යෙදුමෙන් කියවන්න

කණ‍්ටක සුත‍්තං

10. 2. 3. 2.

10. 2. 3. 2.

කණ‍්ටක සුත‍්තං

කණ්ටක සූත්‍රය

එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං සම‍්බහුලෙහි අභිඤ‍්ඤාතෙහි අභිඤ‍්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද‍්ධිං ආයස‍්මතා ච චාලෙන ආයස‍්මතා ච උපචාලෙන ආයස‍්මතා ච කක‍්කටෙන ආයස‍්මතා ච කටිම‍්බෙන ආයස‍්මතා ච කටෙන ආයස‍්මතා ච කටිස‍්සඞ‍්ගෙන අඤ‍්ඤෙහි ච අභිඤ‍්ඤාතෙහි අභිඤ‍්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද‍්ධිං.

එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවන කූටාගාරශාලායෙහි ආයුෂ්මත් චාලය, ආයුෂ්මත් උපචාලය, ආයුෂ්මත් කක්කටය, ආයුෂ්මත් කටිම්බය, ආයුෂ්මත් කට ය, ආයුෂ්මත් කටිස්සඞ්ගය යන ඉතා ප්‍රකට ස්ථිවිර ශ්‍රාවකයන් ද අන්‍ය වූත් ප්‍රකට බොහෝ ස්ථිවිර ශ්‍රාවකයන් ද සමග වාසය කරන සේක:

තෙන ඛො පන සමයෙන සම‍්බහුලා අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා ලිච‍්ඡවී භද‍්දෙහි භද‍්දෙහි යානෙහි චරපුරාය උච‍්චාසද‍්දා මහාසද‍්දා මහාවනං අජ‍්ඣොගාහන‍්ති භගවන‍්තං දස‍්සනාය. අථ ඛො තෙසං ආයස‍්මන‍්තානං එතදහොසි: “ඉමෙ ඛො සම‍්බහුලා අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා ලිච‍්ඡවී භද‍්දෙහි භද‍්දෙහි යානෙහි චරපුරාය උච‍්චාසද‍්දා මහාසද‍්දා මහාවනං අජ‍්ඣොගාහන‍්ති භගවන‍්තං දස‍්සනාය. සද‍්දකණ‍්ටකා ඛො පන ඣානා වුත‍්තා භගවතා, යන‍්නූන මයං යෙන ගොසිඞ‍්ගසාලවනදායො තෙනුපසඞ‍්කමෙය්‍යාම, තත්‍ථ මයං අප‍්පසද‍්දා අප‍්පකිණ‍්ණා ඵාසුං විහරෙය්‍යාමා”ති. අථ ඛො තෙ ආයස‍්මන‍්තො යෙන ගොසිඞ‍්ගසාලවනදායො තෙනුපසඞ‍්කමිංසු. තත්‍ථ තෙ ආයස‍්මන‍්තො අප‍්පසද‍්දා අප‍්පකිණ‍්ණා ඵාසුං විහරන‍්ති.

එකල්හි ඉතා ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු උස්හඬ මහහඬ ඇත්තාහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග නික්ම භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය පිණිස මහාවනයට ඇතුළු වෙති. එකල්හි ඒ ආයුෂ්මත්නට තෙල සිත වීය: මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග උස්හඬ මහහඬ ඇත්තාහු භාග්‍යවතුන් දකිනු සඳහා මහාවනයට වදනාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි වදාරන ලදී. අපි ගෝසිඞ්ගසාලවනදායට එළැඹමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද අල්පකීර්‍ණ වූවමෝ පහසුවෙන් වාසය කරම්හ”යි. ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගවනදායට එළඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පකීර්‍ණ වූවාහු පහසුවෙන් වාසය කරත්.

අථ ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: “කහන‍්නුඛො භික‍්ඛවෙ චාලො? කහං උපචාලො? කහං කක‍්කටො? කහං කටිම‍්බො? කහං කටො? කහං කටිසඞ‍්ගො? කහන‍්නු ඛො තෙ භික‍්ඛවෙ ථෙරා සාවකා ගතාති?

එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, චාල කොහි ය? උපචාල කොහි ය? කක්කට කොහි ය? කටිම්බ කොහි ය? කට කොහි ය? කටිස්සඞ්ග කොහි ය? මහණෙනි, ඒ තෙරසව්මහණෝ කොහි ගියාහු දැ?යී.

ඉධ භන‍්තෙ තෙසං ආයස‍්මන‍්තානං එතදහොසි: “ඉමෙ ඛො සම‍්බහුලා අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා. ලිච‍්ඡවී භද‍්දෙහි භද‍්දෙහි යානෙහි චරපුරාය උච‍්චාසද‍්දා මහාසද‍්දා මහාවනං අජ‍්ඣොගාහන‍්තී භගවන‍්තං දස‍්සනාය, සද‍්දකණ‍්ටකා ඛො පන ඣානා වුත‍්තා භගවතා, යන‍්නූන මයං යෙන ගොසිඞ‍්ගසාලවනදායො තෙනුපසඞ‍්කමෙය්‍යාම, තත්‍ථ මයං අප‍්පසද‍්දා අප‍්පකිණ‍්ණා ඵාසුං විහරෙය්‍යාමා”ති. අථ ඛො තෙ භන‍්තෙ ආයස‍්මන‍්තො යෙන ගොසිඞ‍්ගසාලවනදායො තෙනුපසඞ‍්කමිංසු. තත්‍ථ තෙ ආයස‍්මන‍්තො අප‍්පසද‍්දා අප‍්පකිණ‍්ණා ඵාසුං විහරන‍්තීති.

වහන්ස, මෙහිලා ඒ ආයුෂ්මත්නට තෙල සිත විය: “මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහසෙන් සමඟ උස්හඬ ඇතියාහු මහහඬ ඇතියාහු භාග්‍යවතුන් දැකුම සඳහා මහාවනයට වදනාහ. භාග්‍යවතුන් වහන්සේ “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ. අපි ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹෙමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද වූවමෝ අල්පකීර්‍ණ වූවමෝ පහසු සේ වාසය කරම්හ’යි. වහන්ස, ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පාකීර්‍ණ වූවාහු සුවසේ වාසය කරත්”යි.

සාධු සාධු භික‍්ඛවෙ යථා තෙ මහාසාවකා සම‍්මා බ්‍යාකරමානා බ්‍යාකරෙය්‍යුං. සද‍්දකණ‍්ටකා හි භික‍්ඛවෙ ඣානා වුත‍්තා මයා.

මහණෙනි, මැනැවැ, මැනැවැ. යම් පරිදි ඒ මහසව්වෝ මොනොවට පවසන්නාහු කියත් නම් එසේ මවිසින් “ධ්‍යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ.

දසයිමෙ භික‍්ඛවෙ කණ‍්ටකා, කතමෙ දස: පවිවෙකාරාමස‍්ස සඞ‍්ඝනිකාරාමතා කණ‍්ටකො, අසුභනිමිත‍්තානුයොගමනුයුත‍්තස‍්ස සුභනිමිත‍්තානුයොගො කණ‍්ටකො, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරස‍්ස විසූකදස‍්සනං කණ‍්ටකො, බ්‍රහ‍්මචාරිස‍්ස මාතුගාමොපවිචාරො කණ‍්ටකො, පඨමස‍්ස ඣානස‍්ස සද‍්දො කණ‍්ටකො, දුතියස‍්ස ඣානස‍්ස විතක‍්කවිචාරා කණ‍්ටකො තතියස‍්ස ඣානස‍්ස පීති කණ‍්ටකො, චතුත්‍ථස‍්ස ඣානස‍්ස අස‍්සාසපස‍්සාසා කණ‍්ටකො, සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා සඤ‍්ඤා ච වෙදනා ච කණ‍්ටකො, රාගො කණ‍්ටකො, දෙසො කණ‍්ටකො, මොහො කණ‍්ටකො, අකණ‍්ටකා භික‍්ඛවෙ විහරථ, නික‍්කණ‍්ටකා භික‍්ඛවෙ විහරථ. අකණ‍්ටකා භික‍්ඛවෙ අරහන‍්තො, නික‍්කණ‍්ටකා භික‍්ඛවෙ අරහන‍්තො, අකණ‍්ට නික‍්කණ‍්ටකා භික‍්ඛවෙ අරහන‍්තොති.

මහණෙනි, මේ කණ්ටක දශයෙක, කවර දශයෙක යත්: ප්‍රවිවේකයෙහි ඇලුනහුට සඞ්ගණිකාරාමතාව කණ්ටක යි. අශුභනිමිත්තානුයෝගයෙහි යෙදුනට ශුභනිමිත්තානුයෝගය කණ්ටක යි. ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරඇතියහුට විසුලුදස්න කණ්ටක යි. බඹසරනුහට මාගමක වෙත හැසිරීම කණ්ටක යි. ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටක යි. ද්විතීයධ්‍යානයට විතර්‍කවිචාර කණ්ටක යි. තෘතීයධ්‍යානයට ප්‍රීතිය කණ්ටක යි. චතුර්‍ත්‍ථධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස කණ්ටක යි. සංඥාවේදයිත නිරෝධසමාපත්තියට සංඥාත් වේදනාත් කණ්ටක යි. රාගය කණ්ටක යි. ද්වේෂය කණ්ටක යි. මෝහය කණ්ටක යි. මහණෙනි, කණ්ටක රහිත වූවාහු වාසය කරවු. මහණෙනි, නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, අකණ්ටක නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, රහත්හු අකණ්ටකයහ. මහණෙනි, රහත්හු නිෂ්කණ්ටකයහ. මහණෙනි, රහත්හු අකණ්ටක නිෂ්කණ්ටකයහ යි.