චෙතනාකරණීය සුත්තං
10. 1. 1. 2.
10. 1. 1. 2.
චෙතනාකරණීය සුත්තං
චේතනාකරණීය සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සීලවතො භික්ඛවෙ සීලසම්පන්නස්ස න චෙතනාය කරණීයං “අවිප්පටිසාරො මෙ උප්පජ්ජතූ”ති. ධම්මතා එසා භික්ඛවෙ යං සීලවතො සීලසම්පන්නස්ස අවිප්පටිසාරො උප්පජ්ජති. අවිප්පටිසාරිස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං “පාමොජ්ජං උප්පජ්ජත්තූ”ති. ධම්මතා එසා භික්ඛවෙ යං අවිප්පටිසාරිස්ස පාමොජ්ජං උප්පජ්ජති. පමුදිතස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං “පීති මෙ උප්පජ්ජතූ”ති. ධම්මතා එසා භික්ඛවෙ යං පමුදිතස්ස පීති උප්පජ්ජති. පීතිමනස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘කායො මෙ පස්සම්භතූ’ති ධම්මතා එසා භික්ඛවෙ යං පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායස්ස භික්ඛවෙ න චෙතනාය ය කරණීයං ‘සුඛං වෙදියාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘චිත්තං මෙ සමාධියතූ’ති. ධම්මතා එසා භික්ඛවෙ යං සුඛිනො චිත්තං සමාධියති. සමාහිතස්ස භික්ඛවෙ න චෙතනාය කරණීයං ‘යථාභූතං ජානාමි පස්සාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං සමාහිතො යථාභූතං ජානාති පස්සති. යථාභූතං භික්ඛවෙ ජානතො පස්සතො න චෙතනාය කරණීයං, විරජ්ජාමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති විරජ්ජති. නිබ්බින්දස්ස භික්ඛවෙ විරජ්ජන්තස්ස න චෙතනාය කරණීයං’ විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොමී’ති. ධම්මතා එසා භික්ඛවෙ යං නිබ්බිණ්ණො විරත්තො විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොති.
මහණෙනි, සිල්සපන් සිල්වත් හට ‘මට අවිප්රතිසාරය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යම්හෙයෙකින් සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපදනේය යන තෙල ධර්මතා යි. මහණෙනි, ‘මට ප්රාමෝද්යය උපදීව’යි අවිප්රතිසාරීහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, අවිප්රතිසාරීහට ප්රාමෝද්යය උපදනේය යන තෙල ධර්මතා යි. මහණෙනි, ප්රමුදිත වූවහුට ‘මට ප්රීතිය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්රමුදිතයාහට ප්රීතිය උපදනේය යන තෙල ධර්මතා යි. මහණෙනි, ප්රීතිමනස්කයාට ‘මාගේ කය සන්හිඳේව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්රීතිමනස්කයාගේ කය සන්හිඳේය යන තෙල ධර්මතා යි. මහණෙනි, සන්හුන් කය ඇතියහට ‘සුව විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය යන තෙල ධර්මතා යි. මහණෙනි, ‘මගේ සිත සමාහිතවේවා’යි සුව ඇතියහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, සුව ඇතියහුගේ සිත සමාහිත වන්නේය යන තෙල ධර්මතා යි. මහණෙනි, සමාහිතයාට ‘යථාභූතය දන්නෙම්වයි, දක්වන්නෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සමාහිත වූයේ යථාභූතය දන්නේ ය’ දක්නේය යන තෙල ධර්මතා යි. මහණෙනි, යථාභූතය දන්නහුට දක්නහුට ‘නිර්වේද කරවම්හයි, විරාග කරවම්හ’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යථාභූතය දන්නේ දක්නේ නිර්වේදය කෙරේය, නො ඇලේය යන තෙල ධර්මතා යි. මහණෙනි, නිර්වේදකරනුවහට විරාග කරනුවහට ‘විමුත්තිඥානදර්ශනය පසක් කරනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, නිර්විග්න වූයේ විරක්ත වූයේ විමුත්තිඥානදර්ශනය පසක් කරණේය යන තෙල ධර්මතා යි.
ඉති ඛො භික්ඛවෙ නිබ්බිදාවිරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො. යථාභූතඤාණදස්සනං නිබ්බිදා විරාගත්ථං නිබ්බිදා විරාගානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො. සුඛං සමාධත්ථං සමාධානිසංසං. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. අවිප්පටිසාරො පාමොජ්ජත්ථො පාමොජ්ජානිසංසො. කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි.
මහණෙනි, මෙසෙයින් නිබ්බිදාවිරාගය විමුක්තිඥානදර්ශනය අර්ත්ථ කොට විමුක්තිඥානදර්ශනය අනුසස් කොට ඇත්තේ ය. යථාභූතඥානදර්ශනය නිබ්බිදාවිරාගය අර්ත්ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්ශනය අර්ත්ථ කොට යථාභූතඥානදර්ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්ත්ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්රශ්රබ්ධිය සුඛය අර්ත්ථ කොට සුඛය අර්ත්ථ කොට ඇත. ප්රීතිය ප්රශ්රබ්ධිය අර්ත්ථකොට ප්රශ්රබ්ධිය අනුසස් කොට ඇත. ප්රාමෝද්යය ප්රීතිය අර්ත්ථ කොට ප්රීතිය අනුසස් කොට ඇත. අවිප්රතිසාරාය ප්රාමෝද්යය අර්ත්ථ කොට ප්රාමෝද්යය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්රතිසාරය අර්ත්ථ කොට අවිප්රතිසාරය අනුසස් කොට ඇතියහ.
ඉති ඛො භික්ඛවෙ ධම්මාවධම්මෙ අභිසන්දෙන්ති, ධම්මාවධම්මෙ පරිපූරෙන්ති අපාරාපාරං ගමනායාති.
මහණෙනි, මෙසෙයින් (ත්රෛභූමකවර්ත සඞ්ඛ්යාත) ඔරිමතීරයෙන් නිබ්බානපාර සඞ්ඛ්යාත පාරිමතීරයට යාම සඳහා ධර්මයෝ ම ධර්මයන් පවත්වන්නාහ, ධර්මයෝ ම ධර්මයන් පුරන්නාහයි.