යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්ත සුත‍්තං

10. 2. 1. 2.

10. 2. 1. 2.

සාරිපුත‍්ත සුත‍්තං

සාරිපුත්ත සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි “ආවුසො භික‍්ඛවො”ති. “ආවුසො”ති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:

නො චෙ ආවුසො භික‍්ඛු පරචිත‍්තපරියාය කුසලො හොති, අථ “සචිත‍්තපරියාය කුසලො භවිස‍්සාමී”ති. එවං හි වො ආවුසො සික‍්ඛිතබ‍්බං.

“ඇවැත්නි, ඉදින් මහණ පරිචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය (තම සිතට අවවාද කිරීමෙහි) කුසල වෙමි”යි ඇවැත්නි මෙසෙයින් තොප විසින් හික්මිය යුතු.

කථඤ‍්ච ආවුසො භික‍්ඛු සචිත‍්තපරියාය කුසලො හොති, සෙය්‍යථාපි ආවුසො ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනක ජාතිකො ආදාසෙ වා පරිසුද‍්ධෙ පරියොදාතෙ අච‍්ඡෙ වා උදපත‍්තෙ සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො, සචෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තස‍්සෙව රජස‍්ස වා අඞ‍්ගණස‍්ස වා පහානාය වායමති. නො චෙ තත්‍ථ පස‍්සති රජං වා අඞ‍්ගණං වා, තෙනෙවත‍්තමනො හොති, පරිපුණ‍්ණො සඞ‍්කප‍්පො, “ලාභා වත මෙ පරිසුද‍්ධං වත මෙ”ති. එවමෙව ඛො ආවුසො භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛනා බහූකාරා හොති කුසලෙසු ධම‍්මෙසු: “අභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි, අනභිජ‍්ඣාලූ නු ඛො බහුලං විහරාමි, බ්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, අබ්‍යාපන‍්නචිත‍්තො නු ඛො බහුලං විහරාමි, ථීනමිද‍්ධපරියුට‍්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගතථීනමිද‍්ධො නු ඛො බහුලං විහරාමි, උද‍්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද‍්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ‍්ණවිචිකිච‍්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි, අක‍්කොධනො නු ඛො බහුලං විහරාමි, සඞ‍්කිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, අසංකිලිට‍්ඨචිත‍්තො නු ඛො බහුලං විහරාමි, සාරද‍්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද‍්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද‍්ධවිරියො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමී”ති.

ඇවැත්නි, මහණ කෙසේ සචිත්තපරියාය කුසල වේ ය යත්: ඇවැත්නි, යම් පරිදි අහර වූ තරුණ වූ සැරසුම් සැහැවි ඇති ස්ත්‍රියක් වේව යි, පුරුෂයෙක් වේව යි පරිශුද්ධ පර්‍ය්‍යවදාත කැටපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ ම සිය මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් වේවයි අඞ්ගණයක් වේවයි දන්නේ නම් එම රජස හෝ අඞ්ගණය හෝ දුරලීමට ව්‍යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභයෙක. එකැතින් මාගේ මුව පිරිසිදුය යි පිරිපුන් සංකල්ප ඇතියේ එයින් ම තුටු සිතැත්තේ වෙයි. ඇවැත්නි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්‍රත්‍යවේක්‍ෂණාව බහුපකාර වෙයි: “අභිජ්ඣා බහුල කොට ඇතියෙම් බෙහෙවින් වෙසෙම් ද, අභිජ්ඣා බහුල කොට නැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්‍යාපාදයෙන් යුත් සිතැත්තෙම් බොහෝ කොට වෙසෙම් ද ව්‍යාපාදයෙන් වියුත් සිතැත්තෙම් බහුල කොට වෙසෙම් ද, ථිනමිද්ධයෙන් මැඩුණු සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, පහවූ ථිනමිද්ධ ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, උද්ධතයෙම් බහුල කොට වෙසෙම් ද, අනුද්ධතයෙම් බහුල කොට වෙසෙම් ද, විචිකිච්ඡා ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, කිපෙන සුල්ලෙම් බහුල කොට වෙසෙම් ද, නො කිපෙන සුල්ලෙම් බහුල කොට වෙසෙම් ද, සකිලිටි සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, නො කිලිටි සිතැතියෙම් බහුල කොට වෙසෙම් ද, ගිලන් කය ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, නො ගිලන් කය ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, කුසීතයෙම් බහුල කොට වෙසෙම් ද, ඇරඹිවැර ඇතියෙම් බහුල කොට වෙසෙම් ද, සමාහිතයෙම් බහුල කොට වෙසෙම් ද, අසමාහිතයෙම් බහුල කොට වෙසෙම්දැයි” යි.

සචෙ ආවුසො භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභිජ‍්ඣාලූ බහුලං විහරාමි -පෙ- අසමාහිතො බහුලං විහරාමී”ති. තෙනාවුසො භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හිච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං. සෙය්‍යථාපි ආවුසො ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරෙය්‍ය, එව මෙව ඛො ආවුසො තෙන භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච කරණීයං.

ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිජ්ඣා බහුල කොට ඇත්තෙම් බොහෝ කොට වෙසෙම් දෝ ... අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි. ඇවැත්නි, ඒ මහණහු විසින් එ ම ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්‍ය්‍යයෙක් හා නොපසුබැස්මෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා කටයුතු. ඇවැත්නි, යම් පරිදි ඇවිළි පිළි ඇතියේ වේව යි ඇවිළි හිස ඇතියේ වේව යි එ පිළිය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයක් හා ව්‍යායාමයක් හා උත්සාහයෙක් හා මහ වැරක් හා නො පසුබැස්මක් හා සතියක් හා සම්පජඤ්ඤයක් හා කෙරේ නම් ඇවැත්නි, එ පරිදි ම එ මහණහු එ ම ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසු බැස්මක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයක් හා කටයුතු:

සචෙ ආවුසො භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: “අනභිජ‍්ඣාලූ බහුලං විහරාමි -පෙ- සමාහිතො බහුලං විහරාමී”ති. තෙනාවුසො භික‍්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො”ති.

ඇවැත්නි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ වේ නම් අභිජ්ඣා බහුල කොට ඇතියෙම් බොහෝ කොට වෙසෙම් ... සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම්’යී. ඇවැත්නි, එ මහණ විසින් එ ම කුසල් දහම්හි පිහිටා මතුයෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝග කටයුතු යි.