1. ආනිසංසවග්ගො අට්ඨකථා
1. ආනිසංස වර්ගය
1. කිමත්ථියසුත්තවණ්ණනා
1. කිමත්ථිය සූත්‍ර වර්ණනාව
දසකනිපාතස්ස පඨමෙ කුසලානි සීලානීති අනවජ්ජසීලානි. අමඞ්කුභාවස්ස අවිප්පටිසාරස්ස අත්ථාය සංවත්තන්තීති අවිප්පටිසාරත්ථානි. සො නෙසං ආනිසංසොති අවිප්පටිසාරානිසංසානි. යථාභූතඤාණදස්සනත්ථොතිආදීසු යථාභූතඤාණදස්සනං නාම තරුණවිපස්සනා, නිබ්බිදා නාම බලවවිපස්සනා, විරාගො නාම මග්ගො, විමුත්ති නාම අරහත්තඵලං, ඤාණදස්සනං නාම පච්චවෙක්ඛණඤාණං. අග්ගාය පරෙන්තීති අරහත්තත්ථාය ගච්ඡන්ති.
දසක නිපාතයේ පළමු සූත්‍රයෙහි කුසලානි සීලානි යනු නිවැරදි සිල්ය, නොවියවුල් බව සඳහා නොවිපිළිසර බවට ඔවුන්ගේ ආනිශංසයනුයි අවිප්පටිසාරානිසංසානි නමි, යථාභූතඤාණදස්සනත්ථො යනාදියෙහි යථාභූතඤාණදස්සනය නම් තරුණ විදර්ශනාවයි, නිබ්බිදා නම් බලවත් විදර්ශනාවයි, විරාග නම් මාර්ගයයි, විමුත්ති නම් අරහත්ඵලයයි, ඤාණදස්සන නම් ප්රත්යවෙක්ෂණ ඥානයයි, අග්ගාය පරෙන්ති යනු රහත්බවට යත්.
2. චෙතනාකරණීය සුත්තවණ්ණනා
2. චෙතනාකරණීය සූත්‍ර වර්ණනාව
දුතියෙ න චෙතනාය කරණීයන්ති න චෙතෙත්වා කප්පෙත්වා පකප්පෙත්වා කාතබ්බං. ධම්මතා එසාති ධම්මසභාවො එසො කාරණනියමො අයං. අභිසන්දෙන්තීති පවත්තෙන්ති. පරිපූරෙන්තීති පරිපුණ්ණං කරොන්ති. අපාරා පාරං ගමනායාති ඔරිමතීරභූතා තෙභූමකවට්ටා නිබ්බානපාරං ගමනත්ථාය.
දෙවැන්නෙහි න චෙතනාය කරණීයං යනු සිතා කල්පනා කොට විමසා නොකළ යුතුය, ධම්මතා එසා යනු එය ධර්මස්වභාවයයි, මෙය කාරණනියමයි, අභිසන්දෙන්ති යනු පවත්වත්, පරිපූරෙන්ති යනු සම්පූර්ණ කරති, අපාරා පාරං ගමනාය යනු මෙගොඩ ත්‍රෛභූමික සංසාරයෙන් නිවන් නමැති පරතෙරට යනු සඳහායි,
3. පඨම උපනිසසුත්තවණ්ණනා
3. ප්‍රථම උපනිස සූත්‍ර වර්ණනාව
තතියෙ හතූපනිසොති හතකාරණො. චතුත්ථපඤ්චමෙසු ද්වීහි ථෙරෙහි කථිතභාවොව විසෙසො.
හතුපනිසො යනු නසනලද හේතු (කරුණු) ඇත්තේයි, සිවුවැනි පස්වැනි සූත්‍රවල තෙරවරුන් දෙදෙනකු විසින් කී බවම විශේෂයයි.
6. සමාධි සුත්තවණ්ණනා
6. සමාධි සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ නෙව පථවියං පථවීසඤ්ඤී අස්සාති පථවිං ආරම්මණං කත්වා පථවීති එවං උප්පන්නාය සඤ්ඤාය සඤ්ඤී න භවෙය්ය. ආපාදීසුපි එසෙව නයො. න ඉධලොකෙති ඉධලොකෙ උප්පජ්ජනකචතුක්කපඤ්චකජ්ඣානසඤ්ඤාය න සඤ්ඤී භවෙය්ය. න පරලොකෙති පරලොකෙ උප්පජ්ජනකචතුක්කපඤ්චකජ්ඣානසඤ්ඤාය න සඤ්ඤී භවෙය්ය. සඤ්ඤී ච පන අස්සාති අථ ච පනස්ස සමාපත්ති සවිතක්කසමාපත්තියෙව අස්සාති වුච්චති. එතං සන්තං එතං පණීතන්ති සන්තං සන්තන්ති අප්පෙත්වා නිසින්නස්ස දිවසම්පි චිත්තුප්පාදො “සන්තං සන්ත”න්තෙව පවත්තති, පණීතං පණීතන්ති අප්පෙත්වා නිසින්නස්ස දිවසම්පි චිත්තුප්පාදො “පණීතං පණීත”න්තෙව පවත්තති. යදිදං සබ්බසඞ්ඛාරසමථොති නිබ්බානං නිබ්බානන්ති අප්පෙත්වා නිසින්නස්ස දිවසම්පි චිත්තුප්පාදො “නිබ්බානං නිබ්බාන”න්තෙව පවත්තතීති සබ්බම්පෙතං ඵලසමාපත්තිසමාධිං සන්ධාය වුත්තං.
සවැන්නෙහි නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස යනු පොළව අරමුණ කොට පොළවයි මෙසේ උපන් සංඥාවෙන් සංඥා සහගතවූයේ නොවන්නේය, ආපො යනාදියෙහි ද මේ ක්‍රමයමයි, න ඉධ ලොකෙ යනු මෙලොවෙහි උපදින චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාවෙන් සංඥා ඇත්තේ නොවන්නේය. න පරලොකෙ යනු පරලොව උපදින චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාවෙන් මෙසේ සංඥාසහගත නොවන්නේය, සඤ්ඤීච පන අස්ස යනු ඔහුගේ සමාපත්තිය සවිතර්ක සමාපත්තියම වන්නේදැයි අසයි. එතං සන්තං එතං පණීතං යනු ශාන්තය ශාන්තයයි සිත නඟා හුන්නහුගේ දවසම වුව ද සිත හටගැනීම ශාන්තය ශාන්තය යනුවෙන්ම පවතියි, ප්‍රණීතය ප්‍රණීතයයි සිත නඟා හුන්නහුගේ දවසමවුව ද සිත පහළවීම ප්‍රණිතය ප්‍රණීතය යනුවෙන්ම පවතියි. යදිදං සබ්බසඞ්ඛාරසමථො යනු නිවන නිවනයයි සිත නඟා හුන්නහුගේ දවසම සිත පහළවීම නිවන නිවනය යනුවෙන්ම පවතියි, මේ සියල්ලම ඵලසමාපත්ති සමාධිය උදෙසා කියන ලදි.
7. සාරිපුත්ත සුත්තවණ්ණනා
7. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
සත්තමෙ සඤ්ඤී ච පනාහං, ආවුසො, තස්මිං සමයෙ අහොසින්ති, ආවුසො, තස්මිං සමයෙ අහං “භවනිරොධො නිබ්බාන”න්ති ඉමාය ඵලසමාපත්තිසඤ්ඤාය සඤ්ඤී අහොසිං. සචිත්තකා මෙ සා සමාපත්ති අහොසීති පච්චවෙක්ඛණා කථිතා.
සත්වැන්නෙහි සඤ්ඤී ච පනාහං ආවුසො තස්මිං සමයෙ අහොසිං යනු ඇවැත්නි, එසමයෙහි මම භවනිරොධය නිවනය යන මේ ඵලසමවත් හැඟීමෙන් හැඟීම් ඇත්තේ වීමි. මාගේ ඒ සමාපත්තිය විතර්ක සහිත වූයේයි ප්රත්යවෙක්ෂණාව කියනලදි.
8. සද්ධ සුත්තවණ්ණනා
8. සද්ධ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සමන්තපාසාදිකොති පසාදාවහානංයෙව කායකම්මාදීනං සබ්භාවතො සමන්තො පාසාදිකො. සබ්බාකාරපරිපූරොති සබ්බෙහි කාරණෙහි පරිපුණ්ණො.
අටවැන්නෙහි සමන්තපාසාදිකො යනු ප්‍රසාදය ගෙන දෙන සුලු කායකර්මාදීන්ගේ සත්භාවයෙන් හාත්පසින්ම පහදවනසුලු වූයේයි, සබ්බාකාරපරිපූරො යනු සියලු කරුණින් පිරිපුන් වූයේයි,
9. සන්තවිමොක්ඛ සුත්තවණ්ණනා
9. සන්තවිමොක්ඛ සූත්‍ර වර්ණනාව
නවමෙ සන්තාති ආරම්මණසන්තතායපි අඞ්ගසන්තතායපි සන්තා. විමොක්ඛාති පච්චනීකධම්මෙහි විමුත්තත්තා ආරම්මණෙ ච නිරාසඞ්කභාවෙන සුට්ඨු මුත්තත්තා එවංලද්ධනාමා. අතික්කම්ම රූපෙති රූපජ්ඣානානි අතික්කමිත්වා පවත්තා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
නවවැන්නෙහි සන්තා යනු අරමුණෙහි සන්සුන් බවින් ද සිරුරෙහි සන්සුන් බවින් ද ශාන්තවූයි, විමොඛා යනු සතුරු ධර්මයන්ගෙන් මිදුනු බැවින් අරමුණෙහි ද නොලැගුණු බැවින් මනාව මිදුණු හෙයින් මෙසේ ලද නම් ඇත්තේයි, අතික්කම්ම රූපෙ යනු රූපධ්යානයක් ඉක්මවා පැවැත්තාවූයි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
ආනිසංසවග්ගො පඨමො.
පළමුවැනි වූ ආනිසංස වර්ගයයි.