යෙදුමෙන් කියවන්න

පඤ‍්චඞ‍්ග සුත‍්තං

10. 1. 2. 2.

10. 1. 2. 2.

පඤ‍්චඞ‍්ග සුත‍්තං

පඤ්චඞ්ග සූත්‍රය

[සාවත්‍ථියං]

[සැවැත් නුවර]

පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ග සමන‍්නාගතො ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති වුච‍්චති.

මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ වූ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ මේ ධර්‍මවිනයෙහි සකලගුණසමන්‍වාගත වුසූබඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති:

මහණෙනි, මහණ කෙසේ පඤ්චාඞ්ගවිප්‍රහීණ වේ ද යත්;

ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො කාමච‍්ඡන්‍දො පහීනො හොති, ව්‍යාපාදො පහීනො හොති, ථීනමිද‍්ධං පහීනං හොති, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීනං හොති, විචිකිච‍්ඡා පහීනා හොති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථිනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චාඞ්ගප්‍රහීණ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගසමන‍්නාගතො හොති:

මහණෙනි, කෙසේ මහණ පඤ්චාඞ්ගසමන්‍වාගත වේ ද යත්;

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසෙඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන සමාධික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන විමුත‍්තික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙඛෙන විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගසමන‍්නාගතො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.

පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගසමන‍්නාගතො ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති වුච‍්චතීති.

මහණෙනි, පඤ්චාඞ්ගවිප්‍රහීණ පඤ්චාඞ්ගසමන්‍වාගත මහණ තෙම මෙ සස්නෙහි සකලගුණ සමන්‍වාගත වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යයි කියනු ලැබේ.

1. කාමච‍්ඡන්‍දො ච ව්‍යාපාදො ථීනමිද‍්ධඤ‍්ච භික‍්ඛුනො, උද‍්ධච‍්චං විචිකිච‍්ඡා ච සබ‍්බසොව න විජ‍්ජති.

1. කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාය යන මේ මහණහට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාමාන වේ ද

2. අසෙඛෙන ච සීලෙන අසෙඛෙන සමාධිනා විමුත‍්තියා ච සම‍්පන‍්නො ඤාණෙන ච තථාවිධො.

2. අශෛක්‍ෂ්‍යශීලයෙනුදු අශෛක්‍ෂ්‍යසමාධියෙනුදු විමුක්තියෙනුදු අශෛක්‍ෂ්‍ය විමුක්තිඥානදර්‍ශනයෙනුදු සමන්‍වාගත එබඳු වූ -

3. ස වෙ පඤ‍්චඞ‍්ගසම‍්පන‍්නො පඤ‍්චඞ‍්ගානිවිවජ‍්ජයං ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලීති පවුච‍්චතීති.

3. පඤ්චාඞ්ගසම්පන්න වූ හේ පඤ්චාඞ්ගයන් හරනේ මේ ධර්‍ම විනයෙහි කේවලී යි කියනු ලැබේ.