යෙදුමෙන් කියවන්න

මහාචුන්‍ද සුත‍්තං

10. 1. 3. 4.

10. 1. 3. 4.

මහාචුන්‍ද සුත‍්තං

මහාචුන්‍ද සූත්‍රය

එකං සමයං ආයස‍්මා මහාචුන්‍දො චෙතීසු විහරති සහජාතියං. තත්‍ර ඛො ආයස‍්මා මහාචුන්‍දො භික‍්ඛු ආමන‍්තෙසි ආවුසො භික‍්ඛවොති. ‘ආවුසො’ති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො මහාචුන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාචුන්‍දො එතදවොච.

එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වාස කරන්නාහ. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල කීහ.

ඤාණවාදං ආවුසො භික‍්ඛු වදමානො ජානාමිමං ධම‍්මං පස‍්සාමිමං ධම‍්ම”න‍්ති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: න අයමායස‍්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස‍්මන‍්තං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. න අයමායස‍්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මියි, ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිද්දෙකින් දන්නාහට ලෝභයෙක් නොවේ ද, එ පරිදි නො දන්නේ ය. එසේ මැයි ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය, මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නො වේ ද, එ පරිදි නො දන්නේ ය. එසේමය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය.

භාවනාවාදං ආවුසො භික‍්ඛු වදමානො භාවිතකායොම‍්හි භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: න අයමායස‍්මා තථා පජානාති, යථා පජානතො ලොභො න හොති. තථා හි මං ආයස‍්මන‍්තං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. න අයමායස‍්මා තථා පජානාති, යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, මහණ “භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිත චිත්ත ඇතියෙමි, භාවිත ප්‍රඥා ඇතියෙමි”යි භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩ ගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේ මැයි, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිතුනේ ය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, ඒ පරිදි නො දන්නේය. මෝහය … ක්‍රෝධය … උපනාහය … මක්ඛය … පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නො වේ ද, ඒ පරිදි නො දන්නේ ය. එසේ ම ය. පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.

ඤාණවාදඤ‍්ච ආවුසො භික‍්ඛු වදමානො භාවනාවාදඤ‍්ච ජානාමිමං ධම‍්මං පස‍්සාමිමං ධම‍්මං. භාවිතකායොම‍්හි භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: “න අයමායස‍්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස‍්මන‍්තං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. න අයමායස‍්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිතචිත්ත ඇතියෙමි, භාවිතප්‍රඥා ඇතියෙමි”යි ඥානවාද හා භාවනා වාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම් ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේමය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත්හු යම් පරිදි දක්නාහට ද්වේෂය නොවේ ද එ පරිදි නොදන්නේ ය. මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්‍ෂ්‍යාය ... පාපේච්ඡාය නොවේ ද, එපරිදි නොදන්නේ ය. එසේමය පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.

සෙය්‍යථාපි ආවුසො පුරිසො දළිද‍්දොව සමානො අඩ‍්ඪවාදං වදෙය්‍ය, අධනොව සමානො ධනවාදං වදෙය්‍ය, අභොගවාව සමානො භොගවාදං වදෙය්‍ය. සො කිස‍්මිඤ‍්චිදෙව ධන කරණීයෙ සමුප‍්පන‍්නො න සක‍්කුණෙය්‍ය උපනිහත‍්තුං ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වා. තමෙනං එවං ජානෙය්‍ය: දළිද‍්දොව අයමායස‍්මා සමානො අඩ‍්ඪවාදං වදෙති, අධනොව අයමායස‍්මා සමානො ධනවාදං වදෙති, අභොගවාව අයමායස‍්මා සමානො භොගවාදං වදෙති. තං කිස‍්ස හෙතු: තථා හි අයමායස‍්මා කිස‍්මිඤ‍්චිදෙව ධනකරණීයෙ සමුප‍්පන‍්නෙ න සක‍්කොති උපනිහත‍්තුං ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වාති.

ඇවැත්නි, යම්පුරුෂයෙක් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියන්නේ වේ ද, නිර්ධන වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භොග රහිත වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ධනකරණී ඇතිවත්ම ධනය වේ වයි ධ්‍යාන වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ය. “මේ ආයුෂ්මත් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියයි, මේ ආයුෂ්මත් නිර්ධන වූයේ ම ධනවාදය කියයි, මේ ආයුෂ්මත් භොග නැතියේ ම භෝගවාදය කියා ය”යි තුලුන් මෙසේ හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ද, එහෙයිනි.

එවමෙව ඛො ආවුසො ඤාණවාදඤ‍්ච භික‍්ඛු වදමානො භාවනාවාදඤ‍්ච ජානාමිමං ධම‍්මං පස‍්සාමිමං ධම‍්මං, භාවිතකායොම‍්හි භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති, දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: “න අයමායස‍්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස‍්මන‍්තං ලොභො අභිභුය්‍ය තිට‍්ඨති. න අයමායස‍්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති - මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, එසෙයින් ම “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි මහණ ඥානවාදය හා භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නො වේ ද, එපරිදි නො දන්නේ ය”යි. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ ද, එපරිදි නො දන්නේ ය. එසේ ම පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.

ඤාණවාදං ආවුසො භික‍්ඛු වදමානො ජානාමිමං ධම‍්මං පස‍්සාමිමං ධම‍්මන‍්ති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති - දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: තථා අයමායස‍්මා පජානාති යථා පජානතො ලොභො න හොති: තථා හිමං ආයස‍්මන‍්තං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. තථා ආයමායස‍්මා පජානාති යථා පජානතො දොසො න හොති. මෙහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- න හොති. පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි”යි ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන නො සිටුනේ නම්, -පෙ- ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ලෝභය නො වේ නම්, එපරිදි දන්නේ ය, එසේම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට එපරිදි දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.

භාවනාවාදං ආවුසො භික‍්ඛු වදමානො භාවිතකායොම‍්හි භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති, තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: තථා අයමායස‍්මා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස‍්මන‍්තං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. තථා අයමායස‍්මා පජානාති යථා පජානතො දොසො න හොති - මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, මහණ භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතප්‍රාඥායෙමි’යි භාවනාවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ නම් එපරිදි දන්නේ ය, මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.

ඤාණවාදඤ‍්ච ආවුසො භික‍්ඛු වදමානො භාවනාවාදඤ‍්ච ජානාමිමං ධම‍්මං පස‍්සාමිමං ධම‍්මං, භාවිතකායොම‍්හි භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: තථා අයමායස‍්මා පජානාති යථා පජානතො ලොභො න හොති. තථා හිමං ආයස‍්මන‍්තං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. තථා අයමායස‍්මා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති.

ඇවැත්නි, මහණ “මේ මහණ දන්මි, මේ මහණ දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි ඥානවාදය හා භාවනාවාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාක්හට ලෝභය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ නම් එපරිදි දන්නේ ය, මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම් එපරිදි දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.

සෙය්‍යථාපි ආවුසො පුරිසො අඩ‍්ඪො ව සමානො අඩ‍්ඪවාදං වදෙය්‍ය, ධනවාව සමානො ධනවාදං වදෙය්‍ය, භොගවාව සමානො භොගවාදං වදෙය්‍ය, සො කිස‍්මිඤ‍්චිදෙව ධනකරණීයෙ සමුප‍්පන‍්නෙ සක‍්කුණෙය්‍ය උපනිහත‍්තුං ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වා. තමෙනං එවං ජානෙය්‍යුං: “අඩ‍්ඪොව අයමායස‍්මා සමානො අඩ‍්ඪවාදං වදෙති, ධනවාව අයමායස‍්මා සමානො ධනවාදං වදෙති, භොගවාව අයමායස‍්මා සමානො භොගවාදං වදෙති. තං කිස‍්ස හෙතු: තථාහි අයමායස‍්මා කිස‍්මිඤ‍්චි දෙව ධනකරණීයෙ සමුප‍්පන‍්නෙ සක‍්කොති උපනිහත‍්තුං ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වා”ති.

ඇවැත්නි, යම් පරිදි පුරුෂයෙක් ආඪ්‍ය වූයේ ම ආඪ්‍යවාදය කියන්නේ වේ ද, ධනවත් වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භෝගවත් වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට හැකි වන්නේ වේ ද, “මේ ආයුෂ්මත් ආඪ්‍ය වූයේ ම ආඪ්‍යවාද කියන්නේ ය, මේ ආයුෂ්මත් ධනවත් වූයේ ම ධනවාද කියන්නේ ය, මේ ආයුෂ්මත් භෝගවත් වූයේ ම භෝගවාදය කියන්නේ යයි මෙසේ තුලුන් හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: එසේ ම ය, මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ම ධන වේවයි, ධාන්‍ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට හැකි වන්නේ ය.

එවමෙව ඛො ආවුසො ඤාණවාදඤ‍්ච භික‍්ඛු වදමානො භාවනාවාදඤ‍්ච ජානාමිමං ධම‍්මං පස‍්සාමිමං ධම‍්මං, භාවිතකායොම‍්හි භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති. තඤ‍්චෙ ආවුසො භික‍්ඛුං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: තථා අයමායස‍්මා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහි මං ආයස‍්මන‍්තං ලොභො නාභිභුය්‍ය තිට‍්ඨති. තථා යමායස‍්මා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං -පෙ- පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා න හොති. තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය තිට‍්ඨතීති.

ඇවැත්නි, එසෙයින් ම මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්‍රාඥයෙමි” යි ඥානවාද හා භාවනාවාද හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන නො සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය මැඩගෙන නො සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ලෝභය නො වේ ද, එසේ දන්නේ ය. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩගෙන නො සිටුනේ ය. මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, එසේ දන්නේ ය. මෝහය - ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්‍ෂ්‍යය - පාපේච්ඡාය නො වේ නම්, එසේ දන්නේ ය. එසේ ම ය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන නො සිටුනේ ය.