යෙදුමෙන් කියවන්න

දුතිය උපනිසසුත‍්තං

10. 1. 1. 4.

10. 1. 1. 4.

දුතිය උපනිසසුත‍්තං

දුතිය උපනිස සූත්‍රය

[සාවත්‍ථියං]

[සැවැත් නුවර]

තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි: දුස‍්සීලස‍්ස ආවුසො සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ අසති අවිප‍්පටිසාරවිපන‍්නස‍්ස හතූපනිසං හොති -පෙ- විමුත‍්තිඤාණදස‍්සනං.

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමතූහ: ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇති වෙයි, අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරයවිපන්නහට ... විමුක්තිඥානදර්‍ශන නටඋපනිඃශ්‍රය ඇති වේ.

සෙය්‍යථාපි ආවුසො රුක‍්ඛො සාඛාපලාස විපන‍්නො, තස‍්ස පපටිකාපි න පාරිපූරිං ගච‍්ඡති, තචොපි ඵෙග‍්ගුපි සාරොපි න පාරිපූරිං ගච‍්ඡති. එවමෙව ඛො ආවුසො දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ අසති අවිප‍්පටිසාරවිපන‍්නස‍්ස හතූපනිසං හොති -පෙ- විමුත‍්තිඤාණදස‍්සනං.

ඇවැත්නි, යම් සේ රුකෙක් නට අතුකොළ ඇත්තේ වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට නොයෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට නො යේ. ඇවැත්නි, එපරිදි ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇත්තේ වෙයි, අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශන නටඋපනිඃශ්‍රය ඇත්තේ වේ.

සීලවතො ආවුසො සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ සති අවිප‍්පටිසාරසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති -පෙ- විමුත‍්තිඤාණදස‍්සනං.

ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරයසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ.

සෙය්‍යථාපි ආවුසො රුක‍්ඛො සාඛා පලාසසම‍්පන‍්නො, තස‍්ස පපටිකාපි පාරිපූරිං ගච‍්ඡති, තචොපි ඵෙග‍්ගුපි සාරොපි පාරිපූරිං ගච‍්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ සති අවිප‍්පටිසාරසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති -පෙ- විමුත‍්තිඤාණදස‍්සනන‍්ති.

ඇවැත්නි, යම්සේ රුකෙක් ශාඛාපලාශසම්පන්න වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත්ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යි.