අධිවුත්තිපද සුත්තං
10. 1. 3. 2.
10. 1. 3. 2.
අධිවුත්තිපද සුත්තං
අධිවුත්තිපද සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
යෙ තෙ ආනන්ද, ධම්මා තෙසං තෙසං අධිවුත්තිපදානං අභිඤ්ඤා සච්ඡිකිරියාය සංවත්තන්ති. විසාරදො අහං ආනන්ද තත්ර පටිජානාමි තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුං, යථා යථා පටිපන්නො සන්තං වා අත්ථීති ඤස්සති, අසන්තං වා නත්ථීති ඤස්සති, හීනං වා හීනන්ති ඤස්සති, පණීතං වා පණීතන්ති ඤස්සති. ස උත්තරං වා ස උත්තරන්ති ඤස්සති, අනුත්තරං වා අනුත්තරන්ති ඤස්සති, යථා යථා වා පන තං ඤාතෙය්යං වා දට්ඨෙය්යං වා සච්ඡිකාතය්යං වා තථා තථා ඤස්සති වා දක්ඛති වා සච්ඡිකරිස්සතීති වා ඨානමෙතං විජ්ජති. එතදනුත්තරියං ආනන්ද ඤාණානං යදිදං තත්ථ තත්ථ යථාභූතඤාණං, එතස්මා වාහං ආනන්ද ඤාණා අඤ්ඤං ඤාණං උත්තරිතරං වා පණීතතරං වා නත්ථීති වදාමි.
ආනන්දයෙනි, ඒ ඒ (ස්කන්ධධාත්වායතන ධර්ම හා දෘෂ්ටිව්‍යවහාර සඞ්ඛ්‍යාත) අධිවචනපදයන් දැන පසක් කිරීම සඳහා යම් ඒ (දශබලඥාන සර්‍වඥතාඥානසඞ්ඛ්‍යාත) ධර්මයෝ වෙත් නම්, ආනන්දයෙනි, එහිලා ඒ ඒ දෘෂ්ටිගතයනට ඒ ඒ පරිදි ධර්මය දෙසනුවට මම් විශාරද වූයෙම් (ඥානසෞමනස්‍යප්‍රාප්ත වූමේ) පිළින කරමි. යම් යම් පරිදි පිළිපන්නේ විද්‍යාමාන වූ ධර්මය ‘ඇතැ’යි දන්නේ හෝ වේද, අවිද්‍යාමාන ධර්මය ‘නැතැ’යි දන්නේ හෝ වේ ද, හීන ධර්මය හීන ධර්ම යයි දන්නේ හෝ වේ ද, ප්‍රණීත වූ ධර්මය ප්‍රණීතධර්‍ම යයි දන්නේ හෝ වේද, සෝත්තර ධර්මය සෝත්තර ධර්මය යයි දන්නේ හෝ වේද, අනුත්තර ධර්මය අනුත්තර ධර්ම යයි දන්නේ හෝ වේද, ඥාතව්‍යය වේවයි, ද්‍රෂ්ටව්‍යය වේවයි, සාක්ෂාත් කර්තව්‍යය වේවයි යම් යම් පරිදි වේ නම්, එය ඒ ඒ පරිදි දැනගන්නේ වේවයි දක්නේ වේවයි සාක්ෂාත් කරන්නේ වේවයි යන තෙල කාරණය ඇත. ආනන්දයෙනි, ඥානයන් අතුරෙහි ඒ ඒ ධර්මයන් විෂයයෙහි යම්බඳු යථාභූත (යථාස්වභාව) ඥානයෙක් වේ නම් තෙල අනුත්තරිය වෙයි. ආනන්දයෙනි, තෙල (යථාභූත) ඥානයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර අන්‍යඥානයෙක් නැතැයි මම කියම්.
දස ඉමානි ආනන්ද, තථාගතස්ස තථාගතබලානි යෙහි, බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති, කතමානි දස:
ආනන්දයෙනි, යම් බල කෙනෙකුන්ගේ සමන්වාගත තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කරනුයේ ද, පර්ෂද්හි සිංහනාද කෙරෙයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මෙ එබඳු බල දශයෙක: කවර දශයෙක යත්:
1. ඉධානන්ද, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පනානන්ද තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදං පනානන්ද තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
1. ආනන්දය, මෙලොව්හි තථාගත ස්ථානය ස්ථාන විසිනුත් අස්ථානය අස්ථාන විසිනුත් දන්නේය. ආනන්දයෙනි, යම්හෙයෙකින් තථාගත ස්ථානය ස්ථාන විසින්ද අස්ථානය අස්ථාන විසින් ද යථාභුතකොට ප්‍රතිඥා කෙරේ ද, ආනන්දයෙනි, තථාගත යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරෙයි ද බ්‍රහ්මචක්‍රය පවත්වා ද තථාගත යන්ගේ මේ ඒ තථාගත බලයයි.
2. පුන චපරං ආනන්ද, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ-
2. තවද ආනන්දයෙනි, තථාගත අතීතානාගත ප්‍රත්‍යුපන්න කර්මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට ප්‍රත්‍යය විසින් හේතු විසින් පිළින කරයි. ආනන්දයෙනි, යම් හෙයකින් ... ආනන්දයෙනි, මේ වනාහි ...
3. පුන චපරං ආනන්ද, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති -පෙ- යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
3. තවද ආනන්දයෙනි, තථාගත සර්වත්රගාමිනී ප්‍රතිපද් සඞ්ඛ්‍යාත යථාභූතව, දන්නේ ය. ... ආනන්දයෙනි, යම් හෙයෙකින් ... ආනන්දයෙනි, මේ වනාහි ...
4. පුන චපරං ආනන්ද, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
4. තවද ආනන්දයෙනි, තථාගත අනේකධාතු නානාධාතු ලෝකසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්දයෙනි, යම් හෙයෙකින් ... ආනන්දයෙනි, මේ වනාහි ...
5. පුන චපරං ආනන්ද, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
5. තවද ආනන්දයෙනි, තථාගත සත්ත්වයන්ගේ නානාධිමුක්තිකතාසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්දයෙනි, යම් හෙයෙකින් ... ආනන්දයෙනි, මේ වනාහි ...
6. පුන චපරං ආනන්ද, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රිය පරොපරියත්තං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
6. තවද ආනන්දයෙනි, තථාගත පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරතා සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්දයෙනි, යම් හෙයෙකින් ... ආනන්දයෙනි, මේ වනාහි ...
7. පුන චපරං ආනන්ද තථාගතො ඣානවිමොක්ඛසමාධිසම්පත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
7. තවද ආනන්දයෙනි, තථාගත ධ්‍යානවිමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේස, වෝදාන, වුට්ඨාන සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්දයෙනි, යම් හෙයෙකින් ... ආනන්දයෙනි, මේ වනාහි ...
8. පුන චපරං ආනන්ද, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පිජාතිං ද්වෙපිජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පනානන්ද -පෙ- ඉදම්පනානන්ද -පෙ-
8. තවද ආනන්දයෙනි, තථාගත අනේකවිධ පූර්වනිවාසය එනම් එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... සිහිකරන්නේ ය. ... මෙසේ සාකාර සොද්දේශ වූ අනේකවිධ පූර්වනිවාසය සිහිකරන්නේ ය. ආනන්දයෙනි, යම් හෙයෙකින් ... ආනන්දයෙනි, මේ වනාහි …
9. පුන චපරං ආනන්ද තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති -පෙ- යම්පනානන්ද තථාගතො -පෙ- ඉදම්පනානන්ද -පෙ-
9. තවද ආනන්දයෙනි, තථාගත විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් … යථා කර්මෝපග සත්ත්වයන් දන්නේය. ආනන්දයෙනි, යම්හෙයෙකින් … ආනන්දයෙනි, මේ වනාහි ...
10. පුන චපරං ආනන්ද තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පනානන්ද තථාගතො ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදම්පනානන්ද තථාගතස්ස තථාගතබලං හොති. යම්බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙන්ති.
10. තවද ආනන්දයෙනි, තථාගත ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ දැන පසක් කොට එයට එළඹ වාස කරයි. ආනන්දයෙනි, යම්හෙයෙකින් තථාගත ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ... පසක් කොට එළඹ වෙසේ ද, ආනන්දයෙනි, යම්බලයකට පැමිණ තථාගත ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද පර්ෂද්හි සිංහනාද කෙරේ ද බඹසක් පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ තථාගත බල යි.
ඉමානි ඛො ආනන්ද දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතීති.
ආනන්දයෙනි, යම්බල කෙනෙකුගෙන් සමන්වාගත තථාගත ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පර්ෂද්හි සිංහනාද කරයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මේ ඒ තථාගත බලයි.