3. ආකඞ්ඛවග්ගො අට්ඨකථා
3. ආකඞ්ඛ වර්ගය
1. ආකඞ්ඛෙය්ය සුත්තවණ්ණනා
1. ආකඞ්ඛෙය්ය සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ සම්පන්නසීලාති පරිපුණ්ණසීලා, සීලසමඞ්ගිනො වා හුත්වාති අත්ථො. තත්ථ ද්වීහි කාරණෙහි සම්පන්නසීලතා හොති සීලවිපත්තියා ච ආදීනවදස්සනෙන, සීලසම්පත්තියා ච ආනිසංසදස්සනෙන. තදුභයම්පි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.9, 21) විත්ථාරිතං. තත්ථ “සම්පන්නසීලා”ති එත්තාවතා කිර භගවා චතුපාරිසුද්ධිසීලං උද්දිසිත්වා “පාතිමොක්ඛසංවරසංවුතා”ති ඉමිනා තත්ථ ජෙට්ඨකසීලං විත්ථාරෙත්වා දස්සෙසීති දීපවිහාරවාසී සුමනත්ථෙරො ආහ. අන්තෙවාසිකො පනස්ස තෙපිටකචූළනාගත්ථෙරො ආහ – උභයත්ථපි පාතිමොක්ඛසංවරොව භගවතා වුත්තො. පාතිමොක්ඛසංවරොයෙව හි සීලං, ඉතරානි පන තීණි සීලන්ති වුත්තට්ඨානං අත්ථීති අනනුජානන්තො වත්වා ආහ – ඉන්ද්රියසංවරො නාම ඡද්වාරාරක්ඛාමත්තකමෙව, ආජීවපාරිසුද්ධි ධම්මෙන සමෙන පච්චයුප්පත්තිමත්තකං, පච්චයසන්නිස්සිතං පටිලද්ධපච්චයෙ ඉදමත්ථන්ති පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජනමත්තකං. නිප්පරියායෙන පාතිමොක්ඛසංවරොව සීලං. යස්ස සො භින්නො, අයං සීසච්ඡින්නො විය පුරිසො හත්ථපාදෙ සෙසානි රක්ඛිස්සතීති න වත්තබ්බො. යස්ස පන සො අරොගො, අයං අච්ඡින්නසීසො විය පුරිසො ජීවිතං සෙසානි පුන පාකතිකානි කාතුං සක්කොති. තස්මා “සම්පන්නසීලා”ති ඉමිනා පාතිමොක්ඛසංවරං උද්දිසිත්වා “සම්පන්නපාතිමොක්ඛා”ති තස්සෙව වෙවචනං වත්වා තං විත්ථාරෙත්වා දස්සෙන්තො පාතිමොක්ඛසංවරසංවුතාතිආදිමාහ. තත්ථ පාතිමොක්ඛසංවරසංවුත්තාතිආදීනි වුත්තත්ථානෙව. ආකඞ්ඛෙය්ය චෙති ඉදං කස්මා ආරද්ධන්ති? සීලානිසංසදස්සනත්ථං. සචෙපි අචිරපබ්බජිතානං වා දුප්පඤ්ඤානං වා එවමස්ස “භගවා ‘සීලං පූරෙථ සීලං පූරෙථා’ති වදති, කො නු ඛො සීලපූරණෙ ආනිසංසො, කො විසෙසො, කා වඩ්ඪී”ති තෙසං දස ආනිසංසෙ දස්සෙතුං එවමාහ – “අප්පෙව නාම එතං සබ්රහ්මචාරීනං පියමනාපතාදිආසවක්ඛයපරියොසානං ආනිසංසං සුත්වාපි සීලං පරිපූරෙය්යු”න්ති.
තෙවැනි වර්ගයෙහි සමපන්නසීලා යනු සීලයෙන් යුක්තවූවෝ වී යන අරුත්ය. එහි කරුණු දෙකකින් ශීලයෙන් යුක්ත වූ බව වෙයි. ශීල විපත්තියෙහි ආදීනව දැකීමෙන් ද ශීලසම්පත්තියෙහි අනුසස් දැකීමෙන් ද යන කරුණු දෙකිනි. ඒ දෙකම විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදි. එහි සම්පන්නසීලායි මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ චතුපාරිසුද්ධි ශීලය උදෙසා පාතිමොක්ඛසංවරසංවුතා යන්නෙන් එහි ජ්යෙෂ්ඨක ශීලය විස්තර කොට දැක්වූ සේකැයි අප වෙහෙරවැසි සුම්ම තෙරණුවෝ පැවසූහ. උන්වහන්සේගේ අතවැසි තෙපිටක චූළනාග තෙරණුවෝ, දෙතැන්හිම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රාතිමෝක්ෂ සංවරයම ප්‍රකාශ කරන ලදි. ප්රාතිමෝක්ෂ සංවරයම ශීලයයි. ඉතිරි තුන සීලයයි කී තැනක් ඇතැයි නොපිළිගනිමින් පවසා මෙසේ කීහ: “ඉන්ද්රියසංවරය නම් සදොර රැකීම් පමණක්මය. ආජීව පාරිසුද්ධිය දැහැමින් සෙමෙන් ප්‍රත්‍යය ඉපදීමක් පමණි, පච්චයසන්නිස්සිතය ලබන ලද ප්‍රත්‍යයෙහි මෙය අර්ත්ථයයි සලකා පරිභෝග කිරීමක් පමණකි. නිෂ්පරියායෙන් පාතිමොක්ඛ සංවරයම ශීලයයි. යමෙකුගේ එය බිඳුන්ද මෙය හිසසුන් මිනිසෙක් අත්පා මෙන් සෙස්ස රකීයයි නොකිව යුතුය. යමෙකුගේ වනාහි එය නීරොගී ද එය නොසුන් හිස ඇති මිනිසෙක් ජීවිතය මෙන් සෙස්ස යළි ප්‍රකෘතිමත් කිරීමට හැකි වන්නේය. එහෙයින් සම්පන්නසීලා යන මෙයින් ප්රාතිමෝක්ෂ සංවරය උදෙසා සම්පන්නපාතිමොක්ඛා යනුවෙන් එයටම අපරනාමයක් පවසා එය විස්තර කොට දක්වමින් “පාතිමොක්ඛසංවරසංවුතා” යනාදිය පැවසූ සේක. එහි පාතිමොක්ඛසංවරසංවුතා යනාදිය කියන ලද අර්ත්ථ ඇත්තේමය. ආකඞ්ඛෙය්ය චෙ යන මෙය කුමක් හෙයින් අරඹන ලද්දේ ද යත්? සිල් සංසන්දනය සඳහාය. ඉදින් මෑත පැවිදිවූවන්ට හෝ අනුවණ පුද්ගලයන්ට හෝ භාග්‍යවතුන් වහන්සේ සිල්පුරවූ, සිල්පුරවූයි කියන සේක්ද? සිල් සපිරීමෙහි කවර අනුසස්ද? කවර විශේෂයක්ද? කවර අභිවෘද්ධියක්ද? ඔවුනට දස අනුසස් දැක්වීමට “අප්පෙවනාම එවං සබ්රහ්මචාරීනං පියමනාපතාදි ආසවක්ඛය පරියොසානං ආනිසංසං සුත්වාපි සීලං පරිපූරෙය්යුං”යි වදාළ සේක.
තත්ථ ආකඞ්ඛෙය්ය චෙති යදි ඉච්ඡෙය්ය. පියො චස්සන්ති පියචක්ඛූහි සම්පස්සිතබ්බො, සිනෙහුප්පත්තියා පදට්ඨානභූතො භවෙය්යං. මනාපොති තෙසං මනවඩ්ඪනකො, තෙසං වා මනෙන පත්තබ්බො, මෙත්තචිත්තෙන ඵරිතබ්බොති අත්ථො. ගරූති තෙසං ගරුට්ඨානියො පාසාණච්ඡත්තසදිසො. භාවනීයොති “අද්ධායමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති එවං සම්භාවනීයො. සීලෙස්වෙවස්ස පරිපූරකාරීති චතුපාරිසුද්ධිසීලෙසුයෙව පරිපූරකාරී අස්ස, අනූනෙන ආකාරෙන සමන්නාගතො භවෙය්‍යාති වුත්තං හොති. අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තොති අත්තනො චිත්තසමථෙ යුත්තො. අනිරාකතජ්ඣානොති බහි අනීහටජ්ඣානො, අවිනාසිතජ්ඣානො වා. විපස්සනායාති සත්තවිධාය අනුපස්සනාය. බ්රූහෙතා සුඤ්ඤාගාරානන්ති වඩ්ඪෙතා සුඤ්ඤාගාරානං. එත්ථ ච සමථවිපස්සනාවසෙන කම්මට්ඨානං ගහෙත්වා රත්තින්දිවං සුඤ්ඤාගාරං පවිසිත්වා නිසීදමානො භික්ඛු “බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති වෙදිතබ්බො. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන ඉච්ඡන්තෙන මජ්ඣිමනිකායට්ඨකථාය (ම· නි· අට්ඨ· 1.64 ආදයො) ආකඞ්ඛෙය්යසුත්තවණ්ණනාය ඔලොකෙතබ්බො.
එහි ආකඞ්ඛෙය්ය චෙ යනු ඉදින් කැමැතිවන්නේ නම්, පියො චස්සං යනු ප්‍රිය ඇසින් බැලිය යුත්තෙක් සෙනෙහ ඉපදීමට ආසන්න හේතුවූවෙක් වන්නේය, මනාපො යනු ඔවුනට සිත වඩන්නෙක්. ඔවුන්ගේ මනසින් පැමිණිය යුත්තෙක් මෙත්සිත පැතිරවිය යුත්තේයි අරුත්ය. ගරූ යනු ඔවුන්ගේ ගෞරවයට හේතුවූයේ ගල් කුඩයක් මෙන් වූයේයි. භාවනීයො යනු ඒකාන්තයෙන්ම මේ ආයුෂ්මතුන් වහන්සේ දනිමින් දනිති දකිමින් දකිතියි මෙසේ ගරුකළ යුත්තෙකි. සීලෙස්වෙවස්ස පරිපූරකාරි යනු සිවුපිරිසුදු සීලයෙහිම සපුරන්නෙක් වන්නේය. නොඅඩු සපිරීමෙන් යුක්ත වන්නේ යයි කියන ලද්දේ වෙයි. අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො යනු තමන්ගේ සිත සන්සුන් කිරීමෙහි යෙදුනේයි. අනිරාකතජ්ඣානො යනු බැහැර නොකරන ලද ධ්‍යාන ඇත්තේයි, විපස්සනාය යනු සත්වැදෑරුම් අනුපස්සනාවගේයි, බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං යනු ශුන්යාගාරයන්ගේ වඩන්නායි, මෙහිද සමථ විදර්ශනා වශයෙන් කමටහන් ගෙන රෑදහවල ශුන්‍යාගාරයට පිවිසි හිඳින්නා වූ භික්ෂුව බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානංයි දතයුතුය. මෙය මෙහි සංක්‍ෂෙපයයි. විස්තරය කැමති වන්නහු විසින් මජ්ඣිම නිකායට්ඨ කථාවෙහි ආකඞ්ඛෙය්ය සූත්‍ර වර්ණනාවෙහි බැලිය යුතුය.
ලාභීති එත්ථ න භගවා ලාභනිමිත්තං සීලාදිපරිපූරණං කථෙති. භගවා හි “ඝාසෙසනං ඡින්නකථො, න වාචං පයුතං භණෙ”ති (සු· නි· 716) එවං සාවකෙ ඔවදති. සො කථං ලාභනිමිත්තං සීලාදිපරිපූරණං කථෙය්ය. පුග්ගලජ්ඣාසයවසෙන පනෙතං වුත්තං. යෙසඤ්හි එවං අජ්ඣාසයො භවෙය්ය “සචෙ මයං චතූහි පච්චයෙහි න කිලමෙය්යාම, සීලානි පරිපූරෙතුං සක්කුණෙය්යාමා”ති, තෙසං අජ්ඣාසයවසෙනෙවමාහ. අපිච සරසානිසංසො එස සීලස්ස යදිදං චත්තාරො පච්චයා නාම. තථා හි පණ්ඩිතමනුස්සා කොට්ඨාදීසු ඨපිතං නීහරිත්වා අත්තනාපි අපරිභුඤ්ජිත්වා සීලවන්තානං දෙන්තීති සීලස්ස සරසානිසංසදස්සනත්ථම්පෙතං වුත්තං.
ලාභී යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ ලාභ නිමිති කොට ඇති ශීලපරිපූරණය නොපවසන සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි “ඝාසෙසනං ජින්නකථො න වාචං පයුතං භණෙ” යනුවෙන් මෙසේ ශ්‍රාවකයන්ට අවවාද කරන සේක. කිම උන්වහන්සේ එය (ලාභය) නිමිතිකොට ඇති ශීල පරිපූරණයක් කියන සේක්ද? පුද්ගලයාගේ අදහස වශයෙන් මෙය කියනලදි. යමෙකුන්ට ඉදින් අපි සිවුපසයෙන් නොවෙහෙසෙන්නෙමු නම් ශීලාදිය සපිරීමට හැකිවන්නෙමුයි මෙබඳු අදහසක් වන්නේ ඔවුන්ගේ අදහස වශයෙන්ම මෙසේ වදාළා සේක. තවද ශීලයේ මේ අනුසස් දසයකි. යම් මේ සිවුපසය වේද එය ශීලානිශංසයට අයත්වෙයි. එහෙයින් බුද්ධිමත් මිනිසුන්ගේ කොටුගෙවල් ආදියෙහි තබන ලද්ද ගෙනවුත් තමා විසිනුදු පරිභෝග නොකොට සිල්වතුන්ට දෙති. සීලයේ දස අනුසස් දැක්වීම සඳහා ද මෙය කියන ලදි.
තතියවාරෙ යෙසාහන්ති යෙසං අහං. තෙසං තෙ කාරාති තෙසං දෙවානං වා මනුස්සානං වා තෙ මයි කතා පච්චයදානකාරා. මහප්ඵලා හොන්තු මහානිසංසාති ලොකියසුඛෙන ඵලභූතෙන මහප්ඵලා, ලොකුත්තරෙන මහානිසංසා. උභයං වා එතං එකත්ථමෙව. සීලාදිගුණයුත්තස්ස හි කටච්ඡුභික්ඛාපි පඤ්චරතනමත්තාය භූමියා පණ්ණසාලාපි කත්වා දින්නා අනෙකානි කප්පසහස්සානි දුග්ගතිවිනිපාතතො රක්ඛති, පරියොසානෙ ච අමතාය ධාතුයා පරිනිබ්බානස්ස පච්චයො හොති. “ඛීරොදනං අහමදාසි”න්තිආදීනි (වි· ව· 413) චෙත්ථ වත්ථූනි. සකලමෙව වා පෙතවත්ථු විමානවත්ථු ච සාධකං.
තෙවැනිවර යෙසාහං යනු යෙසං අහං යන පද එකතුවයි. (යමෙකුන්ට මම යන අදහසයි) තෙසං තෙ කාරා යනු ඒ දෙවියන්ට හෝ මිනිසුන්ට, ඔවුන් මා කෙරෙහි කරන ලද ප්රත්යයකාරයෝයි. මහප්ඵලා හොන්තු මහානිසංසා යනු ලෞකික සුඛය ප්‍රතිඵල වීමෙන් මහත්ඵල ඇත්තෝයි, ලෝකෝත්තර වශයෙන් මහත් අනුසස් ඇත්තෝයි. මේ දෙකම හෝ එකම අර්ත්ථ ඇත්තේයි, සීලාදී ගුණ ඇත්තාට හැන්දක් පමණ වූ භික්ෂුව ද පස්රියනක් පමණ බිමෙක පන්සලකුදු කොට දෙන ලද්ද නොයෙක් කල්ප දහස් ගණන් දුගතියෙහි වැටීමෙන් රකියි. අවසන්හි අමෘතධාතුව වූ පරිනිර්වාණයට ප්‍රත්‍යය වෙයි. “ඛීරොදනං අහමදාසිං” (මම කිරිබත් දුන්නෙමි) යනාදිය මෙහි කථාවස්තුය. සියලුම හෝ පෙතවත්ථුව හා විමානවත්ථුව සාධකයි.
චතුත්ථවාරෙ පෙතාති පෙච්චභවං ගතා. ඤාතීති සස්සුසසුරපක්ඛිකා. සාලොහිතාති එකලොහිතබද්ධා පිතිපිතාමහාදයො. කාලඞ්කතාති මතා. තෙසං තන්ති තෙසං තං මයි පසන්නචිත්තං, තං වා පසන්නෙන චිත්තෙන අනුස්සරණං. යස්ස හි භික්ඛුනො කාලකතො පිතා වා මාතා වා “අම්හාකං ඤාතකත්ථෙරො සීලවා කල්යාණධම්මො”ති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති, තස්ස සො චිත්තප්පසාදොපි තං අනුස්සරණමත්තම්පි මහප්ඵලං මහානිසංසමෙව හොති.
සිවුවෙනි වාරයෙහි පෙතා යනු පරලොව භවයට ගියාහුයි. ඤාතී යනු නැදිමයිලෝයි. සාලොහිතා යනු එකලෙයින් බැඳුනෝයි, පියා සීයා ආදීහුයි, කාලකතා යනු මියගියෝයි, තෙසන්තං යනු ඔවුන්ගේ ඒ මා කෙරෙහි පසන් සිතයි. පසන් සිතින් සිහිකිරීම හෝ වෙයි. යම් භික්ෂුවකගේ කලුරිය කළ පියා හෝ මව හෝ “අපගේ නෑතෙර සිල්වත්ය. කළණදහම් ඇත්තේය”යි පහන්සිත් ඇත්තේ වී ඒ භික්ෂුව සිහිකරයිද ඔහුගේ සිත පැහැදීම ද ඒ සිහිකිරීම් මාත්‍රය ද මහත්ඵලය, මහානිසංසමය.
අරතිරතිසහොති නෙක්ඛම්මපටිපත්තියා අරතියා කාමගුණෙසු රතියා ච සහො අභිභවිතා අජ්ඣොත්ථරිතා. භයභෙරවසහොති එත්ථ භයං චිත්තුත්රාසොපි ආරම්මණම්පි, භෙරවං ආරම්මණමෙව.
අරතිරතිසහො යනු අභිනිෂ්ක්‍රමණ ප්රතිපත්තියෙහි නොඇල්මෙන් ද කාමගුණයන්හි ඇල්මෙන් ද මඬනා ලද්දේ බැසගන්නා ලද්දේයි. භයභෙරවසහො යනු මෙහි භය යනු සිතේ තැති ගැන්ම ද අරමුණ ද වේ. භෙරව යනු අරමුණමයි.
2. කණ්ටක සුත්තවණ්ණනා
2. කණ්ටක සූත්‍ර වර්ණනාව
දුතියෙ අභිඤ්ඤාතෙහීති ගගනමජ්ඣෙ පුණ්ණචන්දො විය සූරියො විය ඤාතෙහි පාකටෙහි. පරපුරායාති පරං වුච්චති පච්ඡිමභාගො, පුරාති පුරිමභාගො, පුරතො ධාවන්තෙන පච්ඡතො අනුබන්ධන්තෙන ච මහාපරිවාරෙනාති අත්ථො. කණ්ටකොති විජ්ඣනට්ඨෙන කණ්ටකො. විසූකදස්සනන්ති විසූකභූතං දස්සනං. මාතුගාමූපචාරොති මාතුගාමස්ස සමීපචාරිතා.
දෙවැන්නෙහි අභිඤ්ඤාතෙහි යනු අහසමැද පුන්සද මෙන් හිරු මෙන් දන්නා ලද්දවුන් විසින්, ප්‍රකට වූවන් විසිනි, චරපූරා යනු පසුකොටස ‘චර’ යි කියනු ලැබේ. මුල් කොටස ‘පුර’ යි කියනු ලැබේ. පෙරටුව දුවන පසුපසින් ඵහුබඳින මහපිරිවරිනි යන අරුත්ය, කණ්ටකො යනු විදින අරුතින් කණ්ටක නම් (කටුවයි). විසූකදස්සනං යනු විසුළු දැකීම්ය. මාතුගාමූපචිචාරො යනු මාගමට සමීපව හැසිරෙන බවයි.
3-4. ඉට්ඨධම්ම සුත්තාදිවණ්ණනා
3-4. ඉට්ඨධම්ම ආදි සූත්‍ර වර්ණනා
තතියෙ වණ්ණොති සරීරවණ්ණො. ධම්මාති නව ලොකුත්තරධම්මා. චතුත්ථෙ අරියායාති අපොථුජ්ජනිකාය, සීලාදීහි මිස්සකත්තා එවං වුත්තං. සාරාදායී ච හොති වරදායීති සාරස්ස ච වරස්ස ච ආදායකො හොති. යො කායස්ස සාරො, යඤ්චස්ස වරං, තං ගණ්හාතීති අත්ථො.
තෙවැන්නෙහි වණ්ණො යනු සිරුරු පැහැයයි. ධම්මා යනු නවලොවතුරු දහම්ය, සිවුවැන්නෙහි අරියාය යනු පෘථග්ජන නොවන ශීලාදියෙන් මුසුවූ බැවින් මෙසේ කියන ලදි. සාරදායී ච හොති චරදායී යනු හරය ද වරය ද දෙන්නේ වෙයි, ඔහුගේ වරය යමක්ද එය ගනී යන අරුත්ය.
5. මිගසාලා සුත්තවණ්ණනා
5. මිගසාලා සූත්‍ර වර්ණනාව
පඤ්චමස්ස ආදිම්හි තාව යං වත්තබ්බං, තං ඡක්කනිපාතෙ වුත්තමෙව. දුස්සීලො හොතීතිආදීසු පන දුස්සීලොති නිස්සීලො. චෙතොවිමුත්තින්ති ඵලසමාධිං. පඤ්ඤාවිමුත්තින්ති ඵලඤාණං. නප්පජානාතීති උග්ගහපරිපුච්ඡාවසෙන න ජානාති. දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣතීති එත්ථ පඤ්ච දුස්සීල්යානි තාව සොතාපත්තිමග්ගෙන පහීයන්ති, දස අරහත්තමග්ගෙන. ඵලක්ඛණෙ තානි පහීනානි නාම හොන්ති. ඵලක්ඛණං සන්ධාය ඉධ “නිරුජ්ඣතී”ති වුත්තං. පුථුජ්ජනස්ස සීලං පඤ්චහි කාරණෙහි භිජ්ජති පාරාජිකාපජ්ජනෙන සික්ඛාපච්චක්ඛානෙන තිත්ථියපක්ඛන්දනෙන අරහත්තෙන මරණෙනාති. තත්ථ පුරිමා තයො භාවනාපරිහානාය සංවත්තන්ති, චතුත්ථො වඩ්ඪියා, පඤ්චමො නෙව හානාය න වඩ්ඪියා. කථං පනෙතං අරහත්තෙන සීලං භිජ්ජතීති? පුථුජ්ජනස්ස හි සීලං අච්චන්තකුසලමෙව හොති, අරහත්තමග්ගො ච කුසලාකුසලකම්මක්ඛයාය සංවත්තතීති එවං තෙන තං භිජ්ජති. සවනෙනපි අකතං හොතීති සොතබ්බයුත්තකං අස්සුතං හොති. බාහුසච්චෙනපි අකතං හොතීති එත්ථ බාහුසච්චන්ති වීරියං. වීරියෙන කත්තබ්බයුත්තකං අකතං හොති, තස්ස අකතත්තා සග්ගතොපි මග්ගතොපි පරිහායති. දිට්ඨියාපි අප්පටිවිද්ධං හොතීති දිට්ඨියා පටිවිජ්ඣිතබ්බං අප්පටිවිද්ධං හොති අපච්චක්ඛකතං. සාමයිකම්පි විමුත්තිං න ලභතීති කාලානුකාලං ධම්මස්සවනං නිස්සාය පීතිපාමොජ්ජං න ලභති. හානාය පරෙතීති හානාය පවත්තති.
පස්වැන්නේ මුලදී යමක් කිවයුතුද එය ඡක්ක නිපාතයෙහි කියන ලද්දේය. දුස්සීලො හොති යනාදියෙහි දුස්සීලො යනු සිල් නැත්තේයි, චෙතොවිමුත්තිං යනු ඵලසමාධියයි, පඤ්ඤාවිමුත්තිං යනු ඵලඥානයයි, නප්පජානාති යනු ඉගෙනීම් විමසීම් වශයෙන් නොදනියි, දුස්සීල්යං අපරිස්සෙං නිරුජ්ඣති යන මෙහි පස් දුසිල්බව සෝවාන් මගින් ප්‍රහීන වෙයි, අරහත් මගින් ඵලක්ෂණයෙහි ඒවා ප්‍රහීනවූයේ නම්වෙයි. පුහුදුන් පුද්ගලයාගේ ශීලය කරුණු පසකින් බිඳෙයි. පරිජියකට පැමිණීමෙන්, ශික්ෂාව පිළිකෙවු කිරීමෙන්, අන්තොටු පැත්ත ගැනීමෙන්, රහත්බවින් හා මරණයෙනි, එහි මුලතුන පිරිහීම සඳහා පවතියි, සතරවැන්න අභිවෘද්ධිය සඳහාය. පස්වැන්න පිරිහීම හෝ අභිවෘද්ධිය සඳහා නොපවතියි. කෙසේ නම් මේ ශීලය රහත්බවින් බිඳෙයි ද? පුහුදුන් පුද්ගලයාගේ ශීලය අත්‍යන්තයෙන් කුසලයක්ම වෙයි. රහත්මග ද කුසල අකුසල කර්ම නැතිකිරීම සඳහා පවතියි යයි මෙසේ එයින් එය බිඳෙයි. සවනෙනපි අකතං හොති යනු ඇසිය යුත්ත නොඅසන ලද්දේ වෙයි. බාහුසච්චෙනපි අකතං හොති යනු මෙහි බාහුසච්චං යනු වීර්යයයි. වීර්යයෙන් කළයුත්ත නොකරන ලද්දේ වෙයි. එය නොකළබැවින් ස්වර්ගයෙන් මාර්ගයෙන් පිරිහෙයි. දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති යනු දැක්මෙන් (දෘෂ්ටියෙන්) අවබෝධ කළයුත්ත අවබෝධ නොකරන ලද්දේ වෙයි. පසක් නොකරන ලදි. සාමයිකම්පි විමුත්තිං න ලභති යනු කලින්කලට දහම් ඇසීම නිසා ප්‍රීතිය හා ප්‍රමුදිතබව නොලබයි, නානාය පරෙති යනු පිරිහීම සඳහා පවතියි,
යථාභූතං පජානාතීති “සොතාපත්තිඵලං පත්වා පඤ්චවිධං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣතී”ති උග්ගහපරිපුච්ඡාවසෙන ජානාති. තස්ස සවනෙනපි කතං හොතීති සොතබ්බයුත්තකං සුතං හොති. බාහුසච්චෙනපි කතං හොතීති වීරියෙන කත්තබ්බයුත්තකං අන්තමසො දුබ්බලවිපස්සනාමත්තකම්පි කතං හොති. දිට්ඨියාපි සුප්පටිවිද්ධං හොතීති අන්තමසො ලොකියපඤ්ඤායපි පච්චයපටිවෙධො කතො හොති. ඉමස්ස හි පුග්ගලස්ස පඤ්ඤා සීලං පරිධොවති, සො පඤ්ඤාපරිධොතෙන විසෙසං පාපුණාති.
යථාභූතං පජානාති යනු සෝවාන් පෙලෙන් පස්වැදෑරුම් දුසිල්බව ඉතිරි නැතිව නැතිවේයයි ඉගෙනීම් විමසීම් වශයෙන් දනියි, තස්ස සවනෙනපි කතං හොති යනු ඇසිය යුත්ත අසන ලද්දේ වෙයි, බාහුසචෙචනපි කතං හොති යනු වීර්යයෙන් කළයුත්ත යටත් පිරිසෙයින් දුබල විදසුනක් පමණක්වත් කරන ලද්දේ වෙයි. දිට්ඨියාපි සුප්පටිවිද්ධං හොති යනු යටත් පිරිසෙයින් ලෞකික ප්රඥාවෙන්වත් ප්‍රත්‍යය ප්‍රතිවෙධය කරන ලද්දේ වෙයි. මේ පුද්ගලයාගේ ප්‍රඥාව ශීලය පිරිසිදු කරයි. හෙතෙම ප්‍රඥා පරිශොධනයෙන් විශේෂයකට පැමිණෙයි,
පමාණිකාති පුග්ගලෙසු පමාණග්ගාහකා. පමිණන්තීති පමෙතුං තුලෙතුං අරහන්ති. එකො හීනොති එකො ගුණෙහි හීනො. පණීතොති එකො ගුණෙහි පණීතො උත්තමො. තං හීති තං පමාණකරණං. අභික්කන්තතරොති සුන්දරතරො. පණීතතරොති උත්තමතරො. ධම්මසොතො නිබ්බහතීති සූරං හුත්වා පවත්තමානං විපස්සනාඤාණං නිබ්බහති, අරියභූමිං පාපෙති. තදන්තරං කො ජානෙය්යාති තං එවං කාරණං කො ජානෙය්ය. සීලවා හොතීති ලොකියසීලෙන සීලවා හොති. යත්ථස්ස තං සීලන්ති අරහත්තවිමුත්තිං පත්වා සීලං අපරිසෙසම්පි නිරුජ්ඣති නාම, තත්ථ යුත්ති වුත්තායෙව. ඉතො පරෙසු ද්වීසු අඞ්ගෙසු අනාගාමිඵලං විමුත්ති නාම, පඤ්චමෙ අරහත්තමෙව. සෙසමෙත්ථ වුත්තනයානුසාරෙනෙව වෙදිතබ්බං. ඡට්ඨං උත්තානත්ථමෙව.
පමාණිකා යනු පුද්ගලයන් අතුරෙහි ප්‍රමාණ කොට ගන්නෝයි, පමිණන්ති යනු මැන බැලීමට තුලනයට සුදුසු වෙත්, එකො හීනො යනු එකෙක් ගුණයෙන් අඩු වූවෙකි. එකො පණීතො යනු එකෙක් ගුණයෙන් ප්‍රණීත වූවෙකි. උතුම් වූවෙකි. තං හී යනු ඒ පමණ කිරීමයි, අභික්ඛන්තතරො යනු සොඳුරුතර වූයේයි, පණීතතරො යනු ඉතා උතුම් වූයේයි. ධම්මසොතො නිබ්බහති යනු සූරයකු වී පවත්වනු ලබන විදසුන් නුවණ ගෙනයයි. ආර්‍ය්‍ය භූමියට පමුණුවයි, තදන්තරං කො ජානෙය්ය යනු මෙබඳු කාරණය කවරෙක් දන්නේද? සීලවා හොති යනු ලෞකික ශීලයෙන් සිල්වත් වෙයි. යත්ථස්ස තං සීලං යනු රහත් විමුක්තියට පත්ව ශීලය නොඉතිරිව නිරුද්ධ වෙයි නමි. එහි කියන ලද පරිද්දම වෙයි. මින් මත්තෙහි අංග දෙකෙහි අනාගාමී ඵලය විමුක්ති නමි. පස්වැන්නෙහි රහත්බවමයි. මෙහි සෙස්ස කියන ලද්දට අනුව දතයුතුය. සවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
7. කාක සුත්තවණ්ණනා
7. කාක සූත්‍ර වර්ණනාව
සත්තමෙ ධංසීති ගුණධංසකො. කස්සචි ගුණං අනාදියිත්වා හත්ථෙනපි ගහිතො තස්ස සීසෙපි වච්චං කරොති. පගබ්භොති පාගබ්භියෙන සමන්නාගතො. තින්තිණොති තින්තිණං වුච්චති තණ්හා, තාය සමන්නාගතො, ආසඞ්කාබහුලො වා. ලුද්දොති දාරුණො. අකාරුණිකොති නික්කාරුණිකො. දුබ්බලොති අබලො අප්පථාමො. ඔරවිතාති ඔරවයුත්තො ඔරවන්තො චරති. නෙචයිකොති නිචයකරො.
සත්වැන්නෙහි ධංසි යනු ගුණය නොගෙන අතින්වුවද ගන්නා ලද්දේ ඔහුගේ හිසෙහි වසුරු හෙලයි, පගබ්හො යනු ප්රගල්භතාවෙන් යුක්තවූයෙයි, (තින්තිනො) යනු තින්තිනංයි කියනු ලබනුයේ තෘෂ්ණාවය, එයින් යුක්ත වූයේ හෝ සැකබහුල වූයේයි, ලුද්දො යනු දරුණු තැනැත්තේයි, අකාරුණිකො යනු කරුණා රහිත වූයේයි, දුබ්බලො යනු දුර්වල වූයේයි, ශක්තිය අඩුවූයේයි, ඔරවිතා යනු ලාමක බවින් යුක්තවූයේ ලාමකව හැසිරෙයි. නෙවයිකො යනු රැස් කරන්නායි.
9. ආඝාතවත්ථු සුත්තවණ්ණනා
9. ආඝාතවස්ථු සූත්‍ර වර්ණනාව
නවමෙ අට්ඨානෙති අකාරණෙ. සචිත්තකපවත්තියඤ්හි “අනත්ථං මෙ අචරී”තිආදි කාරණං භවෙය්ය, ඛාණුපහටාදීසු තං නත්ථි. තස්මා තත්ථ ආඝාතො අට්ඨානෙ ආඝාතො නාම. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
නවවැන්නෙහි අට්ඨානෙ යනු නිකරුණෙහි, දනුමැතිව සිටියදී මට ඇවැඩ පිණිස හැසුරුනේය යනාදී කාරණයක් වන්නේය. ඛාණුපහත ආදියෙහි එය නැත. එහෙයින් එහි ආඝාතය (වෛරය) නමි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
ආකඞ්ඛවග්ගො තතියො.
තෙවැනි වූ ආකඞ්ඛ වර්ගයයි.