යෙදුමෙන් කියවන්න

සද‍්ධ සුත‍්තං

10. 1. 1. 8.

10. 1. 1. 8.

සද‍්ධ සුත‍්තං

සද්ධ සූත්‍රය

[සාවත්‍ථියං]

[සැවැත් නුවර]

සද‍්ධො ච භික‍්ඛවෙ භික‍්ඛු හොති නො ච සීලවා. එවං සො තෙනඞ‍්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ‍්ගං පරිපූරෙතබ‍්බං, “කින‍්තාහං සද‍්ධො ච අස‍්සං සීලවා චා”ති. යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො ච හොති සීලවා ච, එවං සො තෙනඞ‍්ගෙන පරිපූරො හොති.

මහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි සිල්වත් නො ද වෙයි, මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. උහු විසින් ඒ අංගය පිරිය යුතු. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද වන්නෙම් දැ”යි, මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද මෙසේ ඒ අංගයෙන් පරිපූර්‍ණ වෙයි.

සද‍්ධො ච භික‍්ඛවෙ භික‍්ඛු හොති, සීලවා ච, නො ච බහුස‍්සුතො -පෙ- බහුස‍්සුතො ච නො ච ධම‍්මකථිකො - ධම‍්මකථිකො ච නො ච පරිසාවචරො - පරිසාවචරො ච නො ච විසාරදො පරිසාය ධම‍්මං දෙසෙති - විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙති නො ච විනයධරො - විනයධරො ච නො ච ආරඤ‍්ඤකො පන‍්තසෙනාසනො - ආරඤ‍්ඤකො ච පන‍්තසෙනාසනො නො ච චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී - චතුන‍්නඤ‍්ච ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී - නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, භික්‍ෂු සැදැහැතියේත් වෙයි සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත ද වෙයි. ධර්‍මකථික නො ද වෙයි ... ධර්‍මකථික වෙයි. පරිසාවචර නො ද වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර ද වෙයි ප්‍රාන්තසෙනසුන් ඇති ආරණ්‍යක නො වෙයි ... ප්‍රාන්තසෙනසුන්හි යෙදුනු ආරණ්‍යක වූයේත්, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් නො ද වෙයි ... ආභිචේතසික, දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් ද වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ නො වෙසෙයි.

එවං සො තෙනඞ‍්ගෙන අපරිපූරො හොති, තෙන තං අඞ‍්ගං පරිපූරෙතබ‍්බං. ‘කින‍්තාහං සද‍්ධො ච අස‍්සං සීලවා ච බහුස‍්සුතො ච ධම‍්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙය්‍යං, විනයධරො ච ආරඤ‍්ඤකො ච පන‍්තසෙනාසනො ච චතුන‍්නඤ‍්ච ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී අස‍්සං අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය’න‍්ති.

මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් ඒ අංගය පිරිය යුතු වෙයි. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල්ඇතියෙම් ද බහුශ්‍රැතයෙම් ද ධර්‍මකථිකයෙම් ද වන්නෙම් ද, පරිසාවචරයෙම් ද විසාරද ව පිරිස් හි දහම් දෙසන්නෙම් ද විනයධර වූයෙම් ප්‍රාන්තසෙනසුන් ඇතියෙම් ආරණ්‍යක ද වූයෙම් ආභිචේතසික වන දිට්ඨධම්මසුඛවිහාර වන සිවුදැහැන් නිකාමලාභියෙම් අකිච්ඡලාභියෙම් අකසිරලාභියෙම් වන්නෙම් ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්ති ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ යි.

යථො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො ච හොති සීලවා ච බහුස‍්සුතො ච ධම‍්මකථිකො ච පරිසාවචරො ච විසාරදො ච පරිසාය ධම‍්මං දෙසෙති, විනයධරො ච ආරඤ‍්ඤකො ච පන‍්තසෙනාසනො, චතුන‍්නඤ‍්ච ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. එවං සො තෙනඞ‍්ගෙන පරිපූරො හොති.

මහණෙනි, යම් කලෙක පටන් මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් ධර්‍මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසාද විනයධර වූයේත් ආරණ්‍යක වූයේ ප්‍රාන්තසේනාසන ඇතියේත් ආභිචේතසික දිට්ඨධම්මසුඛවිහාර සතරධ්‍යානයන්ගේ නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙනුදු අනාශ්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්‍ණ වේය යි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සමන‍්තපාසාදිකො ච හොති සබ‍්බාකාර පරිපූරොචාති.

මහණෙනි, මේ දසදහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර්‍ණ ද වෙයි.