යෙදුමෙන් කියවන්න

පබ‍්බජ‍්ජා සුත‍්තං

10. 2. 1. 9.

10. 2. 1. 9.

පබ‍්බජ‍්ජා සුත‍්තං

පබ්බජ්ජා සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: යථා පබ‍්බජ‍්ජාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. න වුප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා චිත‍්තං පරියාදාය ඨස‍්සන‍්ති. අනිච‍්චසඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති අනත‍්තසඤ‍්ඤා පරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. අසුභසඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති ආදීනවසඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. ලොකස‍්ස සමඤ‍්ච විසමඤ‍්ච ඤත්‍වා තං සඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. ලොකස‍්ස සම‍්භවඤ‍්ච විභවඤ‍්ච ඤත්‍වා තං සඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. ලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච ඤත්‍වා තං සඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. පහානසඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. විරාගසඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සති. නිරොධසඤ‍්ඤාපරිචිතඤ‍්ච නො චිත‍්තං භවිස‍්සතීති. එවං හි වො සික‍්ඛිතබ‍්බං.

මහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුතු: අපට පැවිද්දට නිසි සේ පුරුදු කළ සිතෙක් වන්නේ ය, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහ, අනිත්‍යසංඥාවට පුරුදු කළ සිත අපට වන්නේ ය, අනාත්මසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, අශුභසංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ආදීනවසංඥායෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සමය හා විසමය ද දැන ඒ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, ලෝකයාගේ සම්භවය හා විභවය හා දැන එ සංඥාවෙහි පුරුදු කළ සිත අපට වන්නේ ය, පඤ්චස්කන්‍ධ ලෝකයාගේ සමුදය ද අස්තගමය ද දැන ඒ සංඥායෙහි පරිචිත වූ සිත අපට වන්නේ ය, ප්‍රහාණසංඥායෙහි පරිචිත චිත්තය අපට වන්නේ ය, විරාගසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය, නිරෝධසංඥායෙහි පරිචිත සිත අපට වන්නේ ය යි තොප විසින් මෙසේ ම හික්මිය යුතු.

යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො යථා පබ‍්බජ‍්ජාපරිචිතඤ‍්ච චිත‍්තං හොති. න වුප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. අනිච‍්චසඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. අනත‍්තසඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. අසුභසඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. ආදීනවසඤ‍්ඤාපරිචිතඤ‍්ච චිත‍්තං හොති. ලොකස‍්ස සමඤ‍්ච විසමඤ‍්ච ඤත්‍වා තං සඤ‍්ඤාපරිචිතඤ‍්ච චිත‍්තං හොති. ලොකස‍්ස සම‍්භවඤ‍්ච විභවඤ‍්ච ඤත්‍වා තං සඤ‍්ඤාපරිචිතඤ‍්ච චිත‍්තං හොති. ලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච ඤත්‍වා තං සඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. පහානසඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. විරාගසඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. නිරොධසඤ‍්ඤා පරිචිතඤ‍්ච චිත‍්තං හොති. තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.

මහණෙනි, යම් කලෙක සිට මහණහට පැවිද්දට නිසි කොට පුරුදු කළ සිත වේ ද, උපන් ලමු අකුසල් දහම්හු සිත මැඩගෙන නො සිටුනාහු ද, අනිත්‍යසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අනාත්මසංඥායෙහි පරිචිත සිතත් වේ ද, අශුභසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ආදීනවසංඥායෙහි පරිචිත සිතත් වේ ද, සත්ත්‍වලෝකයාගේ සම විසමත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සම්භව විභව දෙකත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ලෝකයාගේ සමුදය අස්තගමයත් දැන ඒ සංඥායෙහි පරිචිත සිතත් වේ ද, ප්‍රහාණසංඥායෙහි පරිචිත සිතත් වේ ද, විරාගසංඥායෙහි පරිචිත සිතත් වේ ද, නිරෝධසංඥායෙහි පරිචිත සිතත් වේ ද, ඔහට ඉහාත්මයෙහි අර්‍හත්‍වය හෝ උපාදිශේෂය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි උභය ඵලයන්ගෙන් අන්‍යතර ඵලයක් කැමැති වියයුතු යි.