යෙදුමෙන් කියවන්න

භණ‍්ඩන සුත‍්තං

10. 1. 5. 10.

10. 1. 5. 10.

භණ‍්ඩන සුත‍්තං

භණ්ඩන සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා උපට‍්ඨානසාලායං සන‍්නිසින‍්නා සන‍්නිපතිතා භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ මහණහු පසුබත පිඬුවායෙන් වැළකියාහු උවටන් හල්හි රැස්ව හුන්නාහු සන්නිපතිත වූවාහු හටගත් පූර්‍වභාග කලහ ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත්.

අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි. “කායනුත්‍ථ භික‍්ඛවෙ එතරහි කථාය සන‍්නිසින‍්නා, කා ච පන වො අන‍්තරා කථා විප‍්පකතා”ති?

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පිළිසලනින් නැගි සේක් උවටන්හල් කරා වැඩි සේක. වැඩ ප්‍රඥප්තාසනයෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, දැන් කවර කථායෙකින් හුන්නා ව? තොප විසින් කවර අතුරු කථායෙක් අඩාළ කරන ලද දැ” යි?

“ඉධ මයං භන‍්තෙ පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා උපට‍්ඨාන සාලායං සන‍්නිසින‍්නා සන‍්නිපතිතා භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරාමා”ති.

“වහන්ස, අපි මේ සැවැත පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ උවටන් හල්හි හුන්නමෝ රැස්වූවමෝ හටගත් පූර්‍වභාග කලහ ඇතියමෝ හටගත් කලහ ඇතියමෝ විරුද්ධවාදයට පැමිණියමෝ උනුන් මුවසැතින් පෙළමින් වසම්හ”‘යි.

“න ඛො පන ඉදං භික‍්ඛවෙ තුම‍්හාකං පතිරූපං කුලපුත‍්තානං සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතානං යං තුම‍්හෙ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා, අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරෙය්‍යාථ”

මහණෙනි, යම් හෙයකින් තෙපි හටගත් පූර්‍වභාග කළහ ඇතියහු, හටගත් කළහ ඇතියහු විවාදාපන්න වූවහු උනුන් මුවසැතින් පෙළමින් වසවු නම් මෙය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය ශාසනයෙහි පැවිදි වූ කුලපුත් තොපට නුසුදුසු මැ යි.

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තන‍්ති. කතමෙ දස:

මහණෙනි, මේ දස ධර්‍ම කෙනෙක් සාරාණීය වූවහු ප්‍රියභාවය කරන්නාහු ගුරුභාවය කරන්නාහු සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක් බව පිණිස වටනාහ. කවර දස දෙනෙක යත්:

1. ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ආචාරගෝචර සම්පන්න වූයේ පාමොක් සංවරසිලින් සංවෘත ව වෙසෙයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නාසුලු වැ සිකපෙදෙහි සමාදන් කොට ගෙන හික්මෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සිල්වත් වේ ද ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මේ ද, මෙ දහමද සාරාණීය යී. ප්‍රිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක් බව පිණිස වැටෙයි.

2. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සබ්‍යඤ‍්ජනා කෙවල පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා, මනසානුපෙක‍්ඛිතා, දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ රැස්කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි’ යම් මේ දහම් කෙනෙක් ආදිකල්‍යාණ ද මධ්‍යකල්‍යාණ ද පර්‍ය්‍යවසාන කල්‍යාණ ද සාත්‍ථසව්‍යඤ්ජන වූවාහු කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් ධෘත වූවාහු බහුශ්‍රුත වෙත්. වචනයෙන් පරිචිත වෙත්. මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්. ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. මෙ දහමුදු සාරාණීය යි. ප්‍රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.

3. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො -පෙ- එකීභාවාය සංවත‍්තති.

3. තවද මහණෙනි, මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්‍යාණමිත්‍ර වේද මෙ දහමුදු සාරාණීය යි. ප්‍රියකරණ යි ... එක් බව පිණිස වැටෙයි.

4. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සුවචො හොති සොවචස‍්සකරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතො, ඛමො පදක‍්ඛිණාහී අනුසාසනිං යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු සුවචො හොති සොවචස‍්සකරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතො, ඛමො පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනිං, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

4. තවද මහණ සුවචභාවය කරන ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ අවවාදක්‍ෂම වූයේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ සුවචභාවය කරන දහමින් සමන්‍වාගත වූයේ අවවාදක්‍ෂම වූයේ අනුශාසනය ප්‍රදක්‍ෂිණායෙන් ගන්නා සුලු සුවච වේ නම් මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.

5. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු යානි තානි සබ්‍රහ‍්මචාරීනං උච‍්චාවචානි කිඞ‍්කරණීයානි තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු යානි තානි සබ්‍රහ‍්මචාරීනං උච‍්චාවචානි කිඞ‍්කරණීයානි, තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු යානි තානි සබ්‍රහ‍්මචාරීනං උච‍්චාවචානි කිං කරණීයානි තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො -පෙ- එකීභාවාය සංවත‍්තති.

5. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරුන් පිළිබඳ කුම් කෙරෙම් දැයි පිළිවිස කටයුතු කුදුමහත් යම් ඒ කටයුතු වේ නම් එහි දක්‍ෂ වෙයි. අනලස් වූයේ තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූයේ කරනට හා සංවිධානයට සමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්‍රම්සරුන් පිළිබඳ යම් ඒ කුදු මහත් කිංකර්‍තව්‍ය වේ නම් එහිත් දක්‍ෂ වූයේ වේද අනලස් වූයේ තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූයේ කරනට හා සංවිධානයට සමර්‍ත්‍ථ වේද මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි … එක් බව පිණිස වටනේ ය.

6. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මකාමො හොති පියසමුදාහාරො අභිධම‍්මෙ අභිවිනයෙ උළාරපාමොජ‍්ජො, යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මකාමො හොති පියසමුදාහාරො අභිධම‍්මෙ අභිවිනයෙ උළාරපාමොජ‍්ජො. අයම‍්පි ධම‍්මො සාරාණීයො, පියකරණො -පෙ- එකීභාවාය සංවත‍්තති.

6. තවද මහණෙනි, මහණ ප්‍රිය සමුදාහාර ඇත්තේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇත්තේ ධර්‍මකාම වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්‍රිය සමුදාහාර ඇත්තේ අභිධර්‍මයෙහි අභිවිනයෙහි මහත් ප්‍රාමෝද්‍ය ඇතියේ ධර්‍මකාම වේද මෙ දහම ද සාරාණීය යි. ප්‍රියකරණ යි. … එක් බව පිණිස වැටෙයි.

7. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති:

7. තවද මහණෙනි, මහණ අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසල් දහමුන්ගේ උපසම්පත් පිණිස ස්ථාමත් වූයේ දළපැරකුම් ඇතියේ කුසලධර්‍මයන්හි නො බහා තැබූ වීර්‍ය්‍යධූර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසල් දහමුන්ගේ උපසම්පත් පිණිස ස්ථාමතවත් වූයේ දළපැරකුම් ඇතියේ කුසල් දහම්හි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසේ ද, මෙ දහම ද සාරාණීය යි. පිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස ඒකී භාව පිණිස වැටෙයි.

8. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතරචීවරපිණ‍්ඩපාත සෙනාසන ගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරෙන. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති ඉතරීතර චීවරපිණ‍්ඩපාතසෙනාසන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො -පෙ- එකීභාවාය සංවත‍්තති.

8. තවද මහණෙනි, මහණ ඉතෙරතරචීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ඉතෙරතරචීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍ය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වේ ද, මෙ දහම ද සාරාණීය යි. පියකරණයි … ඒකී භාව පිණිස වැටෙයි.

9. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. අයම‍්පි ධම‍්මො සාරාණීයො -පෙ- එකීභාවාය සංවත‍්තති:

9. තවද මහණෙනි, මහණ පරම ස්මෘතිනිපකභාවයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාෂිතයත් සමරනුයේ පුන-පුනා සමරනුයේ ස්මෘතිමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පරම ස්මෘතිනිපකභාවයෙන් සමන්‍වාගත වූයේ චිරකෘතයත් චිරභාෂිතයත් සමරනුයේ පුන-පුනා සමරනුයේ ස්මෘතිමත් වේ ද, මෙ දහම ද සාරාණීය යි … ඒකී භාවයට වැටෙයි.

10. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො’ අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියා. යම‍්පි භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියා. අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

10. තවද මහණෙනි, මහණ උදා-විය අනුව යන ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ උදා-විය අනුව යන ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙ ද මෙ දහම ද සාරාණීය යි. පිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්‍රහය පිණිස අවිවාද පිණිස සමගි පිණිස ඒකී භාව පිණිස වැටෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ‍්ගහාය අවිවාදාය එකීභාවාය සංවත‍්තන‍්තී’ති.

මහණෙනි, මේ දස දහම්හු සාරාණීයහ. පිය කරණහ. ගරුකරණහ. සඞ්ග්‍රහයට ප්‍රිය භාවයට අවිවාදයට ඒකී භාවයට වැටෙත් ය යි.

අක‍්කොසවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි අක්කෝසවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

විවාදා ද‍්වෙ ච මූලානි කුසිනාරා පවෙසනෙ, සක‍්කා මහාලි ධම‍්මා ච සරීරට‍්ඨා ච භණ‍්ඩානාති.

විවාද සූත්‍රය, විවාදමූලසූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අන්තේපුරප්පවේසන සූත්‍රය, සකක්‍ය සූත්‍රය, මහාලි සූත්‍රය, දසධම්ම සූත්‍රය, සරීරට්ඨ සූත්‍රය, භණ්ඩන සූත්‍රය දැයි දසයෙක.

පඨමො පණ‍්ණාසකො සමත‍්තො.

පඨමපණ්ණාසකය සමාප්ත යි.