යෙදුමෙන් කියවන්න

සන‍්තවිමොක‍්ඛ සුත‍්තං

10. 1. 1. 9.

10. 1. 1. 9.

සන‍්තවිමොක‍්ඛ සුත‍්තං

සන්තවිමොක්ඛ සූත්‍රය

[සාවත්‍ථියං]

[සැවැත් නුවර]

සද‍්ධො ච භික‍්ඛවෙ භික‍්ඛු හොති නො ච සීලවා -පෙ- සීලවා ච නො ච බහුස‍්සුතො - බහුස‍්සුතො ච නො ච ධම‍්මකථිකො - ධම‍්මකථිකො ච නො ච පරිසාවචරො - පරිසාවචරො ච නො ච විසාරදො - පරිසාය ධම‍්මං දෙසෙති - විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙති නො ච විනයධරො - විනයධරො ච නො ච ආරඤ‍්ඤකො පන‍්තසෙනාසනො - ආරඤ‍්ඤකො ච පන‍්තසෙනාසනො නො ච යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ ආරුප‍්පා තෙ කායෙන ඵස‍්සිත්‍වා විහරති - යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ ආරුප‍්පා තෙ ච කායෙන ඵස‍්සිත්‍වා විහරති නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, එවං සො තෙනඞ‍්ගෙන අපරිපූරො හොති.

මහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි, නො ද සිල් ඇතියේ වෙයි ... සිල් ඇතියේත් නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් නො ද විසාරද වූයේ පිරිස්හි දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක නො ද වෙයි ... ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක වූයේත් රූපයන් ඉක්ම ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උන් කයින් පැහැස නො ද වෙසෙයි ... රූපයන් ඉක්ම සිටුනා ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උනුදු නාමකයින් පැහැස වෙසෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය නො කෙරෙයි. මෙසේ හේ එඅඟින් අපරිපූර්‍ණ වෙයි.

තෙන තං අඞ‍්ගං පරිපූරෙතබ‍්බං. “කින‍්තාහං සද‍්ධො ච අස‍්සං සීලවා ච බහුස‍්සුතො ච ධම‍්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙය්‍යං, විනයධරො ච ආරඤ‍්ඤකො ච පන‍්තසෙනාසනො යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ ආරුප‍්පා තෙ ච කායෙන ඵස‍්සිත්‍වා විහරෙය්‍යං ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති.

ඔහු විසින් එ අංගය පිරිය යුතු, කිසෙයින් මම් සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්‍රුත වූයෙම් ධර්‍මකථික ද වූයෙම් පරිසාවචර ද වූයෙම් විසාරද ව පිරිස්හි දහම් දෙසනුයෙම් විනයධර වූයෙම් ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක ද වූයෙම් රූපාවචර ධ්‍යානයන් ඉක්ම සිටුනා ආරූප්‍ය වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් උනුදු කයින් පැහැස වසනුයෙම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ’යි.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො ච හොති සීලවා ච බහුස‍්සුතො ච ධම‍්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙති, විනයධරො ච ආරඤ‍්ඤකො ච පන‍්තසෙනාසනො යෙ තෙ සන‍්තා විමොක‍්ඛා අතික‍්කම‍්ම රූපෙ ආරුප‍්පා තෙ ච කායෙන ඵස‍්සිත්‍වා විහරති ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, එවං සො තෙනඞ‍්ගෙන පරිපූරො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සමන‍්තපාසාදිකො ච හොති, සබ‍්බාකාර පරිපූරො චාති.

මහණෙනි, මහණ යම් කලෙක සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, බහුශ්‍රුත වූයේත් වේද, ධර්‍මකථිකත් වේ ද, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසා ද, විනයධර වූයේත් වේ ද, ප්‍රාන්ත සෙනසුන් ඇති ආරණ්‍යක වූයේත්, රූපධ්‍යානයන් ඉක්ම සිටුනා අරූපධ්‍යාන වූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඔවුනුදු නාමකයින් පැහැස වාසය කෙරේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ ඒ අඟින් පරිපූර්‍ණ වෙයි. මහණෙනි, මේ දශධර්‍මයෙන් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වේ යයි.

සන‍්තවිමොක‍්ඛසුත‍්තං නවමං.

සන්තවිමොක්ඛ සූත්‍රය නමවැනි යි.