනේ ය: ‘වහන්ස, මේ කිසේ ය, මෙහි කවර අරුත් දැ’යි. ඔහට ඒ ඇවත්හු අවිවෘත වූත් අර්ත්ථය විවර කෙරෙත්, නො පාළ වූවා පාළ කෙරෙත්, නන් වැදෑරුම් සැකයට කරුණු වූ දහම්හි සැක දුරලත්.
එවං ඛො භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොති. පඤ්චඞ්ගසමන්නාගතො ඛො භික්ඛවෙ භික්ඛු පඤ්චඞ්ගසමන්නාගතං සෙනාසනං සෙවමානො භජමානො න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
මහණෙනි, මෙසේ සෙනස්න පසඟින් සමන්වාගත වෙයි; මහණෙනි, පඤ්චාඞ්ගයෙන් සමන්වාගත මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත සෙනස්න සෙවුනේ බෙජෙනුයේ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයයෙන් දුටුදැමියෙහි ම ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනේ ය.