කිමත්ථියසුත්තං
10. 1. 1. 1.
10. 1. 1. 1.
කිමත්ථියසුත්තං
කිමත්ථිය සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසංකමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
කිමත්ථියානි භන්තෙ කුසලානි සීලානි, කිමානිසංසානීති?
වහන්ස, කුශල ශීලයෝ කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත්තාහු ද?
අවිප්පටිසාරත්ථානි ඛො ආනන්ද කුසලානි සීලානි, අවිප්පටිසාරානිසංසානීති.
ආනන්දය, කුශලශීලයෝ අවිප්‍රතිසාරය (නො විපිළිසර බව) අර්ත්ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත්තාහ යි.
අවිප්පටිසාරො පන භන්තෙ කිමත්ථියො, කිමානිසංසොති?
වහන්ස, අවිප්‍රතිසාරය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
අවිප්පටිසාරො ඛො ආනන්ද පාමොජ්ජත්ථො, පාමොජ්ජානිසංසොති.
ආනන්දයෙනි, අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යය අර්ත්ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත.
පාමොජ්ජං පන භන්තෙ කිමත්ථියං, කිමානිසංසන්ති?
වහන්ස, ප්‍රාමෝද්‍යය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
පාමොජ්ජං ඛො ආනන්ද පීතත්ථං, පීතානිසංසන්ති.
ආනන්දයෙනි, ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්ත්ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත.
පීති පන භන්තෙ කිමත්ථියා, කිමානිසංසාති?
වහන්ස, ප්‍රීතිය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
පීති ඛො ආනන්ද පස්සද්ධත්ථා, පස්සද්ධානිසංසාති.
ආනන්දයෙනි, ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්ත්ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
පස්සද්ධි පන භන්තෙ කිමත්ථියා, කිමානිසංසාති?
වහන්ස, ප්‍රශ්‍රබ්ධිය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
පස්සද්ධි ඛො ආනන්ද සුඛත්ථා, සුඛානිසංසාති.
ආනන්දයෙනි, ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්ත්ථ කොට සුඛය අනුසස් කොට ඇත.
සුඛං පන භන්තෙ කිමත්ථියං, කිමානිසංසන්ති?
වහන්ස, සුඛය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
සුඛං ඛො ආනන්ද සමාධත්ථං, සමාධානිසංසන්ති.
ආනන්දයෙනි, සුඛය සමාධිය අර්ත්ථ කොට සමාධිය අනුසස් කොට ඇත.
සමාධි පන භන්තෙ කිමත්ථියො, කිමානිසංසොති?
වහන්ස, සමාධිය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
සමාධි ඛො ආනන්ද යථාභූතඤාණදස්සනත්ථො, යථාභූතඤාණදස්සනානිසංසොති.
ආනන්දයෙනි, සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්ත්ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත.
යථාභූතඤාණදස්සනං පන භන්තෙ කිමත්ථියං, කිමානිසංසන්ති?
වහන්ස, යථාභූතඥානදර්‍ශනය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
යථාභූතඤාණදස්සනං ඛො ආනන්ද නිබ්බිදාවිරාගත්ථං, නිබ්බිදාවිරාගානිසංසන්ති. .
ආනන්දයෙනි, යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්ත්ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත.
නිබ්බිදාවිරාගො පන භන්තෙ කිමත්ථියො, කිමානිසංසොති?
වහන්ස, නිබ්බිදාවිරාගය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
නිබ්බිදාවිරාගො ඛො ආනන්ද විමුත්තිඤාණදස්සනත්ථො, විමුත්තිඤාණදස්සනානිසංසොති.
ආනන්දයෙනි, නිබ්බිදාවිරාගය විමුත්තිඥානදර්‍ශනය අර්ත්ථ කොට විමුත්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇතැ යි.
ඉති ඛො ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි. අවිප්පටිසාරො පාමොජ්ජත්ථො, පාමොජ්ජානිසංසො. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. පීති පස්සද්ධත්ථා, පස්සද්ධානිසංසා. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. සුඛං සමාධත්ථං සමාධානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො. යථාභූතඤාණදස්සනං නිබ්බිදාවිරාගානිසංසං. නිබ්බිදාවිරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො. ඉති ඛො ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බෙන අග්ගාය පරෙන්තීති.
ආනන්දයෙනි, මෙසේ කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්ත්ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇතියහ. අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යය අර්ත්ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත. ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්ත්ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්ත්ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්ත්ථ කොට සුඛය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්ත්ථ කොට සමාධිය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්ත්ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්ත්ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. නිබ්බිදාවිරාගය විමුත්තිඥානදර්‍ශනය අර්ත්ථ කොට විමුත්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. ආනන්දයෙනි, මෙසේ කුශලශීලයෝ අනුපිළිවෙළින් අර්හත්ත්ව සඞ්ඛ්‍යාත අග්‍රයට පැමිණෙන්නාහයි.