2. යමකවග්ගො අට්ඨකථා
2. යමක වර්ගය
1. අවිජ්ජා සුත්තවණ්ණනා
1. අවිද්‍යා සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ සාහාරන්ති සපච්චයං. විජ්ජාවිමුත්තින්ති ඵලඤාණඤ්චෙව සෙසසම්පයුත්තධම්මෙ ච. බොජ්ඣඞ්ගාති මග්ගබොජ්ඣඞ්ගා.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සාහාරං යනු ප්‍රත්‍යය සහිතවූයේයි, විජ්ජාවිමුත්ති යනු ඵලඥානය මෙන්ම සමඟ යෙදුණු ධර්මයන් ද, බොජ්ඣඞ්ගා යනු මාර්ග බොධ්යංගයෝයි.
2. තණ්හා සුත්තවණ්ණනා
2. තෘෂ්ණා සූත්‍ර වර්ණනාව
දුතියෙ භවතණ්හායාති භවපත්ථනාය. එවං ද්වීසුපි සුත්තෙසු වට්ටමෙව කථිතං, වට්ටඤ්චෙත්ථ පඨමෙ සුත්තෙ අවිජ්ජාමූලකං වට්ටං කථිතං, දුතියෙ තණ්හාමූලකං.
දෙවැන්නෙහි භවතණ්හාය යනු භවය පැතීමෙනි, මෙසේ සූත්‍ර දෙකෙහිම සසරම කියන ලදි. මෙහි සසර ද පළමු සූත්‍රයෙහි අවිද්‍යා මූලකය, දෙවැනෙහි තෘෂ්ණා මූලකය,
3. නිට්ඨඞ්ගත සුත්තවණ්ණනා
3. නිට්ඨඞ්ගත සූත්‍ර වර්ණනාව
තතියෙ නිට්ඨං ගතාති නිබ්බෙමතිකා. ඉධ නිට්ඨාති ඉමස්මිංයෙව ලොකෙ පරිනිබ්බානං. ඉධ විහායාති ඉමං ලොකං විජහිත්වා සුද්ධාවාසබ්රහ්මලොකං.
තෙවැන්නෙහි නිට්ඨඞ්ගතා යනු එකඟවූවාහුයි, ඉධ නිට්ඨා යනු මෙලොවම පිරිනිවුමයි, ඉධ විහාය යනු මෙලොව හැර බඹලොවයි.
4. අවෙච්චප්පසන්න සුත්තවණ්ණනා
4. අවෙච්චප්පසන්න සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අවෙච්චප්පසන්නාති අචලප්පසාදෙන සම්පන්නා. සොතාපන්නාති අරියමග්ගසොතං ආපන්නා.
සිවුවැන්නෙහි අවෙච්චප්පසන්නා යනු නොසැලෙන පැහැදීමෙන් යුක්තවූවාහුයි, සොතාපන්නා යනු ආර්යමාර්ග ශ්‍රෝතසට පත්වූවාහුයි,
5-8. පඨමසුඛ සුත්තාදිවණ්ණනා
5-8. පඨම සුඛ ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ වට්ටමූලකං සුඛදුක්ඛං පුච්ඡිතං, ඡට්ඨෙ සාසනමූලකං. සත්තමෙ නළකපානන්ති අතීතෙ බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා වානරයූථෙන නළෙහි උදකස්ස පීතට්ඨානෙ මාපිතත්තා එවංලද්ධනාමො නිගමො. තුණ්හීභූතං තුණ්හීභූතන්ති යං යං දිසං අනුවිලොකෙති, තත්ථ තත්ථ තුණ්හීභූතමෙව. අනුවිලොකෙත්වාති තතො තතො විලොකෙත්වා. පිට්ඨි මෙ ආගිලායතීති කස්මා ආගිලායති? භගවතො හි ඡ වස්සානි මහාපධානං පදහන්තස්ස මහන්තං කායදුක්ඛං අහොසි, අථස්ස අපරභාගෙ මහල්ලකකාලෙ පිට්ඨිවාතො උප්පජ්ජි. උපාදින්නකසරීරස්ස ඨානනිසජ්ජාදීහි අප්පමත්තකෙන ආබාධෙන න සක්කා කෙනචි භවිතුං. තං ගහෙත්වාපි ථෙරස්ස ඔකාසකරණත්ථං එවමාහ. සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා එකමන්තෙ පතිරූපට්ඨානෙ පඤ්ඤත්තස්ස කප්පියමඤ්චස්ස උපරි අත්ථරිත්වා.
පස්වැන්නෙහි සංසාරමූලක වූ සුවදුක් විමසන ලදි. සවැන්නෙහි ශාසන මූලකවූයි. සත්වැන්නෙහි නළකපානං යනු අතීතයෙහි බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා (වඳුරු රැළක් විසින්) නළවලින් දිය බිවූ තැනෙහි මවන ලද බැවින් එසේ ලබන ලද නමයි, තුණ්හීභූතං තුණ්භීභූතං යනු යම් යම් දෙසක් බලයි ද ඒ ඒ තැන්හි නිහඬබවමයි, අනුචිලොකෙත්වා යනු ක්‍රමයෙන් බලායි, පිට්ඨි මෙ ආගිලායති යනු සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේට මහත් ශරීර දුකක් වූයේය. ඉක්බිති උන්වහන්සේට මහළු කාලයෙහි පිටෙහි වාතයක් උපන. භෞතික ශරීරයට සිටීම් හිඳීම් ආදියෙන් සුළුවූ ආබාධයක් නොවීමට නුපුළුවන. එය ගෙන ද තෙරුන්ට ඉඩදීම සඳහා මෙසේ කීවේය. සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා යනු සුදුසු එකත්පසෙක්හි පනවන ලද කැප ඇඳ මත්තෙහි අතුරායි.
9. පඨම කථාවත්ථු සුත්තවණ්ණනා
9. පඨම කථාවත්ථු සූත්‍ර වර්ණනාව
නවමෙ තිරච්ඡානකථන්ති අනිය්යානිකත්තා සග්ගමොක්ඛමග්ගානං තිරච්ඡානභූතං කථං. තත්ථ රාජානං ආරබ්භ “මහාසම්මතො මන්ධාතා ධම්මාසොකො එවංමහානුභාවො”තිආදිනා නයෙන පවත්තකථා රාජකථා. එස නයො චොරකථාදීසු. තෙසු “අසුකො රාජා අභිරූපො දස්සනීයො”තිආදිනා ගෙහසිතකථාව තිරච්ඡානකථා හොති, “සොපි නාම එවංමහානුභාවො ඛයං ගතො”ති එවං පවත්තා පන කම්මට්ඨානභාවෙ තිට්ඨති. චොරෙසුපි “මූලදෙවො එවංමහානුභාවො, මෙඝදෙවො එවංමහානුභාවො”ති තෙසං කම්මං පටිච්ච “අහො සූරා”ති ගෙහසිතකථාව තිරච්ඡානකථා. යුද්ධෙසුපි භාරතයුද්ධාදීසු “අසුකෙන අසුකො එවං මාරිතො එවං විද්ධො”ති කම්මස්සාදවසෙනෙව කථා තිරච්ඡානකථා, “තෙපි නාම ඛයං ගතා”ති එවං පවත්තා පන සබ්බත්ථ කම්මට්ඨානමෙව හොති. අපිච අන්නාදීසු “එවං වණ්ණවන්තං රසවන්තං ඵස්සසම්පන්නං ඛාදිම්හ භුඤ්ජිම්හ පිවිම්හ පරිභුඤ්ජිම්හා”ති කාමරසස්සාදවසෙන කථෙතුං න වට්ටති, සාත්ථකං පන කත්වා “පුබ්බෙ එවං වණ්ණාදිසම්පන්නං අන්නං පානං වත්ථං යානං මාලං ගන්ධං සීලවන්තානං අදම්හ, චෙතියං පූජිම්හා”ති කථෙතුං වට්ටති.
නවවැන්නෙහි තිරච්ඡානං කථං යනු අනිර්ය්යානික (විමුක්තියට යොමුනොවූ) බැවින් මෙකී ස්වර්ගමොක්ෂ මාර්ගයන්ට සරස් බවට පත් කථාවයි, එහි රජුන් අරභයා මහාසම්මතය, මන්ධාතුය, ධර්මාශෝකය මෙසේ මහානුභාවයයි ආදී ක්‍රමයෙන් පැවති කථා රාජකථා යි, චොරකථා ආදියෙහි මේ ක්‍රමයයි, ඔවුනතුරෙන් අසුවල් රජු මනා රුවැත්තේය, දැකුම්කලු යයි ආදී ක්‍රමයෙන් ගෘහාශ්‍රිත කථාව තිරිසන් කථාව වෙයි. එය ද මෙසේ මහානුභාව තැනැත්තේ විනාශයට ගියේයයි මෙසේ පැවැති කථාව කර්මස්ථාන බවෙහි සිටියි. සොරුන් අතුරෙහි ද මූලදෙව තෙමේ මෙසේ ඇත්තෙකි, මෙඝමාල තෙමේ මෙසේ ආනුභාව ඇත්තෙකියි වූ ගෘහාශ්‍රිත කථාව තිරිසන් කථාවයි, යුද්ධයන්හි ද මහාභාරත යුද්ධාදියෙහි අසුවලා විසින් අසුවලා මෙසේ මරණ ලදි. මෙසේ විදින ලදියි පැහැදීම් වශයෙන් වූ කථාව තිරච්ඡාන කථායි. ඔවුහු ද විනාශයට ගියහයි මෙසේ පැවති කථාව සියලු තැන්හි කර්මස්ථානයම වෙයි. තවද ආහාරාදියෙහි මෙසේ පැහැපත් රසවත් පහස සහිත ආහාරයක් කෑවෙමු. වැළඳුවෙමු. බීවෙමුයි කාමාස්වාද වශයෙන් කීමට නොවටියි, අර්ත්ථවත් කොට මෙසේ වර්ණ ආදියෙන් යුක්ත කෑමබීම. ඇඳුම්, යහන්, මල්දම්, සුවඳ සිල්වතුන්ට දුන්නෙමු, සෑ පුද කෙළෙමුයි කීමට වටියි.
ඤාතිකථාදීසුපි “අම්හාකං ඤාතකා සූරා සමත්ථා”ති වා “පුබ්බෙ මයං එවං විචිත්රෙහි යානෙහි විචරිම්හා”ති වා අස්සාදවසෙන වත්තුං න වට්ටති, සාත්ථකං පන කත්වා “තෙපි නො ඤාතකා ඛයං ගතා”ති වා “පුබ්බෙ මයං එවරූපා උපාහනා සඞ්ඝස්ස අදම්හා”ති වා කථෙතබ්බං. ගාමකථාපි සුනිවිට්ඨදුන්නිවිට්ඨසුභික්ඛදුබ්භික්ඛාදිවසෙන වා “අසුකගාමවාසිනො සූරා සමත්ථා”ති වා එවං අස්සාදවසෙනෙව න වට්ටති, සාත්ථකං පන කත්වා “සද්ධා පසන්නා”ති වා “ඛයවයං ගතා”ති වා වත්තුං වට්ටති. නිගමනගරජනපදකථාසුපි එසෙව නයො.
ඥාතිකථා ආදියෙහි ද අපගේ නෑයෝ සූරයෝය, දක්ෂයෝයැයි හෝ පෙර අපි මෙසේ විසිතුරු යානයන්ගෙන් හැසුරුනෙමුයි හෝ ආස්වාද වශයෙන් කීමට නොවටියි, අර්ත්ථ සහිත කොට ඒ අපගේ නෑයෝ ද විනාශයට ගියහයි හෝ පෙර අපි මෙසේ පාවහන් සඞ්ඝයාට දුනිමුයි හෝ කිවයුතුය. ගම් පිළිබඳ කථාව ද සුභික්ෂ දුර්භික්ෂ ආදි වශයෙන්ම අසුවල් ගම්වැසියෝ ශූරයෝය, සමර්‍ත්‍ථයෝ යි හෝ මෙසේ ආස්වාද වශයෙන්ම නොවටියි. අර්ත්ථසහිත කොට සියලූ විනාශයට ගියාහුයි කීමට වටියි. නියම් දනවු කථාවන්හි ද මේ ක්‍රමයමයි.
ඉත්ථිකථාපි වණ්ණසණ්ඨානාදීනි පටිච්ච අස්සාදවසෙන න වට්ටති, “සද්ධා පසන්නා ඛයං ගතා”ති එවමෙව වට්ටති. සූරකථාපි “නන්දිමිත්තො නාම යොධො සූරො අහොසී”ති අස්සාදවසෙනෙව න වට්ටති, “සද්ධො අහොසි ඛයං ගතො”ති එවමෙව වට්ටති. සුරාකථන්ති පාළියං පන අනෙකවිධං මජ්ජකථං අස්සාදවසෙන කථෙතුං න වට්ටති, ආදීනවවසෙනෙව වත්තුං වට්ටති. විසිඛාකථාපි “අසුකවිසිඛා සුනිවිට්ඨා දුන්නිවිට්ඨා සූරා සමත්ථා”ති අස්සාදවසෙනෙව න වට්ටති, “සද්ධා පසන්නා ඛයං ගතා”ති වට්ටති. කුම්භට්ඨානකථා නාම කූටට්ඨානකථා උදකතිත්ථකථා වුච්චති (දී· නි· අට්ඨ· 1.17; ම· නි· අට්ඨ· 2.223; සං· නි· අට්ඨ· 3.5.1080). කුම්භදාසිකථා වා. සාපි “පාසාදිකා නච්චිතුං ගායිතුං ඡෙකා”ති අස්සාදවසෙන න වට්ටති, “සද්ධා පසන්නා”තිආදිනා නයෙනෙව වට්ටති.
ස්ත්‍රීකථා ද පැහැය සටහන් ආදිය නිසා රසවිඳීම් වශයෙන් නොවටියි, සැදැහැවත්ය, (සසුනෙහි) පැහැදුනාය. (එබඳු තැනැත්තිය ද) මිය ගියාය වැනසුනායයි මෙසේ වටියි. සූරයන් පිළිබඳ කථාව ද නන්දිමිත්ර නම් යෝධයා සූරයෙක් වීයයි රසවිඳීම් වශයෙන් නොවටියි. සැදැහැවත් වූයේය. (එහෙත්) විනාශයට ගියේයයි එසේ වටියි. සුරාකථං යනු පෙළෙහි (එන පරිදි) නොයෙක් ආකාර මද්‍ය කථාව ආස්වාද වශයෙන් කීමට නොවටියි. ආදීනව වශයෙන් කීමට වටියි. විසිඛාකථා (වීථින් පිළිබඳ කථාව) ද අසුවල් වීදිය මනාව පිහිටුවා ඇත. නොමනාව පිහිටුවා ඇතැයි ආස්වාද වශයෙන් නොවටියි. මනාව තිබිණ, විනාශයට ගියේයයි කීමට වටියි. කුම්හට්ඨානකථා යනු දිය කළකථා, දිය තොටු පිළිබඳ කථායි කියනු ලැබේ. කුම්හදාසි කථා හෝ වේ. දියගෙන යන දැස්ස නැටීමට ගැයීමට දක්ෂයයි ආස්වාද වශයෙන් කීමට නොවටියි. සැදැහැවත්ය. පහත්ය ආදී ක්‍රමයෙන් වටියි.
පුබ්බපෙතකථා නාම අතීතඤාතිකථා. තත්ථ වත්තමානඤාතිකථාසදිසොව විනිච්ඡයො. නානත්තකථා නාම පුරිමපච්ඡිමකථාවිමුත්තා අවසෙසා නානාසභාවා තිරච්ඡානකථා. ලොකක්ඛායිකා නාම “අයං ලොකො කෙන නිම්මිතො? අසුකෙන නාම නිම්මිතො. කාකො සෙතො අට්ඨීනං සෙතත්තා, බලාකා රත්තා ලොහිතස්ස රත්තත්තා”තිඑවමාදිකා ලොකායතවිතණ්ඩසල්ලාපකථා. සමුද්දක්ඛායිකා නාම කස්මා සමුද්දො සාගරොති. සාගරදෙවෙන ඛතත්තා සාගරො, ඛතො මෙති හත්ථමුද්දාය නිවෙදිතත්තා සමුද්දොතිඑවමාදිකා නිරත්ථකා සමුද්දක්ඛායනකථා. භවොති වුද්ධි, අභවොති හානි. ඉති භවො ඉති අභවොති යං වා තං වා නිරත්ථකකාරණං වත්වා පවත්තිතකථා ඉතිභවාභවකථා නාම.
පුබ්බපෙතකථා යනු අතීත ඥාතීන් පිළිබඳ කථාවයි. එහි විනිශ්චය වර්තමාන ඥාතිකථාව සමානම වෙයි. නානත්තකථා යනු මුල් හා පැසුළු කථාවන්ගෙන් මිදී ඉතිරිවූ නොයෙක් ස්වභාවය ඇති තිරිසන් කථායි, ලොකක්ඛායිකා නම් මෙලොව කවරකු විසින් මවන ලද්දේ ද, අසුවලා විසින් මවන ලදි. කවුඩා සුදුය. ඇටසුදු බැවිනි, ලේ රතු බැවින් කොක්කු රතුය මෙබඳු ලොකායතික විතණ්ඩ සල්ලාප කථාවයි, සමුද්දක්ඛායිකා යනු කෙසේ නම් සයුර සාගරය වූයේ ද, සගර දෙවියා විසින් කණින ලද නිසා සාගරයයි. හස්තමුද්‍රාවෙන් දන්වන ලද බැවින් සමුදුරය. මෙබඳු වූ අර්ත්ථරහිත කථාවයි. භවො යනු වෘද්ධියයි (වැඩිවීමයි) අභවො යනු හානියයි. මෙසේ භවයි මෙසේ අභවයි යනුවෙන් එන යම් ඒ අර්ත්ථරහිත කථාව ඉති භවාභවකථා නමි.
තෙජසා තෙජන්ති අත්තනො තෙජසා තෙසං තෙජං. පරියාදියෙය්යාථාති ඛෙපෙත්වා ගහෙත්වා අභිභවෙය්යාථ. තත්රිදං වත්ථු – එකො පිණ්ඩපාතිකො මහාථෙරං පුච්ඡි – “භන්තෙ, තෙජසා තෙජං පරියාදියමානා භික්ඛූ කිං කරොන්තී”ති. ථෙරො ආහ – ආවුසො, කිඤ්චිදෙව ආතපෙ ඨපෙත්වා යථා ඡායා හෙට්ඨා න ඔතරති, උද්ධංයෙව ගච්ඡති තථා කරොන්ති.
තෙජසා තෙජං යනු තමන්ගේ තෙදින් ඔවුන්ගේ තෙදයි, පරියාදියෙය්යථා යනු ගෙවා, ගෙන සිටින්නේය. මේ එහි කථා වස්තුවයි. එක් පිණ්ඩපාතික භික්ෂුවක් මහ තෙරුන්ගෙන් ස්වාමීනි තෙදින් තෙද ගෙවා ගන්නාවූ භික්ෂුහු කුමක් කරත්දැයි විමසීය. “ඇවැත්නි කිසිවකු තම වශඟයෙහි තබා යටින් උඩටම යයි’ යි තෙරණුවෝ කීහ
10. දුතියකථාවත්ථු සුත්තවණ්ණනා
10. දුතිය කථාවත්ථු සූත්‍ර වර්ණනාව
දසමෙ පාසංසානි ඨානානීති පසංසාවහානි කාරණානි. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්නෙහි පාසංසානි ඨානානි පැසසුම ගෙන එන කරුණුයි. සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
යමකවග්ගො දුතියො.
දෙවැනි වූ යමක වර්ගයයි.