යෙදුමෙන් කියවන්න

සචිත‍්ත සුත‍්තං

10. 2. 1. 1.

10. 2. 1. 1.

සචිත‍්ත සුත‍්තං

සචිත්ත සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම් හි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.

නො චෙ ඛො භික‍්ඛවෙ භික‍්ඛු පරචිත‍්තපරියාය කුසලො හොති, අථ ‘සචිත‍්තපරියාය කුසලො භවිස‍්සාමී’ති එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බං.

මහණෙනි, ඉදින් මහණ පරචිත්ත පරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වේමැයි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු ය.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සචිත‍්තපරියාය කුසලො හොති: සෙය්‍යථාපි භික‍්ඛවෙ ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද‍්ධෙ පරියොදාතෙ අච‍්ඡෙ වා උදපත‍්තෙ සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො සචෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තස‍්සෙව රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා, පහානාය වායමති. නො චෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා තෙනෙවත‍්තමනො හොති පරිපුණ‍්ණසඞ‍්කප‍්පො “ලාභා වත මෙ පරිපුණ‍්ණං වත මෙ”ති. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛණා බහූකාරා හොති කුසලෙසු ධම‍්මෙසු. අභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි, අනභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි, ව්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, අව්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, ථීනමිද‍්ධපරියුට‍්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගතථීනමිද‍්ධො නු ඛො බහුලං විහරාමි, උද‍්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද‍්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ‍්ණවිචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි. අක‍්කොධනො නු ඛො බහුලං විහරාමි, සඞ‍්කිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, සාරද‍්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද‍්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද‍්ධවිරියො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමී ති.

මහණෙනි, කෙසේ මහණ සචිත්තපරියාය කුසලවේ ය යත්: මහණෙනි, දහර වූ තරුණ වු සැරසීම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ කැටපතෙක වේවයි පහන් දියබඳුනෙක වේවයි තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ තල කැලලක් හෝ දක්නේ ද ඒ රජස හෝ තල කැලල දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් “එකැතින් මට ලාභයෙක, එකැතින් මාගේ මුව පරිපූර්‍ණ ය”යි එයින් තුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වෙයි. මහණෙනි, එපරිදිම මහණහට කුසල්දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහූපාකාර වෙයි: අභිධ්‍යා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ අභිධ්‍යා බහුල කොට නැතියෙම් වෙසෙම් දෝ යි; ව්‍යාපාදයෙන් යුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ ව්‍යාපාදයෙන් වියුත් සිතැතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ථිනමිද්ධයෙන් වැඩුනෙම් බෙහෙවින් වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යී, උද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම්දෝ යී අනුද්ධතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි නො කිපෙන සුල්ලෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සකිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නො කිලිටි සිතැත්තෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; නොගිලන් කය ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; කුසීතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; ඇරඹි වැර ඇතියෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; අසමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ යි; සමාහිතයෙම් බෙහෙවින් වෙසෙම් දෝ” යි.

සචෙ භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “අභිජ‍්ඣාලූ බහුලං විහරාමි, බ්‍යාපන‍්නචිත‍්තො බහුලං විහරාමි, ථීනමිද‍්ධපරියුට‍්ඨිතො බහුලං විහරාමි, උද‍්ධතො බහුලං විහරාමි. විචිකිච‍්ඡො බහුලං විහරාමි, කොධනො බහුලං විහරාමි, සංකිලිට‍්ඨචිත‍්තො බහුලං විහරාමි, සාරද‍්ධකායො බහුලං විහරාමි, කුසීතො බහුලං විහරාමි, අසමාහිතො බහුලං විහරාමී”ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං. සෙය්‍යථාපි භික‍්ඛවෙ ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එවමෙව, ඛො තෙන භික‍්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.

මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුලයෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද යුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ථීනමිද්ධයෙන් වැඩුණෙම් බොහෝ කොට වෙසෙම්, උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි, මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියක් හා නො පසු බැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. මහණෙනි, යම් සේ ඇවිළගත් පිළි ඇත්තේ වේව යි ඇවිළගත් හිස් ඇත්තේ වේවයි එ ම පිළිය හෝ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයෙක් ද ව්‍යායාමයක් ද උත්සාහයෙක් ද උස්සෝළහියක් ද නො පසුබැස්මක් ද ස්මෘතියක් ද සම්ප්‍රජන්‍යයක් ද කෙරේ නම් එසෙයින් ම ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හ උත්සාහයෙක් හා උස්සෝළහියක් හ නො පසුබැස්මක් හෝ ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හ කටයුතු.

සචෙ පන භික‍්ඛවෙ භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “අනභිජ‍්ඣාලූ බහුලං විහරාමි, අව්‍යාපන‍්නචිත‍්තො බහුලං විහරාමි, විගතථීනමිද‍්ධො බහුලං විහරාමි, අනුද‍්ධතො බහුලං විහරාමි, තිණ‍්ණවිචිකිච‍්ඡො බහුලං විහරාමි, අක‍්කොධනො බහුලං විහරාමි, අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො බහුලං විහරාමි, අසාරද‍්ධකායො බහුලං විහරාමි, ආරද‍්ධවිරියො බහුලං විහරාමි. සමාහිතො බහුලං විහරාමී ති. තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො ති.

මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්‍යා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම්, ව්‍යාපාද වියුත් සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, පහවූ ථීනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම්, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම්, නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම්, නො කුසීතයෙම් බොහෝ කොට වෙසෙම්, සමාහිතයෙම් බොහෝ කොට වෙසෙමැ”යි. මහණෙනි, එහෙයින් මහණහු විසින් ඒ කුසල් දහම්හි ම පිහිටා මතු ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු’යි