යෙදුමෙන් කියවන්න

විජ‍්ජා සුත‍්තං

10. 1. 1. 10.

10. 1. 1. 10.

විජ‍්ජා සුත‍්තං

විජ්ජා සූත්‍රය

[සාවත්‍ථියං]

[සැවැත් නුවර]

සද‍්ධො ච භික‍්ඛවෙ භික‍්ඛු හොති නො ච සීලවා එවං සො තෙනඞ‍්ගෙන අපරිපූරො හොති, තෙන තං අඞ‍්ගං පරිපූරෙතබ‍්බං “කින‍්තාහං සද‍්ධො ච අස‍්සං සීලවා චා”ති.

මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි, නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ අංගය පිරිය යුතු. කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වන්නෙම් දැ’යි.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො ච හොති සීලවා ච එවං සො තෙනඞ‍්ගෙන පරිපූරො හොති.

මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වෙයි.

සද‍්ධො ච භික‍්ඛවෙ භික‍්ඛු හොති සීලවා ච නො ච බහුස‍්සුතො -පෙ- බහුස‍්සුතො ච නො ච ධම‍්මකථිකො - ධම‍්මකථිකො ච නො ච පරිසාවචරො - පරිසාවචරො ච නො ච විසාරදො පරිසාය ධම‍්මං දෙසෙති - විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙති නො ච විනයධරො - විනයධරො ච නො ච අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති -පෙ- නො ච දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති, නො ච ආසවානං ඛයා -පෙ- සචිඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, එවං සො තෙනඞ‍්ගෙන අපරිපූරො හොති.

මහණෙනි, මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික ද වෙයි, පරිසාවචර නො වෙයි ... පරිසාවචර ද වෙයි. විසාරද වූයේ පිරිස් දහම් නො ද දෙසයි … විසාරද වූයේ පිරිස්හි දහම් ද දෙසයි, නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසයන් නො ද සිහිකෙරෙයි. එනම් එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි … අනේකවිහිත පූර්‍වනිවාසයන් ද සිහි කරයි. එනම්, එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්‍වනිවාසයන් සිහි කරයි. විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්‍වයන් නො ද දක්නේ යි ... විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම්වූ පරිදි යන සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ නො ද වාසය කරයි. මෙසේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.

තෙන තං අඞ‍්ගං පරිපූරෙතබ‍්බං “කින‍්තාහං සද‍්ධො ච අස‍්සං සීලවා ච බහුස‍්සුතො ච ධම‍්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙය්‍යං, විනයධරො ච අනෙකවිහිතඤ‍්ච පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යං, සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යං , දිබ‍්බෙන ච චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍යං, ආසවානඤ‍්ච ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති.

ඔහු විසින් එ අඟ පිරිය යුතු: කිසෙයින් මම් සැදැහැතියෙම් ද බහුශ්‍රුත වූයෙම් ද, ධර්‍මකථිකයෙම් ද, පරිසාවචරයෙම් ද, විසාරදව පිරිස්හි දහම් දෙසන්නෙම් විනයධර වූයෙම් අනේකවිහිත පූර්‍වනිවාසයන් අනුස්මරණ කරන්නෙම් එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ සාකාර වූ සඋද්දේස වූ අනේකවිහිත වූ පූර්‍වනිවාසය අනුස්මරණ කරන්නෙම් විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් … කම් වූ පරිදි පරලොව ගිය සතුන් දක්නෙම් ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරෙම් දැයි.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො ච හොති සීලවා ච බහුස‍්සුතො ච ධම‍්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙති, විනයධරො ච අනෙකකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. දිබ‍්බෙන ච චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, එවං සො තෙනඞ‍්ගෙන පරිපූරො හොති.

මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, බහුශ්‍රුත වූයේත්, ධර්‍මකථික වූයේත්, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේ පිරිස්හි දහම් දෙසා ද විනයධර වූයේත් අනේකවිහිත පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. එනම්: එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්වේනිවාස අනුස්මරණ කෙරේ ද, විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද මෙසේ හේ එ අඟින් පරිපූර්‍ණ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු හොති සමන‍්තපාසාදිකො ච හොති සබ‍්බාකාරපරිපූරොචාති.

මහණෙනි, මෙ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වේ යයි.

ආනිසංසවග‍්ගො පඨමො.

ප්‍රථම ආනිසංසවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

කිමත්‍ථියං චෙතනා සීලං උපනිසා ආනන්‍ද පඤ‍්චමං, සමාධි සාරිපුත‍්තො ච සද‍්ධො සන‍්තෙන විජ‍්ජයාති,

කිමත්‍ථිය සූත්‍රය, චේතනා සූත්‍රය, සීල සූත්‍රය, උපනිස සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සමාධි සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, සද්ධ සූත්‍රය, සන්ත සූත්‍රය, විජ්ජා සූත්‍රය දැයි දසයෙක.