සාරිපුත්ත සුත්තං
10. 1. 1. 7.
10. 1. 1. 7.
සාරිපුත්ත සුත්තං
සාරිපුත්ත සූත්‍රය
[සාවත්ථියං]
[සැවැත් නුවර]
අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසංකමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
සියානු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති?
ඇවැත් සාරිපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, ආපයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස් සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ වේ දැ යි.
සියා ආවුසො ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධි පටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
ඇවැත් ආනන්දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො වේ නම් ... පරලෝකයෙහි පරලෝසංඥා නැතියේ වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.
යථා කථං පනාවුසො සාරිපුත්ත සියා භික්ඛුනො තථාරූපො සමාධි පටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති?
ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම් … පරලෝකයෙහි පරලෝකසංඥා ඇතියේ නො වේ නම් සංඥීත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කිසෙයින් වේ ද?
එකමිදාහං ආවුසො ආනන්ද සමයං ඉධෙව සාවත්ථියං විහරාමි අන්ධවනස්මිං තත්ථාහං තථාරූපං සමාධිං සමාපජ්ජිං යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අහොසිං, න ආපස්මිං ආපොසඤ්ඤී අහොසිං, න තෙජස්මිං තෙජොසඤ්ඤී අහොසිං, න වායස්මිං වායොසඤ්ඤී අහොසිං. න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අහොසිං, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අහොසිං, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අහොසිං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසසඤ්ඤායතනසඤ්ඤී අහොසිං, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අහොසිං, න පරලොකෙ පරලොකසඤ්ඤී අහොසින්ති.
ඇවැත් ආනන්දයෙනි, එක් කලෙක මම් මෙ සැවැත්හි ම අන්ධවනයෙහි වාසය කරමි. එහි දී මම් යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නො වීම් නම්, අප්හි අප්සංඥී නො වීම් නම්, තේජස්හි තේජස්සංඥී නො වීම් නම්, වායුවෙහි වායුසංඥී නො වීම් නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥී නො වීම් නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥී නො වීම් නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥී නො වීම් නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥී නො වීම් නම්, ඉධලෝකයෙහි ඉධලෝකසංඥී නො වීම් නම්, පරලොව්හි පරලෝ සංඥී නො වීම් නම්, එබඳු සමාධියකට සමවන්මි.
කිං සඤ්ඤී පනායස්මා සාරිපුත්තො තස්මිං සමයෙ අහොසීති?
ඇවැත්නි, එකල ශාරීපුත්‍ර තෙමේ කවර සංඥා ඇතියෙක් වූයේ දැ යි.
භවනිරොධො නිබ්බානං, භවනිරොධො නිබ්බානන්ති ඛො මෙ ආවුසො අඤ්ඤාව සඤ්ඤා උප්පජ්ජති, අඤ්ඤාව සඤ්ඤා නිරුජ්ඣති, සෙය්යථාපි ආවුසො සකලිකග්ගිස්ස ඣායමානස්ස අඤ්ඤාව අච්චි උප්පජ්ජති, අඤ්ඤාව අච්චි නිරුජ්ඣති, එවමෙව ඛො මෙ ආවුසො භවනිරොධො නිබ්බානං භවනිරොධො නිබ්බානන්ති අඤ්ඤාව සඤ්ඤා උප්පජ්ජති, අඤ්ඤාව සඤ්ඤා නිරුජ්ඣති. භවනිරොධො නිබ්බානන්ති සඤ්ඤී ච පනාහං ආවුසො තස්මිං සමයෙ අහොසින්ති
ඇවැත්නි, භවනිරෝධය නිර්වාණය, භවනිරෝධය නිර්වාණය යි අන් ම සංඥාවෙක් උපදනේ ය. අන් ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. එ කෙසේ යැ: ඇවැත්නි, ගිනිගත් රුක්පොතු ගින්නක්හුගේ අන් ම ගිනිසිළෙක් උපදනේ ය, අන් ම ගිනිසිළෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එපරිදි ම භවනිරෝධය නිර්වාණය, භවනිරෝධය නිර්වාණය යි අන්ම සංඥාවෙක් උපදනේ ය. අන්ම සංඥායෙක් නිරුද්ධ වන්නේ ය. ඇවැත්නි, එසමයෙහි මම භවනිරෝධය නිර්වාණය යි යන සංඥා ඇතියෙම් ම වීමි යි.