කාය සුත‍්තං
10. 1. 3. 3.
10. 1. 3. 3.
කාය සුත‍්තං
කාය සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා කායෙන පහාතබ‍්බා නො වාචාය. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා වාචාය පහාතබ‍්බා නො කායෙන. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා නෙව කායෙන පහාතබ‍්බා නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බා.
මහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය ද තබා වාග්ද්වාරය ද තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇති.
කතමෙ ව භික‍්ඛවෙ ධම‍්මා කායෙන පහාතබ‍්බා නො වාචාය:
මහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවර යත්:
ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අකුසලං ආපන‍්නො හොති කඤ‍්චිදෙව දෙසං කායෙන. තමෙනං අනුවිච‍්ච විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී එවමාහංසු: “ආයස‍්මා ඛො අකුසලං ආපන‍්නො කඤ‍්චිදෙව දෙසං කායෙන, සාධු වතායස‍්මා කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙතු”ති. සො අනුවිච‍්ච විඤ‍්ඤූහි සබ්‍රහ‍්මචාරීහි වුච‍්චමානො කාය දුච‍්චරිතං පහාය කාය සුචරිතං භාවෙති. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ ධම‍්මා කායෙන පහාතබ‍්බා නො වාචාය.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් කිසි ලේශමාත්‍රවූ අකුශලාපත්තියක් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන ඔහට මෙසේ කියත්: “ඇවැත් කයින් කිසි ලේශමාත්‍ර වූ අකුශලයක් අවන්නේ වෙයි. ඇවැත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩා නම් නම් මැනවැ”යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබන්නේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩනේ ය. මහණෙනි. මොහු වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රාතව්‍ය ධර්‍මයහයි කියනු ලැබෙත්.
කතමෙ ච භික‍්ඛවෙ ධම‍්මා වාචාය පහාතබ‍්බා නො කායෙන:
මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අකුසලං ආපන‍්නො හොති කඤ‍්චිදෙව දෙසං වාචාය. තමෙනං අනුවිවච‍්ච විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී එවමාහංසු: ආයස‍්මා ඛො අකුසලං ආපන‍්නො කඤ‍්චිදෙව දෙසං වාචාය, සාධුවතායස‍්මා වචී දුච‍්චරිතං පහාය වචී සුචරිතං භාවෙතු”ති. සො අනුවිච‍්ච විඤ‍්ඤූහි සබ්‍රහ‍්මචාරීහි වුච‍්චමානො වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ ධම‍්මා වාචාය පහාතබ‍්බා, නො කායෙන.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කිසි දේශමාත්‍ර අකුශලාපත්තියක් වාග්ද්වාරයෙන් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන දැන ඔහට මෙසේ කියත්: ආයුෂ්මත් වනාහි වාග්ද්වාරයෙන් කිසි දේශමාත්‍ර අකුශලයක් අවන්නේ ය. ඇවැත් වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩා නම් මැනැවැ’යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබනුයේ වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩනේ ය. මහණෙනි, මොහු කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම යි කියනු ලබත්.
කතමෙ ච භික‍්ඛවෙ ධම‍්මා නෙව කායෙන පහාතබ‍්බා නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බා:
මහණෙනි, කායද්වාරය හා වාග්ද්වාරය තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
ලොභො භික‍්ඛවෙ නෙව කායෙන පහාතබ‍්බො, නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බො. දොසො භික‍්ඛවෙ -පෙ- මොහො භික‍්ඛවෙ -පෙ- කොධො භික‍්ඛවෙ -පෙ- උපනාහො භික‍්ඛවෙ -පෙ- මක‍්ඛො භික‍්ඛවෙ -පෙ- පළාසො භික‍්ඛවෙ -පෙ- මච‍්ඡරියං භික‍්ඛවෙ නෙව කායෙන පහාතබ‍්බො නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බං. පාපිකා භික‍්ඛවෙ ඉස‍්සා නෙව කායෙන පහාතබ‍්බා නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බා.
මහණෙනි, ලෝභය නො ද කායද්වාරයෙන් නො ද වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ... මහණෙනි, ක්‍රෝධය ... මහණෙනි, උපනාහය ... මහණෙනි, මක්ඛය ... මහණෙනි, පලාසය ... මහණෙනි, මච්ඡරිය නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ලමු ඊර්‍ෂ්‍යාව නො ම කයින් නො ම වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
කතමා ච භික‍්ඛවෙ පාපිකා ඉස‍්සා:
මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යා කවර යත්:
ඉධ භික‍්ඛවෙ ඉජ‍්ඣති ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා ධනෙන වා ධඤ‍්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා. තත්‍රඤ‍්ඤතතරස‍්ස දාසස‍්ස වා ඔපවාසස‍්ස වා එවං හොති. “අහො වතිමස‍්ස ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා න ඉජ‍්ඣෙය්‍ය ධනෙන වා ධඤ‍්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා”ති. සමණො වා පන බ්‍රාහ‍්මණෙවා ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං තත්‍රඤ‍්ඤතරස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා එවං හොති: “අහො වත අයමායස‍්මා න ලාභී අස‍්ස චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති”. අයං වුච‍්චති භික‍්ඛවෙ පාපිකා ඉස‍්සා, පාපිකා භික‍්ඛවෙ ඉස‍්සා නෙව කායෙන පහාතබ‍්බා නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බා.
මහණෙනි, මෙ ලොව්හි ගැහැවියකුහට වේවයි, ගැහැවිපුතක්හට වේවයි ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ රිදියෙන් හෝ රනින් හෝ සමෘද්ධියෙක් වෙයි. එහිලා අන්‍යතර දාසයකුහට වේවයි වෙත වසනුවකුහට වේවයි මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ගැහැවි හට හෝ ගැහැවි පුත්හට හෝ ධනයෙන් වේවයි, ධාන්‍යයෙන් වේවයි, රිදියෙන් වේවයි, රනින් වේවයි, සමෘධියෙක් නොවේ නම් යෙහෙකැ”යි. මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු වෙයි. එහිලා අන්‍යතර මහණක්හට හෝ බමුණකු හට හෝ මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ඇවැත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන සුලු නම්, අහෝ යෙහෙකැ”යි. මහණෙනි, මෙ ලාමක ඊර්‍ෂ්‍යා යි කියනු ලැබේ. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. (විදර්‍ශනා මාර්‍ග) ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
පාපිකා භික‍්ඛවෙ ඉච‍්ඡා නෙව කායෙන පහාතබ‍්බා නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බා.
මහණෙනි, ලාමක ඉච්ඡාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍යයයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
කතමා ච භික‍්ඛවෙ පාපිකා ඉච‍්ඡා:
මහණෙනි, පාපිකා ඉච්ඡා කවර යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො අස‍්සද‍්ධො සමානො ‘සද‍්ධො’ති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, දුස‍්සීලො සමානො ‘සීලවා’ති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, අප‍්පස‍්සුතො සමානො ‘බහුස‍්සුතො’ ති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, සඞ‍්ගණිකාරාමො සමානො පවිවිත‍්තොති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, කුසීතො සමානො ආරද‍්ධවිරියොති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, මුට‍්ඨස‍්සතිසමානො උපට‍්ඨිතසතීති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති අසමාහිතො සමානො සමාහිතො ති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, දුප‍්පඤ‍්ඤො සමානො පඤ‍්ඤවාති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, අඛීණාසවො සමානො ඛීණාසවොති මං ජානෙය්‍යුන‍්ති ඉච‍්ඡති, අයං වුච‍්චති භික‍්ඛවෙ පාපිකා ඉච‍්ඡා, පාපිකා භික‍්ඛවෙ ඉච‍්ඡා නෙව කායෙන පහාතබ‍්බා නො වාචාය, පඤ‍්ඤාය දිස‍්වා දිස‍්වා පහාතබ‍්බා.
මහණෙනි, මෙ සස්නෙහි කිසිවෙක් ශ්‍රද්ධා නැතියේ ම මා සැදැහැතියේයි දනිත්වයි කැමැතිවෙයි. දුස්සීලවූයේ ම මා “සිල්වතැයි දනිත්ව”යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම “මා බහුශ්‍රැතයි දනිත්ව”යි කැමැති වෙයි. ගණාහි ඇලුනේ ම “මා ප්‍රවිවික්තයි දනිත්ව”යි කැමැති වෙයි. කුශීද වූයේ ම “මා ප්‍රාරබ්ධවීර්‍ය්‍යයි දනිත්ව”යි කැමැති වෙයි. නටසිහි ඇතියේ ම “මා එළඹ සිටි සිහි ඇතියේ දනිත්ව”යි කැමැති වෙයි. අසමාහිත වූයේ හ “මා සමාහිතැයි දනිත්ව”යි කැමැති වෙයි. දුෂ්ප්‍රාඥ වූයේ ම “මා ප්‍රාඥයයි දනිත්ව”යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නොවූයේ ම “මා ක්‍ෂීණාස්‍රවයි දනිත්ව”යි කැමැති වෙයි. මහණෙනි, මේ පාපික ඉච්ඡායි කියනු ලැබේ. මහණෙනි, පාපික ඉච්ඡාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍යයයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය යි.
තං චෙ භික‍්ඛවෙ භික‍්ඛු, ලොභො අභිභුය්‍ය ඉරීයති. දොසො -පෙ- මොහො -පෙ- කොධො -පෙ- උපනාහො -පෙ- මක‍්ඛො -පෙ- පළාසො -පෙ- මච‍්ඡරියං පාපිකා ඉස‍්සා -පෙ- පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය ඉරීයති, සො එවමස‍්ස වෙදිතබ‍්බො: න අයමායස‍්මා තථා පජානාති, යථා පජානතො ලොභො න හොති, තථා හිමං ආයස‍්මන‍්තං ලොභො අභිභුය්‍ය ඉරීයති, න අයමායස‍්මා තථා පජානාති, යථා පජානතො දොසො න හොති -පෙ- මොහො - කොධො - උපනාහො - මක‍්ඛො - පළාසො - මච‍්ඡරියං - පාපිකා ඉස‍්සා - පාපිකා ඉච‍්ඡා න හොති තථා හිමං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා අභිභුය්‍ය ඉරීයති. තඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛුං ලොභො නාභිභුය්‍ය ඉරීයති. දොසො - මොහො - කොධො - උපනාහො - මක‍්ඛො - පළාසො - මච‍්ඡරියං - පාපිකා ඉස‍්සා - පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය ඉරීයති. සො එවමස‍්ස වෙදිතබ‍්බො: -පෙ- තථා අයමායස‍්මා පජානාති යථා පජානතො ලොභො න හොති, තථා හිමං ආයස‍්මන‍්තං ලොභො නාභිභුය්‍ය ඉරීයති, තථා යමායස‍්මා පජානාති යථා පජානතො දොසො න හොති. මොහො - කොධො - උපනාහො - මක‍්ඛො - පළාසො - මච‍්ඡරියං - පාපිකා ඉස‍්සා - පාපිකා ඉච‍්ඡා න හොති. තථා හි මං ආයස‍්මන‍්තං පාපිකා ඉච‍්ඡා නාභිභුය්‍ය ඉරීයතීති.
මහණෙනි, ඉදින් ඒ ලෝභය ඒ මහණ මැඩ ගෙන වැටේ නම් ... ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මාත්සර්‍ය්‍ය ... ලාමක ඊර්‍ෂ්‍යාව ... ලාමක ඉච්ඡාව මැඩගෙන වැටේ නම්, හේ මෙසේ දතයුතු වෙයි: “යම් පරිදි දන්නහුට ලෝභය නොවේ ද, මේ ඇවැත් එපරිදි නොදන්නේ ය. එහෙයින්ම ලෝභය මේ ඇවැත් මැඩගෙන සිටුනේය. යම් පරිදි දන්නහුගේ ද්වේෂය නොවේ ද, මේ ආයුෂ්මත් එපරිදි නොදන්නේ ය. ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මාත්සර්‍ය්‍ය ... ලාමක ඉච්ඡාව ... ලාමක ඉච්ඡාව නොවේ ද ... එහෙයින් ම පාපික ඉච්ඡාව මේ ආයුෂ්මත් මැඩගෙන සිටුනේ ය”යි. මහණෙනි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන නො වැටේ නම්, ද්වේෂය ... මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පලාසය ... මච්ඡරිය ... ලමු ඉස්සාව ... ලමු ඉච්ඡාව එ මහණ මැඩගෙන නොවැටේ නම්, හේ මෙසේ දතයුතු වෙයි: … යම් පරිදි දන්නාහුගේ ලෝභය නොවේ නම්, මේ ආයුෂ්මත් එපරිදි දන්නේ ය. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මත් මැඩගෙන නො වැටෙයි. යම් පරිදි දන්නහුගේ ද්වේෂය නොවේ නම්, එපරිදි මේ ආයුෂ්මත් දන්නේ ය. මෝහය ... ක්‍රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... ලාමක ඉස්සාව ... ලාමක ඉච්ඡාව නො වේ නම්, එහෙයින් ලාමක ඉච්ඡාව මේ ආයුෂ්මත් මැඩගෙන නො වැටේයයි.