තතිය උපනිස සුත්තං
10. 1. 1. 5.
10. 1. 1. 5.
තතිය උපනිස සුත්තං
තතිය උපනිස සූත්රය
[සාවත්ථි]
[සැවැත්]
තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛු ආමන්තෙසි: දුස්සීලස්ස ආවුසො සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධිවිපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහණුන් ඇමතූහ: ‘ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාරයවිපන්නහට ප්රාමෝද්ය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රාමෝද්ය නැතිවත් ම ප්රමෝද්යවිපන්නහට ප්රීතිය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රීතිය නැතිවත් ම ප්රීතිවිපන්නහට ප්රශ්රබ්ධිය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රශ්රබ්ධිය නැතිවත් ම ප්රශ්රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නහට සම්මාසමාධිය නටඋපනිඃශ්රය ඇති වෙයි.
සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාග විපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වෙයි. යථාභූතඥානදර්ශනය නැතිවත් ම යථාභූතඥානදර්ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වේ.
සෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසවිපන්නො තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති. අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාර විපන්නස්ස හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශවිපන්න වෘක්ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි, ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට නොයේ, ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇති වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වේ.
සීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං. පාමුජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසාසම්පන්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මා සමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාග සම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ප්රාමෝද්යය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රාමෝද්යය ඇතිවත් ම ප්රාමෝද්යයසම්පන්නහට ප්රීතිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රීතිය ඇතිවත් ම ප්රීතිසම්පන්නහට ප්රශ්රබ්ධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රශ්රබ්ධිය ඇතිවත් ම ප්රශ්රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මා සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ.
සෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශයෙන් යුක්ත වෘක්ෂයෙක් වේ නම්, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන්සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ යි.