සමාධි සුත්තං
10. 1. 1. 6.
10. 1. 1. 6.
සමාධි සුත්තං
සමාධි සූත්‍රය
[සාවත්ථියං]
[සැවැත් නුවර]
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ, පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ, එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
සියා නු ඛො භන්තෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධ ලොකසඤ්ඤී අස්ස. න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සා ති?
වහන්ස, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇති නො ම වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ද? ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තෙජඃසංඥා ඇති නොවේ නම්, වායෝකසිණයෙහි වායුසංඥා ඇති නොවේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නොවේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නොවේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා ඇති නො වේ නම් මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ යන සංඥා ඇති නොවේ නම්, එබඳු සමාධි ප්‍රතිලාභයෙක් මහණහට වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේදැ යි?
සියා ආනන්ද භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති.
ආනන්දයෙනි, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ යැ, ආපෝ කසිණයෙහි ආපෝ ඇති සංඥා නො වේ නම්, තේජෝ කසිණයෙහි තෙජඃසංඥා ඇති නො වේ නම්, වායෝ කසිණ සමාපත්තියෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යැ. යළි සංඥා ඇතියේත් වන්නේයි.
යථා කථම්පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධි පටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, (ආකිඤ්චඤ්ඤායතන??) න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස. සඤ්ඤී ච පන අස්සාති.
වහන්ස, කිසෙයින් පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො ම ඇති වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා ඇති නො වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේ ද? යි.
ඉධානන්ද භික්ඛු එවං සඤ්ඤී හොති: එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. එවං ඛො ආනන්ද සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙ බඳු සංඥා ඇතියේ වෙයි: “යම් සර්වසංස්කාරයන්ගේ සමථයෙක් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ”යි. ආනන්දයෙනි, මෙසෙයින් යම් සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා නැතියේ වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යි.