යෙදුමෙන් කියවන්න

දුතිය අරියවාස සුත‍්තං

10. 1. 2. 10.

10. 1. 2. 10.

දුතිය අරියවාස සුත‍්තං

දෙවෙනි ආරියවාස සූත්‍රය

එකං සමයං භගවා කුරූසු විහරති කම‍්මාස‍්සදම‍්මං නාම කුරූනං නිගමො, තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි -පෙ- භගවා එතදවොච: දස ඉමෙ භික‍්ඛවෙ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන‍්ති වා ආවසිස‍්සන‍්ති වා, කතමෙ දස:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වාසය කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. මහණෙනි. ආර්‍ය්‍යයෝ යම් වාසයෙකැ වුසූහු ද වෙසෙත් ද වසන්නාහු ද මේ ඒ ආර්‍ය්‍යයෝ දශයෙක, කවර දශයෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති ඡළඞ‍්ග සමන‍්නාගතො එකාරක‍්ඛො චතුරාපස‍්සෙනො, පනුණ‍්ණපච‍්චෙකසච‍්චො සමවයසට‍්ඨෙසනො අනාවිලසඞ‍්කප‍්පො පස‍්සද‍්ධකායසඞ‍්ඛාරො සුවිමුත‍්තචිත‍්තො සුවිමුත‍්තපඤ‍්ඤො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි. ඡළඞ්ගසමන්නාගත වෙයි. ඒකාරක්ඛ වෙයි. චතුරාපස්සේන වෙයි. පනුණ්ණපච්චේකසච්ච වෙයි. සමවයසට්ඨෙන වෙයි. අනාවිල සඞ්කප්ප වෙයි. පස්සද්ධකායසඞ්කාර වෙයි. සුවිමුත්තචිත්ත වෙයි. සුවිමුත්තපඤ්ඤ වෙයි.

1. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො කාමච‍්ඡන්‍දො පහීනො හොති, බ්‍යාපාදො පහීනො හොති, ථීනමිද‍්ධං පහීනං හොති, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීනං හොති, විචිකිච‍්ඡා පහීනා හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො හොති.

1. මහණෙනි, කෙසේ නම් මහණ පඤ්චඞ්ගවිප්පහීන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණය වෙයි, ව්‍යාපාදය ප්‍රහීණය වෙයි, ථිනමිද්ධය ප්‍රහීණය වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණය වෙයි, විචිකිච්ඡා ප්‍රහීණය වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි.

2. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඡළඞ‍්ගසමන‍්නාගතො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති, න දුම‍්මනො. උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති, න දුම‍්මනො උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඡළඞ‍්ගසමන‍්නාගතො හොති.

2. මහණෙනි, කිසෙයින් මහණ ඡළඞ්ගසමන්නාගත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස්ප්‍රසාදයෙන් රූපාලම්බනයක් දැක නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂායෙන් යුක්ත වූයේ ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වාසය කරයි. ශ්‍රෝත්‍රප්‍රසාදයෙන් ශබ්දාලම්භනය අසා - ඝ්‍රාණප්‍රසාදයෙන් ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කොට - ජිහ්වාප්‍රසාදයෙන් රසාලම්බනය විඳ - කායප්‍රසාදයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය පැහැස - මනසින් ධර්‍මාලම්බනය දැන නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ වසයි. මහණෙනි, මෙසේ මහණ ඡළඞ්ගසමන්නාගත වෙයි.

3. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු එකාරක‍්ඛො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සතාරක‍්ඛෙන චෙතසා සමන‍්නාගතො හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු එකාරක‍්ඛො හොති.

3. මහණෙනි, කිසෙයින් මහණ ඒකාරක්ඛ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘතිය ආරක්‍ෂා කොට ඇති සිතින් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ ඒකාරක්ඛ වෙයි.

4. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු චතුරාපස‍්සෙනො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්ඛායෙකං පටිසෙවති. සඞ‍්ඛායෙකං අධිවාසෙති, සඞ‍්ඛායෙකං පරිවජ‍්ජෙති. සඞ‍්ඛායෙකං විනොදෙති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු චතුරාපස‍්සෙනො හොති.

4. මහණෙනි, කිසෙයින් මහණ චතුරාපස්සේන වෙයි ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් සලකා එකක් සෙවුනේ ය. නුවණින් සලකා එකක් ඉවසන්නේ ය. නුවණින් සලකා එකක් හරණේ ය. නුවණින් සලකා එකක් දුරලන්නේ ය. මහණෙනි, මෙසේ චතුරාපස්සේන වෙයි.

5. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පනුණ‍්ණපච‍්චෙකසච‍්චො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො යානි තානි පුථුසමණබ්‍රාහ‍්මණානං පුථුපච‍්චෙකසච‍්චානි සෙය්‍යථීදං: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා අන‍්තවා ලොකොති වා අනන‍්තවා ලොකොති වා තං ජීවං තං සරීරන‍්ති වා අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා හොති තථාගතො පරම‍්මරණාති වා න හොති තථාගතො පරම‍්මරණාති වා හොති ච න හොති ච තථාගතො පරම‍්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, සබ‍්බානි තානි නුණ‍්ණානි හොන‍්ති පනුණ‍්ණානි, චත‍්තානි වන‍්තානි මුත‍්තානි පහීනානි පටිනිස‍්සට‍්ඨානි, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පනුණ‍්ණ පච‍්චෙකසච‍්චො හොති.

5. මහණෙනි, කිසෙයින් මහණ පනුණ්නපච්චේකසච්ච වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ ප්‍රත්‍යෙකසත්‍යයෝ වෙත් ද, ඒ කිසේ ය: ලෝකය ශාස්වතය කියා වේ වයි, ලෝකය අශාශ්වතය කියා වේවයි, ලෝකය අන්තවත්ය කියා වේවයි, ලෝකය අනන්තවත්ය කියා වේවයි, එයම ජීවය එය ම ශරීරය වෙයි කියා වේවයි, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු (පුනර්‍භව විසින්) වේ ය කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වේ ය කියා වේවයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නොම වෙයි නොවන්නේ නොම වෙයි කියා වේවයි, ඒ හැම බැහැර ලූවාහු මොනොවට බැහැර ලූවාහු ත්‍යක්ත වූවාහු වාන්ත වූවාහු මුක්ත වූවාහු ප්‍රහීණ වූවාහු ප්‍රතිනිස්සෘෂ්ට වූවාහු වෙති. මහණෙනි, මෙසේ මහණ පනුණ්ණපච්චේකසච්ච වෙයි.

6. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සමවයසට‍්ඨෙසනො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො කාමෙසනා පහීනා හොති, භවෙසනා පහීනා හොති, බ්‍රහ‍්මචරියෙසනා පටිප‍්පස‍්සද‍්ධා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සමවයසට‍්ඨෙසනො හොති.

6. මහණෙනි, කිසෙයින් මහණ සමවයසට්ඨෙසන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුට කාමේසනා ප්‍රහීණ වෙයි. භවේසනා ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යෙසනා ප්‍රතිප්‍රශ්‍රබ්ධ ය, මහණෙනි, මෙසේ මහණ සමවයසට්ඨෙසන වෙයි.

7. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අනාවිලසඞ‍්කප‍්පො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො කාමසඞ‍්කප‍්පො පහීනො හොති, බ්‍යාපාදසඞ‍්කප‍්පො පහීනො හොති, විහිංසාසඞ‍්කප‍්පො පහීනො හොති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අනාවිලසඞ‍්කප‍්පො හොති.

7. මහණෙනි, මහණ කිසෙයින් අනාවිල සඞ්කප්ප වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමසඞ්ල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ අනාවිල සඞ්කප්ප වෙයි.

8. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පස‍්සද‍්ධකායසඞ‍්ඛාරො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථඣානං උපසම‍්පජ‍්ජ විහරති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පස‍්සද‍්ධකායසඞ‍්ඛාරො හොති.

8. මහණෙනි, කිසෙයින් මහණ පස්සද්ධකාය සඞ්ඛාර වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂා පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ පස්සද්ධකායසඞ්ඛාර වෙයි.

9. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සුවිමුත‍්තචිත‍්තො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො රාගා චිත‍්තං විමුත‍්තං හොති, දොසා චිත‍්තං විමුත‍්තං හොති, මොහා චිත‍්තං විමුත‍්තං හොති, එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සුවිමුත‍්තචිත‍්තො හොති.

9. මහණෙනි, කිසෙයින් මහණ සුවිමුත්තචිත්ත වේ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත රාගයෙන් විමුක්ත වෙයි, දෝෂයෙන් සිත විමුක්ත වෙයි, මෝහයෙන් සිත විමුක්ත වෙයි. මහණෙනි, මෙසේ මහණ සුවිමුක්තචිත්ත වෙයි.

10. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සුවිමුත‍්තපඤ‍්ඤො හොති: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු රාගො මෙ පහීනො, උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො. ආයතිං අනුප‍්පාදධම‍්මොති පජානාති. දොසො මෙ -පෙ- මොහො මෙ පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මොති පජානාති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සුවිමුත‍්තපඤ‍්ඤො හොති.

10. මහණෙනි, කෙසේ මහණ සුවිමුක්තපඤ්ඤ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මාගේ රාගය ප්‍රහීණ ය, උසුන්මුල් ඇතියේ ය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යි දන්නේ ය. මාගේ දෝෂය ... මාගේ මෝහය ප්‍රහීණ ය, උච්චින්නයමූලය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ යි දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ සුවිමුත්තචිත්ත වෙයි.

යෙ හි කෙචි භික‍්ඛවෙ අතීතමද‍්ධානං අරියා අරියවාසෙ ආවසිංසු, සබ‍්බෙ තෙ ඉමෙව දස අරියවාසෙ ආවසිංසු. යෙ හි කෙචි භික‍්ඛවෙ අනාගතමද‍්ධානං අරියා අරියවාසෙ ආවසිස‍්සන‍්ති, සබ‍්බෙ තෙ ඉමෙව දසඅරියවාසෙ ආවසිස‍්සන‍්ති. යෙ හි කෙචි භික‍්ඛවෙ එතරහි අරියා අරියවාසෙ ආවසන‍්ති සබ‍්බෙ තෙ ඉමෙව දසඅරියවාසෙ ආවසන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසඅරියවාසා යෙ අරියා ආවසිංසු වා ආවසන‍්ති වා ආවසිස‍්සන‍්ති වාති.

මහණෙනි, අතීතකාලයෙහි යම් කිසි ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැයි වුසූහු නම් ඒ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වුසූහ. මහණෙනි, අනාගතයෙහි යම් කිසි ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැ වසන්නාහු නම් එ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වසන්නාහ. මහණෙනි, මෙ කල්හි යම් ආර්‍ය්‍යයෝ ආර්‍ය්‍යවාසයෙකැ වසත් නම් එ හැම මේ දශ ආර්‍ය්‍යවාසයෙහි ම වසත්. මහණෙනි, යම් ආර්‍ය්‍යවාසයෙකැ ආර්‍ය්‍යයෝ වුසූහු නම්, වසත් නම්, වසන්නාහු නම් මොහු ඒ දශාර්‍ය්‍යවාස යෝ යි.

නාථවග‍්ගො දුතියො.

දෙවන නාථ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සෙනාසනඤ‍්ච අඞ‍්ගානි සංයොජන ඛිලෙන ච අප‍්පමාදො ආහුනෙය්‍යා ද‍්වෙනාථා ද‍්වෙඅරියවාසා චා’ති.

සේනාසන සූත්‍රය ද අඞ්ග සූත්‍ර ද සංයෝජන සූත්‍රය ද ඛිල සූත්‍රය ද අප්පමාද සූත්‍රය ද ආහුනෙය්‍ය සූත්‍රය ද නාථ සූත්‍ර දෙක ද අරියවාස සූත්‍රදෙක දැයි, දශයෙකි.